රූකා, ලේඛා, රයිනි සහ වින්ඞ් ආයෙත් ලංකාවට ඇවිත්. රූකාගේ අලූත්ම ගීත එකතුව එළිදැක්වීම වෙනුවෙන් සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමටයි. එය පැවැත්වෙන්නේ, මෙම 11 වෙනිදා රාත‍්‍රි 7 ට සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදීයි. ආදරණීය රූකා හෙවත් රූකාන්ත ඇතුළු රූ පවුලේ සියලූදෙනා එක්ව කරන ප‍්‍රසංගයක් නැරඹීමේ නොතිත් ආසාවෙන් සිටින සංගීත රසකාමීන්ට මෙය සතුටටම කරුණක් විය හැකිය. රූකාන්ත - චන්ද්‍රලේඛා, රයිනි සහ වින්ඩි වායස කරන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරය.
ගීත ප‍්‍රසංගය 11 වෙනිදා සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී..
එහි සිට කරන කියන සියල්ල ගැන මුලින්ම විස්තර අප විමසුවේ චන්ද්‍රලේඛා ගෙනි. අවුරුද්දකට ඉස්සෙල්ලා අපි ලංකාවට ආවා. නමුත් ප‍්‍රසංගයක් කරන්නෙ 2009 න් පස්සෙයි. එහිදීත් ප‍්‍රසංග සහ සංගීත කටයුතුවල තමයි නිරතවෙලා ඉන්නෙ. පසුගිය කාලයේදී යුරෝපයේදී ප‍්‍රසංග කීපයක් කළා. ඊට පස්සෙ දෝහා කටාර්වලදීත් ප‍්‍රසංග කීපයක් කළා. ඒ විදියට අපේ සංගීත කටයුතුවලට අමතරව දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසෙනවා. නිව්යෝර්ක් ගෙවන ජීවිතය මොන වගේද? ගොඩක් සුවදායකයි. නමුත් ඉතින් අධික වියදම්. මොකද ඇමෙරිකාවේ වියදම් අතින් ඉහළම තැන නිව්යෝර්ක් නගරයයි. නමුත් අපි මුලින්ම ගිහින් අපට හුරුවුනේ එතැන. ඒ නිසා නිව්යෝර්ක් දාල යන්න අමාරුයි වගේ. කොහොමද දවස ගෙවෙන්නෙ? උදේ අවදිවුනාම වින්ඩි පාසල් යවන්න ලෑස්ති කරවනවා. රූකාන්ත තමයි එයා එක්කගෙන යන්නෙ. රයිනිට එයාගේ උසස් අධ්‍යාපනය සඳහා වෙනත් ප‍්‍රාන්තයකට යන්න වෙනවා. ඒ නිසා එයා එහේ නේවාසිකව නතර වෙලා ඉන්නෙ. සති අන්තයේ එයා නිව්යෝර්ක් එනවා. උදේ වැඩ කටයුතු හමාර කළාට පස්සෙ මම ඉතිං ගෙදර වැඩ කරනවා. මෙහේ තියෙන සැම දෙයක්ම ඒෂියන් ෆුඞ් මාකට් එකෙන් ගන්න පුළුවනි. කරවිල, මඤ්ඤොක්කා පවා ඒ මාකට් එකේ තියෙනවා. ඉතින් ලංකාවේ විදියටම අපි කෑම පිළියෙළ කර ගන්නවා. ලංකාවේ ආධ්‍යාත්මය එක්ක මානසික හා ශාරීරිකව සුවයෙන් එහි සිට කාලය ගත කරමින් සිටිනවා. අපි හිටපු ගමන් නිව්යෝර්ක් නගරයේ හැඩ බලන්න යනවා. එය එක දවසකින් ගිහින් නිම කරන්න බැහැ. දුවලා දෙන්නගෙ විස්තර මොනවද? ලොකු දුව රයිනි ඩෙලවෙයාර් ස්ටේට් යුනිවර්සිටි එකේ උසස් අධ්‍යාපනය හදාරනවා. ගුවන් නියමුවරියක වීම ඇයගේ අපේක්ෂාව නිසා ඒ අංශයෙන් ඉගෙන ගන්නෙ. වින්ඩි නිව්යෝර්ක් සැට්න් අයිලන්ඞ්වල සුසෑන වැග්නර් උසස් පාසලේ ඉගෙනුම ලබන සිසුවියක්. වින්ඩිගෙ අරමුණ චර්ම රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරියක වීමයි. ලේඛා සිය පවුල ගැන ඒ විස්තර කියාගෙන යද්දී ඊළඟට අප යොමුවුණේ රූකා දෙසටයි. ලංකාවෙන් ඈත්වෙලා එහි ගෙවන ජීවිතය ගැන මුලින්ම ඔහු සඳහන් කළේ මේ විදියටයි. ”අවංකවම ඉතිං මම කැමති ලංකාවේ ජීවිතේ ගත කරන්න. ඒත් ඉතිං දෙමාපියන් ලෙස අපට වගකීමක් තියෙනවා. දරුවන්ගෙ අධ්‍යාපනය ගැන බලන්න. ඒ වගේම පවුලක් හැටියට අපි එකට සිටිය යුතු කාලයේදී ඊට අවංක වෙන්න ඕනෑ. නැත්නම් අප කරන දේවල් අර්ථවත් වෙන්නෙ නැහැ.” ඇයි ඔබ දෙදෙනා වගේ දුලා දෙන්නත් කලා ලෝකයේ තරු දෙකක් වෙනවට අකමැතිද? ”අපෝ මම හරිම ආසයි. අවංකවම කැමතියි. තරු නොවෙන්න අරමුණක් ඔවුනට නැහැ. ඔවුන් කැමතියි. ඒත් ශ්‍රී ලංකාවේ විතරක් නොවෙයි, මුළු ලෝකයේම අද ප‍්‍රවනතාවය වෙලා තියෙන්නෙ අධ්‍යාපනය සමග වෙනත් වෘත්තියක නියැලෙන අතරේ කලාව කිරීමයි. ලෝක ප‍්‍රකට තරු පවා තමුනට පෑහෙන ව්‍යාපාර හෝ කරගෙන යනවා.” රූකා කොහොම වුනත් ඇමරිකාව කියන්නෙ හරි වේගවත් සමාජ වපසරියක් ඇති රටක්. ලංකාව වගේ සංස්කෘතික බැඳීම් සමග ජීවත්වූ ඔබගේ දියණියන්ට ඒ ඇමරිකානු පරිසරය ගැලපෙනවද? ”ඒක එච්චර ප‍්‍රශ්නයක් වුනේ නෑ. කුඩා කාලයේ ඉඳලාම, පවුලට ලැදිව, සමාජයට ලැදිව සිටින විදිය දරුවන්ට පුරුදු කළොත් එය ප‍්‍රශ්නයක් වෙන්නෙ නැහැ. නමුත් සීමාව ගැන වටහාදීම වැදගත්. මම හිතන්නෙ මේ දෙන්නා ඒ සියල්ල වටහාගෙන තමයි කටයුතු කරන්නෙ. කුඩ කල සිටම දරුවන් දැනුවත් කිරීම දෙමාපියන් සතු ප‍්‍රධාන වගකීමයි. එවිට එයාලා සීමාව වටහා ගන්නවා. ඇයි මේ දෙන්නට රයිනි සහ වින්ඩි කියන නම් යෙදුවේ? ඒකට විශේෂත්වයක් තියෙනවද කියලත් කියන්න. ”රයිනි කියලා ලොකු දුවට නම දැම්මෙ ”වැස්ස” කියන අරුත හඟවන්නයි. රේන් කියන අදහසට රේනි කියනවාට වඩා නව තාලයට ගැලපෙන විදියට යොදාගත්තා. ඔන්න ඉතිං ඊළඟටත් දුවෙක් ඒවි කියලා ලේඛායි මමයි හිතුවෙ නැහැ. ඊළඟටත් දුවෙක් ආව නිසා වින්ඩි කියලා නම දැම්මා. වින්ඞ් කියන්නෙ සුළඟටනෙ. ඉතිං ඒක මොඩර්න් කරලා වින්ඩි කියලා නම දැම්මා. දැන් ඉතින් ”වැස්සයි x සුළඟයි” අතරට අපි දෙන්නා මැදිවෙලා.” ”රූකා තම දියණියන් දෙස බලමින් හිනාවෙවි එහෙම කිව්වා. රූකා මනකාන්ත රුකක් නම් ඒ රුක එළිය කරන චන්ද්‍රලෝකය වන්නේ චන්ද්‍රලේඛායි. ඒ දෙන්නට සිසිල දෙන්නෙ මේ වැස්සයි සුළඟයි තමයි. දුවලා දෙන්නෙක් වුනාට පුතාලා දෙන්නෙක් හදනවට වඩා අමාරු බව රූකා කිව්වා. මව් කුස සිටියදීම ප‍්‍රසංගවලට එයාලත් දායකවීම මේ දැඟලිල්ලට හේතුව හැටියට රූකා සඳහන් කළා. කොහොම වුනත් මේ දෙන්නගෙන් රයිනි වැස්ස වගේම ඉක්මනට කඳුළු පුරවා ගත්තත්, වින්ඩි සුළඟ වගේම එඩිතරව සියල්ලට පසුනොබා ජීවත්වන චරිතයක් බවත් රූකා තම දියණියන්ගෙ ස්වභාවය ගැන සඳහන් කරමින් කිව්වා. මේ සියල්ල අතරේ ඇමරිකාවෙදි පසුගියදා මුහුණදුන් අනතුර ගැනත් රූකා අපට විස්තර කළා. ” ඇත්තටම එය අපේ වරදින් වෙච්ච අනතුරක් නොවෙයි. අපි දෙන්නා පදවාගෙන ගියේ සුරේෂ් කියන යාළුවට අයත් රථයක්. පිටුපසින් ආ රථය අපේ රථයේ ගැටී, අපේ රථය ඉදිරිපස රථයේ ගැටුණා. වා බැලූන ක්ෂණිකව ක‍්‍රියාත්මක වුණා. වාසනාවකට අපට ලොකු තුවාල නැතත්, අභ්‍යන්තර පරීක්ෂා කිරීම් සඳහා රෝහල් යන්න වුණා. මේ විදියට රූකා ලේඛා රයිනි සහ වින්ඩිගේ හමුවට සමුදෙන්න කාලය ඇවිත්, මොකද 11 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන මේ ප‍්‍රසංගයේදී නව ගී සමග ගීත 30 ක් විතර ගයාවි. ඒ වගේම හතරදෙනාම තනි තනි වශයෙන් ගීතත් ගයාවි. සුරේෂ් මාලියද්ද ප‍්‍රමුඛ පිරිස සංගීතය සපයාවි. ඒ ප‍්‍රසංගය නැරඹීමට සූදානම් වන්න කියන ආරාධනය සමග මනරම් රූකා සහ සඳලේඛා මෙන්ම වැස්ස සහ සුළඟ වෙතින් නික්මෙන්නට අවසරයි.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෑකාන්ත කියන්නේ මගේ ඉතාමත්ම කැමති ගායකයෙක්.. (නු)
කියක් හරි හොයා ගන්න එන්න ඇති ...ඇමරිකාවෙත් වියදම සැරයි නේ .... (දී)
නියමෙට තියෙයි (දී)
මෙහෙත් ලස්සන ප්‍රසංගයක් තිබුණා. නමුත් ජාතික ගීයවත් නොකියා යන්න ගියා. එනමුත් දක්ෂයකු නිසා සුභ පතනවා ! (නි)
ලංකාවේ අයට ඔන්න ඔතන තමයි වැරදෙන්නේ. කවදාවත් තමන්ගේ රට අමතක කරන්න හොද නැහැ. (නි)
අපෙන් සුභ පැතුම්! (නි)
ලස්සන දූවරුන් දෙදෙනකු සිටින ඔබ දෙපළ වාසනාවන්තයි. (නි)
බොරු ආඩම්බරය නැත්නම් අනෙක් ඔක්කොම හොදයි. (නි)
විශේෂත්වයක් නැහැ.. ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට දොරවල් විවෘතයි...!!(නු)
දෙන්නගේ දැන්නම් වයස පේනව නේ...(ස)
රුකා සහ ලේඛා ?(ස)
මේවා දැක්කම අනිත්‍ය මෙනෙහි වෙනවා..(ස)
ජයවේවා රුකා අයියේ (දී)
ඉතාම හොද ගායකයෙක්..!!(නු)
මමත් ආසම ගායකයෙක්.. නියම දක්ෂයෙක්.. දේශපාලනය නම් කලාවට ගාවගන්න එපා..!!(නු)
