බේරුවල මාගල්කන්ද රොක්ලන්ඩි හංදියේ දුමිරිය බස්රිය ගැටුමෙන් විසිහත් දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් සිව් දෙනෙකු බර පතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බව එහි සිටි පොලිස් නිලධරයෙක් කීය.
අහුවුනු, අහුවුනු වාහන වලින් තුවාල කරුවන් බේරුවලටත් නාගොඩටත් යැවූ බවද කීය.
නාගොඩ රෝහලට ගිලන් රථ වලින් සහ වෙනත් වාහන වලින් 10 යකට වැඩි පිරිසක් ගෙන ආ බවත් තවත් තුවාලකරුවන් ගෙනෙන බවත් වෙද්‍යවරුන් පැවසූ බව එහි සිටින අප වාර්ථාකරුවෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරන් වාහනයට ගොඩ වෙන හැම අවස්ථාවදීම සිතිය යුතුයි තමන් මේ සුක්කානම අල්ලන්නේ ජීවිතයේ පළමු වතාවට කියලා . (නි)
මේ රියදුරාටත් මරණ දඬුවම දෙන්න. කලින් බස් රියදුරාට දුන්නා වගේ. රියදුරු වග කියන්න ඕනෑ අහිංසක පවුල් වලට. (නි)
මැදපෙරදිග රටවල වැඩ කරන ආසියානු රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබා ජාත්‍යන්තර බලපත්‍රයක් ගන්න ඕනෑ. හැබැයි බටහිර අයට මැදපෙරදිග දී තමන්ගේ රටේ බලපත්‍රය තිබුනම ඇති. එහෙම වෙන්නේ අපේ රටවල රියදුරන්ගේ එලවිල්ල ගැන ලෝකෙම දන්නා නිසා. (නි)
රුපා, ඕකට කියන්නේ හිස්ටිරියාව කියලා. (නි)
දියුණු රටවල් වල මදක් ගෙවිච්ච වාහනයක් නගරෙකට ඇතුල් වුනොත් දඩ ගහනවා. නගරේ අවලස්සන වෙනවා කියලා. අපට එහෙම නීති නැතත් දියුණු රටවල වගේ මේවට සමුහ මිනීමැරුම් චෝදනා රියදුරාට එල්ල කරන්න පුළුවන් නීතියක්වත් හදාගන්න බැරිද. (නි)
දැන් මේවගේ මාරාන්තික අනතුරු වෙච්ච හැම වෙලාවකම ඇමතිලා යනවා. බැහැයි හැබැවටම ශෝක වෙනවා නම් මේවා නවතන්න මොනවාහරි කරන්නත් ඕනෑ. (නි)
දැන් අනතුරු කීයකට සහබාගි වුණාද? දැන්වත් ගේට්ටු ටිකක් සවි කරන්න. රියදුරු විනය හදන්න. දඩුවම් වැඩි කරන්න. නඩු ඉක්මන් කරන්න. (නි)
දියුණු රටවල මඩ ගෑවුණු වාහනයක්වත් නගරයකට ඇතුල් කරන්න දෙන්නේ නෑ නගරේ අවලස්සන වෙනවා කියලා. (නි)
කෝ අර බුදුසරණයි,දෙවි පිහිටයි,මාෂා අල්ලා,ජේසු පිහිටයි කියා කියා ගහගත්තු බෝඩ්. ඒක ගහ ගත්තම ඒ ආනුභාවයෙන් සියල්ල සාර්ථක වෙනවා කියල විශ්වාස කරන අයට බලපත්‍ර දීපු අයටයි ගහන්න ඕනෑ. (නි)
