සිදු වී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඕනෑම අන්තර් ජාතික පරීක්ෂණයක දී සහාය දැක්විය යුතුයැයි හිටපු යුද හමුදාපති හිරෙන් නිදහස ලැබූ දිනට පසු දා බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය සමග පැවැසීය. තමන් වැරැදිකරුවන් සේ ශ්‍රි ලංකාවේ ඇතැම් නායකයන් සිය ක්‍රියාකලාපය ගැන “මුහුණු සඟවා ගනිති“යි ඔහු බී.බී.සියට කීවේය. 2009 මැයි 19 වැනිදා අවසන් වූ තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කෙළේ පොන්සේකාගේ නායකත්වයෙනි. ශ්‍රී ලංකාවේ ඇතැම් නායකයන් ලෝකයට දෙන හැඟීමවනුයේ ඔවුන් යම්කිසි දෙයක් සම්බන්ධයෙන් වැරැදිකරුවන් බව හැඟෙන ක්‍රියා කිරීම බව පොන්සේකා කීවේය.‘‘යුද මෙහෙයුම් සම්බන්ධව යුද අපරාධ චෝදනා ගැන උත්තර දීමට මා සූදානම්‘‘ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා සංහිඳියාව ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින දේ වැදගත් යැයි ද ඔහු කීවේය. යුද්ධය මෙහෙයැවූයේ තමා බවත් රටේ දේශපාලන නායකයන් විසින් නොවන බවත් පොන්සේකා ඒ කාලය ගැන ප්‍රශ්න වලට උත්තරදීමට තමා බිය නොවන බවත් සඳහන් කෙළේය. ‘‘මා මුල සිටම පැවැසුයේ යුද හමුදාවේ නම රැක ගත යුතු බවයි. ජිවිත පූජා කළ අය, යුද්ධය මෙහෙයැ වූ අය, රැකගත යුතුයි. ඕනෑ කෙනකු ඉදිරිපිට කතා කිරීමට මා බය වෙන්නේ නැහැ. ‘කොටි සංවිධානය සාමාන්‍ය වැසියනට අවි දී පෙරමුණට යැවීම නිසා කැරැලිකරුවන්ගෙන් සාමාන්‍ය මිනිසුන් වෙන් කැර ගැනීමට හමුදාවට නොහැකි වුණා.“ යුද්ධයේ අවසන් දිනවල සාමාන්‍ය ජනයා දහස් ගණන් මරා දැමී යැයි කියන කතාව ඔහු ප්‍රතික්ෂේප කරයි. ‘‘ තිස්දාහක් හතළිස් දාහක් මියගිය බවට කියන කතාව පිළිගන්න බෑ. අප යොදාගත් අවි, යුද්ධෝපක්‍රම, ආදියෙන් ද නිතරම සාමාන්‍ය ජනයා ගැන දැක්වූ සැලකිල්ල අනුව ද එතරම් පිරිසක් මියගිය බවට කියන කතාව ප්‍රායෝගික නෑ. තමාට ජනපතිවීමට හෝ පාර්ලිමේන්තුවට යෑමට හෝ බැරිවුණත් ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතිය‘ වෙනස් කිරීමට ඇවැසි බව ද ඔහු කීවේය. ‘මා ළඟ දේශපාන න්‍යායපත්‍රයක් තිබෙනවා. එය මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටයි. මට එය කළ හැකි නම් ජනාධිපති වීමට හෝ මන්ත්‍රීවරයකු වීමට ඕනෑ නැහැ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයො ආයෙත් නම් කට වරද්දාගන් එපා.
හපොයි.....
ඔන්න ඉතින් කට ඉස්සර කර ගන්නවා. එළියට ආපු ගමන්, ඔහෝම බෑ දේශපාලනය කරන්න
සුදු කොඩි කතාව වගේ කතා නොකියා වැඩක් බලා ගන්න. එය ඔබේ වගකීකමක්
ඔබ කතා කරන දේ ගැන දෙපාරක් හිතට තකා කළොත් ඔබටත් අපටත් රටටත් යහපතක් වෙනවා ඇති.
මහත්තයෝ ප්‍රවේශමෙන් හා ඉවසීමෙන් වැඩකරන්න
නියම කතාවක් ඔබතුමාගෙන් අහන්න ලැබුනේ. ඔබට ජය ජය
හොදයි...
