ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාව සම්මත වුවත් ශ්‍රී ලංකාවට බලපෑම් කරන කිසිදු මැදිහත්වීමකට ශ්‍රී ලංකා රජය ඉඩ නොදෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් අද (26) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවට රජය කිසි ලෙසකින්වත් එකඟ නොවන බවත් එමගින් ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමක් කළ නොහැකි බවත් ඇමැති කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිකුණාමලය වරාය ඇමරිකාවට දෙනවනම් ඔක්කොම ප්‍රශ්න ඉවරයි. ඉරාකයට සහ ලිපියාවට ගැහුවේ ලාභයක් බලාගෙන. ඒවගේ තමයි මේකත්.
කටේ නරිවාදන් රෙ.............
අපේ රට නිදහස් රාජ්‍යයක්. ඇයි අපි හැම කෙනාටම රටට එන්න දීලා යුන්ගෙන් ගුටි කන්නේ ? අපේ රටට ඕනෙම කෙනෙකුට අර මොන ගෙදර ද යනවා වගේ ගිහින් ඉන්න පුළුවන්. අපිට උන්ගේ රටවල් වලට යන්න වීසා දෙනවද ? අපේ රටෙනුත් ඇෆ්ගනිස්ථානේ, පකිස්ථානේ, ලිපියාවේ සහ අප්‍රිකා රටවල සිදුවුණු සහ සිදුවන මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනයවීම් ගැන හොයලා බලන්න පිරිසක් යවන්න ඕනේ. අපිට හිතාගන්න බැරි අපේ රටේ ඉන්න විදේශ තානාපතිවරු අපේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇගිලිගහන්නේ කිසිම පැකිලීමක් නැතුව. හැබැයි අපේ විදේශ තානාපති කෙනෙක් ඒ රටවල් වලට විරුද්ධව සුලු ප්‍රකාශයක් හෝ කලොත් මොකද වෙන්නේ ? අපේ ගැතිකම නිසා මෙහෙම වෙන්නේ. මේක පත්තරේ දාන්නේ නැහැ කියලා මම දන්නවා. ඒ බය භීතිය නිසා වෙන්න ඇති.
ඔය පකිස්ථානයේ, ඇමරිකාවේ, ලිපියාවේ සහ අප්‍රිකා රටවල සිදුවුණු යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ලංකාවෙන් එන්ජීඕ පිරිසක් යවන්න. ලංකාවට ඕනම කෙනෙකුට එන්න පුළුවන්නේ. ඉතින් අපිත් ගිහින් බලමු.
තව රටවල් ටිකකගේ උදව් ඇතිව ඊළග පාර ඇමරිකාවට විරුද්ධව යෝජනාවක් ගේන්න බැරිද ඇමති තුමා. ඔයාලා බය නිසා නේ ඉරානෙන් තෙල් නොගෙන ඉන්නේ. අඩු ගානේ චීනය රුසියාවවත් ලගින් ඇසුරු කරන්න. ආ......... එහෙමත් බැහැ. ඔයගොල්ලා ඉන්නේ මහින්දගේ අගේ ඉදන් කන කන්න නේ.....
සම්බාධකේ දාන්නේ ජී.එල්.පීරිස් නෙමෙයිනේ. ලැජ්ජානැතිව බොරුත් කියනවා.
එහෙනම් අහවල් එකටද මේ රට ඇතුලේ ඩෙගා නටුවේ?
මුන්ට පිස්සු, මේවා අහන අපිටත් පිස්සු
ඔය ස්ථාවරයේම ඉන්න. අපේ සහාය.
එහෙනම් ඔච්චර දැගලුවේ මොකද ? ලංකාවේ මෝඩයෝ අන්දන්න පුලුවන් කියලා ලෝකයම දැනගත්තා.
නාමල්, ඔබේ අදහස හොදයි.
අපි හැමදාම එකට හිටියොත් කාටවත් අත පොවන්න බැරිවේවි. හැබැයි නිමල් ජයසේකර වගේ අය හිටියොත් කාක්කපල්ලියේ හිමිත් එක්ක එකතුවෙලා ගඩාෆිට කරාවගේ මෙහෙත් කරයි.
දැන් ගමේ ගොඩේ ඉන්න අය ඔක්කොම දන්නවා. කොළඹ ඉන්න බූරුවෝ තමයි මොකවත් දන්නේ නැති මැටි මෝල්ලු.
නිමල් ජයසේකර මහත්තයා “මොනවත් දන්නේ නැති ගමේ ගොඩේ මිනිස්සු “ කියන්නේ නගරේ අය මොනකාරයෝ කියල හිතාගෙනද ? නගරේ අයට බැරිවුණු දේවල් ගමේ අය කරල තියෙනවා. ලෝකෙ වටේ ගිහින් ලංකාවට කීර්තියක් ගෙනත් දුන්නු අයගෙන් සියයට 90ක් ගමේ ගොඩේ අය.
ඔවු ඉතින් අපට වැලේ වැල් නැති වෙන්න ගියත් පොරටෝක් වලින් නම් අඩුවක් වෙන්න ඔබතුමාලා ඉඩ දෙන්නේ නැති බව අපි දන්නවා. ගොඩින් බේරෙන්න තිබුන දෙයක් මේ තරම් අනාගත්තේ රාජ්‍යතාන්ත්‍රික හැකියාව වැඩි කමටනේ.
ඕව හොදයි ඉතින් අර මොකුත් දන්නේ නැති ගමේගොඩේ මිනිස්සුන්ට
ඒක හරි
ගඩාෆිත් ඔහොම කිව්වා.
අපිට දැන් තියෙන්නේ සියලුම දෙනා එක්වෙලා හැකි ඉක්මනට දේශපාලන වශයෙන් ඉක්මන් තීරණයක් ගෙන මින් ඉදිරියට මෙවැනි සිදුවීමක් නොවෙන්න වග බලාගැනීමයි.