IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනෙකු අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)
 
හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පේ‍්‍රමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රාජපක්ෂ පතිරගේ දොන් තාරක සෙනෙවිරත්න යන අයවලූන් මූල්‍ය විමර්ශන කොට්ඨාසය විසින් අද (27) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
 
අනුරාධපුර ‘‘සදහිරු සෑයේ’’ තැන්පත් කිරීමට කිලෝ ග‍්‍රෑම් 8ක බරකින් යුත් සමාධි බුදු පිළිමයක් නිර්මාණය කිරීම සදහා ශ්‍රී ලංකා රේගුව සතු රත‍්‍රන් ලබාදී සාපරාධී විශ්වාසය කඩකළැයි කියන සිද්ධියකට අදාළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
 



අදහස් (42)

රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනෙකු අත්අඩංගුවට

sama Friday, 27 September 2019 10:21 AM

මේවා කරන්නේ බෞද්ධයින්ට රිදවන්න. සමෘද්ධි සල්ලිවලින් උපවාස කළ කාලේ රටඉඳි බෙදුව අයත් හිටියා 2000දී.

:       521       786

NishanFriday, 27 September 2019 10:09 PM

ඔහොම හිතන්න ගියොත් මේ රටේ නීතියක් ස්ථාපිත කරන්න බැරි වෙනවා. එක එක හේතු කියලා නීති කඩනවා.

:       157       148

sandunSaturday, 28 September 2019 03:13 AM

මේ දාගැබ හදන්නේ යුද්ධයෙන් මියගිය අයට පින්පතා. අතීතයේ ඉඳන්ම යුද්ධයකින් පස්සේ එහෙම කරලා තියෙනවා. ඒ මේ ආණ්ඩුව එක තමන්ගේ සුළුජාතික මානසිකත්ව දේශපාලනයට සම්බන්ධ කරලා වැඩ නවත්වලයි තියෙන්නේ....

:       83       204

මාවිල්මඩ වජිර හිමි Saturday, 28 September 2019 05:32 AM

දාගැබ් වල නිධන් කරන්න ඕන සර්වඥ ධාතුන් වහන්සේලා වගේ පූජනිය දේවල්. බෞද්ධයන් රත්තරන් වලටද වඳින්න ඕනද? මේ රත්තරන් කිලෝ අටෙන් කොච්චරක් නිධන් කළාද කොච්චරක් සිරිලිය මහෝපාසිකාව ළඟද කියලා කවුද දන්නේ...?

:       290       658

GunerisSaturday, 28 September 2019 02:35 PM

මාවිල්මඩ වජිර හාමුදුරුවනේ, සිරිලිය උපාසිකාවට මේ පුංචි පුංචි රත්තරන් මොකටද? කොටින්ගේ අන්තර් ජාතික අරමුදල් සහ වස්තු සම්භාරය පාලනය කල අර කේපී අල්ලන් ඇවිල්ලා මිනිහා වමාරපු කෝටි ප්‍රකෝටි වස්තුව ගැන ඔබ වහන්සේ අහලා තියෙනවද?

:       0       100

Fernando Friday, 27 September 2019 10:51 AM

දෙයියනේ සඳහිරු සෑයේ නිධන් කරලා තියෙන්නෙත් හොරකන් කරපු රත්තරන්ද? හිතාගන්න පුළුවන් නේද මේ සහෝදර සමාගම ආපහු එන්න මෙච්චර වලිකන්නේ..

:       2662       3422

sunilFriday, 27 September 2019 11:03 AM

දන්නේ නැති දේට කතා නොකර ඉන්න එක තමයි වඩා හොඳ...

:       731       591

ajitha Friday, 27 September 2019 12:39 PM

ඇයි..? කොටින් දෙමළ මිනිස්සුන්ගෙන් කොල්ලකාගත්ත රත්තරන්...!!! ඒවත් තියෙන්නේ සහෝදර සමාගමේ තමයි. ඒවා කොළඹට ගෙනාපු ගුවන් නියමුවන්ට මොකද වුනේ..?

