IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


යුරෝපයේ හිම අතරින් ආඩම්බරකාර ඕෂධී

රඟපෑමේදී ලංකාවේ විතරක් නොවෙයි, බොහෝවිට පිටරට සංචාරය කරන්නත් නළු නිළියන්ට සිදුවෙනවා. ඕෂධී හේවාමද්දුම මේ විදියට රඟපෑම සඳහා බෙහෝ රටවල සංචාරය කළ ශිල්පිනියකි. ඒ ශ්‍රියානි අමරසේනගේ නවතම ටෙලි නාට්‍යයේ රඟපෑම සඳහායි. මෙවර යුරෝපයේ රූගත කෙරුණු එම ටෙලි නාට්‍යයේ ලංකාවේ රූගත කිරීම් සිදු කිරීමට පෙර යුරෝපයට ගිය මේ කණ්ඩායමට දරුණු හිම පතනයකට මුහුණ දීමට සිදුවුණාලු. ඒ දරුණු සීතල දරාගෙන එහිදී රූගත කිරීම් සියල්ල සිදුකළාලු. යුරෝපයේ හිම අතරින් නැවත ලංකාවට ආ ඕෂධී හේවාමද්දුම ඒ සිදුවීම් සමග ඇගේ ජීවිතය හා බැඳුණු තවත් බොහෝ දේ ගැන අද අපට කියාවි. ඕෂධී යුරෝපයේ ඒ සංචාරය ගැන තවත් විස්තර කළොත්? මෙවර අපි ගියේ ඉතාලියේ වෙරෝනා සහ ප්‍රංශයේ මෙන්ම ස්විට්සර්ලන්තයේ ස්ථාන කිහිපයකටයි. ශ්‍රියානි අමරසේන මහත්මියගේ මෙම ටෙලි නාට්‍යයේ රවීන්ද්‍ර රන්දෙණිය මහතා, සාරංග දිසාසේකර, ජගත් චමිල, සහ මමත් කැමරා අධ්‍යක්ෂණයෙන් මගේ මහත්තයාත් මේ ගමනට එක්වුණා. අපි යනකොට අවුරුදු 22 කට පසුව යුරෝපයේ තදින්ම දරුණු හිමපතනය. ඇඳුම් කිහිපයකින් මුළු සිරුරම වසාගෙන සිටියත්, මුහුණු නිරාවරණ කරගෙන ඉන්න පුළුවන් වෙන්නේ විනාඩි කිහිපයක් විතරයි. එතැනින් එහාට මුහුණු පැලෙන තරමට පුපුරු ගහනවා. ඒ දරුණු සීතල හිම පතනය තිබියදීත් යුරෝපයේ රූගත කළයුතු කොටස් සාර්ථකව නිමා කිරීමට අපට පුළුවන් වුණා. මේ දරුණු හිමපතනය තිබියදී ඉතාලියේ අපි නවාතැන් ගෙන සිටි මහල් නිවාස සංකීර්ණය ගිනි ගන්නා බවට ලැබුණු ආරංචිය නිසා උදේ පාන්දර අපට එළියට බහින්න සිදුවුණා. තද සීතලේ ගින්න නිවා දමනකල් එළියේ සිටීම දැඩි අපහසු වුණා. ඒ අත්දැකීම නම් කවදාවත් අමතක වෙන එකක් නැහැ.   මේ දිනවල ටෙලි තිරය හැඩකරන චරිත ගැනත් කතා කළොත්? ‍"සුබා" නාට්‍යයේ තක්ෂිලා (ස්වර්ණවාහිනියේ) ලෙසත්ල ජාතික රූපවාහිනියේ ‍"මයුර අසපුව" (ශ්‍රියානි අමරසේනගේ ජපානයේ රූගත කළ) නාට්‍යයේ ද්‍රවිඩ තරුණියකගේ චරිතයක් රඟපානවා.   