ෆොන්සේකා නිදහස් කල ගමන් එතුමා හොඳ කළගුණ දත් මහත්මයෙක් විදියට ඉස්ඉස්සර වෙලාම ජනාධිපතිතුමා ජිනීවා වලින් නිදහස් කලා ඔන්න. දැන් ඉතින් බයවෙන්ඩ ඕන නැහැ එයා උත්තර දෙයි.
ආදරණීය රණ විරුවාණෙනි, කිරුළු නොපැළඳුවද දේශයට නිදහස ලබාදුන් "දියසෙන් කුමරා" ඔබයි. ඔබේ චේතනාවන් උතුම්ය; ක්‍රියාවන් ශ්‍රේෂ්ඨය. සිඟාලයන් කොතෙක් උඩු බිරුම් ලෑවද, ඔබ කියන දේ කරන, කිසිවෙකු ඉදිරියේ දනින් නොවැටෙන නිර්භීත සිංහයෙකු බව වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ලෝකයා ඉදිරියේ පසක් කර ඇත. නිර්මල අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ඔබට තෙරුවන් සරණ ලැබේවා!
ආදරණීය රණ විරුවාණෙනි, කිරුළු නොපැළඳුවද දේශයට නිදහස ලබාදුන් "දියසෙන් කුමරා" ඔබයි. ඔබේ චේතනාවන් උතුම්ය; ක්‍රියාවන් ශ්‍රේෂ්ඨය. සිඟාලයන් කොතෙක් උඩු බිරුම් ලෑවද, ඔබ කියන දේ කරන, කිසිවෙකු ඉදිරියේ දනින් නොවැටෙන නිර්භීත සිංහයෙකු බව වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ලෝකයා ඉදිරියේ පසක් කර ඇත. නිර්මල අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ඔබට තෙරුවන් සරණ ලැබේවා!
අනේ දෙවියනේ අපේ මව්බිම...??
මොකෝ මෙයා ඇතුලේ හිටිය නිසා මොලේ අවුල් වෙලාද ?
‘කොටි සංවිධානය සාමාන්‍ය වැසියනට අවි දී පෙරමුණට යැවීම නිසා කැරැලිකරුවන්ගෙන් සාමාන්‍ය මිනිසුන් වෙන් කැර ගැනීමට හමුදාවට නොහැකි වුණා.“ එතකොට මේ වහෙන් ඔරෝ කියන්නේ "ඔව් අපි සාමාන්‍ය මිනිස්සු මැරුවා තමයි" කියලද ? පොඩ්ඩක් කට පරිස්සම් කරගත්තොත් නේද හොද ?
යුද්ධය මෙහෙවන ලද්දේ තමන් මිස දේශපාලන නායකත්වය නොවේ නම් යුද අපරාධ කරන ලද්දේ පොන්සේකාම බව පිළිගෙන ඇත. එසේ නම් යුධ අපරාධ සමිබන්ධව දඩුවමි විදිය යුත්තේ පොන්සේකාමය. දේශපාලන නායකත්වය නොවේ
මාළුව නහින්නේ....
කරපු ඔක්කොම හොඳ වතුරේ යාවි වගේ
ලාංකීය ජාතීන් අතර නැවත මෙවන් කුරිරු යුද්ධයක් ඇති නොවීමට වල බලා ගැනීම ඔබට අයත් කාර්යයක්
කට...කට...කට...
ඔන්න පටන් ගත්තා.ඕකනෙ ඉතින් කොරන්න බැරි.
ඉස්සර තිබුණ දූෂිත දේශපාලනය අදත් තුබුන නම් අද මෙයා ජීවතුන් අතරත් නෑ
මේ කරන්නේ තනිකරම කන්නට දුන්නු අත හපා කෑමක්... මොනවා උනත් මහින්ද මහත්තයා මේ මනුස්සයාව නිදහස් කලානෙ... අනික ෆොන්සේකා මහත්තයා බීබීසී එකට කරපු කතාව එයාගෙ ගුනමකු කම හොදට පෙන්නන කතාවක්... මෙයාගෙ ලෑස්තිය පිටරට කොටින්ට උල්පන්දම් දෙන්න... හරිම කනගාටුදායක වාතාවරනයක්...!
ඔබතුමාට ජයෙන් ජය! අපි දැන් පතන්නේ ඔබගේ පූර්ණ නිදහසයි
ඔන්න ඔන්න පරණ පුරුද්ද
නියම වීර කතාවකි.
