IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


යකැදුරු රියැදුරාට කස පහර 100ක්

සෞදි අරාබියේ උම්මුල් හාමමන් පෙදෙසේදී අරාබි කතුන් ඇතුළු පිරිසකට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළ ශ්‍රි ලාංකිකයකුට සෞදි උසාවියකින් කසපහර 100ක් ද වසරක සිරදඬුවමක් ද නියම කර ඇත.

 පදියතලාවේ පී.ටී. තුංගසිරිට එම දඬුවම් නියම විය.

රියැදුරකු ලෙස එහි ගිය ඔහු සෞදි නිතියට පටහැනිව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළැයි නඩු පැවැරූ බව සෞදි රජයෙන් රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇත. දඬුවමින් පසුව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරිමට ද නියම විය.



අදහස් (0)

යකැදුරු රියැදුරාට කස පහර 100ක්

සාලිය Saturday, 09 February 2013 07:18 PM

බුදුන් වැදීම යකදුරු ක්‍රියාවක් නම් සෞදි අරාබියේ අදහන ආගමත් ලංකාවෙදි යකදුරු ක්‍රියාවක් විය යුතුයි.(නදී)

:       0       0

සමන් කුමාර Saturday, 09 February 2013 07:42 PM

බුදුන් වැන්ද නිසා මරණ දඬුවම හිමි උනා කියා අසත්‍ය ප්‍රචාර කලේ ඇයි? බොදු බල සේනාවත් මෙය පිළිගත්තා නේද?(නදී)

:       0       0

ජීව Saturday, 09 February 2013 08:40 PM

ඇයි, ලංකාවෙ ඉන්නෙ අරාබි ගුරුකම් කරන අය.ඉතින් මොකද අපේ එකෙක් ගිහින් එහෙ ගුරුකමක් කළාම.!!!(නු)

:       0       0

ශාන්ත ලාල් Saturday, 09 February 2013 08:42 PM

අරාබි කාන්තාවන් මොහු කල කී දේ පිළිගත්තේ ඔවුන්ට ඔවුන්ගේ දෙවියන් කෙරේ විශ්වාසයක් නොමැති නිසා නේද? මොකද එයාලට දෙන දඩුවම..!(නු)

:       0       0

වෙනුර Saturday, 09 February 2013 08:52 PM

මේක බොරුවක්.. තුංගසිරි කොහොමද සෞදියෙ කාන්තාවන්ට මන්තර කරන්නේ.. එම කාන්තාවන්ට තමන්ගේ ස්වාමියා හැර අන් අය මුණ ගැසීම තහනම්.. ඒ වගේම සෞදියෙ හොල්මන් ගුරුකම් නැහැ කියන අයට මට ඒබව පෙන්වන්න පුළුවං.. සෞදියෙ අයත් ගුරුකම් කරනවා.. මම වැඩකරන්නෙත් සෞදියෙම තමයි.. මම ඉන්න ගොඩනැගිල්ලෙ එහා පැත්තෙ තියනවා යකුන් වැහුණ අයට ගුරුකම් කරන තැනක්. මම ඉන්නෙ රියාද්වල. තුංගසිරිට තියෙන එකම වරද තමයි ඔහු බුද්ධාගම වීම. මෙහෙ අයට බෞද්ධයන් පේන්න බැහැ..!(නු)

:       0       0

ඩිලාන් අනුශ්ක Saturday, 09 February 2013 08:57 PM

මොහොමඩ්ගෙ අදහස හරි.. මැද පෙරදිග අය තාම ඉන්නෙ ගල් යුගයෙ...(නු)

:       0       0

සිරිමතී Saturday, 09 February 2013 09:02 PM

එහමනම්  කියමු   බලන්න  බුදු  දහමට  පටහැනි  විදිහට  හලාල්  කවන  එකට  ලංකාවේ  මොනදේද  කල  යුතුව ඇත්තේ  කියලා. ඔය මැදපෙරදිග  වෙනත්  කිසිම ආගමක් හෝ  විශ්වාසයකට  ඉඩ  නැත .එම රටවල  ඔව්න්ගේ ආගමට  විරුද්ද  දෙයක්  කලොත්  ඉතින්  මරණ  දඩුවම හෝ මෙවැනි කස  පරවල්ම  තමා. ඒ  විදිහට  ඔවුන්  තමන්ගේ ආගම  රකින්නට   නීති  හදාගෙන තියන්නේ. අපේ රට  බෞද්ද රටක්!   ඒක  රකින්ටවත්  නීති  හදාගන්න බැරිවී  තියන්නේ?(නු)