:       1136       1537

samSaturday, 28 September 2019 05:23 AM

මොකද වුනේ? දන්නව නම් කියන්න. හැබැයි රත්තරන් අස්සයෝ වගේ බොරු නැතිව...

:       240       272

MaheeFriday, 27 September 2019 02:10 PM

මං දන්නා හැටියට මේ දෙන්නා ඉහලින් ආ නියෝග ක්‍රියාත්මක කරලයි මේ අමාරුවේ වැටුනේ. හරියටම සිල් රෙදි කේස් එකමයි මේ නැවත එන්නේ. මොනවා කරන්නද, මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී තත්වයට තමයි මේ දෙන්න පත්වෙන්න ඇත්තේ... කෝ දැන් ඒ ලොක්කෝ මේ මහත්තුරුන්ව බේරා ගන්න එනවද?

:       124       339

NissankaSaturday, 28 September 2019 05:25 AM

මේ කිලෝ 8න් කිලෝ කීයක් ඩේසි ආච්චිගේ මැණික් මල්ලට ගියාද දන්නේ නැහැ.

:       54       253

sanjeewa Friday, 27 September 2019 11:06 AM

මේ විදියටම ආරක්ෂක මූලස්ථානය ඉදිකළ ඉන්ජිනේරුවන්ගෙන් ප්‍රශ්න කළා. ද්‍රවිඩ ජාතික නිලධාරින් යොදලා (ද්‍රවිඩ ජාතිකයන් එම ඉදිකිරීම්වලට සම්බන්ධ කරගත්තේ නැති නිසා වෙන්න ඇති). අන්තිමේ මොකවත් සොයාගත්තේ නැහැ.

:       444       513

sugath Friday, 27 September 2019 11:48 AM

නිවාස අධිකාරියේ හම්බන්තොට ඉන්න සේවකයන් 1400 කට කරන්න තියෙන්නේ දේශපාලන රැස්වීම්වලට යන්න විතරයි (70ක් පමණයි එහි රාජකාරි කරන්නේ..)

:       1789       573

surath Friday, 27 September 2019 11:57 AM

මැතිවරණයට මඩ ගැසීමක්...

:       620       291

ලුම්බිණි Friday, 27 September 2019 11:58 AM

රටේ මහ ජනතාවට අයිති දේවල්වලින් දේශපාලකයින්ට පින් කරන්න ඉඩ දුන්නට මේ දඬුවම මදි...

:       391       1048

MaheeSaturday, 28 September 2019 03:00 AM

කතාව නම් ඇත්ත, හැබැයි දඬුවම් විඳින්නේ දඬුවම් විඳිය යුතුම පුද්ගලයන් නොවෙයි. ඇමතිලා, ජනපතිලා කියන දේ නොකළොත් ගෙදර යන්න වෙනවා. කළොත් මෙන්න සිදුවෙන දේ...

:       0       64

gamarala Friday, 27 September 2019 01:22 PM

මේ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ නොසිදුවූ දේවල් නිසා තමයි නිලධාරීන් අත්අඩංගුවට ගන්නේ'. මේ යන විදිහට මොවුන් අන්තිම කාලෙත් පව් රැස් කරගන්නවා වගේම ආයේ ආත්මයක් (දේශපාලන) නැති බව හොඳ හැටි පෙනේ. ජනතාව මෙය හොඳ හැටි තේරුම් ගත යුතුයි. මේ සුද්ධවන්තයින්ට මොනවද පතන්න ඕනෑ?

:       125       237

සේන Friday, 27 September 2019 02:14 PM

මැතිවරණ කාලෙදි මේවා විහිළු වග ඕනෑම කෙනෙකුට තේරෙනවා. මේ වගේ කැත වැඩවලින් වංගු දදා තවත් බලයේම ඉන්න කිසියම් කපටියෙක් සිතනවා නම් එය සුදු අලියෙක්.

:       50       164

janaka Friday, 27 September 2019 02:47 PM

මෙහෙමත් නාස්තියක්. එ රත්තරන් ටික විකුණලා කී දෙනෙක් මක්කමට යවන්න තිබුණද?

