රජ කාලේ කාසි දෙසීයක් ඉන්දියාවට හොරෙන් රැගෙන යාමට තැත් කළ රෙදිපිළි වෙළෙන්දෙක් කටුනායකදී අත්අඩංගුවට ගනු ලැබීය.
නිශ්ශංක මල්ල, සහස්ස මල්ල, මහාපරාක්‍රම බාහු, ලීලාවතී රැජින, බුවනෙකබා සහ දේවානමිපියතිස්ස යන රජසමයන්හි භාවිතා කළ එම කාසි වසර නවසීයකට වඩා පැරණි බවටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරන ලැදැයි ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් සුරකීමේ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා පැවසීය.
සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ රේගුව එම කාසි තොගය රාජසන්තක කළේය.
පසුගිය සැප්තැමිබර් 09 වෙනිදා සැකකරු මෙම කාසිතොගය තම ගමන්මල්ලේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණ සිටියදී කටුනායක ජාත්‍යන්තර දගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගැණිනි. පසුව අත්අඩංගුවට ගනුලැබූ කාසිතොගය හඳුනාගැනීම සඳහා රේගුව විසින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට යවනු ලැබීය.
සැකකරු මෙම කාසි කුරුණෑගල සහ මහනුවර ප්‍රදේශයන්හිදී මිළදී ගත් බවත් මෙසේ රැගෙන යාමට උත්සහ කළේ ඉන්දියාවට ගෙන ගොස් අළෙවි කිරීමට බවත් රේගු පරික්ෂනයේදී ප්‍රකාශ කර ඇත.
කාසි තොගය විමර්ශන කටයුතු වලින් අනතුරුව කෞතුකාගාරයට බාරදීමට නියමිත බව සමන්ත ගුණසේකර මහතා පැවසීය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධිකාරීවරුන් වන හේමන්ත බඹරරැන්ද, ප්‍රියන්ති විජේනායක සහ සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත කෞෂල්‍ය, අසංක ප්‍රියදර්ශන යන නිලධාරීන් විසින් සිදුකරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රේගුවට ගොඩක් ස්තුති වෙන්න ඕන මේ වගේ වංචාවල් පිටු පස අපේ රටේ හොරෙකුත් ඇති.. කරුණා කර ඔහුත් සොයා නිසි දඩුවම් පමුණුවන්න රටේ ජාතික වස්තුන් රුක ගැනීම අපේ යුතුකමයි..!(නු)
මේ ටිකත් කෞතුකාගාරයට බාර දෙන්න.. මේවත් දෙයියන්නෙ පිහිටයි..!(නු)
ලක්ෂ්යක් දඩ ගහලා මොකටද? අපේ උරුමය විකුණන එවුන්ට ලොකු දඩුවම් දෙන්න ඕන...!(නු)
අපේ රටේ උරුමය ඩොලර් වලට විකිණීමට තරම් පොඩි කෙනාගේ පටන් ඉහළම අය ඇප කැප වෙලා තියෙන්නෙ.. තව ටික කලක් යනකොට අපේ ඉතිහාසය පැරණි පාඩම් පොත්වලටම සීමා වේවි...!(නු)
මෙයා දන්නෙ නැතුව ඇති අරගෙන යන්න ඕනෑ ක්‍රමය. (නි)
එහෙනම් දෙවියන්ගේම පිහිටයි. (නි)
ඔයාලට මේවා පේන්නෙ ලොකුවටද? (නු)
මේවා කෞතුකාගාරයෙන් ගත් දේවල්ද කියා බැලුවොත් හොදයි. (නි)
ඩයස්, අපේ ජාතික උරුමය හැමවෙලාවෙම අපිට පෙනෙන්නේ ලොකුවට තමයි. (නි)
රේගුවට අපගේ උත්තමාචාරය (ස)
ඇත්ත හොඳ වැඩක් . මේ වගේ දේවල් නොවෙන්න වගබලාගත යුතුයි (ස)
මේවා විකුණන අයට රජ කාලේ දඩුවම් නොදී බැහැ. (නි)