:       0       0

ජසීම් Saturday, 09 February 2013 09:14 PM

මෙයා රටවල ඉන්න අපේ අය මොනවා කරලා හරි ඉක්මනට සල්ලි හම්බකරන්න ඕන පස්සෙ දුක්වෙන්නෙ නැතිව(නු)

:       0       0

ෆසාල් අහමඩ් Saturday, 09 February 2013 09:30 PM

මෙහි මොහමඩ් නමින් අදහස් දල තියෙන්නේ මුස්ලිම් සහෝදරයෙක් නොවෙන බවයි හැගෙන්නෙ..!(නු)

:       0       0

පහන් Saturday, 09 February 2013 09:42 PM

ඇමරිකන් කාරයෝ ඉදිරියේ සවුදිකාරයට මලපහවෙනවා. අපේ අහිංසකයා ට කසපාර . ඇමෙරිකාව හා ඊශ්‍රායලය ගෙනියන සටන දිනේවා !(නදී) !

:       0       0

නවීන් Saturday, 09 February 2013 09:59 PM

මෙය කරලා තියෙන දේ හරියට නොදැන කට්ටි වටේ ගිහින් වගේ. මෙයා කරපු එකම දේ බුදු පිළිමයක් තියාගෙන ඒකට හදුන් කූරු දල්වපු එක. මේක දැකපු ගෑණු ටිකක් පොළිසියට පැමිනිලි කරලා එයාව අල්ලගෙන ගියේ ඒ වරදට. චෝදනාව බුදු පිළිම / හඳුන්කූරු තියාගෙන හූනියම් කරා කියලා. ෂරියා නීතිය යටතේ ඔප්පු කරේ කොහොමද දන්නේ නැහැ තුංගසිරි හූනියම් කරා කියලා(නදී) .

:       0       0

ශ්‍රී Saturday, 09 February 2013 10:05 PM

එහමනම්  කියමු   බලන්න  බුදු  දහමට  පටහැනි  විදිහට  හලාල්  කවන  එකට  ලංකාවේ  මොන දේද  කළ  යුතුව ඇත්තේ  කියලා? ඔය මැදපෙරදිග  වෙනත්  කිසිම ආගමක් හෝ  විශ්වාසයකට  ඉඩ  නැත .එම රටවල  ඔවුන්ගේ ආගමට  විරුද්ධ  දෙයක්  කළොත්  ඉතින්  මරණ  දඩුවම හෝ මෙවැනි කස  පරවල්ම  තමා. ඒ  විදිහට  ඔවුන්  තමන්ගේ ආගම  රකින්නට ගන්න  නීති  හදාගෙන තියන්නේ. අපේ රට  බෞද්ධ රටක්!   ඒක  රකින්ටවත්  නීති  හදාගන්න බැරිවී  තියන්නේ කා‍ගේ වරදින්ද? (නි)

:       0       0

මාධව Saturday, 09 February 2013 10:38 PM

මම මේ සිද්ධියේ ඇත්ත හරියටම දන්නේ නැහැ. අච්චර හොද රටවල් ලෝකෙ තියෙද්දි ඇයි මේ අරාබියටම යවන්නේ.(නදී)

:       0       0

නදීෂා Saturday, 09 February 2013 12:07 PM

අයියෝ අයියෝ හොද වැඩක් නෙ කරන්න ගියේ.. මොකද මේ වගේ දඩුවමක් දෙන්නෙ.. අනේ පව්..!(නු)

:       0       0

ෂෆීක් Saturday, 09 February 2013 12:21 PM

මේක තමයි තුංගසිරිගෙ කතාවෙ සත්‍යය.. මෙය සිදුවී දින කිහිපයකින් මැදපෙරදිග පුවත් පතකින්ද මේ ආරංචිය දුටුවා..!(නු)

:       0       0

මොහොමඩ් Saturday, 09 February 2013 12:26 PM

මේ රටවල් තාමත් සිටින්නේ මිලේච්ඡ ගල් යුගයේ. බලවත් රටවල් ටික එකතු වෙලා මොනවා හරි කරලා මේ රටවල මිලේච්ඡ සංස්කෘතිය වෙනස් කලේ නැත්නම් මොවුන් ලෝකෙටම තර්ජනයක් වෙනවා.(නු)