ඔබ ශ්‍රියානි අමරසේනගේ නාට්‍යයව, රඟපානවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවාද? ‍"මයුර අසපුවේ" නම් රඟපෑවේ 2008 දී විතර. නමුත් මම දායක වූ ටෙලි නාට්‍ය අතරින් ශ්‍රියානි අමරසේන මහත්මියගේ නාට්‍යය විශේෂ තැනක් ගන්නවා. එකක් ඇය වැඩිහිටි ප්‍රවීණ ශිල්පිනියක්. විදෙස් ගතවන විට පවා අපට මවකගේ රැකවරණය ඇයගෙන් ලැබෙනවා. ඒ ගුණාංග නිසා මම නම් එතුමියට හරියට ගරුකරනවාග එතුමියත් හිතනවා ඇති මම හොඳයි කියලා. එතුමිය කොහොමටත් තරුණ පරපුරේ බොහෝ දෙනාට අවස්ථා ලබාදුන් කෙනෙක්.   ඕෂධී ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල් වෙනවද දැන්? අවුරැදු 10 ක් විතර.   මේ කාලයේදී ලැබුණු දේවල් මොනවාද? ප්‍රේක්ෂක ආදරය, ප්‍රතිචාරය, හොඳ පිළිගැනීමක්, සම්මාන ආදී මේ සියල්ල කියන්න පුළුවනි.   කොහොම වුණත් ඔබ අනෙක් නිළියන් එක්ක එච්චර මිත්‍රශීලීකමක් නැහැ කියන්නෙ ඇත්තද? නිළියන් කියලා නෙවෙයි, සාමාන්‍යයෙන් පෞද්ගලිකව මම ආශ්‍රය කරන්නේ දෙතුන් දෙනෙක් විතරයි. සමහර විට පවුලේ තනි ළමයා නිසා ඇති වෙච්ච දෙයක් කියලද මම දන්නෙ නැහැ. නමුත් එය ආඩම්බරකමක් නෙවෙයි. මේ ගෙවී ගිය කාලයේදී මම මගේ නමට හානියක් කරගෙන නැහැ. ඒ වගේ දේවල් නිසාත්, වැඩිපුරම කට්ටිය ඇසුරු නොකරන නිසාත්, සමහරු මා ගැන එහෙම හිතනවා ඇති. හැබැයි මම ඒකට කැමතියි. මොකද කවදාවත් නම කැත කරගෙන නැති නිසා.   වැඩ කරද්දිත් එහෙමද? මම බොහෝම සහයෝගයෙන් මිත්‍රශීලීව වැඩ කරන කෙනෙක්.   නිළියන් ගැන වත්මනෙහි බොහෝ කතා අහන්න ලැබෙනවා. මේ සියල්ල අතරේ හොඳ නම රැකගෙන සිටින ඔබට ඇතිවන හැඟීම මොන වගේද? එක පැත්තකින් ඒ වගේ දේවල් අහද්දී කනගාටු වෙන්නෙ මාත් නිළියක් නිසයි. ඒ කතා ඇත්ත හෝ බොරු වේවා එවැනි දේ හැදෙන්න අපේ විනයත් බලපානවා ඇති. නිළියන් කියන්නේ බොහෝ විට වීදුරු ගෙදරක ජීවත්වන කෙනෙක්. ඒ නිසා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනෑ. මට ඕන විදියට නොවේ, කාටවත් ඕන විදියට නොවේ කිව්වාට, අපට ඕන විදියටම සමාජයේ ජීවත්වෙන්න බැහැ. සමාජයෙ අපට ගරු කරන නිසා අපි පිළිගන්න නිසා, අපි සමාජයේ ගරුසරු ඇතිව හැසිරිලා සමාජයට ගරුකරන්න ඕන.   කොහොමද විවාහ ජීවිතයේ දැනෙන හැටි? විවාහවෙලා මේ අගෝස්තුලට වසර 5 යි. මට හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබීම නිසා ලොකු සතුටක් තියෙන්නේ. මගේ වෘත්තීය ජීවිතය කරගෙන යාමට ඒ නිසා ලොකු පහසුවක් වුණා. ඒ ගමනට එයත් ලොකු පවුරක්.

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

යුරෝපයේ හිම අතරින් ආඩම්බරකාර ඕෂධී

ලස්ස කොල්ලා Friday, 04 May 2012 12:09 PM

ඔබ ඇත්තටම ලස්සනයි. මේකප් කැතයි. කවුද මේ විදියට ඔයාව කැත ක‍ළේ?

:       0       0

ගිරිගෝරිස් Tuesday, 01 May 2012 06:19 PM

පිස්සු හැදෙන සද කිවුවලු

:       0       0

ශිරාන් Tuesday, 22 May 2012 11:21 AM

සුභාශිනී ඔයා හරි........

:       0       0

ඩී.පී. Tuesday, 01 May 2012 07:40 PM

මළ කෝලං... මළ සමයං අනේ ඔයාට

:       0       0

ගඩාබි Monday, 30 April 2012 03:57 PM

තව පවුඩර් ටිකක් තිබ්බේ නැද්ද මූණේ ගා ගන්න

:       0       0

සිසිර Wednesday, 02 May 2012 06:57 PM

ඔහොම හොඳයි ඇස් වහ කටවහ යන්නත් එක්ක...

:       0       0

දියස් Wednesday, 02 May 2012 06:59 PM

ඔයා ලස්සනයි.....?

:       0       0

තරු Monday, 30 April 2012 04:22 PM

මළ කෝලං...

:       0       0

රොෂාන් Saturday, 19 May 2012 04:31 PM

ඔය කියන හිමත් එක්ක තමා නගා අපි ජීවත් වෙන්නේ .!!!

:       0       0

ශානිකා Monday, 30 April 2012 05:40 PM

මළ කෝලං

:       0       0

ආර්.එම්.එස්.කේ. Thursday, 03 May 2012 05:29 PM

මේ වයසට මොන විලාසිතාද?

:       0       0

ජයසේකර Thursday, 17 May 2012 01:22 PM

ඇගේ අදහස ගැන කවුරුවත් හරියට බලල නෑ..

:       0       0

රෝයි Tuesday, 15 May 2012 08:09 PM

වැසිකිළියක්..

:       0       0

නිශාන්ත Wednesday, 09 May 2012 11:45 AM

හිතක් රිද්දන්න මිනිස්සු මේ තරම් උත්සාහ කරන්නෙ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නැහැ

:       0       0

රසික Wednesday, 02 May 2012 08:58 PM

වෙන නැත්නම්........

:       0       0

මන්ජු Monday, 30 April 2012 07:34 PM

ඕෂධී ලංකාවේ නොවුණා නම් අගය කරයි. හින්දි නිළියකට නම් මෙහෙම කියන්නේ නෑ. ඕෂධී, අපි ඔබ සමගයි. ඔබට ජය!

:       0       0

ඕෂධී Tuesday, 01 May 2012 10:31 PM

අනවශ්‍ය මේක් අප්ස් නිසා විහින් කැත වී ඇත.

:       0       0

දිලාන් Friday, 25 May 2012 10:33 AM

අපෝ මේ ‍මොකද ලස්සනට හිටපු කෙල්ලට කරල තියෙන්නේ....

:       0       0

පපා Sunday, 29 April 2012 08:51 PM

අනේ මෙයාට වෙලා තියෙන දේ...

:       0       0

අමා Monday, 07 May 2012 12:42 PM

මේක් අප්ස් ගැන මීට වඩා සැළකිළිමත් වෙන්න

:       0       0

රන් Thursday, 03 May 2012 08:14 PM

අම්ම කෙනෙක් වෙන්න අදහසක් නැද්ද තවම......