මේ වගේ දෙයකට ශෝක ප්‍රකාශයක්වත් නැහැ. ලොක්කෝ අපව ඕනෑ විදියට හුරා කන්න ඇරලා. හැබැයි අහන්න ඕනෑ පුරාජේරු. සුද්දන්ට බනින බැනුම්. මේකත් ජාතියන්තර කුමන්ත්‍රණයක්ද.... (නි)
රට දියුණු කරන්න කලින් ලංකාවේ දුම්රිය හරස් මාර්ග වලට දුම්රිය ගේට්ටු දාන්න. (නි)
අපිට ආශ්චර්යයට යන්න වෙන්නේ රෝද පුටුවල තමයි. (නි)
අන්න අපේ බස් මහත්තයාත් විදුලි බිල වැඩි වුණ හින්දා උද්ඝෝෂණයක් ලැහැත්ති කරලාලු. (නි)
අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ බම්බු ගහන්න කියලා.(නදී)
රටේ සාමාන්‍ය මිනිස්සු තව දාහක් මැරුනත් කාටවත් ඇස් ඇරෙන්නෙ නැහැ. එක ඇමතියෙක් කවදහරි මැරුනොත් නම් ඔක්කොගෙම රෙඇස් ඇරෙයි. මොනව වුණත් ප්‍රේමදාස මහත්තයා වගේ කෙනෙක් නැති අඩුව කොපමනද කියලා පේනවද? (නි)
නිමල්, සුපුන්, සත්‍ය එයම නොවේ. ඔයාලා කියනවා වගේ වාහන කොපමණවත් යනවා. නමුත් එය සියලු ප්‍රමිතියට සුදුසු ආකාරයට ධාවනයේ යෙදෙනවා. එලෙසම කහ ඉරේ දී නොවුනත් මගියෙක් නීති විරෝධීව හරි පාර හරහා මාරු වෙනවා දුටුවොත් මගියා අනෙක් පසට යනතුරු වාහනය අඩියක් වත් ඉදිරියට යන්න බැහැ. එම නීතිය කඩනවා පොලිසිය දුටුවොත් දෙයියන්ගෙම පිහිටයි රියදුරාට. අපිටත් මේ වගේ නීති ඕනෑ. (නි)
සංස්කෘතියෙන් අපි හරි උසස්ලු.හැබැයි වාහන එලවද්දී අනෙකාට ගරු කිරීම, මහල්ලන්, කාන්තාවන්, දරුවන් ගැන විහේෂ සැලකීමක් දැක්වීම, අනෙක් වාහන වලට නීතිගරුක වීම නැහැ. පුරාජේරු තමා තියෙන්නේ හැම තැනම. (නි)
ජපානෙත් තියෙන්නේ උණ බම්බු ගේට්ටු තමයි. (නි)
පවු අහිංසක ජීවිත! (නි)
දිවන්ගත ජනපති ගරු ප්‍රේමදාස මැතිතුමාව මතක් වුණා මට. (නි)
හැමදාම කැඩෙන විදුලි බලාගාර, නැව් නැති වරායවල්, අහස් යානා නැති ගුවන්තොටුපල් වලට බිලියන ගණන් වියදම් කරන රටේ රේල් ගේට්ටු ටික දාන්න බැරි එකත් ආශ්චර්යක්ම තමයි (නි)
යශෝධා, මිනිස්සුන්ව රෝහල් වලට ගෙනියන එක ගැන කතා කරන්න කලින්, අපි ටිකක් අනතුරු වලක්වා ගන්නේ කොහොමද කියලා කල්පනා කරමුද? (නි)
කාට හරි කොන්ත්‍රා එකක් එක්ක ලොකු සල්ලි කුට්ටියක් එනවානම් පොරකකා කරයි. අනේ මෙහෙමත් රටක්..! (නි)
හැමදාම මිලියන ගණන් විදයම් කරලා ගොඩනැගිලි විවෘත කරනවා. රට පුරාම ගේට්ටු නැති දුම්රිය පාරවල් අනතුරු වලින් මරන කෙලවරක් නැහැ. (ස)