:       207       425

කසුන් Friday, 27 September 2019 03:17 PM

ඔහොම යං..! ඔහොම යං...!!! තව ටික දවසයිනේ... මේ නිවට පාලක රැල වාෂ්පකරලා දාන්න.

:       1040       1500

නොකවුට් Friday, 27 September 2019 05:24 PM

එහෙනම් දුටුගැමුණු රජතුමාටත් විරුද්ධව නඩුවක් දාන්න එපැයි අතීතයට බලපාන පරිදි රුවන්වැලි මහා සෑය හැදුවා රත්තරන් එහි තැන්පත් කළා කියලා. අනෙක්එක රාජ කුන්තය තැන්පත් කරලා මිරිසවැටිය හදලා විශ්වාසය කඩ කලා කියලා.

:       355       285

rohana Friday, 27 September 2019 05:25 PM

ඔව් ඔව් කසුන්.... අපි ආපහු මිනීමරුවන්ට රට දෙමු.

:       351       540

jewanSaturday, 28 September 2019 02:30 AM

ප්‍රභාකරන්ගේ මිනීමරුවන්ට රට නොදෙමු...

:       19       46

Bamunuarachchi Friday, 27 September 2019 05:29 PM

රත්තරන් කිලෝ 8 තිබෙන තැන අර නිධන් හාරන්න දැන් දන්නවා.

:       21       57

Chanak los angelesSunday, 29 September 2019 03:30 AM

සාටකයන් බලයේ ඉන්නකොට කෙලින්ම වංචා, දූෂණ කළා. දැන් බලය ගිලිහිලා නිසා ඔවුන්ට හිතවත් රාජ්‍ය සේවකයන් අත කොලුවට තබාගෙන කරනා හොර වැඩ තමයි මේ. සාටකයන් හිනා වෙවී සඳගිරිය ඕපන් කළා. අර නිලධාරීන් දෙදෙනා හඬ හඬා නීතියට හිරවුණා..

:       0       0

kumarage Friday, 27 September 2019 05:52 PM

මේ රට සෞදි අරාබියද...? රට කරවන එවුන් කෝ? මේ රට තාම සිංහල බෞද්ධ රට...

:       169       197

චිත්‍රානන්ද Friday, 27 September 2019 11:58 PM

මට කියන්න ඔය මහත්තයා කොහොමද මේ රට සිංහල බෞද්ධ රටක් වෙන්නේ. එහෙම වුණානම් කවදා ඉඳලද? බුද්ධ දර්ශනය දේශනා කලේ සිංහලයින්ට විතරද? එදා මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කරනකොට දඩයමේ ගොස් හිටපු රටේ පාලකයා සිංහල බෞද්ධ රජෙක් නම් කොහොමද පෝය දවසක දඩයමේ ගියේ? එතකොට මේ ලෝකේ අනිත් රටවල බෞද්ධ දර්ශනය අදහන අයට ඒ රටේ ජාතිකයන්ගේ නමින් ද හඳුන්වන්නේ? ඒ කියන්නේ දෙමළ බෞද්ධ, ජර්මන් බෞද්ධ, ජපන් බෞද්ධ ආදී ලෙසද? මේවා පම්පෝරි කතානේ මහත්තයෝ... පොළවට බැහැලා බලන්න. අපි නමට බෞද්ධයන් විතරයි.

:       296       141

KasunSaturday, 28 September 2019 03:24 PM

බකපණ්ඩිත කමට මම අනුකම්පා කරමි. මෙහි ඇත්ත නැත්ත නමුන්ගේ දෙමව්පියන්ගෙන් අසා දැනගන්න.. !!

:       1       39

Thilina Friday, 27 September 2019 06:17 PM

මේ රත්තරන් සියල්ල රාජසන්තක කරපු ඒවා. රජවරු වුනත් දාගැබ් නිර්මාණය කලේ ගෙදර රත්තරන් ගෙනල්ලා නෙමෙයි.

