යතුරුපැදි, ත්‍රී රෝද රථ සහ මෝටර් රථ ආනයන බද්ද වැඩිකළ බව රජය කියයි. අන්තර්ජාතික මූළ්‍ය අරමුදලේ ණය මුදලක් දීමට පෙර මේ වැඩිවීම සිදුවී ඇතැයි දේශපාලන අංශ කියයි. එම අරමුදලේ නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහරජතුමනි, ඇරපන්. තව ඇරපන්. අපිනෙ ඡන්දෙ දුන්නෙ. අපිට මෙහෙම වෙලා මදි. වරෙන්කො තව ලයිට් ඕෆ් කරල සහාය දෙන්නත් කියන්න. දානව ගේ වටේම ලයිට්.
අනේ අපට උනා මදි තව ඉදිරියට ඹහොම යමු
ආනයන බදු වැඩි කරන එක හොදයි. එතකොට වාහන වලින් වෙන අනතුරු අඩු වෙනවා. ඉන්ධන මිල වැඩි කරන කොට මිනිස්සු කියන්නේ නැහැ අපිට ඉන්ධන ගහන්න සල්ලි නැහැ කියලා. ඉන්ෂුවරන්ස් කරන්න සල්ලි ඕන වෙන්නෙ නැහැ. වාහන මාසිකව නඩත්තු කරන්න සල්ලි ඕන වෙන්නෙ නෑ. ඇත්තටම මේ තීරණය අරගෙන තියෙන්නේ ජනතාව ගැන හිතලා...
දුප්පත් අපි මේවා කාට කියන්නද මහතුනේ...
ආඩම්බරකාර තාත්තාගෙන් සාඩම්බර වැඩක්. තව කොච්චර කාලයක් ඩුබායි ඉන්න වෙයිද ?
මාත් රජයට පක්ෂව ඡන්දය දීපු කෙනෙක් තමයි. නමුත් පොඩි මිනිහගේ බඩට ගහන එක අනුමත කරන්න බෑ. ඕවා සක්කිලි වැඩ.
මොන තරම් බඩු වැඩි වුනත් උවමනාව සපුරගන්නා කොටසක් ලංකාවේ ඉන්නේ.
අපි වාහනයක් ගන්න හිටියොත් ඔහොම තමයි.
මමනම් අනුමත කරන්නේ නැහැ ඔය වැඩේ. මොකද පෙඩිමනුස්සයගේ බඩටනේ ඕකෙන් වදින්නේ.
පොඩිමිනිහට තමයි හැමදාම පහර වදින්නේ.
රජාට හෙන ගහන්න කලින් ඕකුන්ට ඡන්දය දීපු අපේ අයට හෙන 21 ම ගහපන්.
ආ........ නියමයි ආසියාවේ ආශ්චර්යය. ඕක තමයි දැන් සනීපද ? තව කඩේ යමු අපි.
හොදයි හොදයි, තව වැඩි කරන්න. පොඩි මිනිහටම ගහන්න මැරෙනකන් ගහන්න. පොඩිඋන් තමයි ඡන්දේ දුනනේ ඔයාට කුම්බලා මාළු හරි රහයිනේ.
මහින්ද කොම්පැනියට සල්ලි අඩුපාඩුවක්
පවි අනේ ලංකාවෙ මිනිස්සු බද්ද වැඩි කරා කියල රට ගොඩ ගන්න පුළුවන් වෙයිද..... ලංකාවේ රජයේ කිසිම කළමණාකරනයක් නැති නිසා... උපරිම බර මහජනතාවට පටවලා ෂේප් වෙන්න හදනවා... ඔය මොන බද්ද වැඩි කරත් ලොකු අයට නෑනෙ.... දැන් ඉතින් ලොකු මහත්හොරු යන වාහන දිහා බල බලා ( අනේ අපේ මහජනතාවගේ සල්ලිනේ කියල ) හූල්ලන්න තමයි වෙන්නෙ....
ඒක හරිම අසාදාරණයි. දුප්පතාට තමයි ඒකෙන් පාඩුව
හොදම දේ නැවත කරත්ත යුගයට යන එක. එතකොට බදු නෑ
විකාර ආණ්ඩුවක්. ශ්‍රී ලංකාවේ ජනතාවට මොනවද වෙන්නේ.
දැන් බයික් කීයක් වෙයිද දන්නේ නෑ.
මේ රටේ අඩු වෙන දෙයක් ගැන අහන්නවත් හරිම ආසයි. ආශ්චර්යය.
පොඩි මිනිහගෙත් බඩට ගහලා ආණ්ඩුව සතුටුවෙනවා. බයික් භාවිතා කළේ අාණ්ඩුවට බරක් නොවී.
වැඩිකලක් යන්නට පෙර බයිසිකලයටත් කෙලියි.
ලංකාවේ කවද්ද අඩු උනේ වැඩි වුනා මිස, අඩු කරන්න දක්ෂ අය ලංකාවේ නැත.
අපි ඡන්දය දීලා හදාගත්තු ආණ්ඩුව පොඩි අපිටම බර පවනවා නේ.
අන්ත අසරණ එකා තමයි ත්‍රී වීලරයෙනුයි බයික් එකෙනුයි යන්නේ. හොද නෑ නේද වැඩේ.
දැන් රටට වාහන වැඩියි.අවුරුදු 20 වැඩි සියලුම වාහන යකඩ වලට තලන්න දාලා,තව අවුරුදු 05 වාහන ගේන්න නොදී,අලුත් වාහන පමනක් ගේන්න ඉඩ දිය යුතුයි.රටක් වශයෙන් ඉදිරියට යාමටනම්. ඇමති කැමති කාටත් එකයි හැබැයි.