(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රේගු නිලධාරීන් පිරිසක් විදේශගතව සිටියදීද වැටුප් ලබාගෙන ඇතැයි අනාවරණය වූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ.
රේගු ප්‍රධාන කාර්යාලයේ ඇඟිලි සලකුණු භාවිතා කිරීමට ඇඟිලි සළකුණු යන්ත්‍රය සවි කර තිබුණද එය පූර්ණ වශයෙන් සක්‍රීය තත්ත්වයේ නොපවතින බව එම කමිටුව අනාවරණය කරගෙන ඇත.
ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය කොවිඩ් වසංගත තත්ත්වය නිසා ප්‍රමාද වූ බව රේගුවේ ප්‍රධානීන් කෝපා කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් රේගු නිලධාරීන් කාර්යාල ගත ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස වර්ගීකරණය කර ඇති හෙයින් රාජකාරි ස්වභාවය අනුව ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමේ අපහසුතාවක් පවතින බවද එම ප්‍රධානින් කමිටුව හමුවේ වැඩිදුරටත් පවසා ඇත .
ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම ප්‍රායෝගිකව අපහසු අංශ සහ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළ හැකි අංශ ඇතුළත් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන්නැයි කෝපා කමිටුව ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානින්ට උපදෙස් දී ඇත .
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය.
ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය ක්‍රමානුකූලව සිදු වෙනවාද යන්න අධීක්ෂණය කිරීමේ වගකීම රේගුවේ ඉහළ නිලධාරීන් සතුව පවතින බව කෝපා කමිටුවේ සාමාජිකයෝ මෙහිදී පැවැසූහ.
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි මහත්වරුන් වතිකා
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල අනිසි ලෙස භාවිත කරන ලදැයි සඳහන් චෝදනා විමර්ශන කිරීමට පත් කරනු ලැබූ ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන සඳහ
ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරිම සදහා වතුමුල්ල ප්‍රදේශයේ නිවෙසට ටී 56 ගිනි අවි දෙක රැගෙන ආ බව කියන සැකකරුවන් දෙදෙනකු හෙරොයින් සමග අද (25) අත්අඩං
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රේගු නිලධාරීන් පිරිසක් රට ඉදිද්දීත් පඩි අරගෙන
Aruna Saturday, 31 July 2021 09:50 AM
රේගු නම් ඉතින් අහන්න දෙයක් නැහැනේ...
කිරි පුතා Saturday, 31 July 2021 10:14 AM
ක්ෂේත්‍රයට යන කෙනා කාර්යාලයට ඇවිත්නේ යා යුත්තේ... දන්නා කාලයකම සිට කරන වංචා නිසා මේවා වෙනස් කිරීම හරිම අපහසුයි. නමුත් කළ යුතුමයි. නැත්නම් රට එක තැන..
aka Saturday, 31 July 2021 10:36 AM
විදේශගත වෙන්නේ රාජකාරියේ කොටසක් ලෙස නම් පඩි දෙනවා මම හිතන්නේ...!
රමණීSaturday, 31 July 2021 11:10 AM
ඔව්, රාජකාරිය සඳහා විදේශගත වෙනවා නම් වැටුප් ගෙවනවා. හැබැයි බැඳුම්කර කොන්දේසි යටතේ. ඒ වගේම තමයි ශිෂ්‍යත්ව මගින් පිටරට යන රජයේ සේවකයින්ට වැටුප් දෙනවා. දොස්තරලා, විශ්වවිද්‍යාල ආචාර්ය සහ ඉහළ තලවල ඉන්න අනධ්‍යන කාර්ය මණ්ඩල නිලධාරීන්, රජයේ බැංකු නිලධාරීන් ගොඩක් දෙනෙක් පිටරට ගිහින් නවතින්නේ ඔය ක්‍රමය යටතේ.
Perera Saturday, 31 July 2021 12:23 PM
ඕවා මොනවද... අර පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා මොන වැඩක් කළාටද පඩි ගන්නේ?
shanikaSaturday, 31 July 2021 12:55 PM
හැම එකකටම පාර්ලිමේන්තුවේ ඉන්න අයට විතරක් දොස් කියන්න එපා .වංචාව කොහේ උනත් එකයි .ඒක ලොකුද පොඩිද කියල වෙන් කරන්න බෑ
PereraSaturday, 31 July 2021 02:56 PM
රටේ දූෂණය වැඩි වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න අය දූෂිත නිසා... ඒ අය රටට ආදර්ශේ දෙන්නේ වැරැදි විදිහට...