:       0       0

සංජය Saturday, 09 February 2013 11:28 PM

මනුස්සයෙක්ගෙ ගෙල සිඳිනකොට ඒ දේ පොරකකා බලනවා නම්, ගල් ගහලා මරන්න නියම වෙච්ච ගෑනියෙකුට ගහන්න ගල් ගන්න පොර කනවා නම් එතන තියෙන්නෙ ම්ලේච්ඡත්වය මිසක් වෙන දෙයක් නෙවෙයි. විදෙස් ශ්‍රමය, අර ශ්‍රමය මේ ශ්‍රමය කියලා සුරංගනා කතා කියලා අපේ මිනිස්සුන්ව මිනීමරු රටකට යවන එක තහනම් කරන්න දැන්වත් අදාල බලධාරීන් පියවර ගැනීම අත්‍යාවශ්‍යයි. මේ සිදුවීම සාධාරණීකරණය කරලා තියෙන ඇත්තන්ගෙන් මට අහන්න තියෙන්නේ තමුන්ගේ පියාට, මවට, සහෝදරයෙකුට, සහෝදරියකට, පුතෙකුට, දියණියකට, එහෙමත් නැතිනම් තමාටම මෙහෙම දෙයක් වුනොත් මොනවාද හිතෙන්නෙ කියලා. කරුණාකරලා මෝඩයෝ වගේ හැසිරෙන්න එපා. (නි)

:       0       0

සිල්වා Saturday, 09 February 2013 12:28 PM

කෝ අනේ යකැදුරාගේ දෙවියෝ, ඇයි මොහුව බේරා ගන්න බැරි, අපේ ‍රටේ මුලාවෙන් මුදල් ඉපයූවට සවුදියේ දී ඒවා කළ නොහැකියි.(ස)

:       0       0

අනුර Saturday, 09 February 2013 12:32 PM

යක්කු ටික යන්න ඇති අනේ මොකදට කියලා හිතලා අනාගතය සරැ කරගන්න ඕනෙ නේද?(නු)

:       0       0

මාලා Saturday, 09 February 2013 12:39 PM

මෙහෙ මිනිසුන් රවටනවා වගේ එහෙත් රවටන්න ගියාද?(නු)

:       0       0

සූකිරි Saturday, 09 February 2013 12:40 PM

හොද වැඩේ.. මිනිසුන්ට බොරැ කරලා සල්ලි ගන්න ගියාට.. හිතන්න ඇති මෙහෙ වගේ ඕන සෙල්ලමක් එහෙත් දාන්න..!(නු)

:       0       0

මනෝහරන් Sunday, 10 February 2013 12:16 AM

මන්ත්‍ර ගුරුකම් ආදිය බුදුන් වහන්සේ විසින් තිරස්චීන විද්‍යාවක් ලෙසට ප්‍රතික්ෂේප කළ දෙයක්. (නි)

:       0       0

බන්දුල කටාර් Saturday, 09 February 2013 12:56 PM

යකැදුරන් කරන්නේ බොරැවක් කියලා ඒකෙන්ම පේනවා.. එහෙත් අපේ රටේ වගේ කාන්තාවො ටිකක් ඉදලා තියෙනවා..!(නු)

:       0       0

ජයතිස්ස Saturday, 09 February 2013 01:05 PM

අනේ මන්දා කලිං කිව්වෙ මෙයා කාමරේ බුදුන් වැන්දා කියලා නේද?(නු)

:       0       0

සිංහයා Saturday, 09 February 2013 01:10 PM

මේ මොන බොරුවක්ද අද වෙනකොට විදේශසේවා නියුක්ති කාර්‍යාංශය පවා පිළිගෙන තිබෙනවා මොහු මේ කියන ආකාරයේ ගුරුකම් කලා නොව,ඔහු බුදුන් වැන්දා කියා මේ දඩුවම ලබන්නේය. (නු)

:       0       0

අතුකෝරල Sunday, 10 February 2013 01:51 AM

කාමරයේ 'බුදුපිලිමයක් තිබියදී අල්ලපු ගෙදර ගෟහ සේවිකාවට වදින්න ගියාට කස පහර 100යි. ගෙහිමියන්ව වශීකර දී මුදල් ගැරුවාට වසර 1යි. (නි)