:       601       338

gunarathnaSaturday, 28 September 2019 01:49 AM

තිළිණ ඔයා හරි. නමුත් පාට කන්නාඩිවලට මේක පෙන්නේ නැහැ. කණ්ණාඩිය ගලවලා බලන්ටත් කැමති නැහැ. කොහොම වුනත් මේ රත්තරන් මේ නිලධාරින් ගෙවල්වලට ගෙනිහින් නැහැ. නඩු භාණ්ඩ හැටියට මේ රත්තරන් ඕනේ නම් CID එකේ නිලධාරීන්ට පුළුවන් මේ විහාරය හාරලා රත්තරන් ටික අරගන්න.

:       52       101

Chanak los angelesSunday, 29 September 2019 03:20 AM

හලෝ මේ රත්රන් රාජසන්තකයි කියන්නේ රජය සතුයි කියන එකයි. එහෙම නැතිව මේ රත්රන් ආයතන නිලධාරීන් දෙදෙනා සතුයි කියන දෙය නොවෙයි. සඳගිරියේ බැරිනම් ලෝවාමහාපායේ තැන්පත් කරත් කව්රුත් විරුද්ධ වෙන්නේ නැහැ. මෙය රජයේ අවසරය මත නිසිලෙස සිදුවුණා නම්. මොවුන් දෙදෙනා කර තිබෙන්නේ රාජසන්තක දේපලක් අනිසි ලෙස වංචා කරමින් අරගෙන ඔවුන්ගේ බලාපොරොත්තු මුදුන්පත් කරගැනීම උදෙසා සාටක සමාගමට ලබාදීමයි. මේ දෙදෙනාට දැන් කළ හැකිව තිබෙන්නේ කාරණා දෙකයි.. වරද පිළිගෙන නීතියෙන් දෙන තීරණයකට හිස නැවීම හෝ මේ රාජසන්තක දේපොළ මේ අයුරින් වංචා කිරීමට අනුබල හා පෙළඹවීම් කළවුන් සිටීනම් ඔවුන්ව හෙළිකරදී මොවුන් දෙදෙනාට රජයේ සාක්ෂිකරුවන් වී නිදහස් වීමයි.

:       9       1

Appuhami Friday, 27 September 2019 07:01 PM

කොහොමද රනිල් මාමගේ ටිකිරි මොලේ? තව දවස් 50කින් කට්ටිය නිදොස්කොට නිදහස්...

:       11       2

sam Friday, 27 September 2019 11:37 PM

හැම දෙයකටම පිළිවෙලක් ක්‍රමයක් තියනවා. ඒවා පිළිපදින්නේ නැතිවුණාම අමාරුවේ. බෞද්ධ වැඩ කියලා වුණත් කෙටි මාර්ග ගත්තම ප්‍රශ්න තමයි. මේක බොහෝ අයට තේරෙන්නේ නැහැ. එක්කෝ තේරෙන්නේ නැහැ වගේ ඉන්නවා...

:       104       376

Mahinda Saturday, 28 September 2019 12:48 AM

රත්රන් නිධන් කළා.. සඳහිරු සෑයේ තව කොච්චර දේවල් නිධන් කරලා ඇත්ද?

:       61       51

Asoka Saturday, 28 September 2019 12:56 AM

ඇවන්ගාර්ඩ් වැරදුණු තැන තවත් එකක් හොයාගෙන වගෙයි....

:       462       188

චතුරංග Saturday, 28 September 2019 02:05 AM

ඉස්සර කාලෙ රජවරුන් නිධන් තැන්පත් කලේ ඕනෑ වුණාම ගන්න (රජවරුන්ගේ පාවිච්චියට). මම නම් හිතන්නේ අද කාලේ රජවරුත් එහෙමයි. නිධන් යනු සාමාන්‍ය වැසියාට වන්දනීය අදහසක් මතුකරන නමුත් තැන්පත් කරන අයට එය රහස් වස්තුවක්...

:       111       29

charith Saturday, 28 September 2019 03:20 AM

මෙහෙ දාගැබ ගැන හොයා හොයා ඉන්න කොට පාතාලේ කුඩු අන්ජු මරණ වරෙන්තු මුහුණු පොතේ දාලා. මේ රටේ ආණ්ඩුවක් තියෙනවද? හරියට සෝමාලියාව වගේ... සන්නද්ධ කල්ලි පාලනය කරන්නේ. දේශපාලුවන්ට සැප දෙන්නේ මොකටද? එක අතකට පාතාලයන්ගේ මගුල්වලට පොලිස් ආරක්ෂාව දෙනකොට, ගල්කිස්සේ හෙලිකොප්ටරයෙන් මල් ඉස්සන කොට, පාතාලේ මර්දනය කල නිලධාරින් හිරේ දානකොට එහෙම වෙනවා තමයි.

