කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් රාජගිරියෙන් රුපියල් දෙකෝටියකට අධික මිලක් ගෙවා මාසික කුලියට ගෙන ඇති ගොඩනැගිල්ල මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නැත. ශ්‍රී ජයවර්ධනපුර පාරේ, කෝට්ටේ පිහිටි එම ඩී.පී.ජේ ටවර් ගොඩනැගිල්ල සඳහා ලී බඩු ආදිය ලබාගැනීමටත් ගොඩනැගිල්ලේ කාර්යාල හා කාමර වෙන්කිරීම, කාපට් ඇතිරීම, විදුලි පද්ධති සහ වා සැකසුම් කටයුතුවලටත් ටෙන්ඩර් කැඳවමින් පසුගිය 16 වැනි බදාදා ඉංග්‍රීසි පුවත්පතක දැන්වීම් දෙකක් පළ කර තිබිණි.
මෙම ටෙන්ඩර් දැන්වීම් මගින් දක්වා ඇති පරිදි ගොඩනැගිල්ලේ ලී භාණ්ඩ සැපයීම හා සවි කිරීම සඳහා රුපියල් මිලියන 140කට ආසන්න කොන්ත්‍රාත්තුවක් ලබාදීමට නියමිතය. කාමර හා කාර්යාල වෙන් කිරීම, කාපට් ඇතිරීම, විදුලි පද්ධති හා වා සැකසුම් සඳහා තවත් රුපියල් මිලියන 112කට ආසන්න කොන්ත්‍රාත්තුවක් ලබාදීමට නියමිතය.
කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් කුලියට ගෙන ඇති ගොඩනැගිල්ලේ වර්ග අඩියක වටිනාකම සෙත්සිරිපායේ හෝ කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වර්ග අඩියක වටිනා කමට වඩා අඩු බව දුමින්ද දිසානායක ඇමැතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය. එම ස්ථාන දෙකින් ම වර්ග අඩි අනූ දාහක ඉඩ ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වූ බැවින් මත භේදයට තුඩු දී ඇති මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමට සිදු වූ බව ඔහු සඳහන් කළේය.
මේ පිළිබඳ පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවීමෙන් පසු කෘෂිකර්ම ඇමැතිවරයා කියා සිටියේ ගොවි ජනතාව වෙනුවෙන් වෙන් කර ඇති මුදලින් රුපියලක්වත් ඊට යොදවා නැති බවයි.
අමාත්‍යංශ ගොඩනැගිල්ලක් සඳහා මෙවැනි අධික මුදලක් යෙදවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීහු පසුගිය දිනවල දිගින් දිගටම ප්‍රශ්න කළහ. එහිදී ඇමැතිවරයා කියා සිටියේ ඕනෑම අමාත්‍යංශයක් වෙනුවෙන් එවැනි මුදලක් වැය වන බවයි.
‘අපි සෙත්සිරිපායට ගියත් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගියත් කාමර වෙන් කරන්න ඕනෑ. අපි සෙත්සිරිපායට ගියත් එකයි. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගියත් එකයි. අමාත්‍යංශයක් පිහිටුවීම සඳහා මේ මුදල යනවා’ යැයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා තිබිණි.
‘ඩී.පී.ජේ ටවර් ‘ ගොඩනැගිල්ල ජනප්‍රිය සිනමා නිළියකට අයත් බවටද පසුගිය දිනවල වාර්තා පළවී තිබිණි.
කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ගොඩනැගිල්ලක් සොයා ගැනීමට සිදු වූයේ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාව මත මිස තමන්ට අවශ්‍ය වූ නිසා නොවන බවත් ඇමතිවරයා දැඩිව අවධාරණය කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ සල්ලිවලින් ගියත් ඔය යන්නේ මහජන මුදල්, අපි යහපාලනයට ඡන්දෙ දුන්නේ ඕවා කරන්න නම් නෙමේ. (ම)
ප්‍රශ්නය කෘෂිකර්ම අමාත්‍යංශය කොළඹ තියෙන්නේ මොකටද කියන එක. මෙය පිහිටිය යුත්තේ කෘෂි කාර්මික කටයුතු වැඩි වශයෙන් තියන පළාතක. ලංකාවේ හැම එකටම කොළඹ එන්න වෙන ව්දිහට තමා කාර්යාල පිහිටුවන්නේ (බ)
කෘෂිකර්මයටම ගැළපෙන පෙනුම බිල්ඩිමේ... අනේ අනිච්චං. (නි)
යහපාලනේ යහපාලනේ! (නි)
ලොක්කෝ කට්ටිය නිදිද? (නි)
යහපාලනය දිවුරුම් දුන්නේ රුපියල් 6000 ට. දැන් වෙන්නේ මොනවද කියලා හිතාගන්නවත් බැහැ. මම දැක්කා ඊයේ අනුර කුමාර කියනවා මන්ත්‍රී ගොල්ලන්ට මාසික පඩියට අමතරව අත යටින් ලක්ෂ දෙකක් දෙනවා කියලා. ඊට අමතරව ලක්ෂ පහක වාහන කුලියකුත් දෙන්න යනවලු. මේවා පත්තරෙන් හරි දැකලා,බලලා නවත්තන්නේ නැත්තේ ඇයි දෙයියනේ. (නි)
ජනතාවගේ රජයක් හැමට අාදර්ශයක්. චිරංජයතු මැතිතුමනි ඔබට.(ම)
මේවා දකිනකොට ලේ කෝප වෙනවා.........කාගේද මේ මුදල්? අහිංසක ජනතාව පීඩාවට පත් කරලා,සුර සැප විදින උන්මත්තකයෝ ඉන්නකම් අපේ රට නම් යන්නෙම අගාධටමයි......(ම)
අස්වනු නෙලන කාලෙට ගොවි මහත්වරු වසබොන රටේ, අමාත්‍යංශ ගොඩනැගිල්ලට මෙතරම් මුදලක් වියදම් කරන්න මානසික අාබාධයක් අැද්ද? (නි)
ඔන්න යහපාලනය! (නි)
ජය වේවා! (නි)
ඇමතිකෙනෙක් වුණාම කෝටිගණන් වටිනා වාහනයක්, කෝටිගණන් වටිනා කාර්යාලයක් ආදිය පාවිච්චි නොකළොත් අපි හිඟන්නු කියලා ලෝකයා කියාවි. අපේ ආදර්ශවත් ඇමතිවරයෙක් කිව්වේ එහෙමයි. (නි)
එහෙනම් නුඹලා ඡන්දෙ දුන්නේ මොකටද? (නි)
ගිය ආණ්ඩුව කාලයේ ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා සියලුම අමාත්‍යංශ බත්තරමුල්ලට අරන් යනවා කියලා. ඉතින්, අපේ මිනිසුන්ට ඕනෑවුණානේ වෙනසක්. කමක් නැහැ. මම නම් මුකුත් කියන්නේ නැහැ. (නි)
මේ බිල්ඩිම හදලා කුලියට දෙන්න කෙනෙක් නැතුව හිටියේ. ඉතුරු හරිය හිතාගන්න. මේ රජය තව අවුරුදු 5 ක් තිබුනොත් බිලියන ගණනක් මේකටම ඉවරයි. ඒ කියන්නේ මේ වගේ තව බිල්ඩින් 2 ක් හදන මුදලක් කුලිය ලෙස ලැබෙනවා. කාටද ආඩම්බර? (නි)
ලංකාවේ අයට ඔහොම තමයි වෙන්න ඕනෑ (නි)
