මිනිසුන් හය දෙනකු මරාදමා පීකුදු ආහාරයට ගත් තරුණයෙක් රුසියා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මොස්කව් නුවර සිට කිලෝමීටර් 560ක් පමණ උතුරු දිසාවෙන් පිහිටි බෙලින්ස් නගරයේ ජිවත් වූ මිනිසුන් හය දෙනකු මරා පීකුදු පමණක් ආහාරයට ගෙන ඉතිරි කොටස් තම ගෙවත්තේ වළ දැමූ බව ඔහු පොලිසියට පවසා තිබේ. පසුව පොලිසිය එම ශරිර කොටස් සොයා ගත්තේය. මේ අතර ව්ලැඩ්වොස්ටොක් පොලිසිය මිනී මස් කෑ තවත් පුද්ගලයකු (35) අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය මාර්තු 21 වැනි දා ඔහු තවත් දෙදෙනකු සමග මත්පැන් බී ඉන් එක් අයකු මරාදමා තම මිතුරාත් සමග දින කිහිපයක් ම මස් ආහාරයට ගත් බව ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කියා ඇත. එම තොරතුරු අනුව අනෙක් සැකකරු ද සොයමින් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි. පසුගිය අගෝස්තු මාසයේ දී මෙවැනිම මිනී මස් කන්නකු (21) කොටුකැර ගැනීමට රුසියාවේ මුරමන්ස්ක් පොලිසිය ක්‍රියා කෙළේය. අන්තර් ජාලයෙන් හඳුනාගත් මිතුරා (35) තම නිවසට ගෙන්වාගෙන ඔහු මරා මාසයකටත් වැඩි කාලයක් නොයෙක් ආකාරයට උයා ඔහු මිනීමස් කා ඇතැයි පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd