IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


රංජන්ට ඇප

(නිමන්ති රණසිංහ)

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන්  රාමනායක  මහතා නුගේගොඩ  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යු.කේ. පැල්ලපොල මහතා අද (05) නියෝග කළේය.

ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණු මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.

බලපත්‍ර නොමැතිව පිස්තෝලයක ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවසේදී ඊයේ (04) ඔහුව අත්අඩංගුවට ගැනිණි.

(ඡායාරූප - චතුර.එස් කොඩිකාර)

 



අදහස් (48)

රංජන්ට ඇප

nayodya senevirathna Sunday, 05 January 2020 12:23 PM

අනේ මම සැනකින් නිවුස් බලබලා හිටියේ රන්ජන් ඔබ ඇපේ අරගෙන එනකම්... ජේසු පිහිටයි! සත්‍ය කවදා හෝ ජයගනී. මිලසූත්‍රයත් ඔන්න ජය අරගෙන මංගල මන්ත්‍රීතුමාගේ...

:       232       1461

අසිත Sunday, 05 January 2020 04:36 PM

රන්ජන්ව අත්අඩංගුවට ගැනීමෙන් රජයට ලැබී ඇති වාසිය කුමක්ද? වර්තමාන රජයේ ප්‍රකාශකයන් බවට පත්කර ඇත්තේ සිවුරු පොරවා සිටින ගිහියන්ද? රජය ත්‍රිපිටකය පිළිබඳව ඉහළින් කතා කළත් නිර්මල බුදුදහම විනාශ කරන්නාවූ භික්ෂූන් පිළිබඳව කතා නොකරන්නේ ඔවුන්ගෙන් ලැබෙන්නාවූ දේශපාලන වාසිය බුදුදහමට වඩා වැදගත් නිසාද? ඔවුනට විනය පිටකය අදාල වන්නේ නැතිද කියා මහානායකවරුන්ගෙන් මෙන්ම දේශපාලන නායකයින්ගෙන් අසමු...

:       104       902

GalaparaMonday, 06 January 2020 01:48 AM

මේ සිවුරු දාගත් මාධ්‍ය ප්‍රකාශකයින් බවට පත්කර ඇති හාමුදුරුවරුන් යැයි කියාගන්නා අය අපේ බුද්ධධර්මයට කරන්නේ විශාල අපකීර්තියක්. අන් ආගමිකයන් මෙය දකින්නේ දැඩි පිළිකුලෙන්. මහානායකවරුන්ගෙන් අපි ගෞරව පූර්වකව ඉල්ලා සිටින්නේ මේ මාධ්‍ය ප්‍රකාශකයින් ලෙස වහසි බස් දොඩන හාමුදුරුවරුන් මේ අසෝබන ක්‍රියාවෙන් ඉවත් කරන ලෙසයි.

:       0       302

සරත් Sunday, 05 January 2020 05:01 PM

විපක්ෂනායක වශයෙන් රන්ජන් බැලීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට සජිත් පිළිතුරු නොදී සිටියේ හෝ අදහස් ප්‍රකාශ නොකිරීමෙන් පෙනීයන්නේ ඔහු එම ස්ථානයට පැමිණීමේදී සිදුවීම පිළිබඳව නොදැනුවත්ව සිටීමද නොඑසේනම් ඔහුගේ නොහැකියාවද?

:       282       265

bandaSunday, 05 January 2020 09:10 PM

සරත්, ඔයාට කැමති එකක් හිතාගන්න.

:       0       4

Bamunuarachchi Monday, 06 January 2020 01:08 AM

නීතිය පිළිබඳව සජිත් අබමල් රේණුවක තරම්වත් දෙයක් නොදන්නා නිසා කිසිවකුගේ නඩු ගැන ඔහු කතා නොකරන තරමට හොඳයි.

:       272       1

abaranMonday, 06 January 2020 05:48 AM

මල්ලිට කියන්න මල්ලි අපි ඔක්කොම යාළුවො මල්ලි... අපිට අබමල් රේණුවක තරම්වත් හානියක් වෙන්නේ නෑ මල්ලි.. මල්ලිලා මොනවා හරි චූටි වරදක් කළොත් මල්ලි බඩුම තමයි මල්ලී..

:       0       19

Amula Sunday, 05 January 2020 12:24 PM

තුනායි...!!! ඊළඟට කවුද ඉන්නේ? හැබැයි මේ ඔක්කෝටම කලින් රනිල්ව දාන්න ඕනේ..