අනේ ඉතින් රුපියල් දහයේ බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කරලා දිවුරුම් දුන් අපේ අය ඕවා දන්නෙ නැතුව ඇති (නි)
මෙය භාවිතා නොකළාට පසුගිය අප්‍රේල් සිට කුලී ගෙවනවා නේද. (නි)
තමන්ගේ දෑතේ වීර්යයෙන් හරි හම්බකරගෙන කන්නේ නැතුව, දේශපාලකයෝ පසුපස යමින්, නැති ප්‍රශ්න මවමින්, චණ්ඩිකම් පෙන්වමින්, මහපාරවල් වල සතුන් මෙන් හැසිරෙන අශිෂ්ඨ, අමනෝඥ, මිනිසුන් වෙසෙන සමාජයක් පාලනය කරන, රටේ සියලුම පක්ෂවල දේශපාලකයින්ට තව තවත් මේ මිනිසුන්ගේ ධනය මහා ප්‍රමාණයෙන් කොල්ලකෑමට තව තවත් ප්‍රඥාව පහළවේවා යැයි පතමි!!!! (නි)
යහපාලන ඇමතිවරුනි, මේ ඔබගේ අවසන් අයවැය දුප්පතාගේ මුදල් කනවා. 2017 දුප්පතුන් තුරන් කිරීමේ වසරට අඩිතාලමද මේ? රට බේරාගන්න බලය දුන් අපි ඔබතුමාලා වෙනුවෙන් අද දත් මිටි කනවා. මහජනයිනි, නැවත කාලය ඇවිල්ලා මෙතුමන්ලට පිළිතුරක් දෙන්නට. එක්වෙමු පෙළගැසෙමු (නි)
හොරු හොරු හොරු කියලා මිරිඟුවක් පෙන්නලා නියම හොරු සෙට් එකක් උස්සලා තිබ්බම ඔය වගේ ඒවා වෙනවා. (නි)
ඔතන වෙලා තියෙන්නේ කොළඹ ඇතුළෙම හැම කාර්යාලයක්ම ගන්න යන එකනේ. කෘෂිකර්මය වෙච්ච එකේ අඩුගානේ කුඹුරක් තියෙන පැත්තකටවත් ගත්තා නම් මෙච්චර කුලියක් වෙන්නේ නැහැ. ඒත් වියදම මොකක් වුණත් පාටිෂන් කරන එක, ලී බඩු ගන්න වෙන එක නම් ඇත්ත. (නි)
හොටු ගෑණි දීලා, කැහි ගෑණි ගත්තා වගේ දෙයක් තමයි අපට වුණේ (නි)
කෘෂිකර්ම අමාත්‍යංශය තියෙන්න ඕනෑ සෙත්සිරිපායේ හෝ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නොවෙයි. ගොවියෝ ගැවසෙන ගොවිකටයුතු පහසු කළහැකි ස්ථානයක. කෘෂිකර්මය බහුලව පවතින්නේ අනුරාධපුරේ පොළොන්නරුවේ, කුරුණෑගල, දඹුල්ල වගේ පළාත් වල. නමුත් කාර්යාල හොයන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ. මොන විහිලුවක්ද මේ? (නි)
සුමිත්‍රා බස්නායක, ඔයාගේ ලේ කෝපවෙලා ඇත්තේ ඇඟේ කුෂ්ඨ දමද්දී වෙන්න ඇති. අපේ නම් දතකට පුට්ටු වෙනවා මෙයාලා ගිලින ගිලිල්ලට (නි)
අනේ මන්දා! මහජන මුදල් අවභාවිතයට යන්න අපායක් තියෙයිද කියලා (නි)
මහජන මුදල් මේ වගේ විනාශ කිරීම පාපයක්. මේ මුදලින් ගොඩනැගිල්ලක් හදාගන්න පුළුවන් නේද? අපේ රටවල් කවදා දියුණු කරන්නද මේ වගේ ගසාකෑම් නිසා (නි)
කරන්න බැරිනම් අයින්වෙන්නනේ තියෙන්නේ (නි)
අනුරාධපුරේ මදි නිසාද මන්දා දැන් කොළඹටත් බැහැලා වැඩ. ගොවියාගේ සල්ලියි රටේ සල්ලියි දෙකම මේගොල්ලන්ගේ නොවෙයි කියලා දන්නේ නැහැ වගේ කතාව. (නි)
