ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ඉන්දියාවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර ඇත.
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ (අයිපීඑල්) ප්‍රධානතම කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මීට පෙර පුහුණුකාරීත්වය දැරුවේ හිටපු ඕස්ට්‍රේලියා ක්‍රිකට් නායකයකු වන රිකි පොන්ටින්ග්ය.
ඔහුගේ වසර දෙකක කොන්ත්‍රාත් කාලය නුදුරේදීම අවසන්වීමට නියමිත අතර මහේල ජයවර්ධන වසරකට වැඩි කාලයක් සඳහා එහි පුහුණුකාර ධූරය බාරගැනීමට නියමිතය.
මහේල ජයවර්ධන මීට පෙර ක්‍රීඩකයකු ලෙස ඉන්දීය අයිපීඑල් තරගාවලියේ කිංග්ස් එලෙවන් පංජාබ්, කෝචි ටස්කර්ස් සහ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම් නියෝජනය කර ඇත.
මහේල මීට පෙර එංගලන්ත කණ්ඩායමේ පිතකරණ පුහුණුකරුවකු ලෙසද කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට ආඩම්බරයි කොල්ලෝ! (නි)
උපුල් තරංග දිගටම කණ්ඩායම් නායකත්වයේ තබාගත යුතුයි. කණ්ඩායම වෙනස් කරන්න එපා. කව්රුහරි දකුණු අප්‍රිකාවේදී අසාර්ථක වුණොත් එතකොට මැතිව්ස්ට, චන්දිමාල්ට අවස්ථාවක් දෙන්න (නි)