:       1022       813

hafeelSunday, 05 January 2020 01:19 PM

රනිල්? රාජපක්ෂලාට රනිල් කළ සහයෝගයට රනිල්ව හිරේ දාවිද? බලාගන ඉන්න. රනිල් නිසා තමයි අද රාජපක්ෂලා බලයේ ඉන්නෙත්...

:       2       1204

MaheshSunday, 05 January 2020 03:35 PM

පිස්සුද යාලුවා. රනිල්ලා, මහින්දලා අතිජාත යාලුවන්. වටේ ඉන්න අයට තාවකාලික ටොෆි දෙන්නේ සමහර පාක්ශිකයන් චූන් කරන්න. යහපාලනය ආව කාලෙත් ඔහොමනේ කරේ..

:       1       269

bandaSunday, 05 January 2020 09:12 PM

ඔයා පව් අනේ..

:       0       2

Mahesh Sunday, 05 January 2020 12:56 PM

ජනාධිපතිතුමනි, පාර්ලිමන්ට් ජෝක් ඔබතුමාගෙන් බලා පොරොත්තුවෙන්නේ නැහැ. චැනල් කාරයින්ට වුවමනා විදියට රට කරන්න ගියොත් නාගන්නවා ශුවර්...

:       73       1847

Mahee Sunday, 05 January 2020 01:06 PM

මම දේශපාලුවන්ට සුබ පතන්නේ නෑ. ඒත් ඔබට සුබ පතනවා. ඒ මොකද අමුම අමු පළිගැනීමකට ඔබ ලක්වූ බව පැහැදිලි නිසා... ඔබ ත්‍රිවීල් කාරයෙක් වුණා නම් ඔබේ ත්‍රී වීලරයේ තිබී කුඩු පැකට් එකක් අහුවෙන්න තිබුණා. මන්ත්‍රී කෙනෙක් නිසා පිස්තෝලයක් අහුවුණා. මේ ආණ්ඩුවත් නීතිය රජකරවන්නේ කටින් පමණක් බව නම් දැන් දැන් ඔප්පු වෙමින් යනවා.

:       114       1587

විජිත් Sunday, 05 January 2020 09:58 PM

මහී මල්ලි, මේ ආණ්ඩුව 2015ට කලින් ඉන්න කොටනේ නීතිය නැති වුණේ. හිටපු අගවිනුසුරුතුමියට බොරු චෝදනාවක් දමලා පාර්ලිමේන්තුවේ කට්ටියක් විසින් නඩු අහලා අගවිනිසුරුකමෙන් පන්නලා දැම්මේ. එවැනි නරුමයින් කණ්ඩායමකගෙන් සාධාරණ නීතියක් රජකරන රටක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද...? රන්ජා මගේ පාසලේ මිත්‍රයා.. මට හරි සතුටුයි ඔහු පොලිසියට "ඉදිරිපත්වුණු" විදිහට.. ඔහු කිව්ව දේවල් වලට...

:       12       116

BamunuarachchiTuesday, 07 January 2020 01:40 AM

මේ මුළු රටම ජාර ගොඩක් රංජන්ලා වගේ මිනිස්සු දේශපාලනයේ ඉන්නකන් මෙරට හදන්න බැහැ. මේ පොටෝවලින් පෙනෙනවා රන්ජන්ගේ තරම.

:       1       0

anil kurukulasooriya Sunday, 05 January 2020 01:08 PM

රන්ජන් මන්ත්‍රීතුමනි ඔබට ජය... ඔව් ඔව්, තව එක්කෙනෙක් දෙන්නෙක් ගන්න කොට ඔන්න එම්.සී.සී. එකත් අත්සන් කළා කියාවි. හැට නව ලක්ෂයට ජය පිට ජය එතකොටයි.

:       75       1532

ලැවොයිසියර් Sunday, 05 January 2020 01:16 PM

ඉදිරි මහමැතිවරණයට රන්ජන් වැඩිපුර වෙහෙස විය යුතු නැහැ... දැනටමත් ජයග්‍රහණය තහවුරු වෙලා ඉවරයි. රන්ජන්ට තියෙන ජොලිය එයයි...

:       3       827

Hafeel Sunday, 05 January 2020 01:17 PM

මේවා 69 ලක්ෂය සතුටු කරන වැඩ...