මේක මහජන මුදල් නාස්තියක් නොවෙන්න නම් ඉක්මනින්ම මෙහි පදිංචියට යා යුතුබව ඇමතිතුමාට අමතක වෙන්න ඇති. (නි)
ඒක තමයි. ඒවා කොලිටියට තියෙන්න එපැයි, අපේ අභිමානය පෙන්වන්න (නි)
නැතුව නැතුව... අපේ උතුමන්ලාට සප්පායම්වෙලා විවේක ගන්න ඉස්තරම්ම තැනකුත් හදනවා නැතෑ (නි)
ජාතික ධනය, ජාතික වටිනාකමක්, වැදගත්කමක් ඇති දේකට යොදවන්නේ නැතුව, පිටස්තරයින් පොහොසත් කිරීමට යෙදවීම ගැන මහජනතාව මොනවා හිතනවද මන්දා. මේවා ගැන ප්‍රශ්න කිරීමට ඉදිටියේදී අවස්ථාව ඒවි. එතෙක් ඉවසා සිටිමු. ඇයි කෘෂිකර්ම අමාත්‍යාංශය කොළඹ ප්‍රදේශයෙන් පිටට ගෙනියන්න බැරිද. මොකද කෘෂිකර්මය තියෙන්නේ කොළඹින් පිට පළාත් වලනේ. (නි)
එතකොට ඇයි ඔයාලගෙ මේ ආණ්ඩුව තව ණය අරගෙන ඔය හම්බන්තොට අලියට අායෙත් සුදු හුණු ගාන්නේ? (නි)
අපිනේ මහින්දට එළෙව්වේ. අපරාදේ මෙයාලත් කරන්නේ එ්කමයි. (නි)
කවුද මේ ගොඩනැගිල්ලේ අයිතිකරු? (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
ජනප්‍රිය නිළියකට අයිති බිල්ඩිමේ ඉතුරුටික හදලා දෙන්න වෙන්න ඇති දැන් ආණ්ඩුවට ඕනෑවෙලා ඇත්තේ. (නි)
ඔන්න යහපාලනය, නියමයි නේද? (නි)
භද්‍රානිගේ කතාව ඇත්ත. අපිට දැන් කරන්න තිබෙන්නේ දේශපාලුවන්ට කලින් ඔවුන්ගේ අනුගාමිකයන්, මට්ටු කරන එක. පළමුව ඒ කවුද කියා අන්තර්ජාලය මඟින් හඳුන්වා දෙන්න ඕනෑ. (නි)
ඔය බිල්ඩිම කාගෙද කියලා අපි නම් දන්නවා (නි)
එක එක්කෙනාගේ මිතුරියන් සනසන්න ජනතාවගේ මුදල්? ඕකද සිරිමාවෝ බණ්ඩාරනායක මුලධර්ම? (නි)
ලංකාදීපයේම තව පුවතක් තිබෙනවා දඹුල්ලේ තක්කාලි ගොවියා අසරණ වෙලා කියලා. ඒ ගොවියන්ගේ ඇමති කොළඹට වෙලා මොකද මේ කරන්නේ? (නි)
මදැයි අපි ඉඟුරු දීලා මිරිස් ගත්තා (නි)
අනේ අපේ සල්ලි. මේ අය වියදම් කරන්නේ හරියට සුරලෝකෙ ඉඳන් ආපු අය වගේ. පැටිකිරිය බැලුවම නම් එහෙම ධන කුවේරයෝ නෙමෙයි. පසුගිය කට්ට්යත් එහෙමමයි. අනේ ඇයි හොරකම් නොකරන ජවිපෙට බලය දෙන්නෙ නැත්තේ (නි)
කොටි ගහලා මදි අපිට. මෙයාලා හරි ලස්සනට සාදධාරනීකරණය කරනවා ඕනෑම වරදක්. (නි)
යහපාලන කෘෂිකර්ම ඇමතිට වී වලට, තක්කාලි වලට, ලොකු ලූණු වලට නිසි මිලක් දෙන්න බැරිවෙන්න ප්‍රධාන හේතුව මේවගේ මහජන මුදල් නාස්තිකරන කරන සෝබන වැඩ කිරීමයි. කෘෂිකර්ම අමාත්‍යංශය තියෙන්න ඕනෑ දඹුල්ලේ. යහපාලනයේ තියෙන ප්‍රධාන දුර්වලතාවයන් වන්නේ කියන කිසිදෙයක් කරගත නොහැකිවීම සහ හැමවෙලේම මහින්ද හිටපු ජනාධිපතිතුමාට අපහාස කිරීමය (නි)
සතියකට සැරයක් ලංකාවෙන් එවන රතු හාල්, පොලොස් ගැට, බටර් බෝංචි, ගොටුකොල,..... ටික කලට වෙලාවට එවන්න බැහැ. එ්ත් කරපිංචා කොලේ ඉඳලා දවසේ පැය 24 ම එළවලු, පලතුරු ටික ඉන්දියාවෙන් සපයනවා. (නි)
හිටපු අය කළත්, බලයට පැමිණ යහපාලනය කළත් මේ කරන්නේ ජාතික අපරාධ. සහගහන අපරාධ. (නි)
මට මතක්වෙන්නේ ජනාධිපති වෙලා දිවුරුම් දුන් දවසේ ඉතාම චාම් විදිහට පවත්වපු උත්සවය ගැනයි. (නි)
2015 යහපාලනයට ඡන්දය දුන් ලක්ෂ 63ක් ලංකාවේ හිටියා. දැන්නම් ලක්ෂ 40ක්වත් නැතුව ඇති. ලබන අවුරුද්දෙ නම් ලක්ෂ 10ක් වේවි. යහපාලන මහා මායාවක් කියලා රටේ ජීවත්වන බුද්ධිමත් ජනතාව දන්නවා (නි)
ලංකාවේ ගොවියා අසරණ වෙලා. හැමදෙයකටම බදු පිට බදු ගහලා වහ බොන තැනටම පත්කරලා. මෙවැනි ජාතික අපරාධ කරන්න එපා. (නි)
ඕවට සල්ලි වෙන්කරන අයයි සල්ලි වියදම් කරන අයයි ඔක්කොම හොරු. රට ගොඩ ගන්න කෙනෙක් තාමත් නැද්ද? කවදා සෙතක් වේද අපේ රටට. (නි)
කෝ යහපාලනයට කතාකරන කට්ටිය? (නි)
යහපාලනය ඊළග මැතිවරණයෙන් ඉවරවෙයි වගේ මෙහෙම යනකොට (නි)
මේ වගේ ලිපි වලට දාන ප‍්‍රතිචාරය ගැන මම පැය ගානක් කල්පනා කළා. කිසිම දෙයක් හිතෙන්නේ නැති නිසා මොවුන් මරාගෙන මැරෙන්න හිතෙනවා (නි)
මේවා සහගහන අපරාධ දෙවියනේ! (නි)
මේ කාටවත් ඡන්දය දෙන්න එපා. බාරකාර ආණ්ඩුවක් හැටියට පොලිසියට, මාස හයකට රට බාරගන්න දීලා පසුව හොඳ උගත් මහත්වරු පාර්ලිමේන්තුවට පත්කරමු. එවැනි අය දැනට විදෙස්ගතව ඉන්නවා. (නි)
දැන් බොරුවට දත කට පූට්ටු කරගෙන දඟලන කට්ටියට දැන් තේරෙනවා ඇති ඡන්දය දාපු එකේ පලවිපාක. (නි)
ඉතින් ඔය අහවලාට කියලා තව බිල්ඩිමක් එයාගෙම නමට හදාගෙන එයාගෙන්ම කුලියට ගමුකෝ. කෝටි කීයක් ගියත් මොකෝ නේද. ඇයි එයා විශේෂනේ... (නි)
අපි ඉතින් මෙහෙම කියවලා අදහසක් ලියලා සද්ද නැතුව ඉමු (නි)
මහජනයාගේ ඉවසීමේ සීමාවක් නැද්ද? (නි)
ඇමතිත් රජරට නම්, කුඹුරුත් රජරට නම්, අමාත්‍යාංශය අැයි කොළඹ? ඒ වගේ අදහස් එන්නේ නැද්ද අර සුපිරි මොළේට? (නි)
මේ තරම් හිරිකිත පාලනයක්? දෙගොල්ලොම එකම පීල්ලේ යන්නේ. මහජන මුදල් කිසිම අනුකම්පාවකින් තොරව විනාශ කරන විදිහ මෙතනින්ම පේනවා. ඈත ගම්වල පාසල් යන දුප්පත් දක්ෂ දරුවෝ නිදාගන්න හරිහමන් ගෙයක් දොරක් නැතිව, ඇඳගෙන යන්න ඇඳුමක් නැතුව, දාගෙන යන්න සපත්තු දෙකක් නැතුව, උදේට කුසට අහරක් නැතුව කොච්චර ඉන්නවද? මෙහෙම රටක තමා මොවුන් මෙහෙම ජනතාවගේ ධනය කාබාසිනියා කරන්නේ (නි)
ලංකා දේශපාලන ඉතිහාසයේ සිට සිදුවුණේ සහ අනාගතයේ සිදුවන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ මන්ත්‍රීවරු මාරුවෙන් මාරුවට මුදල් හම්බ කිරීම පමණි. එයාලා හිතාගෙන ඉන්නේ ජනතාවගේ සල්ලි එයාලගේ බූදලේ කියල. එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලකයෝ දේශපාලනය තම දරුවන්ට උරුම කරදෙමින් ජනතාවගේ සල්ලි හොරා කෑමට කටයුතු සළස්වමින් සිටිති. පක්ෂ දේශපාලනය ගැන නොසිතා උගත්, බුද්ධිමත්, අවංක පුද්ගලයන්ට පමණක් ඡන්දය භාවිතා කිරීමෙන් පමණක් මෙම අවාසනාවන්ත තත්වය අවසන් කළහැක (නි)
ඔය අමාත්‍යංශයෙන් ගොවියට වැඩක් නැහැ. පෙර තිබුණු තැන හොඳයි. එතනම ඉන්න. (නි)
ආණ්ඩුව පත්කරපු අපිට ආණ්ඩුව එළවන්නත් පුළුවන්. එ්ක පාලකයන් මතක තියාගන්න ඕනෑ. මහජන බලය ඔය හැම බලයකට වඩා ශක්තිමත්. මහජන මුදල් නාස්තිකරපු පහුගිය ආණ්ඩුව ගෙදර යැව්වේ මේ වැරදි නැවත සිදුනොවෙන්නයි. බිඳිය නොහැකියි සිතූ ආණ්ඩු පවා ගෙදර යැවු මහජන ශක්තිය දේශපාලකයන් මතක තබාගත යුතුයි. (නි)
මොවුන්ටනේ අපේ අය පණදෙන්නේ (නි)
මෙම ගොඩනැගිල්ල පරිපාලන මධ්‍යස්ථානයක් සඳහා සුදුසු නැති බව පෙනුමෙන්ම ඔප්පු වෙනවා. ගසක් මලක්වත් නැති තැනක් කෘෂිකාර්මික පරිපාලනයට හොඳද. මෙහි අයිතිකාරිය ඊටත් වඩා වටිනවා වෙන්න ඇති. මෙය රජ හොරකමකි. (නි)
යහපාලනයට ඡන්දෙ දීපු අයගේ දෙමාපියොත් මට මතක්වෙනවා මේ වෙලාවෙදී (නි)
වැඩකට නොගෙන මාස ගානක කුලී ගෙව්වා නම් ඒ සල්ලිවලින් ඉඩම් කෑල්ලක් අරන් අවශ්‍ය ප්‍රමාණයට ගොඩනැගිල්ලක් ඉදිකළත් මෙච්චර මුදලක් අපතේ යන එකක් නැහැ. (නි)
සිනමා නිළිය ගැන ටිකක් හොයලා බැලුවා නම් තමා හොඳ, ඔක්කොටම කලින් (නි)
මෙතන අදහස් දැක්කම පුදුම හිතෙනවා. මේ රටේ මිනිස්සු නෙමෙයිද මේ අය පාර්ලිමේන්තුවට යවන්නේ. ඉතින් අවුරුදු 70ක් විතර මේක තමයි මේගොල්ලෝ කළේ. දැන් විතරක් මොකද මේකට පරලවෙලා. ඒගොල්ලන්ගේ ආණ්ඩුව ඒගොල්ලන්ට ඕනෑ විදිහට සල්ලි වියදම් කරමින් වැජඹෙනවා... (නි)
ඉන්ද්‍ර, පෙළගැහිලා කාව ගේන්නද හදන්නේ. රට දාලා වෙන රටකට යන්න. මේගොල්ලෝ වෙනුවට අරගොල්ලෝ ගෙනාවහම ඒගොල්ලෝ තව බිල්ඩිමක් වෙනත් නිළියකගෙන් ගන්නවා මීට වැඩිය දහ ගුණයකට. (නි)
ඉතින් කොහෙන්ද රටේ සල්ලි? (නි)
අපි දන්නවා කාගෙද කියලා (නි)
අපි හීනෙකින්වත් නොසිතූ යහපාලනය ....! අහෝ දුකකි (නි)
