IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රංගේ පක්ෂයෙන් දොට්ට,රංගෙගෙ තැන තලතාට?

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කර ඇත.

පාලිත රංගෙ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ ලිපියට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) අත්සන් තබා ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පාලිත රංගෙ බණ්ඩාර මහතා මහ ලේකම් ධුරයට අදාළ රාජකාරි හරියාකාරව සිදු නොකිරීම යන චෝදනාව මුල් කර ගනිමින් පක්ෂ නායකත්වය අදාළ තීරණය ගෙන ඇතැයි දැනගන්නට ඇත.

සමගි ජන බලවේගයෙන් ඉවත් වූ තලතා අතුකෝරල මහත්මිය එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයට පත් කරන ලෙස පක්ෂයේ බහුතර නිලධාරී පිරිසක් ඉල්ලීම් කර ඇතැයි ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මේ වන තෙක් තලතා අතුකෝරළ මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නැත.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාලිත රංගෙ බණ්ඩාර මහතාගෙන් විමසීමේදී ඔහු පැවැසුවේ ඒ සම්බන්ධව කිසිදු දැනුම් දීමක් තමාට මේ වන තෙක් ලැබී නැති බවයි.

" ලියුමක් ලැබුණොත් මං ඔයාට කියන්නම්"යැයි ද බණ්ඩාර මහතා පැවැසීය.

 



අදහස් (25)

රංගේ පක්ෂයෙන් දොට්ට,රංගෙගෙ තැන තලතාට?

DHARMATILEKE Thursday, 29 August 2024 10:50 PM

ලොකුම කුණුගොඩ අද තියෙන්නේ සිරිකොතේ...!

:       56       26

ප්‍රියා Friday, 30 August 2024 12:15 AM

සිරිකොත දොර කොඩ බක බක ගානා ...!

:       48       22

සුරෛන් Friday, 30 August 2024 12:48 AM

දැන්වත් රනිල් කියන්නේ වැඩ අරගෙන රොඩ්ඩක් වගේ පයින් පාගලා විසි කරන කළගුණ දන්නේ නැති පුද්ගලයෙක් කියලා පිළිගන්නවාද?

:       55       30

Prabha Friday, 30 August 2024 12:58 AM

කොහොමත් තම පැළැන්තියේ අයට රනිල් හැමු කැමැතියි. රංගෙ දැන් ගෙදර ගිහින් වොඩ්කා ටිකක් බීලා යන්න.

:       46       26

B amarasinghe Friday, 30 August 2024 02:14 AM

පක්ෂයට එන හැම එකාටම ආසන සංවිධායක කම්. දැන් පක්ෂ ලේකම් කමත් එහෙම නම් පක්ෂය කියන්න මහ පොළවේ පැවැත්මක් තියන එකක් නෙවෙයි කියලා මනාව ඔප්පු වෙනවා...

:       39       17

ගයාන් Friday, 30 August 2024 02:49 AM

මේ වැඩේ ඇත්ත නම් මගේ ඡන්දය රනිල්ට නැත.

:       37       18

Asela Friday, 30 August 2024 07:01 AM

හිටපු පක්ෂයේ හොරු ඉන්නවා කියලා පාර්ලිමේන්තුවේදී ලොකු ප්‍රකාශයක් කරලා, මෙයා කොහොමද ලැජ්ජාවක් නැතිව ඊට වඩා ලෝක හොරු ඉන්න පක්ෂයක සාමාජිකත්වය ගන්නේ? ඡන්ද දායකයෝ මෙවැනි අවස්ථාවාදී උන්දැලා ගැන ඊළඟ ඡන්දෙදී බලාගන්න ඕනේ...!