:       40       828

Gune Sunday, 05 January 2020 01:20 PM

දහපාරක් හිරේ යන්න ඕන හොරුන්ට ඇමතිකම් දෙනවා. ඇත්ත කතාකරන මිනිස්සුන්ව හිරේදානවා. කෙනෙක් කියන්න පුළුවන්.., විශේෂයෙන් වහල්ලු කියයි නීතිය කාටත් එකයි කියලා. ඉතින් එහෙනම් කෝ බැංකු හොරු... මීටකලින් නඩු ඉවර කරන්න ඕනෑ අය කොච්චර ඉන්නවද? ඇයි, මහබැංකු වෝහාරික විගණන වාරතා එළියට දානේ නැත්තේ? මේ ආණ්ඩුවේ ලොක්කොත් ඉන්නවා ඒකේ... ඒකයි හේතුව.. පාඨලීට කළෙත්, රාජිතට කලෙත් මේකමයි කියලා මං කලින් නොහිතුවත් දැන් හිතෙනවා.

:       33       1030

Nandalal DE SILVA - FranceSunday, 05 January 2020 11:46 PM

ගෝඨාගේ ජනපති ජයග්‍රහණය වෙනුවෙන් දරදිය ඇද වෙහෙසුන, ගිරිය කඩාගෙන මොරදීපු නඩයේ කී දෙනෙක් මේ විදියට මුදල් උපයාගෙන තරවී සිටින බව දන්නෝ දනිති ! ලොක්කලත් දනිති. හැබැයි ඒ එකෙකුටවත් එරෙහිව රාජපක්ෂවරු ඇඟිල්ලක්වත් උස්සන්නේ නැත. හිරේ යවන්නෙත් නැත. පොලිසිය ලවා ගෙවල්, නිවෙස්, මන්දිර පරීක්ෂා කරවන්නෙත් නැත. හේතුව මේ හොරුන්ගේ සහාය ඔවුන්ට තව දුරටත් අවශ්‍ය බැවිනි..

:       0       245

Mihira Sunday, 05 January 2020 01:44 PM

යකඩෝ, කිරිබත ඉදෙන්න කළින් එලියේ තියන්නකෝ... පව් 69.... එහෙම කරන්න එපා නඩුකාරතුමනි, පව් එයාලා..

:       1       327

Ruwan Sunday, 05 January 2020 02:11 PM

මාර ප්‍රතිචාරනේ තියෙන්නේ... ඔය කව්රුහරි කියන්නකෝ මන්ත්‍රිතුමා පිස්තෝලය ලඟ තබාගත්තේ කපුටන් මරන්නද කියලා...

:       1258       59

mihira Sunday, 05 January 2020 02:54 PM

මෝඩ කතා කියන්න එපා... ඒක ආණ්ඩුවෙන් දීලා තියෙන්නේ ආරක්ෂාවට...

:       2       558

BamunuarachchiWednesday, 08 January 2020 01:55 AM

ඒ උනාට එයා හිටපු අගමැති සමග කතාවෙන්නේ අහවලාට වෙඩිතියන්න කියලා. ලොක්කා කියනවා මිස් ෆයර් එකක් කියා කියන්න කියලා.

:       0       0

MihiraSunday, 05 January 2020 03:01 PM

රුවන් මෝඩ කතා කියන්න එපා. මේවා ලෝකෙම බලනවා. එතුමා පිස්තෝලය තියන් ඉන්නේ ආරක්ෂාවට මන්ත්‍රීවරයෙක්ට අාණ්ඩුවෙන් දුන්නු එකක්.. මොඩ කතා කියන්න කලින් කාගෙන් හරි අහලා දැනගන්න.

:       1       479

GuneSunday, 05 January 2020 03:06 PM

අඩු වශයෙන් සාමාන්‍ය දැනීම 3 වැනි ශ්‍රේණියේ ළමයෙකුගේ මට්ටමටවත් තිබුණා නම් තමයි හොඳ...

:       1       279

MaheshSunday, 05 January 2020 03:42 PM

මෙහෙම ජීවිතත් රටේ ඉන්නවනේ.. මේ වගේ අය තමයි චූන් වෙන්නේ නාට්‍යයේ මුල් හරියේදී..

:       1       397

HemanthaMonday, 06 January 2020 03:31 AM

මෙහෙම හිතන අය තමයි ඔය 69 ලක්ෂය ඇතුලේ වැඩිපුර ඉන්නේ...

:       0       51

harith Gunasekara Sunday, 05 January 2020 03:14 PM

රන්ජන් මචං, ලක්ෂ 10ක් වුණත් අැප තියන්න අපි මෙහෙ ඉන්නවා. ජේසු පිහිටයි මචං ....