...."යුද්ධය මෙහෙයැවූයේ තමා බවත් රටේ දේශපාලන නායකයන් විසින් නොවන බවත් පොන්සේකා ඒ කාලය ගැන ප්‍රශ්න වලට උත්තරදීමට තමා බිය නොවන බවත් සඳහන් කෙළේය"....... ඔන්න ඔය මානසිකත්වය තමයි නරක
රාධ - ඔබ එස්.එෆ් මහත්තයාගේ ප්‍රකාශය හරිහැටි කියවල තේරුම් අරන් නැති හැඩැයි. මොකද ඔබට සිංහල භාෂාවට ලයිට් කණුවක් ද ලැබුණේ.
ඉල්ලා ගෙන කන්න යන්නෙ. යුද්ධෙ කරන අතර මහින්ද එස්.එෆ් ට ගෙදර යන්න කීවා නමි අද කොහේද ඉන්නේ
පහුගිය අවුරුදු 60 පුරාම ලංකාවේ අය ඔය වගේ කතා අහලා කලිසමෙන් රෙද්දට බැනියමට සාරියට ආයිත් බැනියමට මාරු වෙවී ගිය එකයි වුණේ. අවුරුදු 2-3ක් යද්දි තේරෙනවා මූත් එකයි ඌත් එකයි කියලා. රටේ මිනිස්සුන්ගේ ඔළුගෙඩි හදන්නේ නැතුව මුකුත් කරලා වැඩක් නෑ.
මේ නම් දෙපාවො නෙමෙයි. .....පාවොද කොහෙද? ලැජ්ජයි
"යුද්ධය මෙහෙයැවූයේ තමා බවත් රටේ දේශපාලන නායකයන් විසින් නොවන බවත් ..." ඇයි මෙවෙනි ප්‍රකාශ කරන්නේ ? යුධ නායකත්වය ආරක්ෂක ලේකම් තුමා ඇතුලු ත්‍රවිධ හමුදා නායකයනුත් දේශපාලන නායකත්වය ජනාදිපති තුමත් සිදු කළා.ලෝකයේ කිසිදු රටක යුද්ධයක් කල හෙකිද දේශපාලන නායකත්වයකින් තොරව?
බලු වලිගේ උණ පුරුකේ දම්මත් නෑ ඇද ඇරෙන්නේ.
SF හමුදා නායකයෙක් මිසක් දේශපාලඥයෙක් නෙමෙයි. රටක පාලනය හැමෝටම කරන්න බෑ. ඔබ ගැන මිනිසුන්ගේ හිතේ ඇති ගෞරවය නැති කර ගන්න එපා. අපේ ජනපති නැත්නම් සරත් ෆොන්සේකා කියන නම දන්නේ හමුදාවේ කීප දෙනෙක් විතරයි
උණ පුරුකේ දැම්මත් බලු වල්ගේ කෙලින් කරන්න බෑ.මිනිස්සු ඔහුගේ සැබෑ න්‍යාය පත්‍රය ඉක්මනින්ම තේරුම් ගනීවි
කච්චිය පිචිචියට ගිය කතාවකුත් තියෙනවනේ..
ෆොන්සේකා මැතිතුමනි ඔබට දීර්ඝායුෂ!
කටට ඉබ්බෙක් දාමන්න ඕනේ.
කෙලියා තාප්පෙට.. තමුන්නාංසේ එලියට ආව සතුට එහෙම්මම නැති වුණා ඕන්. අපි හිතුවේ මේ පාරවත් හරි පාරේ යයි කියලා කට වරද්ද ගන්නෙ නැතුව.. කවුරුත් දන්නවා බීබීසී එක කිසි දවසක අපේ මිතුරෙක් නොවුණු වග.. මීළග සාකච්ඡාව එක චැනල් 4 එකට දෙයිද දන්නේ නෑ.. එකපාරක් ඔයවගේ කතා වලින් තමා වීරකම් ඔක්‌කොම වහන් වුණේ.. අයෙත් ඒ ටික කර ගන්න එපා
තමා විසින්ම තමන්ගේ සොහොන් වල හාරගන්නවා වගේ වැඩක්
මේවා ආණ්ඩුවට පන්දම් අල්ලන අය කියන කතා
BBC එකට දුන්න පළවෙනි ඉන්ටවු එකෙන්ම අපිට හිතා ගන්න පුළුවන් මෙයා යන්නේ කොහේද කියලා
සෞඛය ඇමතිතුමෝ , පිස්සු බලු බේත් ටිකක් වැඩිපුර ගේන්න, පස්සේ කිවේ නෑ කියන්න එපා.