:       0       0

මාතර මල්ලි Wednesday, 02 May 2012 12:37 AM

මළ සමයං තමයි

:       0       0

නිලූ Thursday, 17 May 2012 02:39 PM

ඔයා ඕවා ගනන් ගන්න එපා අනේ...

:       0       0

රොමේෂ් Monday, 30 April 2012 11:31 PM

ඔබ ඇත්තටම ලස්සනයි. නමුත් අනවශ්‍ය මේක් අප්ස් නිසා විහින් කැත වී ඇතැයි යන්න අපේ අදහසයි

:       0       0

නිමේෂි Tuesday, 01 May 2012 01:16 AM

මළම මළ සමයං

:       0       0

භාග්‍ය Monday, 15 October 2012 02:47 PM

ජයවේවා

:       0       0

කරුණා සහ අචිනි Wednesday, 02 May 2012 07:20 AM

ඔයා ලස්සනයි. මේකප් කැතයි. ලිෆ්ටික් කැතම කැතයි.

:       0       0

කොස්තා Tuesday, 15 May 2012 01:19 PM

සුභාෂිනී ඔයා හරි.

:       0       0

බන්දු Tuesday, 01 May 2012 06:44 AM

වයසේ වැරැද්දද මන්දා...

:       0       0

ලලනා Tuesday, 01 May 2012 09:34 AM

ඔබ මවක් වශයෙන් මෙහි ඇති දෙවැනි ඡායාරූපය වැනි ඡායාරූප වලට පෙනී නොසිටිය යුතුයි

:       0       0

සමන් Tuesday, 15 May 2012 02:05 PM

ඕෂදී ලස්සනයි මේකප් කැතයි

:       0       0

සමන් Tuesday, 15 May 2012 02:09 PM

ඕෂදී ලස්සනයි මේකප් කැතයි.

:       0       0

බීපී Tuesday, 01 May 2012 10:22 AM

මොනවද අනේ මේ කටේ ගා ගත්තේ? කවුද මේ විදියට ඔයාව පාට ක‍ළේ?

:       0       0

ශවිනි Friday, 04 May 2012 09:28 PM

ඔයාගේ ෆොටෝ දැකල මම බය වුණා.....

:       0       0

හරු Saturday, 05 May 2012 09:32 PM

පිස්සු පීකුදු......සමයන් නේ...

:       0       0

ආරොන් Friday, 04 May 2012 09:57 AM

තොල් නම් වළඳක් ලෙවකාලා වගේ...

:       0       0

සුභාෂිණි Friday, 11 May 2012 04:40 PM

එයා කැමති විදියට ඉන්න එයාට තියෙන්නේ අයිතියක්

:       0       0

වසන්ත Saturday, 19 May 2012 11:38 AM

ඔයා ගොඩක් චාම්....

:       0       0

පිස්සු කොල්ලා Thursday, 03 May 2012 01:30 PM

වෙන නැත්නම් ලස්සනයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රජයේ මාධ්‍ය හැදුන්ම්පත නැතිව කැබිනට් වාර්තා කරනය බෑ
2025 අප්‍රේල් මස 29 15 0

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු


නලින්දත් ලක්ෂ 74ක් රජයට ඉතිරි කරයි
2025 අප්‍රේල් මස 29 270 0

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය


’’ජනාධිපති මට බැණ බැණ රට වටේ යනවා’’
2025 අප්‍රේල් මස 29 403 0

ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.


කතරගම ඉඩම් වංචාවට ලංගම හිටපු උප සභාපති අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 29 501 0

කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්


වැවිලි විෂයට නව නීති නවයක්
2025 අප්‍රේල් මස 29 204 0

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පුංචි ඡන්දයේ ප්‍රචාරක වැඩ 3 වැනිදායින් අවසන්
2025 අප්‍රේල් මස 29 77 0

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 3 සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 12 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 13 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1048 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site