යමෙකුගේ දෙමව්පියන්ගේ පවා ඉගෙනුම් තත්වයත්, අවංකභාවයත් පිළිබඳව අදහසක්, ඔහු කරන දෙයින් කියන්න පුළුවන්. ඔය වගේ වැඩ නවත්වන්න මහත්තයා. සහගහන අපරාධ ඕවා. අන්තිමට හෘද සාක්ෂියට බොරු කරන්න බැහැ. (නි)
ඔය ගොඩනැගිල්ල කාගේද කියලා අපි දන්නවා (නි)
පින් සිද්ධවෙයි මහත්තුරුනේ, අපි මේ කාන්තාර වල දුක්විඳලා එවන සල්ලි ටික ඔහොම විනාශ කරන්න එපා. හරියට කන්න නැතුව, අම්මෙක් තාත්තෙක් දකින්නේ නැතුව හොයන මේ දුප්පත් සල්ලි ටික නාස්ති කරන එක පවක් (නි)
යහපාලනය...යහපාලනය... (නි)
බොරු වැඩනේ මේවා. (නි)
මේකේ උඩම තට්ටුව කුඹුරක් කරලා, දෙවෙනි එක හේනක් කරමු. ඇමතිතුමාට ඒ වැඩ ගැන තේරුමක් නැහැ. ඉතින් හොඳ තේරුමක් ඇති ලංකාවේ නිළියක් හොයාගන්න ඇති දැන්වීම් දාලා සම්මුඛ පරීක්ෂණ තියලා. පළපුරුද්ද ගැන අපිටත් සහතික දෙන්න පුළුවන්. (නි)
ඔය සල්ලි වලින් කොටසක් වක්‍රව ඔය දේශපාලකයන්ට එනවා ඇති (නි)
මේ කරන අපරාධයට කොහොම වන්දි ගෙවන්න වෙයිද? (නි)
උතුමාණෝ නිදිද? (නි)
මහජනතාවගේ මුදල් නේද ඉතාමත් රහසිගත පුද්ගලික සැප වෙනුවෙන් වැය කරන්නේ. මේවා දැක්කාම මුළු රජය වෙනුවෙන්ම ඇති වෙන්නෙ කළකිරීමක්. මෙම බිල්ඩිම සඳහා ගෙවූ මුදල නැවත අයකරන්න. (නි)
ඕවා දැන් කරගන්නකෝ. කවදාහරි නුඹලාට ආණ්ඩුව නැති වෙනවා. එදාට නම් මහජනතාව නුඹලාගේ ජීවිත්වත් ඉතුරු කරයිද කියලා සැකයි. (නි)
මේවා ඉතින් මේ සිරි ලංකාවේ පුදුමවෙන්න දේවල් නෙමෙයිනේ (නි)
ඔන්න ඕවා අමතක කරලා දාන්න (නි)
කමක් නැහැ මහින්දව එළෙවුවනේ! ඉතින් කොච්චර කෑවත් මොකද. (නි)
උදේට කහට කෝප්පය බිලා සෙරෙප්පු දෙකක්වත් නැතුව අඩු පහසුකම් තියෙන පාසල් වලට යන අන්ත දුප්පත් දරුවන් සිටින රටක මහජන මුදල් රුපියල් කෝටි 26 විනාශ කිරීම මොනතරම් අපරාධයක්ද? (නි)
පිටිගල මහත්තයෝ, නුසුදුස්සන්ට "මහත්තුරුනේ" කියන්න එපා. දෙගොල්ලොම එකතුවෙලා රට කෑවා. (නි)
අනේ නියම ගොඩනැගිල්ල කෘෂිකර්මයටම ගැළපෙන (නි)
පත්තරෙන් දකිනකන් ඉඳීද දන්නෙ නැහැ. මොවුන්වත් එළවන්න කාලය ඇවිල්ලා (නි)
තව හොරාකන්න අපි බදු ගෙවනවානේ. (නි)
කට්ටිය අදහස් ලිය ලියා ඉන්න. ඔක්කොම හරියයි (නි)
කලබල වෙන්න එපා. මේවාට සල්ලි ගෙවන්නේ ඇමතිතුමාගේ සාක්කුවෙන් මිස මහජයාගේ සල්ලි වලින් නොවෙයි. මේ වගේ ‘ආශික්‘ බිල්ඩිමක් නැතුව කොහොමද සතුටින් වැඩ කරන්නේ? (නි)
බණ්ඩාර - කැකිරාව, දැන් මෙයාල කියන කතාවක් බලන්නෙත් 200-300 ක් පමණයි. ඒ තරමටම පිරිහිලා. දැන් ලක්ෂ 5 ක් හොයාගන්නත් බැරි තරමට ඡන්දය දුන් ලක්ෂ 62 අඩු කරගෙන. (නි)