මහින්ද රාජපක්ෂ කියන්නේ රටේ ජනාධිපති විතරක් නොවෙයි ත්‍රිවිද හමුදා සේනාධි නායක ..ඒ කියන්නේ ෆොන්සේකාටත් ඉහලින් ඉදන් අණදෙන නිලධාරියා...මුළු රටම ඒක දන්නවා අහෝ...ෆොන්සේකා තවම ඒක දන්නේ නැහැ.ඔය ලග ඉන්න කෙනෙක්වත් එයාට ඒක පැහැදිලි කරලා දෙන්නකෝ ...ඒක කරන ලොකු පිනක් ...
කුසුම්, යුද්දේ කරන අතර මහින්ද එස්.එෆ් ට ගෙදර යන්න කීවා නම් තාම ප්‍රභාකරන් ඉන්නවා.ඒක 100%ක් ෂුවර්
@ Nishard - ඔයාම හිතලා බලන්න කියපු මේ කතාව හරිද කියලා... SF හපාකෑවේ මහින්ද මහත්තයා නිදහස් කරපු අත විතරක් නොවේ... මේ රටේ එයා වෙනුවෙන් පෙනී හිටපු අයගෙ අතත් ඔහු ආපු ගමන් හපා කෑවා... ඇයි මෙහෙම කතා බීබීසී එකට කියන්නේ..? මොකක්ද මෙකේ යටි අරමුන කියලා ඔයාම හිතලා බලන්න... එතකොට ඔයාට තේරෙයි ලයිට් කනුව ඔයාගෙද මගේද කියලා...!
සම්පත්, පටලවා ගන්න එපා.යුද්දේ මෙහෙව්වේ හමුදා නායකයෝ.දේශපාලන නායකත්වය කළේ අවශ්‍ය නියෝග, උපදෙස් දුන් එක සහ පහසුකම් සළසපු එක.
එතකොට නම්බුව SFට විතරද?
@ එස් කේ - මේකයි කතාව... මහින්ද - ගෝඨාභය - ෆොන්සේකා - Navy - Air Force එකතුවෙන් තමා අපි කොටියව විනාශ කලේ... ඒකෙ තනි අයිතිය මේ පස් දෙනාගෙන් එක් අයෙකුට පමනක් උරුම නෑ... නමුත් SF ගෙ නරුම ගතිය තනියෙන් මේ එක ගන්න හදන එකයි...!
රන්දුනු ඔයා හරියට හරි.. ඔයාට තේරුම් ගන්න පුළුවන් ටික ෆොන්සේකාට තේරුම් ගන්න බැහැනේ.ඒක ඔහුගේ දැනුමේ වරදක් වගේ.මෙහෙම ගියාම වෙන්නේ සිංහයා වගේ ඉන්න ෆොන්සේකා නිකන්ම නිකන් පුස් පැටියෙක් ගානට වැටෙන එකයි.අපට කණගාටු ඒකට
සසළ සිත් තුල කසළ මිස නැත කුසළ
අපි ඔබට ජනාධිපති කරවනවාමයි
ඉස්සෙල්ලා ජනාධිපතිලා හිටපු කාලෙත් එස්.එෆ්. හිටියනේ.එහෙනම් ඉතිං ඒ කාලේ යුද්දේ දිනන්න තිබුනනේ.ටිකක් හිතලා බලලා කතා කළොත් නරකද?
ආයෙත් ඉල්ලන් කන්න වගේ හදන්නේ...
එස්.එෆ්.ට ටිකක් කතා කරන්න දුන්න නම් හරි. එතකොට මහින්ද මහත්තයාට එස්.එෆ්.ට විරුද්ධව අමුතුවෙන් මුකුත් කරන්න ඕනි නෑ.එයාම නා ගනී
හමුදාවට නියම නායකත්වයක් දෙන්න වෙන කෙනෙකුට පුළුවන්නම් තමන්ගේ හමුදාවෙන් අයින් වෙලා ඇමරිකාවේ ඉදන් ආපු කට්ටිය යවන්න තිබුණනේ යුද්දෙට නායකත්වයක් දෙන්න. එස්.එෆ්.කියන්නේ නියම නායකයෙක් කියලා අපි දන්නවා.
