(ඉන්දිකා රාමනායක)
කොළඹ පාසලක සිසුන් පිරිසකට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අද (28) පැය 4 ට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂවරයකුගේ ප‍්‍රධානාත්වයෙන් පොලිස් කණ්ඩායමක් රාජිත සේනාරත්න මහතා රඳවා සිටින මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත ගොස් මෙම ප‍්‍රශ්න කිරීම සිදුකළ බව උසස් නිලධාරියෙක් පැවසීය.
පොලිස් නිලධාරීන් අද (28) පෙරවරු 10.30 ට පමණ එහි ගොස් සිටි බවත් පස්වරු 2.30 පමණ වන තෙක් ප‍්‍රකාශය සටහන් කරගෙන තිබුණි.
කොළඹ පාසලක සිසුන් පිරිසකට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට හිටපු අමාත්‍යවරයා පසුගිය මාර්තු මස 17 වැනිදා මාධ්‍ය හමුවේ සිදුකළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
අලුත්කඩේ අංක 04 අධිකරණය මගින් ලබාදී ඇති නියෝගයක් මත මෙම ප්‍රකාශය ලබා ගෙන තිබිණි.
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රාජිතගෙන් අදත් පැය 4 ක් ප්‍රශ්න කරයි
sam Thursday, 28 May 2020 10:58 AM
ඉතින් මෙයාගේ නිරෝධායන සති දෙක ඉවරයිනේ ඊයේට. මොකද මෙයාව රිමාන්ඩ් දාන්නේ නැත්තේ...?
චමින්දThursday, 28 May 2020 12:19 PM
ඊයේ පෙරේදා දිනක නැවත පිටතට ගෙනගියානේ.. එදින සිට නැවත දින ගණනක් නිරෝධායනය වෙන්න ඕනෑනේද? මේ කරන්නෙත් ඒකයි...
PrabhaThursday, 28 May 2020 01:13 PM
දවස් 14 .. අපි වගේ අයට... මෙයාලට මාස 14 වගේ අල්ලන් ඉන්න පුළුවන්...
නන්නාදුනන හාදයා Thursday, 28 May 2020 11:17 AM
ඔහොම අහලා දැනගන්න බැහැ.. එයා ඒ කාලේ 88 -89 කාලයේ ප්‍රා කියන මිනීමරු හමුදාව හදලා දහස් ගණන් කොල්ලන්ට කෙල්ලන්ට දුන්න වධම දීලා තමයි.. යමක් අහගන්න වෙන්නේ. දත්ටික ඔක්කොම ගලවන්න කියන්නත් බැහැ.. මිනිහා දත්දොස්තර වුනාට බොරු දත් සෙට් එකක්ලු දමලා ඉන්නේ...
විපරමා Thursday, 28 May 2020 11:55 AM
මාධ්‍ය නිවේදන, මාධ්‍ය සංදර්ශන, මාධ්‍ය ප්‍රකාශ, මෙකී නොකී සියල්ල දේශපාලුවන් නොකරන දේවල්ද..? දේශපාලුවන් කොයිකත් එකයි. ඒ අය තරම් ජනතාව ගොනාට අන්දවන්ට දන්න අය ලොවෙත් නැතුවා වගේ... ගැලවිජ්ජා කාරයින්...
සෙන්දේ Thursday, 28 May 2020 12:54 PM
මෙයා වගේම තව ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් ගැන බොරු ප්‍රකාශ කරලා රටම අන්දන්න හදපු තව දෙන්නෙක් ඉන්නවා.. ඒ ගොල්ලන්ටත් නීතිය ක්‍රියාත්මක වුණා නම් හරි...
Bamunuarachchi Thursday, 28 May 2020 01:02 PM
බොරු කියනවා වගේ... බොරු කියා රට අස්ථාවර කරනවාට කටේ හොරි දාන්න ඕනේ...
vidya Thursday, 28 May 2020 05:53 PM
කව්රු ආවත් පළිගැනීම කරගෙන යනවනේ... තරුණ, තරුණියනි ඔබලාට කාලය ඇවිත් ඇත.
දුටුගැමුණු Thursday, 28 May 2020 10:01 PM
කූඩුවට දාන්නේ ආයෙත් එළියට ගන්න නෙමේයි. හිස බූගා, ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කර රටින් පිටුවහල් කරන්නයි...