ඕමාන වල නීතියක් තියෙනවා අවලස්සන මඩ ගෑවුනු වාහනයක් නගරයකට ඇතුල් වීමේදී රියල් 10 (රුපියල් 4000 කිට්ටු) දඩයක් ගහනවා. (නි)
දුම්රිය හරස් පාරකින් යනකොට හැම රියදුරෙක්ම වාහනය නවතා පාර දෙපස බලා ධාවනය කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. (නි)
අපි ඕකනේ ලංකාවට එන්න බය. තවමත් බැරි වුණා රිය අනතුරු වලක්වා ගන්න. වටිනා ජීවිත යකඩ ගොඩවල් වලට බිලි වෙනවා. (නි)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
ආණ්ඩුව දන්න බම්බුවක් නෑ, තව කොහෙද උණබම්බු දාන්නේ. රටේ ජනතාවටනම් දැන් උණ ගැනිලා ඉන්නේ විදුලි බිල ගැනම හිතලා.(නදී)
මේ ඔක්කොම බීමෙන් වෙන දේවල්, මට ආරංචි වෙන විදියට (නි)
මෙවැනි අනතුරු වලක්වන්න රොක්ලන්ඩ් අරක්කු පමණක් රියදුරන්ට අනුමත කරන්න. (නි)
මහේෂ්, ඔය හිස්ටීරියා බැක්ටීරියා මොන විකාරද ඔයා කතා කරන්නේ. අපිට අවශ්‍ය නිකන් සාමාන්‍ය උණ බම්බු ටිකක් (නි)
තව හයියෙන් යන්න නීති ගෙනෙන්න නේද හදන්නේ? හැබැයි හයියෙන් ගියා නම් හැපෙන එකක් නැහැ. (නි)
මේක පළවෙනි පාර නොමයි. එතනට දුම්රිය හරස් මාර්ග ගේට්ටුවක් දාන්න ඕනේ.(නදී)
මග මරුවා ප්‍රවාහන සේවය කියලා ඔය බස් වල බෝඩ් ගහන්න තියෙන්නේ.(නදී)
ජනාදිපති තුමෝ දැන්වත් උන බම්බු ගේට්ටු හරි දාලා මේක නවත්වන්න. (නදී)
දැන්වත් ඔතනට උන බම්බු ගේට්ටුවක් දාලා අනතුරු වලක්වන්න කටයුතු කරන්න. පේමදාස මැතිතුමාගේ චින්තනයක් උනාට ලජ්ජා වෙන්න එපා. (නදී)
ප්‍රේමදාස මහත්තය එක දවසෙන් මේ ප්‍රශ්නෙට උත්තරය දුන්නා. උනබම්බු ගේට්ටු. කොහෙද මේ ගොල්ල ඒවා නවත්තලා දැම්මා. දැන් පෙනෙනවානේ, කීදෙනෙක් මැරුණද පහුගිය කාලේ. දැන්වත් ඔය උනබම්බු ටිකක් හොයලා සමුර්ධි කාරයෝ කීප දෙනෙක් පත් කරන්න මේ ගේට්ටු බලාගන්න.(නදී)
ගේට්ටු ටිකක් දාන්න බැරි මෙහෙමත් ආණ්ඩුවක්. ඇමති කෙනෙක් මේ වගේම මැරෙනකම් මේ ප්‍රශ්නේ කවදාවත් ඉවර වෙන්නේ නැහැ.(නදී)
දුම්රිය අනතුරුවලදී සම්පුර්ණායෙන්ම වග කියන්න ඕනේ නේ දුම්රිය රියදුරන්. අලි, මුවෝ, ගෝනුන්, වල් හරක්, පනින, ඉස්ථානවල මාර්ග සංචා, රූප රාමු සහිතව සවි කර තියෙන්නේ ඒ අවස්ථාවලදී හෙමින් යන්න. දුම්රිය හරස් පාරවල උනබම්බු නොති බුණත් සංඥා බලා හෙමින් ධාවනය කලා නම් මෙවෙනි අනතුරු සිදු වන්නේම නැහැ. අලව්වේ අනතුරට බස් රියදුරා, කොන්දොස්තර එල්ලුම් ගහට නියම කලා වගේ,දුම්රිය රියදුරාටත් ඒ දඩුවම දිය යුතුයි.(නදී)