මහින්ද මහත්තයා ජීවිතේටම කරපු ලොකුම මෝඩ වැඩේ එස්.එෆ්. හමුදාපති කරපු එක වෙන්න ඇති
සුජී, දවල්ද ??
දැන්වත් තේරෙනවද ඇයි කියලා මහින්ද මහත්තයා, එස්.එෆ්.ව නිදහස් කළේ?
පුදන කොටම කාපි යකා. බීබීසී කියන්නේ කොටි හඩක් කියන එකවත් තේරුම් ගන්න බැරිද?
මෙයාගේ තියෙන වැරැද්ද ඕක තමා අප්පා... හදාගන්නම බැරිවෙයි......
බුද්ධි - ඔයා කියන එකම තමා මමත් කියන්නේ ...SF කියන්නේ " යුද්ධය මෙහෙයැවූයේ තමා බවත්.." එක වැරදී කියලයි මම කියන්නේ. යුද්ධයක් මෙහෙයවන්න යුද්ධ හමුදාපතිට විතරක්ම පුලුවනිද?
ඔබතුමා නිදහස් වීම සතුටක්. එහෙත් හෙට ඉඳල ඔබ විපක්ෂ දේසපාලුවන් සමග එකතුවෙලා රාජපක්ෂලාට බනින්න රජය විවේචනය කරන්න පටන් ගත්තොත් එකට වඩාම සතුටුවන්නේ ජනපතිතුමා
ආයිත් ඇතුලට යයි වගේ කට වරද්දාගෙන...
මෙහෙමයි ඉතින් ඔය කියන කතාවට ඈත්තටම උත්තර දෙන්න එතුමට පුලුවන්. මොකද හිටපු හමුදාපති එතුමනෙ වෙන වෙන බුවාල, බුවාල උනාට. ඒත් ඉතින් තියෙන වෛරය නිසා මොකාට විරුද්දව මොනා කියයිද දන්නේ නෑ. ඒකයි තියෙන ප්‍රශ්නය.....
දෙවන ලෝක යුද්දේ මෙහෙයවපු හිට්ලර් ජර්මනියේ දේශපාලන නායකයා මිසක් හමුදාපති නෙමෙයි. ජර්මනියේ එවකට හිටපු යුද හමුදාපති ගැන මම නම් අහලවත් නැහැ.
එලියට ආපු ගමන් මෙයා වැඩ පටන් අරන් ..... ඉස්සෙල්ලා වගේ .... රට තවත් ලෝක ප්‍රජාව ඉදිරියේ හැල්ලු කරනවා .... මෙදා ජීනීවා වලට වලට වඩා වැඩි දෙයක් වෙයි වගේ...... අනේ මෙතුමාගේ තත්වය මෙතුමා ම නැති කර ගන්නවා ...... ජනාධිපති වීම කෙසේ වෙතත් .......අනේ අබුද්දස්ස කාලේ ...........
"පුදපු ගමන් කාපු යකා"
යුද්ධ කරන්න නම් ඕන මෝඩයෙකුට බැරියැ...
පිස්සෙක්
මේ වගේ පිස්සෙක්ට පුලුවන්ද රටක් පාලනය කරන්න
බුද්ධි මහත්තයෝ, අපි හිතමු ජනපති කළේ පහසුකම් දෙන එක විතරයි කියලා.ඒත් ඉස්සර කට්ටිය කලේ බිම් බෝම්බ අටවලා හමුදාවේ කට්ටිය එළොව යවපු එක.කොබ්බෑකඩුවට වුණෙත් ඒ ටිකම තමයි
එතකොට ගුවන් හමුදාපති නාවික හමුදාපති පොලිස්පති කිසි දෙයක් කොරල නැ. මෙයා තමයි ඔක්කෝම කොරේ....
සුජී මහත්තයෝ, මතක ඇතුව ජාතික හැදුනුම්පත් අරන් යන්න ඡන්දේ දාන්න යද්දි
මෙතුමා විදේශිය බලවේග වල අතකොළුවක් වෙලා ඉවරයි...මෙතුමා වටේ ඉන්න සමහරු දිහා බලන්න...
