රඟපෑමේදී ලංකාවේ විතරක් නොවෙයි, බොහෝවිට පිටරට සංචාරය කරන්නත් නළු නිළියන්ට සිදුවෙනවා. ඕෂධී හේවාමද්දුම මේ විදියට රඟපෑම සඳහා බෙහෝ රටවල සංචාරය කළ ශිල්පිනියකි. ඒ ශ්‍රියානි අමරසේනගේ නවතම ටෙලි නාට්‍යයේ රඟපෑම සඳහායි. මෙවර යුරෝපයේ රූගත කෙරුණු එම ටෙලි නාට්‍යයේ ලංකාවේ රූගත කිරීම් සිදු කිරීමට පෙර යුරෝපයට ගිය මේ කණ්ඩායමට දරුණු හිම පතනයකට මුහුණ දීමට සිදුවුණාලු. ඒ දරුණු සීතල දරාගෙන එහිදී රූගත කිරීම් සියල්ල සිදුකළාලු. යුරෝපයේ හිම අතරින් නැවත ලංකාවට ආ ඕෂධී හේවාමද්දුම ඒ සිදුවීම් සමග ඇගේ ජීවිතය හා බැඳුණු තවත් බොහෝ දේ ගැන අද අපට කියාවි. ඕෂධී යුරෝපයේ ඒ සංචාරය ගැන තවත් විස්තර කළොත්? මෙවර අපි ගියේ ඉතාලියේ වෙරෝනා සහ ප්‍රංශයේ මෙන්ම ස්විට්සර්ලන්තයේ ස්ථාන කිහිපයකටයි. ශ්‍රියානි අමරසේන මහත්මියගේ මෙම ටෙලි නාට්‍යයේ රවීන්ද්‍ර රන්දෙණිය මහතා, සාරංග දිසාසේකර, ජගත් චමිල, සහ මමත් කැමරා අධ්‍යක්ෂණයෙන් මගේ මහත්තයාත් මේ ගමනට එක්වුණා. අපි යනකොට අවුරුදු 22 කට පසුව යුරෝපයේ තදින්ම දරුණු හිමපතනය. ඇඳුම් කිහිපයකින් මුළු සිරුරම වසාගෙන සිටියත්, මුහුණු නිරාවරණ කරගෙන ඉන්න පුළුවන් වෙන්නේ විනාඩි කිහිපයක් විතරයි. එතැනින් එහාට මුහුණු පැලෙන තරමට පුපුරු ගහනවා. ඒ දරුණු සීතල හිම පතනය තිබියදීත් යුරෝපයේ රූගත කළයුතු කොටස් සාර්ථකව නිමා කිරීමට අපට පුළුවන් වුණා. මේ දරුණු හිමපතනය තිබියදී ඉතාලියේ අපි නවාතැන් ගෙන සිටි මහල් නිවාස සංකීර්ණය ගිනි ගන්නා බවට ලැබුණු ආරංචිය නිසා උදේ පාන්දර අපට එළියට බහින්න සිදුවුණා. තද සීතලේ ගින්න නිවා දමනකල් එළියේ සිටීම දැඩි අපහසු වුණා. ඒ අත්දැකීම නම් කවදාවත් අමතක වෙන එකක් නැහැ. මේ දිනවල ටෙලි තිරය හැඩකරන චරිත ගැනත් කතා කළොත්? "සුබා" නාට්‍යයේ තක්ෂිලා (ස්වර්ණවාහිනියේ) ලෙසත්ල ජාතික රූපවාහිනියේ "මයුර අසපුව" (ශ්‍රියානි අමරසේනගේ ජපානයේ රූගත කළ) නාට්‍යයේ ද්‍රවිඩ තරුණියකගේ චරිතයක් රඟපානවා. ඔබ ශ්‍රියානි අමරසේනගේ නාට්‍යයව, රඟපානවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවාද? "මයුර අසපුවේ" නම් රඟපෑවේ 2008 දී විතර. නමුත් මම දායක වූ ටෙලි නාට්‍ය අතරින් ශ්‍රියානි අමරසේන මහත්මියගේ නාට්‍යය විශේෂ තැනක් ගන්නවා. එකක් ඇය වැඩිහිටි ප්‍රවීණ ශිල්පිනියක්. විදෙස් ගතවන විට පවා අපට මවකගේ රැකවරණය ඇයගෙන් ලැබෙනවා. ඒ ගුණාංග නිසා මම නම් එතුමියට හරියට ගරුකරනවාග එතුමියත් හිතනවා ඇති මම හොඳයි කියලා. එතුමිය කොහොමටත් තරුණ පරපුරේ බොහෝ දෙනාට අවස්ථා ලබාදුන් කෙනෙක්. ඕෂධී ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල් වෙනවද දැන්? අවුරැදු 10 ක් විතර. මේ කාලයේදී ලැබුණු දේවල් මොනවාද? ප්‍රේක්ෂක ආදරය, ප්‍රතිචාරය, හොඳ පිළිගැනීමක්, සම්මාන ආදී මේ සියල්ල කියන්න පුළුවනි. කොහොම වුණත් ඔබ අනෙක් නිළියන් එක්ක එච්චර මිත්‍රශීලීකමක් නැහැ කියන්නෙ ඇත්තද? නිළියන් කියලා නෙවෙයි, සාමාන්‍යයෙන් පෞද්ගලිකව මම ආශ්‍රය කරන්නේ දෙතුන් දෙනෙක් විතරයි. සමහර විට පවුලේ තනි ළමයා නිසා ඇති වෙච්ච දෙයක් කියලද මම දන්නෙ නැහැ. නමුත් එය ආඩම්බරකමක් නෙවෙයි. මේ ගෙවී ගිය කාලයේදී මම මගේ නමට හානියක් කරගෙන නැහැ. ඒ වගේ දේවල් නිසාත්, වැඩිපුරම කට්ටිය ඇසුරු නොකරන නිසාත්, සමහරු මා ගැන එහෙම හිතනවා ඇති. හැබැයි මම ඒකට කැමතියි. මොකද කවදාවත් නම කැත කරගෙන නැති නිසා. වැඩ කරද්දිත් එහෙමද? මම බොහෝම සහයෝගයෙන් මිත්‍රශීලීව වැඩ කරන කෙනෙක්. නිළියන් ගැන වත්මනෙහි බොහෝ කතා අහන්න ලැබෙනවා. මේ සියල්ල අතරේ හොඳ නම රැකගෙන සිටින ඔබට ඇතිවන හැඟීම මොන වගේද? එක පැත්තකින් ඒ වගේ දේවල් අහද්දී කනගාටු වෙන්නෙ මාත් නිළියක් නිසයි. ඒ කතා ඇත්ත හෝ බොරු වේවා එවැනි දේ හැදෙන්න අපේ විනයත් බලපානවා ඇති. නිළියන් කියන්නේ බොහෝ විට වීදුරු ගෙදරක ජීවත්වන කෙනෙක්. ඒ නිසා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනෑ. මට ඕන විදියට නොවේ, කාටවත් ඕන විදියට නොවේ කිව්වාට, අපට ඕන විදියටම සමාජයේ ජීවත්වෙන්න බැහැ. සමාජයෙ අපට ගරු කරන නිසා අපි පිළිගන්න නිසා, අපි සමාජයේ ගරුසරු ඇතිව හැසිරිලා සමාජයට ගරුකරන්න ඕන. කොහොමද විවාහ ජීවිතයේ දැනෙන හැටි? විවාහවෙලා මේ අගෝස්තුලට වසර 5 යි. මට හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබීම නිසා ලොකු සතුටක් තියෙන්නේ. මගේ වෘත්තීය ජීවිතය කරගෙන යාමට ඒ නිසා ලොකු පහසුවක් වුණා. ඒ ගමනට එයත් ලොකු පවුරක්.
සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕෂදී ලස්සනයි මේකප් කැතයි
අම්ම කෙනෙක් වෙන්න අදහසක් නැද්ද තවම......
තොල් නම් වළඳක් ලෙවකාලා වගේ...
ඔබ ඇත්තටම ලස්සනයි. මේකප් කැතයි. කවුද මේ විදියට ඔයාව කැත කළේ?
ඔයාගේ ෆොටෝ දැකල මම බය වුණා.....
පිස්සු පීකුදු......සමයන් නේ...
මේක් අප්ස් ගැන මීට වඩා සැළකිළිමත් වෙන්න
හිතක් රිද්දන්න මිනිස්සු මේ තරම් උත්සාහ කරන්නෙ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නැහැ
එයා කැමති විදියට ඉන්න එයාට තියෙන්නේ අයිතියක්
සුභාෂිනී ඔයා හරි.
මේ වයසට මොන විලාසිතාද?
ඕෂදී ලස්සනයි මේකප් කැතයි.
වැසිකිළියක්..
ඇගේ අදහස ගැන කවුරුවත් හරියට බලල නෑ..
ඔයා ඕවා ගනන් ගන්න එපා අනේ...
ඔයා ගොඩක් චාම්....
ඔය කියන හිමත් එක්ක තමා නගා අපි ජීවත් වෙන්නේ .!!!
සුභාශිනී ඔයා හරි........
අපෝ මේ මොකද ලස්සනට හිටපු කෙල්ලට කරල තියෙන්නේ....
ජයවේවා
පිස්සු හැදෙන සද කිවුවලු
තව පවුඩර් ටිකක් තිබ්බේ නැද්ද මූණේ ගා ගන්න
මළ කෝලං...
මළ කෝලං
ඕෂධී ලංකාවේ නොවුණා නම් අගය කරයි. හින්දි නිළියකට නම් මෙහෙම කියන්නේ නෑ. ඕෂධී, අපි ඔබ සමගයි. ඔබට ජය!
ඔබ ඇත්තටම ලස්සනයි. නමුත් අනවශ්‍ය මේක් අප්ස් නිසා විහින් කැත වී ඇතැයි යන්න අපේ අදහසයි
මළම මළ සමයං
වයසේ වැරැද්දද මන්දා...
ඔබ මවක් වශයෙන් මෙහි ඇති දෙවැනි ඡායාරූපය වැනි ඡායාරූප වලට පෙනී නොසිටිය යුතුයි
මොනවද අනේ මේ කටේ ගා ගත්තේ? කවුද මේ විදියට ඔයාව පාට කළේ?
අනේ මෙයාට වෙලා තියෙන දේ...
මළ කෝලං... මළ සමයං අනේ ඔයාට
අනවශ්‍ය මේක් අප්ස් නිසා විහින් කැත වී ඇත.
මළ සමයං තමයි
ඔයා ලස්සනයි. මේකප් කැතයි. ලිෆ්ටික් කැතම කැතයි.
ඔහොම හොඳයි ඇස් වහ කටවහ යන්නත් එක්ක...
ඔයා ලස්සනයි.....?
වෙන නැත්නම්........
වෙන නැත්නම් ලස්සනයි.