:       111       594

Mahesh Sunday, 05 January 2020 03:41 PM

හතරවෙනි නාට්‍යයේ පළමු කොටස මතුසම්බන්ධයි. පිටපත නම් අවුල් හොඳේ. කොලොන්නාවේ නාට්‍යයත් පෙන්නන්න යනවා කියලා ආරංචියි. මේ යන විදියට ගියොත් මිනිස්සු කියයි සිරිසේන ගියා නන්දසේන ආවා කියලා. ගරුත්වය රැකගන්න ජනාධිපතිතුමනි. මේ වගේ විකට නාට්‍යය වලින් ඔබේ ප්‍රතිරූපය තමයි වැනසෙන්නේ. මතකයිනේ සිරිසේන ආපු මුල් කාලේ වීරයා වුණා... අන්තිමට මොකද වුනේ..? රටේ ආර්ථිකය ගැන කටයුතු කරන්න මේ විකාර නැතුව..

:       266       799

jim kuru Monday, 06 January 2020 01:23 AM

සහතික ඇත්ත මහේෂ් ඔබට එය තේරුම් ගියා...

:       0       19

Nimal Sunday, 05 January 2020 04:03 PM

කවදත් සත්‍ය ඇත්ත කතාකරන පාර්ලිමේන්තුවේ සිටින එකම ජනතා නියෝජිතයා තවත් ශක්තිමත් වුණු එකයි මේකෙන් සිද්ද වුනේ...

:       128       1123

Nalaka Sunday, 05 January 2020 06:28 PM

පල්ලේපොල විනිසුරු රියදුරු බලපත්‍රය අලුත් කරේ නැති අයටත් විදේශ ගමන් තහනම්ද?

:       0       9

Hudson Sunday, 05 January 2020 09:56 PM

වීඩියෝ ගැන බොරු ප්‍රචාරය කරන තුට්ටු දෙකේ ජනමාධ්‍ය උඩ බලන් කෙල ගහනවා. මේ සිද්ධිය ලොක්කෙකුගේ පුතෙක් කළ විදේශ විනිමය වංචා චෝදනාවක් ගැන රන්ජන් කතා කිරීම නිසා ගත් පළිගැනීමක් කියලා අාරංචියි.

:       0       25

De Sunday, 05 January 2020 11:23 PM

ජනතාවට ඇපත් නෑ, අනේ මෙහෙමත් රටක්...

:       0       7

vidya Sunday, 05 January 2020 11:35 PM

පිස්තෝලයට අලුත් බලපත්‍රයක් නැති එක්කෙනාව ගෙදර වට කරලා අරන් ගියාට, පාස් පෝට් දෙකක් තියා ගත්තු එකාට ඇමැති කමුත් දීලා. විද්වත් පිරිස කොහෙද ඉන්නේ? අපි හිතුවේ ධර්මාශෝක කෙනෙක් පහළ වෙයි කියලා. පහුගිය දවස්වල හාමුදුරු කෙනෙක් කීවා නේද ධර්මාශෝක කෙනෙක් ගැන.. තව එක්කෙනෙක් කීවා හිට්ලර් කෙනෙක් ගැන... මක්කයිද අපිට වෙන්න යන්නේ... මහ ඡන්දෙදී කාටද මේ රට පිළිවෙලක් කරන්න කවුරුද පාර්ලිමේන්තුවට යවන්නේ?

:       0       22

Buddika Monday, 06 January 2020 12:03 AM

මහබැංකු වංචාව ගැන පැය 24න් පියවර ගන්නවා කියලා ඡන්දෙදී බෙරිහන් දීලා, පොරොන්දු දීලා බලයට ඇවිත් අද මේ කරන්නේ දේශපාලන දඩයම්.. රාජ්‍ය මර්ධනය.. මේවාගෙන් මේ ආණ්ඩුව පහතට වැටෙන්න පටන් අරගෙන. ලොකු වැරැදි වෙනුවට රථවාහන නඩු සුළු වැරැදි පේන්නේ. මහබැංකුව සම්බන්ධ වෝහාරික විගණන වාර්තාව කෝ? මේවා තමයි දේශපාලන ඩීල්... හොරු රකිනවා වගේම තමන්ගේ හොරකම් ඒ වාර්තාවෙන්ම එළිවෙනවා.