:       0       0

අෂේන් Saturday, 09 February 2013 01:12 PM

සෞදියේ ඌරුමස් සහ විස්කි විකුණන්න ති‍යෙනව එව ඔවුන්ට අල්ලන්න බැ අමරිකානුවන් විනෝද වෙන්නේ පුදුම ලෙසට. සෞදියෙ නිති සේරම දුප්පත් අයට විතරයි ඇමරිකෙන් හමුදාවෙන් කාන්තාවන්ට ගහන්නෙ පයින්. මම අවුරුදු 10ක් හිටිය (ස)

:       0       0

රොක් Saturday, 09 February 2013 01:22 PM

අපේ අහින්සක ජනතාවගේ සල්ලී කී දාහක් මොහු හුරන්කන්න ඈත්ද? (ස)

:       0       0

විරාජ් Saturday, 09 February 2013 01:33 PM

මෙවැනිම දඬුවම් ලංකාව තුල සිටින සියළුම ජාතිවාදීන්ටද ලබා දිය යුතුයි..(ස)

:       0       0

ලලිත් කටාර් Saturday, 09 February 2013 01:33 PM

ඒ අතිං සෞදිය හොදයි.. අපේ රටේ වගේ මිත්‍යා දෘෂ්ඨිකයෝ නැහැ.. සෞදියෙ එකම දෙවියා අල්ලා.. හොද වැඩේ මෙයාට අනවශ්‍ය වැඩ කරනවාට..!(නු)

:       0       0

‍‍ෙද්වානන්ද හිමි Saturday, 09 February 2013 01:34 PM

ඒක් ඒක් රටවලට අාෙවිනික නීතිරීති ඒ ඒ රටවල පවතිනවා.විෙද්ශ රැකියා සදහා යන උදවිය ‍‍‍ෙමි සමිබන්ධව දැනුවත්වීම ඉතා වැදගත්. (ස)

:       0       0

ලලිත් කටාර් Saturday, 09 February 2013 01:36 PM

ඇත්තටම මේ යන්තර මන්තර ගුරැකම් වැඩ ලංකාවට වඩා පුදුම විදිහට පිටරට තියෙන්නෙ.. ගොඩක් ලංකාවෙ අය තමයි මේ වැඩ කරන්නෙ.. අනේ මන්දා මේ කිසිම කෙනෙකුට ලංකාවෙ තියෙන අපරාධ රැල්ල නවත්තන්න බැහැනේ..!(නු)

:       0       0

වසන්ත Saturday, 09 February 2013 01:38 PM

මේවා කරලා ඇයි දුක්වෙන්නෙ..!(නු)

:       0       0

මුතුකුඩ Sunday, 10 February 2013 03:59 AM

වෙනුර කට තිබුණ පලියට බොරු කියන්න ඒපා. මේ සිද්ධියට ඔයත් හවුල් කියලා දැන් හොයාගෙන යනවා. සෞදියට දෙපැත්ත කන ඔයාලා වගේ අයගෙන් වැඩක් නැහැ.(නදී)

:       0       0

කොස්වත්ත Sunday, 10 February 2013 04:31 AM

අනේ අනිච්චං! මේ ළගදී අපේ නයි නංගිට කරදර කරපු අරාබිකාරයට මොකද කළේ? තවම ඔය හොදට ඉන්නේ. (නි)

:       0       0

බුද්ධි Saturday, 09 February 2013 01:46 PM

දැං ඉතිං මන්තර බලෙන් බේරෙමුකො.. මිත්‍යා දෘෂ්ඨිකයන්ට මේවා හොද පාඩම්.!(නු)

