දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ජනවාරි පළමුවැනිදා සිට ධාවනය කිරීමට නියමිත සූඛෝපභෝගී බස්රථවල රියැදුරන්ට ප‍්‍රායෝගික පුහුණුවක් ලබාදීම කොට්ටාව පිවිසුම් මාර්ගයේ දී අද පැවැත්විණි.
අනුරාධපුරයේ සහ ගාල්ලේ පෞද්ගලික බස් සමාගම් දෙකක බස් රථ දෙකක් මුලින් ධාවනයට යෙදවීමට නියමිතය. කොට්ටාවේ සිට ගාල්ලට ටිකට් පතක මිල රුපියල් 400කි. වායු සමනය කළ බස්රියේ ආසන 42කි. බසය පැයට කිලෝමීටර් 100ට වැඩි වේගයෙන් ධාවනය කෙරෙන්නේ නම් අනතුරු ඇඟවීමේ සංඥාවක් හැඬවෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආරියසේන කුමාරපේලි පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩාක් සතුටුයි. ඒ වුණාට දුප්පත් මිනිසුන්ට මේ දේවල් වල ප්‍රයෝජනයක් නෑ නේද? බඩ පිරෙන්න ඉත් ටිකක් ගන්න නැති මිනිසුන්ට මොන අධිවේගීද? ඒ මිනිසුන්ට නැගිටින්න පුලුවන් විදියේ වැඩකුත් කරානම් වටිනවා
ගොඩක් හොඳ වැඩක්. එත් ගරු ජනාධිපතිතුමනි මීට වඩා අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය දේ තියනවා පාන් කන්න ඕන කෙනාට කේක් වලින් වැඩක් නෑනේ
දුප්පත් මිනිසුන්ට හැමදාම හුළං නේද?
හොදයි
ගොඩාක් හොදයි
මේ බස් එකේ සිට බෙල්ට් තියෙනවලු. ඒ වුනත් බස් වල සිට බෙල්ට් දාන්නෙ නැහැ. මම රටවල් කීපයක ගියා බස් වල 90 -100kmph බෙල්ට් අවශ්‍ය නැහැ.
නියමයි
ඒක හොඳයි ගාන වැඩියි
බස් වලට නම් හෙමින් යන එක ගැන ටිකක් හොදට කියා දෙන්න වෙයි
බස් කොහොමත් පාරෙ යන්නේ ඒවා අධිවේගී කියලා හිතාගෙන තමයි. 100 යනකොට බෙල් වදිනවා අනුරාධපුර-කොළඹ යන බස් වලත්
සීට් බෙල්ට් ඕනා නේද? ඩ්‍රයිවර් විතරක් සීට් බෙල්ට් දැම්මට වැඩක් නැහැ නේද?
මෙය ඉතාමත් හොද වැඩක්. ඒත් ගාස්තුව ලංකාවේ තරමට වැඩියි. ලාභයක් නොව සේවාවක් සැලසිය යුතුයි. එක දවසකට මිනිසෙකුට ලැබෙන වැටුපත් සමග සසදන විට මෙය ලොකු මුදලක්. සිතා බලන්න
ඉතා හොදයි
ගාන වැඩියි. කිසිවෙකුත් මෙයින් කොපමණ ලාභ ලැබේ දැයි ගණනය කොට තිබේද?. අධිවේගී මාර්ගයේ නිතර යන ඒන බසයක් නිසා අධිවේගි පාරේ ගාස්තුව වෙනත් වාහන වලට වඩා අඩුකළ යුතුයි. පිටරටවල නිතර යන ඒන වාහන වලට අධිවේගී මාර්ග වල සහන ගාස්තු අයකරයි. මේ නිසා මෙහි ගාස්තුව සංශෝධනය වියයුතුය.
සීට් බෙල්ට් තියනවද දැන් නෑ ?
හොද කාර්යයක්, මට ලංකාව ගැන ආඩම්බරයි. හැමතැනම මේ විදියට ඉක්මණින්ම දියුණු වෙන්න ලැබේවා
ආශ්චර්යමත් ශ‍්‍රී ලංකාවක්. අපේ රට තව තවත් දියුණු වේවා
ගොඩාක් සතුටුයි අපි හැමෝගෙම රට දිනෙන් දින වැජබීම ගැන. පාර්ලිමේන්තුවේ ඇමැති තුමන්ලා ඇතුලු හැමෝම තම තමන්ගේ රාජකාරිය හරියට කරපු දවසට ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය වෙයි
වැඩේ හොදයි, ප්‍රශ්නය තියෙන්නේ මේ බස් එක පාරට ලොකු වැඩියි වගේ. ඕවර්ටේක් කරන අය පරිස්සමෙන්
දැනටම රු. 20.00 ක් වැඩි වෙලානෙ..... කලින් රු. 380.00 යි. දැන් රු. 400.00 යි. ජනවාරි මාසෙ වෙනකොට තව වැඩි වෙයිද...???
මම කැමති නෑ මේ ඉන්දියන් බස් වලට ඒවායේ සැප පහසුකම් මදියි. ඇයි බැරිද ජපානයෙන් හෝ කොරියාවෙන් බස් ගේන්න
නියමයි සමහරුන්ට මේවා බලන් ඉන්න බැ. ඉරිසියා කාරයෝ
නියමයි දැන් රූං කියලා යන්න පුලුවන්. නමුත් ගාන පොඩ්ඩක් සැරයි නේද?
කෝ සීට් බෙල්ට්?
ඕක කොට්ටාවෙන් නැතිව කොළඹ ඉදන්ම පටන් ගත්තොත් කාටත් ප්‍රයෝජනයි නේද?
නියමයි
නියමයි