‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ සත් සාමාජික රග්බි තරගාවලියේ නායකයන් වෙන්දේසියේදී ශ්‍රී ලංකා රග්බි පිලේ නායක යෝෂිත රාජපක්‍ෂ රුපියල් මිලියන 11 කට හෙවත් රුපියල් ලක්‍ෂ 110 කට බස්නාහිර වෝරියස් පිල මිලදී ගෙන තිබේ.
මෙවර කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ නායක වෙන්දේසිය තරගාවලියේ සභාපති නාමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ලක්‍ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබදතා පුහුණු ආයතනයේදී ඊයේ (22) පැවැත්විණි.
විදේශිය ක‍්‍රීඩකයන් 40 ක් පමණ සහභාගි වන මෙවර තරගාවලියේ පළමු අදියර ලබන ජූලි මස 27 සහ 28 ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම්කර තිබේ. එහි දෙවැනි අදියර අගෝස්තු මස 4 සහ 5 දෙදින නවීකරණ කළ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.
නායකයන් වෙන්දේසි වූ ආකාරය
ක‍්‍රීඩකයා කණ්ඩායම මිල
යෝෂිත රාජපක්‍ෂ බස්නාහිර වෝරියස් 11,000,000
ෆාෂීල් මරීජා උතුර ග්ලැඩියේටර්ස් 3,000,000
ශ්‍රීනාත් සූරියබණ්ඩාර දකුණ ශාක්ස් 2,500,000
සෙනාල් ඩයස් නැගෙනහිර ඊගල්ස් 2,500,000
ගයාන් වීරරත්න වයඹ බ්ලැක්ස් 2,000,000
නයිජල් රත්වත්ත මධ්‍යම කිංග්ස් 2,000,000
ප‍්‍රදීප් ලියනගේ උතුරු මැද ටයිපෝන්ස් 1,300,000
සජිත් සාරංග යාපනය චැලෙන්ජර්ස් 800,000
රෝහිත රාජපක්‍ෂ සබරගමුව ස්ටැලියන්ස් 800,000
චාමර දාබරේ ඌව වයිපස් 800,000

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් නාටක, සභාපති නාමල්, යෝසිතව ඔයිට වැඩ ගානකට විකුනන්න තිබුණේ. මේවට තමා කියන්නේ ආටක නාටක කියලා.(නදී)
තරගය කොහොම හරි දිනන්න නම් මෙයට ලන්සුව උඩට ගියාට පාඩුවක් නැ, (ස)
මගේ ප්‍රියතම ක්‍රීඩාව රග්බි. (නි)
තව ටික දවසකින් ක්‍රිකට් නැති කරාවි. ඇයි සුරිය වැව ගහන්නේ නැතුව ගාල්ලම තෝරාගත්තේ. තව ටික දවසකින් ගාල්ල රාජපක්ෂ ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාංගනය අරඹයි.(නදී)
අයියා මල්ලිව වෙන්දේසි කරනවද? (නදී)
මගේ ලඟත් තියනවා මාර භාණ්ඩයක්. දෙන්නම් කව්රුහරි ලන්සුවක් තියනවනම්.(නදී)
කළු සල්ලි සුදු කරන්න හොද ක්‍රමයක්.(නදී)
කාලය කා දමන ක්‍රිකට් වලට වඩා ශරීරය වෙහෙසන රග්බි වඩා හොදයි (නි)
ප්‍රථම ස්ථානයේ ඉන්නේ ඔහුද
මට පස්ස පැත්තෙන් හිනහ යනවා.(නදී)
ඇත්තනේ යෝෂිත ඉන්නකොට තරගය දිනනවනේ. බොලේ ගත්තම කවුරුවත් ලගට එනවද? කවුද කැමති වෙන්වෙලා යන්න තරගේ ඉවර වුනාම.(නදී)
මේව අහල පන පලයන් ලබන සුමානේ.(නදී)
ලංකාවේ දේශපාලනීකරණය නොවූ තවත් ආයතන තිබේද? (නදී)
අන්න බි.බි.සි එකෙත් දාලා තියනවා ලස්සනට.(නදී)
පුදුමයක් නෙවේ මේවා අපි කලින්ම දන්නවා.(නදී)
ජයවේවා
සන්තෝසයි
රග්බි වලත් තියෙනවාද එහෙම වැඩ
ඔය මදැයි ඉතින් පරම්පරා ගානකට.(නදී)
ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දැන් රග්බි ගහනවාද? (නි)
සුදුස්සාට සුදුසු තැන