:       0       0

ඩයස් Sunday, 10 February 2013 04:56 AM

මෙන්න ලංකාවෙ පත්තර පිටු පුරෝලා දෑන්වීම් දාන ,යකැදුරනට අභියෝගයක්. මුහුදු හතෙන් එහා, හාම්පුතා වසගකර දෙමි, හැරගිය අය ගෙන්වා දෙමි, නඩු හබ ජයගන්වමි, වශීකර ලෝකෙ කොහේ හිටියත් ගෙන්වා දෙමි..... අපේ රණවිරුවෝ නොවෙන්න ප්‍රභාකරන්ව පිස්සු වට්ටලා කවුද ගෙන්නුවේ? උපන් දිනය , ඡායාරූප කොපමණ තිබුනද? මිනිසුන්ව මුලාකරලා මුදල් උපයන අයට හොද දඩුවමක්. අනේ අපේ ලංකාවේ යකැදුරන්ටත් ,චීවරයේ ඉදන් දැන්වීම් දාලා ගුරුකම් කරන අයටත් කසපාරවල් 100 නෙමේ 10ක් වත් දෙන්න නීතියක් එනවා නම්........ (නි)

:       0       0

බණ්ඩාර Saturday, 09 February 2013 01:58 PM

මහසොහොනා, පෙරේතයෝ, භූතයෝ ඉන්නෙ ලංකාවෙ විතරයි.. පිට රට යන්න එයාලට වීසා නැහැ.. අන්න එතැන තමයි යකැදුරාට වැරදුනේ..!(නු)

:       0       0

අමල් Saturday, 09 February 2013 02:35 PM

බුදුපිළිමයකට වැන්ද නිසා අත් අඩංගුවට ගත්ත කියල නේද කලින් රාවය ගියෙ.(නු)

:       0       0

නිලන්ත Saturday, 09 February 2013 02:54 PM

බුදුන් වැන්දා කියලා මරන්න නියම වෙලා තියෙනවා කිව්වෙ මෙයාව නේද? එතකොට ඒ කතාව බොරැවක්ද?(නු)

:       0       0

කුරැවිට Saturday, 09 February 2013 02:59 PM

දැංවත් තේරෙනවා නේද ගුරැකම්, මන්තර, යක්කු භූතයෝ කියලා දෙයක් නැහැ කියලා. (නු)

:       0       0

අජිත් Sunday, 10 February 2013 09:24 AM

රියදුරා රියදුරුකම කරන් ඉන්නේ නැතුව මොකටද යකදුරුකම කරන්න ගියේ.(නදී)

:       0       0

ගයාන් Saturday, 09 February 2013 03:02 PM

තායිලන්තයේ ගෘහසේවිකාවකට අතවරයට ලක්කරන්න ගිහිං මෙයා වරද පිළිගෙන තියෙනවා..!(නු)

:       0       0

සිසිර Saturday, 09 February 2013 03:11 PM

ගුරැකම කරගන්න ගිය අරාබි කතුන්ට කස පහරවල් කීයක් ගසාවිද දන්නෙ නැහැ..!(නු)

:       0       0

ඉසුරන්දි Sunday, 10 February 2013 09:54 AM

ලංකාවේ වගේ නිදහසක් මේ ලෝකේ වෙන රටක නැතුව ඇති. අපේ අයත් දැන දැනමනේ ඕවා කරන්නේ. ඒකට ඒ රටේ නීතියට බැනලා වැඩක් නැහැ.(නදී)

:       0       0

අල්සනුපාත් Saturday, 09 February 2013 03:24 PM

සෞදියෙදි මුලාකිරිම් කළ නොහැකිය.. ඒවා ලංකාවෙ පමණයි..!(නු)

:       0       0

සමන් ලංකාතිලක Sunday, 10 February 2013 10:07 AM

මේ මනුස්සයා බුද්ධ ප්‍රතිමාවක් තියාගෙන බුදුන් වැන්ද එකට තමයි "යන්ත්‍ර මන්ත්‍ර" කරනවා කියලා දඬුවම් නියම කරලා තියෙන්නේ. එහෙම නැතුව මෙයා හදි-හූනියම් කරන්ඩ ගිහින් නෙමෙයි. ප්‍රතිමා වන්දනාව කියන්නේ සෞදි නීතියට (දැඩි ක්ශරියා නීතියට) අනුව "යක්ෂයා" (ෂේයිතාන්) වැඳීමට සමාන වෙනවලු. ඉතින් මේ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ සවුදි බලධරයන්ගේ මතය, නමුත් ඇත්ත තත්වය නෙමෙයි.(නදී)

:       0       0

ධනුකෙ Saturday, 09 February 2013 03:56 PM

තුංගසිරි කාටවත් වරදක් කරලා නැහැ.. ජීවිත හානියක්, හොරකමක් වෙලා නැහැ, මිනිස්සුන්ගේ විශ්වාවසලට තැන දෙන්න ඕන..මේකෙන් කාටවත් හානියක් වෙන්නෙ නැහැ.. කස පහර සීයක් කොහෙත්ම අවශ්‍ය නැහැ.. පව් අහිංසකයා...!(නු)