:       10       35

Sarath R Monday, 06 January 2020 12:18 AM

මේ ආණ්ඩුව යටතේ අධිකරණය කිසිම ඇඟිලි ගැසීමකින් තොරව කටයුතු කරන බව තේරෙනවා. පසුගිය රජය යටතේ නඩු ගොනු කලේ අරලියගහ මැදුරේ අනුරත් එක්ක. අත්අඩංගුවට ගන්නා අය තීරණය කළේ ඒ අය. මේ පෝස්ට් දාන අයට ඇවැසිනම් පසුගිය කාලෙවගේ මාස 3-4කට එහෙමත් නැත්නම් අවුරුදු 2-3 කට මේ අය සිරගෙට යවන්න පුළුවන්. නමුත් ජනපති සහ අගමැති ඒ කාර්ය දැන් බාරදී ඇත්තේ පොලිසියට... පොලිසිය අවැසි වෙලාවට නඩු මාර්ගයට ගොස්, ගමන් බලපත් තමා බාරයට ගෙන, සියල්ල ඇප මත තබා පසුව එකින් එක විභාගයට ගනීවි. අපි ටිකක් ඉවසමු..!.

:       88       76

Asanka Monday, 06 January 2020 12:22 AM

පිටපත වියත්මගේ බන්දු සමරසිංහගෙන්. අත්අඩංගුවට ගැනීම රස ආකරයක්... සිනා සාගරයක්..

:       0       24

Silly Point Monday, 06 January 2020 01:37 AM

මේ ආණ්ඩුවට කිසිදෙයක් මොලේ පාවිච්චි කරලා කරන්න බෑ. පහුගිය ආණ්ඩුව කරපු දේවල් තාම කරගෙන යන්නේ. දැන් කියනවා මංගලගේ මිල සුත්‍රය හොඳයිලු... එ්ක දිගටම පාවිච්චි කරනවලු. පහුගිය කාලේ කොහොමද උඩ පැන්නේ එ්කට විරුද්ධව...

:       0       145

Nandaka Monday, 06 January 2020 01:49 AM

සිරිසේන ගියා... නන්දසේන ආවා..!

:       5       161

Lebbe Monday, 06 January 2020 01:51 AM

හඬපටවල තියන දේවල් එළියට ආපුවාම බලමු අදහස් දාන අය මොකද කියන්නේ කියලා...

:       42       111

athuraMonday, 06 January 2020 02:53 PM

හඬපට කාගේද? නාමල් කුමාරගේද?

:       0       1

Sunil Perera Monday, 06 January 2020 02:43 AM

අැත්තටම මට හරි දුකක් ඇති වුණා... රන්ජන්ව රිමාන්ඩ් කරා කීවාම, ඒ ඔහු මන්ත්‍රී කෙනෙක් හෝ නළුවෙකු නිසා නොව.., ඔහුගේ ක්‍රියාකාරිකම් නිසා. නිදහස් කළාම හිතට සැනසීමක් ඇතිවුණා.

:       48       235

wije Monday, 06 January 2020 02:55 AM

බලාගෙන ගියාම මහ බැංකුව මංකොල්ල කනවාට වඩා දරුණුයි බලපත්‍ර නැති පිස්තෝලයක් ළඟ තියාගෙන ඉන්න එක නේද? පුදුම රටක්...

:       0       79

dahamsiri hettiarachchi Monday, 06 January 2020 03:45 AM

ටිකක් කල් ගත වුණත් "පළවෙනි සේන රජු" ජෝකර් කෙනෙක් විය. රන්ජාගේ සිද්ධියෙන් පසු ඉන් ඉක්බිතිව, පැමිණි "දෙවෙනි සේන රජු" ජෝකර් කෙනෙක් වීම සුළු කලින්ම සිදු විය. ඒ රාජ්‍ය බලය ලැබී මසක් වැනි කාලයකින්ය. මෙසේ ලංකා ඉතිහාසය ලියැවනු ඇති. 69 ලක්ෂයට කාගේ පිළිසරණක්ද?

:       0       576

Hina hina Monday, 06 January 2020 04:50 AM

මේ සමහර කමෙන්ට්වලට දාන්න ලයික්, ඩිස්ලයික් ඇරෙන්න.., කින්ඩි හිනා කියලා බට්න් එකක් නැද්ද?

:       0       5

Gune Monday, 06 January 2020 06:44 AM

දහම්සිරි හෙට්ටිආරච්චි මහතා, හරි අපුරුයි. හරිම ලස්සනයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1958 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 371 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 655 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 983 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 174 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 632 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 728 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site