:       43       22

Rupasingha Friday, 30 August 2024 07:25 AM

ලංකාවට වෙච්චි දේ බැලුවාම මුලින්ම සමසමාජ පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ඇතිවුණා. ඊළඟට එජාපය ÷ බණ්ඩාරනායක = ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතිවෙනවා.. 1965 එජාපය හත් හවුල් ආණ්ඩුව තියෙද්දී විපක්ෂය ආණ්ඩුව පරාද කිරීමට ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවීමට උපදෙස්දී ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරවීම 1970 දී ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂය වටා සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂය = සමගි පෙරමුණු (තුන් හවුල්) ආණ්ඩුව. 2015 එජාපය ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වෙද්දී පවුල් පාලනය අරමුණු කරගෙන පොහොට්ටුව ආරම්භ කිරීම... ඉන් පස්සේ එජාපය ÷2 = එජාපය හා සජබ ඇරඹීම 2024 වනවිට එජාපය පොහොට්ටුවේ ඉදිරිපෙළ කොටසක් ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් එක් අපේක්ෂකයෙක්ද සජබ පොහොට්ටුවෙ දෙවැනි පෙළ කොටසක් ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් හා නන්නත්තාර කණ්ඩායම් එක්ව තව කෙනෙක්ද පොහොට්ටුවේ මැරයින්ගේ හා දූෂිතයින් ලක්ෂ්මන් කණ්ඩායමේ කෙනෙක්ද ඉදිරිපත් වෙලා සිටින අතරේ ගම් මට්ටමේ වාසි තකා පාවෙන පොහොට්ටුවේ පිරිස මාලිමාව ජයග්‍රහණය සඳහා උපරිමයෙන් ඇපවී කැපවී ඉදිරිපත් වීම දැනට විමසිල්ලෙන් බැලුවොත් පේන්නම තියෙනවා...

:       36       14

RupalathaFriday, 30 August 2024 02:10 PM

අමතක වෙච්ච දෙයක් කියන්නේ ජවිපෙ ආරම්භ කළාට පස්සේ මුලින්ම සමගි පෙරමුණේ ආණ්ඩුව හදන්න කනුවක් වුණා. එහෙම කරලා ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටුවෙන්නේ නැහැ කියලා ගෙවල්වල තිබුණු තුවක්කු අරගෙන 1971.04.05 මුල්ම කැරැල්ල ආරම්භ කළා. ඊළඟට පක්ෂය තහනම් වුණාම ජේආර්ට උදව් කර ජේආර්ගෙ ජයග්‍රහණය නිසා ඔක්කෝටම සමාව ලැබුණා.. ඊට පස්සේ 88-89 කැරැල්ල ඇතිවුණා... නායකයෝ මැරිලා ටික කලක් යටපත් වෙලා නැවත චන්ද්‍රිකාගේ සාරිපොටේ එල්ලිලා ඒ ආණ්ඩුව යටතේ මුලින්ම පාර්ලිමේන්තුවේ ඇමැති තනතුරු කීපයක් ගත්තා. ඊළඟට මහින්දට මුක්කු ගහලා මහින්ද දිනෙව්වා යහපාලනය දිනෙව්වා ගෝඨාභය දිනෙව්වා. එහෙම කරපු කට්ටියම කියනවා දෙගොල්ලන්ම හවුලේ අවුරුදු 76 ක් රට කෑවා කියලා...

:       12       43

Perera Friday, 30 August 2024 08:13 AM

බලමු මිනිහා පනින්නේ කොහාටද කියලා...?

:       37       17

අරවින්ද මොනරවිල Friday, 30 August 2024 09:32 AM

රනිල්ගේ, මහින්දගේ සිරිත ඒක තමයි... බැරි වෙලාවේ උඩට එන්න දීපු අත හපා කන එක. පාලිත රංගේ බණ්ඩාර ගැන මොන විවේචන තිබුණත් පක්ෂය බිංදුවට බැස්ස වෙලාවේ මහ ලේකම්ධුරය බාර ගත්තා. දැන් යාන්තමට පක්ෂය ඔලුව උස්සන්න ගත්තා විතරයි මිනිහට පයින් ගැහුවා...!

:       38       19

RolandKuranage Friday, 30 August 2024 10:01 AM

ලැජ්ජාව කියන දේ. කොහේ තිබෙනවාද නොදනිම්ද?

:       32       19

සෙනෙවිරත්න Friday, 30 August 2024 10:17 AM

ඔන්න ඕක තමයි මේ ගොල්ලන්ගේ යථාර්ථය, කොහොම වෙතත් මේක අපට නම් අපායට ගහපු හෙණයකට වඩා වැඩියමක් නෙවෙයි. මේවා කවදාවත් රටේ මහජන සුබ සිද්ධියට හේතුවන දේවල් නෙවෙයි, රටට හෙණ කටින දේවල්...!

:       29       16

සෙනෙවිරත්න Friday, 30 August 2024 10:18 AM

එන් පී පීය ගැන පච වපුරලා ගේම ඉල්ලු කෙනෙක්, අනේ අපොයි...

:       39       20

sam Friday, 30 August 2024 10:29 AM

තලතා රනිල්ට ක්ෂව වැඩ කළාට යටින් මහ මයිනාට පක්ෂව හොරෙන් වැඩ...

