අන්තර් මෝසමත් සමග මුහුදේ සීතල දියවැල් හා උෂ්ණ දියවැල් ගැටීමෙන් ඇතිවූ විපර්යාස නිසා සාලයන්, සූඩයන්, අලගොඩුවන් වැනි මාළු විශාල වශයෙන් මඩකලපුවේ කාත්තන්කුඩි, ඔන්ඩච්චිමඩම් වෙරළ තීරයට ගොඩ ගමන බවත්, වෙනදා මුහුදු ගොස් මාළුන් අල්ලන දීවරයෝ මෙන්ම අවට වැසියන් මේ මාළුන් අල්ලා ගොඩ ගොඩවල් විකුණන බවත් කියති. එහි මාළු කිලෝව රුපියල් 10-20 අතර වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රියානි, නොතේරුම්කමට කියල අනුවණ කථා කියන්න එපා. එක එක්කෙනාගෙ විශ්වාසෙ අපහාසයට ලක් කරන්න එපා. ඔයා මාළු අහිංසකයි කියලා කවදාවත්ම කාලා නැද්ද? ඔයාලා වගේ අයට නිකන් ඉදන් කන්න තියනවා නම් මහ මූදෙ තියන වස්තුව හරි කමක් නැහැ නේද? ඔයාගෙ විශ්වාසයට අනුව මාළු කන එක නරකයි නම් නොකා ඉන්න. කන මිනිස්සු කාලා ඒ පව අරන් යයි යන දිහාවකට. ඉන්ටර්නෙට් එන්න දන්නවා, සුනාමිය ආවෙ කොහොමද කියල දන්නෙ නැහැ. කොයි ඉස්කෝලෙටද ඔයා ගියේ? (නි)
සියල්ලෝම පරිස්සමෙන් හිටියෝත් හොඳයි වගේ. අයෙත් මුහුද ගොඩ ගලන්න ලකුණු පහල වෙනවා වගෙයි. (අ)
ලෝක විනාසේ ලඟම එනවා (අ)
මේ සුමානේ මාලු කාල, ලබන සුමානේ නොකා ඉම්මු. අල්ලහ් දෙවියනගේ පිහිටයි. (අ)
දෙයියන්ට කියන්න හැමදාම මාලු ගොඩට එවන්න කියලා. (නි)
ඔය මාළු ඔක්කොම ලෙඩ වෙච්ච එවුන්. අපි එව්වෙ උන්ව තියා ගත්තොත් අපිට බෝ වෙන හින්දයි. ඉතින් ඔහේලා පෙරේතකම යනකල්ම කන එකයි ඇත්තේ. (නි)
සුනාමි තත්ත්වයක්දැයි පරීක්ෂා කළොත් නේද හොද? (නි)
මේ සදහා කරුණාකර පරීක්ෂණයක් කරන්න (නි)
මේ මාළු රුපියල් 10කට විතර විකුණනවට වැඩිය නරකද කරවල කරලා තියාගත්තොත්? (නි)
මාලු වැඩේ නැහැ දේශපාලනේ.... (නි)
දෙන දෙයියො ගෙටම ගෙනවිල්ලා දීලා (නි)
යොහාන්, ඔයා ඔයාගෙ දෙවිපියාණන් මාලු කාරයෙක් කරලානේ. දෙවිපියාණන් මේ අහිංසක සතුන් මරණවට වඩා නරකද මහ මුහුදෙ තියන වටිනා වස්තූන් ගෙනත් දෙනවානම්. මාලු කාලා කීදවසක් ජීවත් වෙන්නද? සුනාමිය ගෙනාවෙත් මාලු ගෙනත් දෙන දෙවිපියාණන්මද? නොතේරෙන නිසයි අහන්නේ. (නි)
මේක තමා ආශ්චර්ය කියන්නේ... (නි)
බලධාරීන් ඉන්නේ අපේ මාලු කන්නනේ. අපි කන මාලු හොදද කියලා බලන්න තරම් දැනීමක් කොයින්ද ඉතිං? (නි)
ධීවරයාට රජයේ සහාය ලැබෙන්නෑ. (අ)
ඔය දෙවිපියාණන්ට අපහාස කරන ධර්මද්වීපයෙ ඇත්තෝ මසුන් කන්නේ නැතුව ඇති නේද? නිර්මාංශික අය වෙන්න ඇති. හරක් මස් කන්නේ නැහැ. ඒ වුණාට කුකුල් මස් කෑවට පවු නැහැ කියනවා. (නි)
මිනිසුන් තිරිසනුන්මෙන් හැසිරෙන විට වටපිටාව කම්පවෙයි . බුදු දහමට අනුව බැලූ කල ලෝකය විනාසවිමේ බයක් විය හැකිය (ස)
මේක මාහා සුනාමියක අවධානමක් !!!!! සුනාමි හොරුන්ට තවත් රජ මගුලක්!!! (ස)
ථේරවාදයෙ මස් මාංශ අනුභවය ප්‍රතික්ෂේප කර නෑත.දෙව්දත් තෙරුන් බුදුන්ගෙන් මස් මාංශ අනුභවය වලක්වන ලෙසට බුදුන්ගෙන් ඉල්ලුවිට බුදුරදුන් එය ප්‍රතික්ශෙප කලාලු නේද ??? (ස)
එකතුවෙලා දෙවියෝ දෙන දේවල් භුක්ති විදිමු (නි)
තුවාන් ඔබගේ ධර්මය හොඳින් ඉගෙන ගන්න..නොදන්න දේවල් කතා කරන්න එපා (ස)
ටුආන්, ඔයා ඌරු මස් කන්නේ නැතුවා වගේ තමයි අපි හරක් මස් කන්නේ නැත්තේ. (නි)
ටුආන්ලා වගේ අන්තවාදියො තමයි මුස්ලිම් ආගමේ වැඩිපුරම ඉන්නේ. (නි)
ඇයි කවුරුවත් නොකියන්නේ මේකට වගකිව යුත්තා කවුද කියලා (ස)
අනේ කාලේ වනේ වාසේ
මෙයාලට පිස්සු.. එදා වේල හොයාගත්තොත් ඇති (ස)
දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි බව තේරුම් යද්දී ඔයාලා පරක්කු වැඩියි. (නි)
කෝකටත් පරිස්සමින්.(නදී)
පොඩි මිනිහත් ගොඩ යයි මාළුන්ගේ පිහිටෙන්.
