IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මාළිගාවෙ ඇතාවත් ගෙන්නල කඨින පිංකම කරපු දවස

2016-12-04-ent-112

ඡායාරූපය සඳුන් ගමගේ

 

වේදිකාව ඉදිරිපිට රැඟුමෙහි යෙදෙන ඇය ගිනිසිළුවක් වැනිය. නෙත් ඉවතට නොගෙන ඇය දෙසටම රසික සිත් ඇද බැඳ තබා ගැනීමට ඇගේ නර්ථන කෞශල්‍යය ඉවහල් වේ.

රැඟුමට පමණක් නොව ගැයුමට මෙන්ම සිනමා හා ටෙලිනාට්‍ය රංගනයේදී ද ඇය පෑ දක්ෂතා බොහෝය. සැබවින්ම ඇය ඒ සියලූ කලා ක්ෂේත‍්‍රවලට නිපුණ වී ඇත.

සුවහසක් රසික ප‍්‍රජාවගේ ආකර්ෂණයට සහ ආදරයට පාත‍්‍ර වී සිටින ඇය ස්වකීය කුසලතා නිසා වරින් වර සම්මානයන්ට ද පාත‍්‍ර විය. ඒ ආදරණීය චරිතය අනූෂා දමයන්ති නම් සොඳුරු රංගන ශිල්පිනියයි.

ඇය මෙවර ‘ජීවිතේ මල්’ විශේෂාංගයෙන් ඔබ හමුවේ.

 

2016-07-30-ent-37

2016-12-04-ent-114ජීවිතේ මගෙ පාසල් කාලෙන් පස්සෙ ලබපු ලොකුම ජයග‍්‍රහණය තමයි 1999 දී ඒෂියා පැසිෆික් 1999 කියන පැජන්ට් එක ජයගන්න ලැබීම. ඒක රටවල් 12 කින් පිරිසක් සහභාගිවුණු තරගාවලියක්. ඒ සඳහා ලංකාවෙත් නිරූපණ ශිල්පියො බොහෝ දෙනෙක් හැඩවුණා. එහිදී මාව විනිශ්චය කළේ තායිලන්තෙ පිරිසක්. ඒ පිරිස තමයි මාව තෝරාගත්තෙ. මම ඒ සඳහා ගියේ හෙයා කටින්වලට. ඒත් ඒ වෙනුවෙන් කොණ්ඩෙ ගොඩක් කපනවා කිව්වම මම ඒකට ඉන්න බෑ කිව්වා. ඉන්පසුව තමයි ඒ තායිලන්ත කාන්තාව මගෙ අතින් අල්ලගෙන එයාලගෙ බ‍්‍රයිඞ්ල් එක අඳින්න කිව්වෙ. ඒ තරගාවලියෙ දී වේදිකාවෙදිම තමයි මේකප් එක දාන්න තිබුණෙ. ඒ පැය කාලක් ඇතුළත දී. එතැන රටවල් 12 ක විනිශ්චයකරුවනුත් හිටියා. ඒ රටවල්වල නිරූපණ ශිල්පී, ශිල්පිනියනුත් හිටියා. නමුත් ඒ හැම කෙනාම අභිබවා ඒෂියා පැසිෆික් හි බ‍්‍රයිඞ්ල් විදියට මම ජයග‍්‍රහණය කළා. ඒක මගෙ ජීවිතේ ලබපු ඉහළම සතුටක්.

 

2016-07-30-ent-38

සිනමාවට ඇවිල්ලා ඉතා කෙටි කලකදීම 2000 වර්ෂයේදී සම්බන්ධ වුණු එරංග සේනාරත්න මහත්මයගේ ගිනිගත් මධුසමය කියන චිත‍්‍රපටයට සම්මානයක් ලැබෙනවා. ඒ කාලෙ සම්මාන උළෙලවල් ඒ තරම් පවත්වපු කාලයකුත් නෙමෙයි. නමුත් ජනාධිපති සම්මාන උළෙලෙදී තමයි ජනාධිපති මන්දිරයට එන්න කියලා ආරාධනාවක් ලැබෙන්නෙ. තෝරාගත් නළු නිළි පිරිසක් වෙනුවෙන් සම්මාන ලබාදෙනවා කියලා. ඉතින් එහිදී මට 2000 වසරේ නැගී එන නිළිය සම්මානය ලැබෙනවා එකල ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙ අතින්. ඒ පිළිබඳව ගොඩක් සතුටුයි. ඊටත් වඩා තියෙන සතුට තමයි මීට අවුරුදු ගණනාවකට කලින් මගෙ අම්මා නැටුම් 72 කින් පළවෙනියා වෙනවා අවුරුදු 7 දී. එතකොට අම්මා සිරිමාවෝ මැතිණියගේ අතින් ඒ සම්මානය ලබාගන්නෙ. ඒ ඇයගෙ පළමු සම්මානය. ඒ සම්මානය ලැබෙද්දි ගත්තු පින්තූර පවා තාම තියෙනවා. ඒ වගේම මගේ පළමු සම්මානය මට ලැබෙන්නෙ චන්ද්‍රිකා මැතිනියගෙන්. ඒ අම්මගෙන් සහ දුවගෙන් මටයි අම්මටයි පළමු සම්මාන ලැබෙනවා. ඒක ඇත්තටම හරි දෛවෝපගත සිදුවීමක් සහ සුන්දර මතකයක්.

මම එතනින් ආරම්භ කරපු ගමනෙදී 2007, 2011 වර්ෂවල සරසවි සම්මානයන්ගෙන් පිදුම් ලබනවා. ඒ හැමදේම මගෙ ජීවිතේ ලබපු ඉහළම සතුටක්. ඒ වගේම මගෙ වාසනාවක්.

 

2016-07-30-ent-39

2004 දී තමයි මට පළමු විදේශ සංචාරය ලැබෙන්නෙ. ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක් වූ ජෝර්ජ් ලංකාවට ඇවිල්ලා නළු නිළියන් ඒ සඳහා තෝරගත්තෙ. මමත්, අර්ජුනත්, ජනේෂ් සිල්වාත් තමයි චිත‍්‍රපටයට තේරුණෙ. චිත‍්‍රපටය ‘‘ලව් ඉන් කැනඩා’’ එහි රූගත කිරීම් තිබුණෙ ඇමරිකාව සහ කැනඩාව අතර. ඉතින් මගෙ පුංචි රටේ ඉඳලා එහෙ ගිහින් ඒ රට පුරාම ඇවිද්දා. මගෙ අම්මත් ඒ සඳහා සහභාගි වුණා. ඒ අවස්ථාව මට ලොකු අද්දැකීමක්. අපි ගොඩක්ම විනෝද වුණා. මම දැනටත් කොයිතරම් විදේශ සංචාරවලට සහභාගි වුණත් මගෙ මුල් සංචාරය කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒ සුන්දරත්වය අදටත් ගොඩක් මතකයි.

 

2016-07-30-ent-40

මම 2011 දී Dance Star Dance තරඟයෙන් නර්ථන කිරුළ දිනාගත්තා. ඒක මගෙ ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නෑ. පුංචි කාලෙ ඉඳන්ම මගෙ ලේවල තියෙන දෙයක් තමයි නර්ථනය. ඇත්තටම ස්වර්ණවාහිනියෙ ඒ වැඩසටහනට මගෙ අම්මා මාව බලහත්කාරයෙන් යැව්වෙත් මම යන්න බැහැ කියද්දි. අම්මට ලොකු විශ්වාසයක් තිබුණා මම ජයග‍්‍රහණය කරයි කියලා. ඉතින් මම හිතපු නැති විදියට ෘ්බජසබට රැුජිණ ලෙස කිරුළ පළඳින්නට මට හැකිවුණා. ඒකෙන් මට ලස්සන වාහනයකුත් ලැබුණා. ඒකත් මගෙ ජීවිතේ ලස්සනම සිහිවටනයක්.

 