:       47       14

ජනරළ Friday, 30 August 2024 11:57 AM

රංගේ බන්ඩයියේ ඔයා ලජ්ජා වෙන්න එපා. අනික කොහොමටවත් ඕගොල්ලන්ට ලැජ්ජාව කියලා දෙයක් ඇත්තේම නැති හින්දා ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැනේ. ඔයා ඔතැන දමා ගහලා යන්න මරික්කාර් ගාවට හරි සේනසිංහ ගාවට හරි නැත්නම් ආර්යාව ගාවට හරි ගිහින් කියන්න මම අද ඉඳන් සජබෙට එන්න සූදානම් කියලා. නැත්නම් කෙලින්ම සජි බබාට කතා කරන්න. එතැන සැලුන් එකේ දොරෙන් ඇතුළටම යන්න. අනික ඔය සැලුන් එකෙන් ඔයාගේ කොන්ඩේ අමුතුවෙන් කපන්න කියලා දේකුත් නැහැනේ. එතැන ෂුවර් එකටම ඔයාව වැඩට ගන්නවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ රිපොටර්ලගේ මයික් ටික ඉස්සරහට ගිහින් දේශපාලනේ සදාකාලික හතුරෝත් නැහැ සදාකාලික මිතුරෝත් නැහැ... ඉන්නේ මෙලෝ හසරක් දන්නේ නැතුව අපිට ඡන්දෙ දාන ගොන් හරක් රැලක් විතරයි කියලා ඉහි ඉහි හික් ගාලා හිනාවක් දාන එක විතරයි. හැබැයි වැරැදිලාවත් අර මාලිමාව පැත්තට නම් යන්න එපා ඔයාට ගහලා පන්නයි.

:       56       26

කෝරළගේ Friday, 30 August 2024 01:23 PM

මේවා මල කෝලන්... මෙහේ මිනිස්සුන්ට කාලා ඇඳලා ඉන්න රටක් නැහැ. රනිල් ඇතුලු මේ හොර කල්ලිය ආයි ආන්ඩු හදන්න හදන්නේ අපේ රට ඉවරේටම ඉවර කරන්න හදන්නේ. අනේ වැඳලා කියන්නම්... මොවුන්ට නම් රැවටෙන්න එපා. එකම බලාපොරොත්තුව මාලිමාව විතරයි.

:       49       14

Seenibola Friday, 30 August 2024 12:32 PM

රංගෙ, රංගෙ ඔයා එනවද?

:       0       19

Dharmatileke Friday, 30 August 2024 12:45 PM

හොරු එක්ක ඉන්න බැහැ කියලා දැන් කොහොමද වැඩේ...?

:       38       15

පොඩිඑකා Friday, 30 August 2024 01:07 PM

මේක දැං නිකං සංගීත පුටු තරගයක වගේ වෙලා. කෙනෙක් නැගිටිනකොට වෙන කෙනෙක් ඉඳගන්නවා.

:       33       13

රෙක්ස් Friday, 30 August 2024 01:15 PM

ප්‍රතිපත්ති කියන වචනය සිංහල භාෂාවෙන් අයින් කරන්න වෙයි වගේ...!

:       32       15

පුරවැසියා Friday, 30 August 2024 01:38 PM

රංගේ... රංගේ... එන්නැද්ද ඔයා?

:       27       12

saman Friday, 30 August 2024 02:01 PM

රනිල් ළගට කියපු පොහොට්ටු සෙට් එකටත් මේකම තමා වෙන්නේ.

:       23       6

Priyantha Dissanayake Friday, 30 August 2024 03:59 PM

මේ තවත් එක් දිට්ඨධම්මවේදනීය විපාකයක්. තමන් කවුද කියා තේරුම් නොගත් උද්දච්ඡ මිනිසුන්ට වෙනදේ පිළිබඳව බියක්. රංගේ බංඩාර කියන්නේ කොයිවගේ කෙනෙක්ද...? UNP එකට කඩේ ගිහිල්ලා පරිප්පු කාපු oic කෙනෙක්. ඒ වෙනුවෙන් UNP එක එයාට ආසන සංවිධායක කමක් දුන්නා. එයා සහ සජිත් මහත්තයා පක්ෂය තුළ කවුද? නමුත් පහුගිය කාලය තුළ සජිත් මහත්තයාට මඩ ගැහුවේ නැහැ රවී කරුණානායකවත්...

:       43       3

sam Saturday, 31 August 2024 08:21 AM

තලතා නියමෙට ප්ලෑන් කරලා වැඩේ කරලා තියෙන්නේ. ඕකම තමයි පොහොට්ටුවෙන් ආපු හොරු සෙට් එකටත් වෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1342 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1717 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5568 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1473 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5868 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5455 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17732 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site