අයි. පී. එල්. තරගාවලියේ 32 වැනි තරගය ලෙස කිග්ංස් XI පංජාබ් පිල සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල අතර අද (23 වැනිදා) පැවති තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරදවා කඩුලූ 5 ක පහසු ජයක් ලබාගැනීමට කිග්ංස් XI පංජාබ් පිල සමත්විය.
මෙය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ලැබූ 7 වැනි පරාජයයි. මේ වන විට ඔවුන් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි.
දිල්ලි පිලේ නායක මහේල ජයවර්ධන ලකුණු 4 ක් ලබා සිටියදී ප‍්‍රවීන් කුමාර්ගේ පන්දුවක් හමුවේ දැවීගියේය.
ඕවර 4 ක් යවා ලකුණු 24 කට දිල්ලි පිලේ කඩුලූ 3 ක් දවාගත් හර්මීට් සිං තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 120
(විරේන්ද්‍ර ශෙවාග් 23, ඬේවිඞ් වෝනර් 40, මන්පී‍්‍රත් ජුනේජා 14, ඉර්ෆාන් පතන් නෙදැවී 14, හර්මීට් සිං 24/3, ප‍්‍රවීන් කුමාර් 29/2)
කිග්ංස් XI පංජාබ් පිල ඕවර 17 කදී කඩුලූ 5 ට 121
(මන්පී‍්‍රත් සිං 24, ලූක් පොමර්ස්බැච් 18, ඬේවිඞ් මිලර් නොදැවී 34, ඬේවිඞ් හසී 20)
(**)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් හෑල්ලු කළා. දැන්වත් ගෙදර එන්න. (නි)
නිකන් රටටත් සවුත්තු වෙලා, තණ්හාව නිසා දැන් එහෙ ගිහිල්ලත් සවුත්තු වෙනවා. (නි)
දැන් ඔය ඇති මල්ලියේ. ගෙදර එන්න දැන්වත් රටට ලැජ්ජා කරන්නේ නැතුව. (නි)
අපරාදේ තමන්ගේ දක්ෂතා මෙහෙම හෑල්ලු කරගන්නේ. (නි)
මහේල දිල්ලියෙම ඉන්නකො, කරුණාකරලා ආයිත් එන්න නම් එපා (නි)
රසික, කලින් නම් මෙයාලව තමිල්නාඩු වලට විතරයි එපා කිවුවේ. දැන්නම් මුළු භාරතයටම එපා වෙලා .ඒ නිසා අපි ළඟටම එන්න ඕනෑ.අපි ළඟ තියාගන්නවද නැද්ද කියලා ක්‍රිකට් නරඹන්නන් තමයි තීරණය කරන්නේ. (නි)
දිනන්න බැරි වුණත් ,දැන් හදිසියේ කව්රු හරි අසනීප වුණොත් ඒ අසනීපෙ සුව කරන්නත් අපේ බෝඩ් එකෙන්ද සල්ලි දෙන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අපෝ මහේල, ඔයා හැමදාම පරදිනවානේ. මම නම් කියන්නේ දැන්වත් කරුනාකර තවත් රටට ලැජ්ජා කරන්න එපා. (නි)
මහේලගේ ක්‍රිකට් ගහන කාලය දැන් අවසන් කියලයි මම හිතන්නේ (නි)
මම දන් නැති හින්ද අහන්න අයි.පී.එල් විතරද හොද නැත්තේ. ආදාර ගන්න පුළුවන් ඒවා හොදයි.(නදී)
අනේ ඇත්තට? ලංකාවේ මෙච්චර අවුල් ගොඩක් තියෙද්දී මෙයාලට අයි.පී.එල්? (නි)
කටුනායක දී නොලැබුන කුණු බිත්තර සාදය දිල්ලිවල කන්න වෙයිද? (නදී)