මේ සුසංයෝගය දිගුකල් දිනේවා...!!(නු)
නින්ද ගියහම බොහොම හොදයිලු. (නි)
මම ආසම ගායකයෙක්. දිගුකල් දිනේවා! (නි)
දෙවීයන් වහන්සේගේ නාමයට නීන්දා කරන එකනම් වැරදියි. (නි)
ඔබට ජය වේවා! (නි)
ඕකත් ඇමෙරිකාවෙදිම විකුණා ගත්තා නම් ඉවරනේ. (නි)
ආයෙත් කොණ්ඩය කපයිද දන්නේ නැහැ නේද? (නි)
රූ සහ ලේඛා, ඔබට සුභ පැතුම්! (නි)
මෙයාලගේ දියණියත් ගායිකාවක් නේද?(නු)
සන්තෝසයි
මගේ ජීව්තයේ මම ආසම කරන ගායකයා සංගීතඥයා ඔබලාට ලස්සනට ප්‍රසංගය කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා!!!! (ත)
සුභපැතුම්. (ත)
සුභපැතුම්. (ත)
එයට මම කැමතියි. (ත)
අප සැමගේ සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! දේශපාලනය නම් ගාවා ගන්න එපා. (නි)
පොඩි දැරිය නම් ලස්සනයි. (නි)
මම නොමැරී හිටියොත් මම මේකට යනවා !!!!!!!! (දී)
ලංකාවේ සංගීතයට අලුත් දෙයක් එක්කරපු දක්ෂ ගායකයෙක්.සුභ පතනවා ඔබට සහ පවුලට.(වි)
කම්මැලි නැතිව ප්‍රසංගය බලන්න හිතෙන ලංකාවේ එකම ගායකයා . ගියපාර වගේ ලස්සන දෙයක් කරයි . (දී)
ඔබලාගේ පවුලේ සමගිය පිළිබදව මම සියල්ලන්ටම වැඩියෙන් සතුටු වෙනවා. (නි)
අහිංසක කුරුලු පවුලක්. (නි)
රයිනි කියන්නේ පුදුම විදියට නිහතමානී ළමයෙක් හරියටම රූකාන්ත චන්ද්‍රලේකා යුවල වගේම තමයි. ඉතාම නුදුරු දිනක ඔස්ට්‍රලියාවේදී රූකාන්ත ඇතුළු මුළු පවුලම සහභාගී වන ප්‍රසංගයක් දැක ගන්න ලැබෙයි කියා බලා පොරොත්තු වෙනවා. මේ ප්‍රසංගයට හදවතින්ම සුබ පතනවා. (දී)
රූකාන්ත කියන්නේ අපුරු චරිතයක් වගේම බොහොම නිහතමානි චරිතයක්. මගේ ජීවිත කාලෙට එකම එක සෑරයක් ඔවුන්ට සංගීතය සපයලා තියෙනවා ඒ වෙනකොට මට වයස 18යි. මොහු කොතරම් නිහතමානිද කියනවා නම් ගීත 5ක් ගායනා කළා අපේ කුඩා සංගීත කණ්ඩායම සමග. (නි)
හරිම වාසනාවන්ත පවුලක්. සුභ පතනවා සියල්ලන්ටම. (නි)
ගොඩක් සතුටුයි. (නි)
සුභ පැතුම්!(නු)
වස්දොස් යන්නත් එක්ක නරකද භාරයක් වුණොත්? (නි)
මොහු සමග සසදනකොට දැං බිහිවෙන්නෙ ගායකයොද කියලාත් හිතෙනවා...!!(නු)
ඔබට දීර්ඝායුෂ ලැබේවා. (අ)
මෙයා හරි ආඩම්බරයිනෙ..!!(නු)
සුභපතනවා ඔබට (දී)
මොනවා උනත් රූකන්ත මහත්තයා හොද අවංක නිහත මානී මනුස්සයා, චන්ද්‍රලේකා අක්කත් එහෙම ඇති., ඒත් ඔය අනිත් උදවියගෙ ගැන නම් මට කිසිම අදහසක් නැහැ..! මොනව උනත් බොහොම ලස්ස්න නිර්මාණ කීපයක්ම ලංකාවට දයාද කලා කියලනම් මතකයි..මොනව උනත් ලංකාවෙ මනුස්සයොනේ, සුභ පතනවා... (දී)