IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


මහේලට 10% ක දඩයක්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන,  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව අද (06) පැවැති තරගයේ පන්දු රකිමින් සිටියදී විනිසුරුවන් සමග වාදයක් ඇති කර ගැනීම නිසා ඔහුට තරග මුදලින් 10% ක දඩයක් පැනවීමට තරග තීරක ක‍්‍රිස් බ්‍රෝඞ් මහතා තීරණය කර තිබේ. ෆර්විස් මහරුෆ් 44 වැනි  ඕවරයේ 5 වැනි පන්දුව පිතිකරුගේ ඉනට ඉහළින් (ෆුල් ටොස් පන්දුව) යැවූ පන්දුවකට ගැසූ හතරේ පහර විනිසුරු හයේ පහරක් ලෙස සටහන් කිරීමෙන් පසුව එය හතරේ පහරක් ලෙස ඩිල්ෂාන් දැන්වීමෙන් පසු නැවත වෙනස් කර නිපන්දුවක් බවට සංඥ කිරීමෙන් පසු මහේල සහ විනිසුරුවන් අතර වාදයක් ඇතිවිය. මෙය අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ පළමු ශ්‍රේණියේ නීතියක් උල්ලංඝණය කිරීමක් ලෙස තරග තීරකවරයා පවසා ඇති අතර මහේල මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළකර තිබේ.



අදහස් (0)

මහේලට 10% ක දඩයක්

ගිහාන් ජානක Wednesday, 07 March 2012 10:53 AM

අසාධාරණය වෙනුවෙන් අභීත ලෙස ක්‍රියාකල මහේලට අපේ උත්තමාචාරය....ජය වේවා!!!

:       0       0

කුමාර Wednesday, 07 March 2012 12:16 PM

නියමයි

:       0       0

ප්‍රභාත් සුනිමල් Wednesday, 07 March 2012 12:21 PM

ඔඉ තමයි නියම නායකයා.

:       0       0

නිෆාල් - කටාර් Wednesday, 07 March 2012 12:35 PM

මහේල බයවෙන්න එපා....

:       0       0

ඩග්ලස් Wednesday, 07 March 2012 12:59 PM

අසාධාරණයට කතා කරලා සල්ලි නැති වුණත් නම්බුයි. ලංකාදීපයට ස්තුතියි.

:       0       0

තිලක් - ඩුබායි Wednesday, 07 March 2012 01:07 PM

මහේල ඕක සාමාන්‍ය දෙයක්. ඔවට සැලෙන්න එපා. ඔබ තමා ලංකා කණ්ඩායමට හොදම නායකයා.

:       0       0

කේ ඒ ජී සමන්ත කුමාර Wednesday, 07 March 2012 01:13 PM

වැදි තැන කතා කරන්න.

:       0       0

මොහාමඩ් නවුෆඩ් Wednesday, 07 March 2012 01:53 PM

සල්ලි ගියත් ඇත්ත කතා කරන අපේ ජයවර්ධන

:       0       0

ප්‍රදීප් මංජුල Wednesday, 07 March 2012 02:27 PM

නියම සිංහල කොල්ලෙක් කියන එක ඔප්පු කළා.

:       0       0

අසංක Wednesday, 07 March 2012 02:32 PM

අසාධාරණයට විරුද්ධව කතා කරන්න සල්ලි නැති වුණත් නම්බුයි. අපි හැමෝම ඔබත් එක්ක. නායකතුමනි, අපේ ආචාරය..

:       0       0

මලිත් සත්සර Wednesday, 07 March 2012 03:03 PM

කොන්ද පණ තියන නායකයෙක්. නියමයි මහේල. අසාධාරණයට ඔන්න ඔහොම කතා කරන්න ඕන.

:       0       0

yaser Wednesday, 07 March 2012 04:03 PM

සල්ලි නැති වුණත් අසාධාරණයට විරුද්ධව කටයුතු කරන එක අපේ අයිතියක්...

:       0       0

පැතුම් කුරේ Wednesday, 07 March 2012 04:04 PM

නියමයි මහේල එහෙම තමයි ඉන්න ඕන..

:       0       0

chinthaka Tuesday, 06 March 2012 08:33 PM

මහේල බයවෙන්න එපා ඔයා කොන්ද පණ තියෙන නායකයෙක් ඔයාට සුභ අනාගතයක්

:       0       0

k.k.d.dubai Tuesday, 06 March 2012 08:34 PM

ඔයින් බේරුණා ඇති මහේල ගොඩාක් වාසනාවන්තයි

:       0       0

චන්ද්‍රානි Tuesday, 06 March 2012 11:29 PM

මහේල සැලෙන්න එපා. ඔයා ශක්තිමත් නායකයෙක්.

:       0       0

ගයන් ප්‍රිමත් Tuesday, 06 March 2012 11:45 PM

වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන් ………; ඔස්ට්‍රලියව මෙම තරග ඉතිහාසයේම මෙම තරගය ජයගනු ලැබුවේ වංචාවෙන්.

:       0       0

suranga Wednesday, 07 March 2012 12:55 AM

ඇති ඔයින් ගියා... අනික් මැච් එක තහනම් නොකර. සතුටුයි කොන්ද පන තියන නායකයෙක් හිටියා

:       0       0

අසේල Wednesday, 07 March 2012 06:04 AM

නියම සිංහල කොල්ලෙක්. ඔහොම තමයි ඉන්න ඒන..

:       0       0

දිනේන්ද්‍ර Wednesday, 07 March 2012 06:44 AM

තරගය දිනලා පෙන්නන්න ලංකාවෙ හයිය.

:       0       0

නසාර් Wednesday, 07 March 2012 07:25 AM

අසාධාරණයට එරෙහිව නැගී සිටීම. ගොඩක් හොදයි මහේල..

:       0       0

වසන්ත Wednesday, 07 March 2012 07:28 AM

අසාධාරණයට විරුද්ධව කතා කරන්න එතනදි වත් අයිතියක් නැද්ද?

:       0       0

නිශාන්ත Wednesday, 07 March 2012 08:23 AM

සුද්ධන්ට ඔළුව නවන්න එපා.

:       0       0

චමින්ද Wednesday, 07 March 2012 08:28 AM

අපි හැමෝම ඔබත් එක්ක.

:       0       0

ටැමිල් මල්ලි Wednesday, 07 March 2012 09:18 AM

නායකතුමනි, අපේ ආචාරය..

:       0       0

rrr Wednesday, 07 March 2012 10:06 AM

අර්ජුන වගේම විශිෂ්ඨ නායකයෙක්..

:       0       0

anas Wednesday, 07 March 2012 10:42 AM

නියමයි . ඔහොම යං...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර
2025 අප්‍රේල් මස 25 29 0

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගල


ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 290 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 182 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 505 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 657 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 538 5

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 769 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 521 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site