ඔබ අපිට වීරයෙක්, ඒත් බුදු සර් කතාකරන්නේ පරිස්සමින්...
මේ ප්‍රකාශයෙන් කියවෙන්නේ සාමාන්‍ය මිනිසුන් බේරා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගත් බවත් නමුත් කොටින්ගේ නින්දිත ක්‍රියා කලාපය නිසා සෑම අයෙක්ම එසේ බේරා ගැනීමට නොහැකි වුන බවත් නේද?
රටේ නායකත්වයට අවශ්‍යම වන පුද්ගලයා තමයි සරත් ෆොන්සේකා මහත්තයා.නමුත් එයාට ඊට අවශ්‍ය කපටිකම නෑ
SF හැම තිස්සේම කියන්නේ මම මම මම තමයි හැම දෙයක්ම කරේ කියලා. ඒත් කවදාවත් MR එහෙම කියන්නේ නැ කියන්නේ රට වැසියන් සහ සියලු වීරෝදාර රණවිරුවන් එකමුතුව යුද්දය නිමා කරා කියලා. ඔන්න ඕක තමයි වෙනස..
මහින්ද මහත්තයා මෙයාව එළියට දැම්මෙත් ඕකටම තමයි.එයා දන්නවා මෙයා එයාගේ තොණ්ඩුව එයාගේ අතින්ම දා ගන්නවා කියලා
අෂ්ට ලෝක ධර්මය වනසන්න එපා දුෂ්ඨ අය ඔබේ ඇසුරට ගන්න එපා දෂ්ඨ කරන නයි හට අසුවන්න එපා ඉෂ්ඨ නොවන දේකට ලත වෙන්න එපා
මෝඩ කට හැමදාමත් එහෙමමයි.කරුණාකර ඔබගේ කට පාලනය කර ගන්න
පුදුම මිනිස්සු තමයි අපේ රටෙත් ඉන්නේ.දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරනවා කිව්වහම ඒකට විරුද්ධ වෙන්න ඕනෙ දූෂිත දේශපාලුවෝනේ.ඒත් අපේ රටේ එහෙම දෙයක් කිව්වහම දේශපාලකයෝ හින්දම දුක් විදින සාමාන්‍ය මිනිස්සුයි කෑ ගහන්නේ කට පරිස්සම් කරගන්න කියලා.අපේ රට දැන් ඕනේ හොඳ නායකයෙක්.ඒ ගතිගුණ ජෙනරාල් ෆොන්සේකාට තියෙනවා කියන එකයි මගේ විශ්වාසය.අපේ රටේ අනාගතය යහපත් කරන්න ඔබතුමාට හැකිවේවා!
ෆොන්සේකා මැතිඳුනි අපි ඔබ සමගයි
ජනාධිපති තුමා හැම තිස්සෙම යුද්දේ කරපු හැමෝම සිහිකරනවා.. ඒ වෙනුවෙන් ඉතා විශාල මුදලක් වියදම් කරලා යුද විරුවන් සමරනවා හැම වසරේම.... එකේ ජනාධිපතිතුමා ගිහිල්ල වීරයන්ට තම ගෞරවය පුද කරනවා.... වාර්ෂිකව පිරිතක් කියනවා... ඒත් අපේ ෆොන්සේකා මහත්තයා.... තමන් මුදුනා වෙන්න දඟලනවා.... එයානම් යුද්දේ කලේ ජනාධිපතිතුමා මුකුත් කලේ නැත්නම් යුද අපරාධ චෝදනා එල්ල කරන්න ඕන ෆොන්සේකා මහත්තයාට නේ...... ජනාධිපතිතුමාට නෙමෙයිනේ ... ඒත් යුද්දේ නියම නායකයා උන ජනාධිපතිතුමා යුද ජයග්‍රහණයේ ලැබුන සුභා ශින්ෂණ භාර ගත්ත වගේම..... ජාත්‍යන්තර බලපෑම් වලටත් මුහුණ දෙනවා වෙන අය පාවල නොදී...... ඒකයි නියම නායකයෙකුගේ ස්වරුපය.......
අනේ සමීර ඔයා දන්න තරම තමයි ඔය ........ අවදි වෙලා විමසිල්ලෙන් ඇහුන්කන් දෙන්න .... එතකොට ඔයාටම තේරෙයි ...
