තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් අදියර දෙකක් යටතේ පැවැති ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ‍්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේදී යොෂිත රාජපක්‍ෂගේ යාපනය චැලෙන්ජර්ස් පිල සහ චානක චන්දිමාල්ගේ වයඹ බ්ලැක්ස් පිල සමස්ත සම ශූරයන් බවට පත්වූහ.
බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (03) අවසන් වූ දෙවැනි සහ අවසන් අදියරේ ශූරයන් බවට යාපනය චැලෙන්ජර්ස් පිල පත්වූ අතර අනු ශූරතාව බස්නාහිර වෝරියස් පිලට හිමිවිය.මහනුවරදී පැවැති පළමු අදියරේ සහ දෙවැනි අදියරේ ලකුණු එකතු කර වැඩිම ලකුණු ලැබූ පිලට ශූරතාව හිමිවිය. ඒ අනුව යාපනය චැලෙන්ජර්ස් සහ වයඹ බ්ලැක්ස් යන කණ්ඩායම් දෙක ලකුණු 37 බැගින් ලබා සිටියහ.යාපනය පිල පළමු අදියරේ හත්වැනි ස්ථානය (12) ද, දෙවැනි දියරේ පළමු ස්ථානය (25) ද ලැබූ අතර වයඹ පිල පළමු අදියරේ පළමු ස්ථානය (25) ද, දෙවැනි අදියරේ හත්වැනි ස්ථානය (12) ද ලැබීය.
දෙවැනි දිනයේ තරග ප‍්‍රතිඵලඅවසන් මහා තරගයයාපනය චැලෙන්ජර්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (26-17)
තෙවැනි ස්ථානය ඌව වයිපර්ස් පිල විසින් නැගෙනහිර ඊගල් පිල පරාජය කරන ලදී (35-19)
5 වැනි ස්ථානයඋතුරු මැද ටයිපෝන්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී. (28-14)
7 වැනි ස්ථානයවයඹ බ්ලැක්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී. (17-14)
9 වැනි ස්ථානයමධ්‍යම කිංග්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී. (12-7)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමේදී ඕකෙ ශූරතාවය ජැෆ්නා චැලේන්ජර්ස්ල ගනීවි. මොකද සුපිරි රගර් ක්‍රීඩකයෙක් ඉන්නෙ ඔය කණ්ඩායමේනේ
සම ශූරතාවය දුන්නු චෙක් දෙකේ තියෙන මුදල නම් වෙනස් ලොක්කා...
යාපනය ටීම් එක කප් 1 නොගත්තනම් තමයි පුදුම වෙන්න ඕන.
මේවත් වැඩද අනේ
මම නම් හිතන්නේ වයඹ බ්ලැක්ස් කණඩායමේ පැහැදිලි ජයග්‍රහණය තමයි මේ දෙකට බෙදලා තියෙන්නේ
ඔව් ඉතින් මේ පාර ලීග් එකත් උස්සන්න නේ බලන්නේ..මහනුවර එක්ක රගර් ගහල දිනන්න බැරි නිසා බොරු චෝදනා දාල එයාලව ලීග් ඒකෙන් හලන්න නේ යන්නේ..ඔහොම යමුකෝ ..දිට්ටධම්ම කර්ම කියල දෙයකුත් තියනවනේ ..
සිනහ යන සටන් සහ ඇග කිලිපොලා යන පෙම් ජවනිකා....
රගර් වලට නම් රජ සැළකිලි.අනික් ඒවාට කුඩම්මාගේ සැළකිළි
කොහොමද සහෝදර මොළේ?
ඕවාට වියදම් කරපු සල්ලි අහිංසක මිනිස්සුන්ට දුන්නනම් මොකද වෙන්නේ..ඕවා බලන්නේ කවුද? ලංකාවට සල්ලි ලැබෙන වැඩක් කරන්නකෝ...