මිනිසුන් හය දෙනකු මරාදමා පීකුදු ආහාරයට ගත් තරුණයෙක් රුසියා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මොස්කව් නුවර සිට කිලෝමීටර් 560ක් පමණ උතුරු දිසාවෙන් පිහිටි බෙලින්ස් නගරයේ ජිවත් වූ මිනිසුන් හය දෙනකු මරා පීකුදු පමණක් ආහාරයට ගෙන ඉතිරි කොටස් තම ගෙවත්තේ වළ දැමූ බව ඔහු පොලිසියට පවසා තිබේ. පසුව පොලිසිය එම ශරිර කොටස් සොයා ගත්තේය. මේ අතර ව්ලැඩ්වොස්ටොක් පොලිසිය මිනී මස් කෑ තවත් පුද්ගලයකු (35) අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය මාර්තු 21 වැනි දා ඔහු තවත් දෙදෙනකු සමග මත්පැන් බී ඉන් එක් අයකු මරාදමා තම මිතුරාත් සමග දින කිහිපයක් ම මස් ආහාරයට ගත් බව ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කියා ඇත. එම තොරතුරු අනුව අනෙක් සැකකරු ද සොයමින් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි. පසුගිය අගෝස්තු මාසයේ දී මෙවැනිම මිනී මස් කන්නකු (21) කොටුකැර ගැනීමට රුසියාවේ මුරමන්ස්ක් පොලිසිය ක්‍රියා කෙළේය. අන්තර් ජාලයෙන් හඳුනාගත් මිතුරා (35) තම නිවසට ගෙන්වාගෙන ඔහු මරා මාසයකටත් වැඩි කාලයක් නොයෙක් ආකාරයට උයා ඔහු මිනීමස් කා ඇතැයි පොලිසිය පවසයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෙහෙමත් මිනිස්සු