නිරීක්ෂකයාSaturday, 31 July 2021 04:07 PM
මොනවා වුණත් පාර්ලිමේන්තුවේ සිටින අය ආදර්ශයක් වුණොත් පහළ අය ගැන කියන්න දෙයක් නෑ නේද?
හර්ෂණ මාපා කුලසේකර Saturday, 31 July 2021 12:45 PM
රාජකාරි සඳහා විදේශගත වන සියලුම අයට පඩි හිමි වේ...
Ruhunu Saturday, 31 July 2021 01:08 PM
රට ගියාට වැඩිය ගාණක් හොයන්න පුලුවන් මෙයාලට ලංකාවේ ඉඳන් ජරාව කෑවා නම්...!
සේනක~ඉතාලිය Saturday, 31 July 2021 01:26 PM
මෙහෙත් ඉන්නවා ගුරු හොරු,රාජ්‍යය සේවකයෝ.මාස් පතා රජයෙන් පඩි අරගෙන මෙහෙ පාටි ටයිමි කරනවා.ඒ අවශ්‍යය ලියකියවිලි අළුත් කරන්න විතරක් ලංකාවට ඇවිල්ලා යනවා.අවශ්‍යය නම් ලිපිනයත් එක්කම දෙන්නම්.
ajith priyankara Saturday, 31 July 2021 02:44 PM
රජයෙන් ලැබූ ශිෂ්‍යත්ව මත විදේශගතවන අයත්, රාජකාරි අවශ්‍යතා මතක විදේශගතවන අයත් සඳහා වැටුප් ගෙවනු ලැබේ. මේ බව දැනගෙනත් යම් යම් පුද්ගලයින් මෙවැනි වාර්තා පළ කරන්නේ රජයට සහ රාජ්‍ය නිලධාරීන්ට මඩ ගැසීම සඳහායි.
pradeepa Saturday, 31 July 2021 02:52 PM
අපේ රටේ අද හොරකම නීතිගත වෙලා. හැම කෙනාම පුළුවන් විදිහට හොරාකෑමේ යනවා... ඉහළම පුටුවල ඉඳලා කම්කරුවා දක්වා... මේ රට 2050දී කොහොම වෙයිද? ඉතියෝපියාව, සිම්බාබ්වේ, මැඩගස්කරය වගේ වෙනවා ශුවර්...
විපරමා Saturday, 31 July 2021 03:43 PM
නිකම් ඉඳන් පඩි ගන්න අය රාජ්‍ය සේවයේ ඕනෑතරම් ඉන්නවා. පගාවක්, සන්තෝෂමක්, ජරාවක් ලැබෙනවා නම් බලන්න එපැයි තියෙන උනන්දුව..?
අත් දැකීම්.Saturday, 31 July 2021 05:02 PM
කහ කොළයක් දික් කළොත් ඕනේ දෙයක්, එතකල් ගල් ඉබ්බන් වගේ ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ පරිපාලකයින් ඉන්නවා.. ඔවුන්ට ලේකම්ලාත් ඉන්නවා. තියෙන රාජකාරි ප්‍රමාණය, ගතයුතු කාලය ගැන කිසිම හොයා බැලීමක් නැහැ. රජයේ ආයතන බහුතරයකට අයැදුම් පත්‍රයක් එකක් දුන්නොත් එ්කට පිළිතුරු දෙන කාලය කියන්නේ නැහැ. මාස 6-7 අදිනවා. කෝවිඩ් කාලේ ගෙදර ඉඳලා පඩි ගන්නවා.. වැඩට එන දවසේත් වැඩක් කරන්නේ නැහැ. සේවකයින් වැඩ නැතිනම් ආයතනයේ ලොක්කාගෙන් ගේම ඉල්ලන්න. පගා දෙන්න යන්න එපා...
චාමර Saturday, 31 July 2021 08:14 PM
කණුවල ගසා වෙඩි තැබිය යුතුයි