:       232       240

SL Saturday, 28 September 2019 03:39 AM

රනිල් එක්ක ඉන්න ආණ්ඩුව පටන් ගන්නේ මහින්දට ගහන මඩක් කියලා, ටිකක් දුර ගිහිල්ලා එයාලම එරෙනවා. මේවා නීත්‍යානුකූලව, ගත්තු දේවල්. එළාර යුද්ධය ඉවර කරලා දුටුගැමුණු රජතුමා හැදුව රුවන්වැලි සෑය වගේ LTTE කොටි ත්‍රස්තයින් පරාද කරලා සඳගිරි සෑය හදන්න පටන්ගත්තා. ඒවාට රාජසන්තක කළ රත්තරන් නැතිව අලුතින් ගන්නද කියන්නේ? රනිල් හැමවෙලාවෙම දැක්කේ තොප්පිගල -කැලයක්, අලිමංකඩ -පාමංකඩක්, සිංහලයා -අන්තවාදියි, දෙමල, තම්බි -හරි අහිංසකයි. ISIS මානුෂිකයි.. බොදුබල සේනාව අමානුෂිකයි, උතුරේ පන්සල් විනාශයි.. යන දොන් ජුවන් ක්‍රමයට විතරමයි .

:       437       538

KANDEPOLA Saturday, 28 September 2019 05:04 AM

ප්‍රධානම දේ තමයි රේගුවෙන් නිදහස් කරපු රත්තරන් වලට මොකද වුනේ කියලා හොයන එක... ඒවා ඔය දාගැබේ තැන්පත් කරන්න ඇති කියලා හිතන්න අමාරුයි. ඒවා යන්න ඕනෑ තැන්වලට යන්න ඇති.

:       139       438

suddaSaturday, 28 September 2019 05:25 AM

දාගැබ ඇතුළට ගිහින් බලලා ආවා නම් හරි නේද? ඒ එන ගමන් අැලෝසියස්ගෙන් මිලියන ගැන ගත්තු සුජීවල අජිත්ලා ගැනත් බලාගෙන එන්න. ඒ සල්ලිවලට මොකද කළේ කියලා...

:       162       170

Rohana Saturday, 28 September 2019 05:47 AM

පවත්නා නීති රීති අනුගමනය නොකරමින් අරමුදල් පරිහරණය කිරීම නිසා නිලධාරීන් දඬුවම් ලබනවා විය හැකිය. එහෙත් මේවාට නියෝග දෙන දේශපාලකයින්ට දඬුවම් නැහැ. මෙවැනි ක්‍රියාවලට දේශපාලකයන්ටත් දඬුවම් දෙන ක්‍රමවේදයක් රටේ නැත්තේ මොකද? නීති තවදුරටත් මේ දේශපාලකයින්ටත් දඬුවම් දෙන ක්‍රමයක් විය යුතුයි.

:       15       349

Chanak los angeles Saturday, 28 September 2019 03:43 PM

තව කොටසක් නිධන් වෙලා තිබෙනවා මැදමුලන බිමේ ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 353 2

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 218 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


ඡන්ද අපේක්ෂිකාවක් නිල ඡන්ද පත්‍රිකා 86 ක් සමඟ අල්ලයි
2025 අප්‍රේල් මස 24 332 0

නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස


ඌව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ට ඇප
2025 අප්‍රේල් මස 24 260 0

ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය


දළදා වන්දනාව හැම වසරකම?
2025 අප්‍රේල් මස 24 977 8

දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.


සූර්වී උඩුගුවනේදී අනඟරැඟුම් පෑ විදේශිකයාට දඩ
2025 අප්‍රේල් මස 24 1236 1

උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 708 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 350 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 498 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site