අනේ සමීර ඔයා දන්න තරම තමයි ඔය ........ අවදි වෙලා විමසිල්ලෙන් ඇහුන්කන් දෙන්න .... එතකොට ඔයාටම තේරෙයි ...
තව කොමෝඩ් එකක් කඩල තියෙන්න...
SF පිළිගන්නම හිටපු කට්ටිය දැකලා මේ අය බය වෙලා වගේ හොදටම
අපෝ, වාචසික සංවරයක් ඇත්තෙම නෑ.මෙහෙම වාචාල කෙනෙක් කොහොමද නායකයෙක් වෙන්නේ
අද රණ සෙන්පතියා කියන U N P අයම හෙට වෙන පක්ෂෙකට ගියොත් යසට කියයි මෙයාගේ කට හොද නෑ කියලා
යුද්දේ කළේ මෙතුමනේ.අනික් අය හිටියේ ගෙවල් වල හැංගිලා. 'සැමදා අපි ඔබ සමගයි'
සමීර, කියවලා බලන්න උදිතගේ කමෙන්ට් එක
ඔය සමීර ජෙනරාල්ගේ දේශපාලනය ගැන දන්නේ මොනවද? දන්නවනම් ලියනවකෝ බලන්න
මගේ දිව කපල එළියට දැම්මනම් ඉවරයි....
මෙයා ආමි එකට බැදුනේ 2005ද දන්නේ නෑ.ඇයි තනියමනේ කරලා තියෙන්නේ ඔක්කොම
SF ආපහු අනාගන්න යන්නේ. කට ඉස්සර කර ගන්න ගිහින් ආපහු දුක් විදින්නද කොහෙද හදන්නේ
කල වැද්දෝ.......... දැන් ඔහේ ඉන්නේ එළියේ.............
ආර්ථික යුද්ධයත් කරලා පෙන්නුවානම් අපි පිලිගන්නවා කොටි පරද්දුවේ S.F. නෙවෙයි කියල.
නියම බූරු ( වීර ) කතාවක්.......
නයින්ට කිරි පෙවුවම ඔහොම තමයි
සරත් ෆොන්සේකා මහත්තයෝ, ඔබට ලබන්න තියෙන වරම ඔබගේ කට නිසා නැති කර ගනීවි
රටක් කරන එකයි යුද්දය කරන එකයි අතර ලොකු වෙනසක් තියනවා යුද්දෙදි කලේ අණ දෙන එක කලාට රටක් පාලනය කරනකොට එහෙම කරන්න බෑ ඉවසීමත් නැණ නුවණත් තියෙන්න ඕනේ ෆොන්සේකා මහත්තයෝ ඔයාට ඒ දෙකම නෑ කියල දෙවැනි පාරටත් පැහැදිලි කළා නිදහස් උන ගමන්ම කට පරිස්සම් කරගෙන ලැබුන වීර කමත් රැකගෙන ජීවත් වෙන්න තණ්හාව නැතිව
කට පරිස්සම් කර ගත්තොත් අපි අලියා අමතක කරලා ඔබ සමග එනවා
රටට රජ කෙනෙක් බිහි වන්නේ කලින් කළ පින් බලෙන්.ඒකට පින තියෙන්න ඕනි.නිකං බෑ. හැබැයි මාළ්වා නම් නහින්නේ කට හින්දා
දැන්වත් පාඩුවේ ඉන්නවද? පැත්තකට වෙලා දෙන දෙයක් කාලා
‘කොටි සංවිධානය සාමාන්‍ය වැසියනට අවි දී පෙරමුණට යැවීම නිසා කැරැලිකරුවන්ගෙන් සාමාන්‍ය මිනිසුන් වෙන් කැර ගැනීමට හමුදාවට නොහැකි වුණා.“(අපෝ අම්මෝ ආයිමත් යයි වගේ******)‘
ජෙනරාල් තුමනි, මෙවගෙ රටක අයෙත් ඉපදෙන්න ප්‍රාර්තනා කරන්න එපා. මෙ රටට ඔබ තුමා මෙච්චර සේවයක් කරලත් මෙ මිනිස්සු කියන කතා පෙනව නෙද? අනගාරික ධර්මපාල තුමත් කිවෙ මෙ රටේ අයෙ ඉපදෙන්න එපා කියල.
විශඝෝර සර්පයා දැක නෑර මෝඩයා...
වියරු වැටුණු කෙනෙක් වගේ