ප්‍රවාහන ඇමති තුමත් ඔය කිට්ටුව නේද ඉන්නේ? දැන්වත් මේ ප්‍රශ්නයට විසදුමක් දෙන්න. (ස)
ඊ ළඟ කැබිනට් සංශෝදනයේදී උණ බම්බු ඇමති කෙනෙක් පත් කරනු ඇත. රෝහල් ඇමති තනතුර බෙහෙත් නැති නිසාත් අනතුරු අඩු නිසාත් තාවකාලිකව අවලංගු කරනු ඇත. (නදී)
ගාමිණී,එතකොට ඔයා කියන්නේ දුම්රිය හරස් පාරවලට( බස් රියදුරගේ මුණක් දාලා ) මාර්ග සංඥා,රූප රාමුවක් සවිකරන්න කියලද ? (නි)
තරු හෝටල් හදනවට වැඩිය ගොඩාක් ප්‍රයෝජනවත් මේ වගේ අන්තරාදායක ප්‍රශ්නයකට විසඳුම් ලබා දෙනවා නම්. (නි)
දුම්රිය හරස් මාර්ග ගේට්ටු ඇමති කෙනෙක් වහා පත් කරනු! (නි)
මේවට වගකිවුත්තෝ වහා අස්වෙනු! වහාම දැඩි පියවර ගන්න. අපිටත් නිතිය ක්‍රියාත්මක වෙන හැටි බලන්න ඕනෑ. (නි)
උණ බම්බු තියා මොනවා කරන්නවත් සල්ලි නැතුව ඉන්නේ දැන්. (නි)
හරිම ෂෝක්නේ ගාමිණීගේ දැනුම. ගාමිණි, ඔයා වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැද්ද? (නි)
කට කැඩෙනකම් කිව්වත් කවුරුත් ඇහුංකම් දුන් නෑ. විනයක් නැති රියදුරෝ. වේග සීමා නෑ... නීති නෑ.... ලයිසන් නෑ..... ඉතිං විනයක් නෑ.(නදී)
මේ මැරෙන්නේ, තුවාල ලබන්නේ සාමාන්‍ය මිනිස්සුනේ. හැම පක්ෂයකම දේශපාලක උතුමන්ලා වැඩි දෙනෙක් යන්නේ උඩින්නේ. පාරේ යනවා නම් ආරක්ෂාව පිරිවරාගෙනනේ. ඒක නිසා කමක් නැහැ මේක අපේ කරුමය කියලා හිතාගමු. (නි)
අපේ රටේ මිනිසුනගේ මානුෂික බව පෙන්වන තවත් අවස්ථාවක්. හදිස්සියකදී, අනතුරකදී තමන්ගේ වැඩකටයුතු අතහැර දමා තුවාලකරුවන් රෝහලට රැගෙන යාමට ඉදිරිපත් වෙනවා. ඒත් අසල්වැසි ඉන්දියාවේ තුවාලකරු රැගෙන යාමට කිසිවෙක් ඉදිරිපත් නොවීම නිසා තුවාලකරු මියගිය අවස්ථා රැසක්ම වාර්තා වුණා. මේ කරදරයේදී උපකාර කළ සියලුම අයට උපහාර කරමි. තම වාහනය අපවිත්‍ර වීම ගැනවත් නොසිතා රෝගීන් රෝහලට ගෙනගිය සියලුම දෙනා සිදුකර ඇත්තේ විශාල සේවයකි. (නි)
මේ අවුරුද්දෙ රථ වාහන අනතුරු වැඩියි කියලා තියෙනවා. පරෙස්සමෙන් රිය පදවන්න. (නි)