අඹු දරු රැකගන්න අපට මාළු ලබා දෙන්න දෙවියනේ, අප රැකගන්න..
මැරිච්ච මාළුද දන්නේ නැහැ මේ ගොඩ ගහන්නේ?(නදී)
දෙවි පියානන්ට ස්තුති කරන්න. අල්ලගන්න බැරි වුණු මාළු නිකන් ගොඩට ගෙනැවිත් දෙනවා.
මාතෘකාව දැක්කහම මට හිතුණේ වෙන දෙයක්. (නි)
මාළු සම්පත රැකගනිමු.
ඔය වගේ තමයි සුනාමියක් ආවෙත්. බලාගෙන.
ඔය මාළු කාලා මොන ලෙඩ හැදෙයිද දන්නේ නැහැ.(නදී)
පරිස්සමින්.(නදී)
ස්වභාවික ව්‍යයසනයක ආරම්භක සළකුණක්... (නි)
මෙහේ කිලෝව 10-20ට ගත්තට නගරයේ 500යි 600යි. කවුද ඒවට වගකියන්නේ? (නි)
සුනාමි එනවිට සතුන් ප්‍රතිචාර දැක්වීම පිළිබදවත් සැළකිළිමත් වෙන්න. (නි)
මේ ගොඩට ආ මාලුවලට ධීවරයන්ට අයිතිවාසිකම් කියන්න බැහැ. සියලු දෙනාටම අයිතියි. (නි)
මාළු නිධානයක්ද?
ආසියාවේ ආශ්චර්යය... (නි)
මාළුවන් පණපිටින්මද ගොඩ ගසන්නේ, එහෙම නැත්නම් මැරිලාද? මාළු මැරිලා නම් ගොඩ ගසන්නේ මාළු කෑමට පෙර එම මාළුවන් මැරීමට හේතුව පර්යේෂණාගාරයක් ලවා පරික්ෂා කරවිය යුතු වෙනවා යයි කියා මා විශ්වාස කරනවා. ලොව විද්‍යාත්මක වශයෙන් දියුණු රටවල් මහා මුහුදට නොයෙකුත් රසායනික දේවල් දැමීම හේතු කරගෙන මෙම මාළුන් මැරීමටත් බැරි නැත. (නි)
යොහාන්, ඔය කියන විදියට සුනාමි එවුවෙත් එයාමද? (නි)
මට නම් පව් කියලා හිතෙනවා මාලුන්ට. (නි)
හරකුන් වෙනුවෙන් හඩ නගන උදවිය ඇයි මාලුවන් ආපහු වතුරටදාන්ඩ නොකියන්නෙ (ස)
හජ් උත්සව සාමයේ දෙවියන් වහන්සේගෙන් ලැබුණු පරිත්‍යාගයක්....(ස)
සුනාමි එවුවෙත් දෙවු පියාණන්මද යොහාන්? (නි)
කව්ද යොහාන් ඔය සත්තු මරණ දෙවි පියාණන් ? (නි)
ඕකනේ කියන්නේ කාලය හොද වුණහම බඹරේ වැල්ලේ කැරකෙනවා කියලා. (නි)
දෙවියොත් මාලු මරලා පවු පුරෝගන්නවද කොහෙද ? (නි)
මේ මාලුන් කෑමට ගැනීමට, වෙළඳාමට සුදුසු ද කියල බලධාරින් සොයල බැලුවද. (අ)
ධීවරයන්ගේ හෙට දවස වෙනුවෙන්. මේ මාළු වේලලා අනාගතයේදී ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න පුළුවන් නේද? හිතන්න හෙට දවස ගැන. සමහරවිට එන මස වල මාළු අහු නොවෙන්න පුළුවන්. (අ)