:       0       0

දිනේෂ් Saturday, 09 February 2013 04:03 PM

සවුදියේ මීට වඩා ලොකු අපරාද වෙනවා. වැඩි කරමක් කරන්නේ සවුදි ජාතිකයින්මයි. ඒවා ගැන සොයා බලන්නැහැ. දුප්පත් අහිංසකයා තමයි හැමදේටම අල්ලා ගන්නේ. (ස)

:       0       0

සායි Sunday, 10 February 2013 10:15 AM

මමත් ඉන්නේ සෞදිවල. හොයලා බලන්න කී දෙනෙක් මෙහෙ තම තමන්ගේ ආගම ධර්මය අදහනවද කියලා.(නදී)

:       0       0

වරුන Saturday, 09 February 2013 04:09 PM

අරාබි කාන්තාවක් යාලු කරගන්නද ගුරුකම් කරල තියෙන්නේ, ඇයි එයා දන්නෙ නැත්ද සවුදි‍යේ අන්‍යාගම් හා ගුරුකම් තහනම් බව(ස)

:       0       0

අජිත් Sunday, 10 February 2013 10:20 AM

ඇත්ත කියනකොට මොහොමඩි නැතුව මොහොමඩ් අප්පුහාමි වෙන්නද කියන්නේ.(නදී)

:       0       0

ෂෆික් Saturday, 09 February 2013 04:38 PM

ඇත්තෙන්ම මෙයා ලංකාවේ කන්තාත්වන් මෙන්ම සෞදි අයටත් මන්තර ගුරුකම් කරලා සල්ලි ගන්න මනුස්සයෙක්. ඒ ව්‍යාපාර කරන්නේ නගරයේ සුපමර්ක්ට් එකක් ලග. නමුත් අහුවෙලා තියෙන්නේ කාන්තාවකට මතුරපු සුරයක් දෙන්න ගිහින්. මේ විස්තරය මැදපෙරදිග පුවත් පතකත් මා දුටුවා. ඒ වගේම දමාම් සිටින බ්ලොග් ලියන කෙනෙකුත් කියා තිබුනා. (නු)

:       0       0

නෞෂාඩ් Saturday, 09 February 2013 04:39 PM

බුදුන් වැන්ද කියලා කාවවත් මරන්නෙ නැහැ.. සෑම ලාංකිකයෙකුගෙම කාමරේ බුදුපිළිමයක් තියෙනවා.. උදේට පිරිත් අහනවා.. කිසිම අවහිරයක් මම දුටුවෙ නැත..!(නු)

:       0       0

සුජීවා වසන්ති Saturday, 09 February 2013 05:30 PM

මේ මගෙ සහෝදරයා ඇත්ත දැනගෙන දාන්න ව්දෙස සේවා එක කියක් දේවල් කිව්වද ,නම වැරදි,මිට වඩා වෙනස් දඩුවමක් නියම උනේ.(නු)

:       0       0

පාලිත Saturday, 09 February 2013 05:43 PM

පැමිණිල්ල ලියන්නේ සෞදි පොලිසියෙන්.. ඒකට පිටින් කාටවත් යන්න බැහැ.. සෞදියෙදි..!(නු)

:       0       0

රත්නායක Sunday, 10 February 2013 12:22 PM

මොනවද ඔය වැඩ කරන්න ගියේ (දී)

:       0       0

වල්පොල Saturday, 09 February 2013 06:14 PM

මේ අසත්ය පුවතක්. මේ දඩුවම දීල තියෙන්නෙ බුදුන් වැන්ද කියල නෙමෙයි.(නදී)

:       0       0

දමිත Saturday, 09 February 2013 06:32 PM

ආගමික නිදහස ඉතාම වැදගත්..(නු)

:       0       0

ඉමිරාන් Saturday, 09 February 2013 06:34 PM

සිංහල උනත් මුස්ලිම් උනත් නැති එකාට තමයි ඔක්කොම. සල්ලි කාරය ඕන බලු වැඩක් කරලා බේරෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 145 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 302 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1120 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 216 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 980 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site