ගාල්ල මහමෝදර නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයට ළමයින් ඇතුළත් කිරීම සීමාකර ඇතැයිද මේ වනවිට ප‍්‍රතිකාර ලබමින් සිටින ළදරුවන් කිසිවකුට සෙප්ටසීමියා ලේ විසවීමේ රෝගය වැළඳී නැතැයි මහමෝදර රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ඩබ්.ඒ.යූ.කේ. කපිලානි මහත්මිය පවසයි. වෛද්‍යවරිය පවසන්නේ මේ වනවිට ළදරුවන් 13 දෙනකු මහමෝදර රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි. ආසාදන තත්ත්වයක් ඇති වූ බැවින් එය පාලනය කිරීමේ එක් උපක‍්‍රමයක් ලෙස දැඩි සත්කාර අත්‍යවශ්‍යම නොවන දරුවන් එම ඒකකයට ඇතුළත් කිරීම පාලනය කර ඇති බව ද දකුණු පළාතේ ඇති හොඳම ළදරු දැඩි සත්කාර ඒකකය වන මෙම ඒකකය වසා දැමීමට අවශ්‍යතාවක් නොමැති බව ද වෛද්‍ය කපිලානි කියන්නීය. තවලම බිළිඳකුගේ මරණයට හේතුව ලේ විසවීම නොවන බව කියන ඇය එම මරණයට හේතුව ස්නායු සහ පේශිවල ආබාධයක් බව කියන්නීය. පෙබරවාරි 1, මාර්තු 7 අතර බිළිඳුන් 15 දෙනකු මියගිය බවත් ලේ විසවීමෙන් මරණයට පත්වුයේ 4ක් පමණක් බවත් වෛද්‍යවරු පවසති.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගල
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
”මහමෝදර වාට්ටුවේ ප‍්‍රශ්නේ ඉවරයි”