රටේ ක්‍රමය වී තිබෙන්නේ අනතුරක් වුණාට පසු පිස්සු බල්ලන් වගේ පිළියම් යොදනවා මිස අනතුරක් වෙන්න තිබෙන අවස්ථා වළක්වා ගැනීම නොවේ. මම කැමතියි යෝජනාවක් මේ සඳහා දෙන්න. බටහිර රටවල ජනතාව මාර්ග නීති පිළිපදින හැටි, රියදුරන් මහා මාර්ගයේදී නීතියට හා ජනතාවට ගරු කරමින් වාහන පදවන ආකාරය රුපවාහිනිය ඔස්සේ පෙන්නා දෙන්න කියලා. (නි)
සඳරුවන් ඇමරිකාවෙත් මෙහෙමද? (නි)
යශෝධා කියන්න හදන්නේ අපි උතුම් කියලද? ඇයි දෙයියනේ මේ පුරාජේරු මානසිකත්වේ! ඕකනේ මනුස්සකම කියන්නේ. අපේ අය උදවුවට ඇවිත් සුද්ද කරපු වෙලාවල් නැද්ද? මේවා පුරාජේරු කියන්න දේවල්ද? (නි)
ගාමිණි, දුම්රිය කියන්නේ ගොඩබිම ධාවනය වන විශාලම වාහනය. එහෙම වාහනයක් ත්‍රීරෝද රථයක මට්ටමින් හිතන්න එපා. ඔබට ඒ ගැන අවබෝධයක් නැත්නම් දන්නා කෙනෙක් ගෙන් අසා දැනගෙන ඉන් පසුව අදහස් දාන්න. මෙවැනි අනතුරු වලට 98% වගකිව යුත්තේ එම වාහන රියදුරන්. (නි)
වාහනය එලවන්න පෙර දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලනවාට වඩා මම මේ වාහනය මාර්ග නීති වලට හා ජීවිත වලට කිසිදු හානියක් නොකරමින් ගමනාන්තය නිම වන තුරු හසුරවමි කියා හිතින් හිතාගෙන පදවන්න. තමන්ගේ හිත දෙවියන්ටත් වඩා බලවත්.අනතුරක් දෙවියන්ට වලකන්න බැහැ. එය පුළුවන් ඔබටම පමණි. (නි)
බලපත්‍ර තහනම් කරන්න ඕනෑ. (නි)
මහේෂ්වරන්, නුඹට නොපෙනුනාට අපට නම් පෙනෙනවා. ඇත්ත. පරංගින්ට ජාතක වුණූ කොට්ඨාශයකුත් අපේ රටේ ඉන්නවා. (නි)
ලංකාවේ සෑම පැය 4 වරක් රිය අනතුරකින් මනුස්සයෙක් මිය යනවා කියලා ඔයාලා දන්නවද? මේවා පොලිසියේ වාර්තා. සෑම විනාඩි 20 වරක් කොහේ හෝ අනතුරක් වෙනවා. (නි)
ලෝකේ දියුණු රටවල් වාහන බදු වැඩි කරලා පාරට එන වාහන ප්‍රමාණය අඩු කරන්නේ නැහැ. කරන්නේ රියදුරු බලපත්‍ර දෙන ක්‍රමේ අතිශයින් අමාරු කරලා රියදුරෝ අඩු කරන එක. අපේ අයගේ බටහිර විරෝධීකමයි අදායම අඩුවෙන නිසයි මේවා බටහිර රටවලින් ගන්න කැමති නැහැ. (නි)
දියුණු රටවල පාරවල් වල වාහන හසුරුවන්නේ රේඩාර් වලින්. පාරේ පොලිසිය නැහැ. දඩ ගහන්නේ අවුරුද්ද අන්තිමේට බලපත්‍ර අලුත් කරන්න ගිහාම. ඔය සන්දර්ශන වලට වියදම් කරන සල්ලි වලින් මේවා කරන්න පුළුවන්. නමුත් කරන්නේ නැහැ. මම දන්නේ නැහැ ඇයි කියලා. (නි)
කහ ඉර මත මිනිස්සු,ළමයි මැරිලා වැටෙන ලෝකේ එකම රට ලංකාව. (නි)
මට දුක රියැදුරු ඉතුරු වෙච්ච එක ගැන. (නි)