2016-07-30-ent-41

2016දී මට නැවතත් දෙරණ ීඒර ක්‍සඑහ කණ්ඩායමෙන් ජයග‍්‍රහණය කරන්න ලැබෙනවා. ඒ තරඟය ජයග‍්‍රහණය කරන්න ලැබීමෙන් හරි සුන්දරම මතකයක් ජීවිතේට එක්වුණා. ඒ 2011 අගෝස්තු 6 වෙනිදා අංක 2 යටතේ තරග කරලා ජයගත්තා වගේම 2016 අගෝස්තු 6 තිබුණු තරගයෙනුත් අවුරුදු 5 කට පසුව පෙර සේම ජයගන්න ලැබෙනවා. එදත් අගෝස්තු 6 සෙනසුරාදා දවසක්. ඒක ඇත්තටම හරි විශේෂ දෙයක්. මොකද ඒ වගේ දවසක් උදාවෙන්නෙ අවුරුදු 5 කට වතාවක් පමණයි. කිසිම කෙනෙකුට ජීවිතේ මේ වගේ වාසනාවක් ලැබිලා ඇති කියලා මම හිතන්නෙ නෑ. මොකද ඒක හරිම දෛවෝපගත සිදුවීමක්. විශ්වාස කරන්නත් අමාරුයි. 2011, 2016 වසර දෙකේ එකම අංකය යටතේ එකම දවසක ඒ ජයග‍්‍රහණය ලැබුණු එක පිළිබඳව.

 

2016-07-30-ent-42

මම සාමාන්‍යයෙන් මගෙ ජීවිතේ උපන්දින සාද පවත්වන කෙනෙක් නෙමෙයි. ඒ දවස්වලට මම කරන්නෙ පිංකම් වගේ දේවල්. නමුත් මට ඕනෑ වුණා මගෙ අම්මා වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වන්න. මොකද අපි පුංචි කාලෙ අපේ අම්මලා අපි වෙනුවෙන් කොයි තරම් දේවල් කරලා තියෙනවද කියන්න වචන නෑ. ඉතින් මට ඕනෑ වුණා 2015 වර්ෂයේ මගෙ අම්මගෙ කඩඉම් උපන්දිනය ආදරයෙන් සමරන්න. එයාව පුදුම කරවන්න. එහෙම හිතලා අපි කිසිම දෙයක් ඇයට කියන්නෙ නැතිව මගෙ සහෝදරයා සුමිත් ඔහුත් එක්ක එකතුවෙලා අම්මව පුදුම කරවන උපන්දිනයක් පවත්වන්න හිතුවා.

ඉතින් අපේ නෑදෑ හිත මිතුරන්ටත් කියලා ඒ දවසෙ ලස්සන උපන්දින සාදයක් පැවැත්වුවා. එදා මගෙ අම්මා ගොඩක් සතුටුවුණා. ඒ සතුට දැකලා මගෙ හිතටත් අපමණ සතුටක් දැනුණෙ. ඒකත් මගෙ ජීවිතේ අමතක නොවනම සුවිශේෂ දවසක්.

 

2016-07-30-ent-43

ජීවිතේ කෙනෙකුට අමතක කරන්නම බැරි අප‍්‍රමාණ සතුටක් ලැබුවා. මම මේ අවුරුද්දෙ ඔක්තෝම්බර් මාසයේ. ඒ මගෙ ජීවිතේ වටිනාම පිංකම කරන්නට හැකියාව ලැබීමෙන්. ඒ අටමහ කුසල් වලින් එකක් වන කඨින චීවර පිංකම කරන්න හැකිවුණා මගෙ ගෙදර. ඉතින් මම ගොඩක් පිංවන්තයි කියලා හිතෙනවා. මොකද මම හිතුවෙ නැති විදියේ ජන ගංගාවක් මගෙ ගෙදරට ආවා. ඒ හැමෝටම කන්න බොන්නත් දෙන්න හැකිවුණා. ඒ වගේම ලොකු පෙරහැරකුත් තිබුණා. දළදා මාලිගාවෙ සිංහරාජ ඇතාවත් ගෙන්නුවා. ඒ වගේ කඨින පූජාවක් මට තනිවම කරන්න ශක්තිය ලැබීම මම ජීවිතේ ලබපු ඉහළම සතුටක්. ඒ වෙනුවෙන් මගෙ පවුලෙ සියලූදෙනාත් මගෙ මිත‍්‍රයනුත් උදව් කළා. ඒ හැමදෙනා එක්ක මට මේ වගේ පිංකමක් කරන්න ලැබුණු එක මම මැරෙන අන්තිම හුස්ම පොදේදිත් මතක් වෙයි. මම හිතන්නෙ මම කියපු හැමදේම අතරින් ජීවිතේ වැඩිපුරම සතුටුවුණ දවස තමයි ඒ.

 

ධනු විජේරත්න 

 

2016-12-04-ent-113



අදහස් (0)

මාළිගාවෙ ඇතාවත් ගෙන්නල කඨින පිංකම කරපු දවස

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1 0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 627 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4541 1

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2009 4

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8795 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1482 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site