මහජන මුදල් සතයක් හෝ වංචා කිරීමෙන් බලු-කපුටෝ වෙලා උපදිනවා කියලා නේද බලයට අාවේ. ලැජ්ජයි. (නි)
පිලිපීනයේ ජනාධිපති ඉන්නේ සාමාන්‍ය නිවසක. කියපු දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්දකරලා පෙන්වනවා. ඒ නිසාම ජනාධිපතිගේ කතාවක් "යූ-ටියුබ්"දැම්මත් ලෝකයේ විසිරි සිටින ලක්ෂ 23-25 පිලිපීන ජාතිකයන් අසනවා.ඒ මොකද? (නි)
මට නම් නායකයන් ඉස්සර කියපු දේවල්, දැන් කරන දේවල් දැක්කම අප්‍රසන්නයි. (නි)
යහපාලනේ ඉවරයි, දැන් තියෙන්නේ සැපපාලනේ! (නි)
අපිට මහින්ද එළවා ගන්නයි ඕනෑවෙලා තිබුනේ. දැන් අපිට මේ යහපාලන මහත්තරු කොහොම කෑවත් කමක් නැහැ. අපි ගොඩ දැන්. නැද්ද? (නි)
ඩුබායි තිලක්, ඔබ මහින්දව එළවලා යහපාලනය ගේන්න හොඳට දර දිය ඇදපු කෙනෙක්. ඔබ බලාපොරොත්තු වෙන්න ඇත්තේ යහපාලන නියමුවරුවත් ඇත්ත යහපාලනයක් ගෙනියාවි කියලා. එහෙත් අද ඔවුන් කිසිම අනුකම්පාවක් නැතුව රට කනවා. ඔවුන්ව පිළිගත් ඔබ වගේ අයටත් මේ තත්වය ගැන වගකීමක් තිබෙනවා. දැන්වත් හිතන්න මොකද මේ රැළ ඔතනට එන්න වලිකෑවේ කියන එක. (නි)
නියම බිල්ඩිම. හැබැයි කෘෂිකර්මාන්තයට නම් නෙමෙයි. කුමටද කියා දන්නෝ දනිති (නි)
අනේ! මේ පත්තර පිටුව කවුරුහරි අපේ වගකිවයුත්තන්ට පෙන්නුවා නම්. නැත්නම් එතුමලා මේවා දන්නේ නැතුව ඇතිනේ. (නි)
මේ ඇමති හොඳයි නගුලට ගැටගහන්න. අනේ ජනපති මුන් කරන දේවල්. ඉතුරු කොරන කෙනාටයි රටේ ප්‍රසාදය. මිල වැඩි වාහන, මිල වැඩි ගොඩනැගිලි නැතිවම බැරිද? (බ)
දැන් පේනවානේද යහපාලනයක් පෙන්නලා ජහපාලනයක් රටට දීපු හැටි. හරියට නංගිව පෙන්නලා අක්කාව දුන්නා වගේ තමයි. මේ කට්ටියට මහින්දලාව එලවන්න ඕන වුනේ මේගොල්ලන්ට කන්න ඕන වෙච්ච නිසා. නැතුව රටට ආදරේ නිසා නෙවෙයි.(බ)
කවුද මේවාට වග කියන්නේ.(හේ)
ඉන්දියාවේ කෘෂිකර්මාන්තය කරන කෙනෙකුට පුදුම සහයෝගයක් රජයෙන් ලැබෙනවා.වුපදෙස් ඉදල,කලට වෙලාවට සහන මිලට පොහොර ටිකද,වතුර ටිකද,අස්වැන්න විකිනීමට ඉදල .....අසරණ කාලෙට වැටුපක්ද හිමි වෙනවා.ඒ නිසා අද වෙනකොට එළවලු පලතුරු ලෝකෙටම විකුණලා විශාල විදේශ විනිමයක් උපයනවා.ඒකට අපේ රට?දුකයි.ලැජ්ජයි.ඇඩෙනවා. (බ)
මේ තියෙන පුවත් සහ අදහස් කියෙව්වම පේන්නේ ඩුබායි තිලක් වගේ අයට අඬන්න තමයි ඉතුරුවෙලා තියෙන්නේ කියලා.දැන් යහපාලනයේ උඩින්ම ඉන්න කට්ටියත් රට කනකොට අර කලින් දාපු සද්ද නැහැ. කෙඳිරිල්ලක් විතරයි. ඔබලාට දැන් සතුටුද, ලැජ්ජාද, නැත්නම් ඩොලර් ලැබිලාද කලින් තිබුණු සද්දය නැත්තේ. (නි)