නව රජයේ රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු දිව්රුම්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි.
රාජ්‍ය ඇමැතිවරු
01.චමල් රාජපක්ෂ - රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති
02.වාසුදේව නානයක්කාර - ජල සම්පාදන පහසුකම් රාජ්‍ය ඇමැති
03.ගාමිණි ලොකුගේ - නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති
04.මහින්ද යාපා අබේවර්ධන - වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය ඇමැති
05.එස් බී දිසානායක - ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය ඇමැති
06.ජෝන් සෙනෙවිරත්න - ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය ඇමැති
07.මහින්ද සමරසිංහ - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති
08.සී.බි.රත්නායක - දුම්රිය සේවා රාජ්‍ය ඇමැති
09.ලක්ෂ්මන් යාපා අබේවර්ධන - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති
10.සුසන්ත පුංචිනිලමේ - කුඩා හා මධ්‍ය පරිපාන ව්‍යවසාය රාජ්‍ය ඇමැති
11.අනුර ප්‍රියදර්ශන යාපා - අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය ඇමැති
12.සුසිල් ප්‍රේමජයන්ත - ඡාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය ඇමැති
13.ප්‍රියංකර ජයරත්න - දේශිය වෛද්‍ය සේවා රාජ්‍ය ඇමැති
14.රංජිත් සියඹලාපිටිය - අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති
15.මහින්දානන්ද අලුත්ගමගේ - විදුලිබල රාජ්‍ය ඇමැති
16.දුමින්ද දිසානායක - තරුණ කටයුතු රාජ්‍ය ඇමැති
17.රෝහිත අබේගුණවර්ධන - බලශක්ති රාජ්‍ය ඇමැති
18.දයාසිරි ජයසේකර - කර්මාන්ත රාජ්‍ය ඇමැති
19.ලසන්ත අලගියවන්න - රාජ්‍ය කළමනාකරණ ගිණුම් කටයුතු රාජ්‍ය ඇමැති
20.කෙහෙළිය රඹුක්වැල්ල - ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති
21.අරුන්දික ප්‍රනාන්දු - සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති
22.තිලංග සුමතිපාල - තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය ඇමැති
23.මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා - මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති
24.විජිත බේරුගොඩ - කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති
25.රොෂාන් රණසිංහ - මහවැලි සංවර්ධන හා රාජ්‍ය ඇමැති
26.ජානක වක්කුඹුර - අපනයන කෘෂිකර්ම රාජ්‍ය ඇමැති
27.විදුර වික්‍රමනායක - කෘෂිකර්ම රාජ්‍ය ඇමැති
28.ෂෙහාන් සේමසිංහ - සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය ඇමැති
29. කණක හේරත් - වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති
30.දිලුම් අමුණුගම - ප්‍රවාහන හා සේවා කළමනාකරණ රාජ්‍ය ඇමැති
31. ලොහාන් රත්වත්තේ - මහාමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති
32. විමලවීර දිසානායක - වනජීවි සම්පත් රාජ්‍ය ඇමැති
33.ජයන්ත සමරවීර - පරිසර රාජ්‍ය ඇමැති
34.සනත් නිශාන්ත පෙරේරා - ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමැති
35.තාරක බාලසුරිය - සමාජ ආරක්ෂණ රාජ්‍ය ඇමැති
නියෝජ්‍ය ඇමැතිවරු
01.නිමල් ලන්සා - ප්‍රජා සවිබලගැන්වීම් නියෝජ්‍ය ඇමැති
02.කංචන විජේසේකර - ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති
03.ඉන්දික අනුරුද්ධ - රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය ඇමැති
( ඡායාරූප චතුර එස් කොඩිකාර)
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජ්‍ය-නියෝජ්‍ය ඇමැතිවරු දිව්රුම් දෙති
කාලිංග Wednesday, 27 November 2019 04:52 AM
හොරු සමග ආශ්චර්යය වෙනුවෙන් පෙරට...
VajiraWednesday, 27 November 2019 08:29 AM
අපේ නාමල් බේබිට එකක් දීලා නෑනේ. සමහරවිට එයා ඔක්කොගෙම වැඩ බලන්න පත් කරයි.
kamal Wednesday, 27 November 2019 05:10 AM
මෙතන මේ ඇමතිවරු 27ක්, කැබිනට් 15 යි බැලුවම 42 යි. පරණ සෙල්ලම තමයි.
NissankaWednesday, 27 November 2019 08:18 AM
මෙතන 38 යි. කැබිනට් එකේ 15 යි. ඔක්කොම 53 යි. 19 වෙනි සංශෝධනයේ විදිහට ඔක්කොම 50 යි නේද පුළුවන්?
saliya Wednesday, 27 November 2019 05:10 AM
මේ ගොල්ලන් ව රවට්ටන්නයි ඇමතිකම් දෙන්නේ. මහ ඡන්දෙ ට වැඩි හරියකට නාම යෝජනා දෙන්නේ නැහැ. මේ අය තේරෙන්නෙත් නැහැ. කලබල නොවී ඉඳිමු. උගත්තු, අවංක අය විතරයි පත් වෙන්නේ. ඡන්දය දෙමු හොඳේ.
DineshWednesday, 27 November 2019 05:46 AM
කලබල වෙන්න එපා, බයි ලොජික්...
athuraWednesday, 27 November 2019 06:16 AM
මේ ගොල්ලන්ව රවට්ටන්න නෙමෙයි ඔය ගොල්ලන්ව රවට්ටන්නයි ඇමතිකම් දෙන්නේ.මහා මැතිවරණෙ ලැයිස්තුවට මෙයාලම තමයි දාන්නේ.
saliyaWednesday, 27 November 2019 08:21 AM
ඇයි ? පේන්නේ නැත් ද? වේගයෙන් ආශ්චර්යයට ඇදී යන හැටි මේ දවස් තුන හතරට !. තව දවස් 100 කින් විතර ඔයත් ඡන්දෙ දේවි ඊ ළඟ සැරේ !
සංජීව Wednesday, 27 November 2019 08:09 AM
මොන ගොං කතාවක්ද ඒ? ඒ ගොල්ලො නෙවෙයි රැවටිලා තියෙන්නේ ඔයාලා.
lakmal Wednesday, 27 November 2019 05:32 AM
මේ රට හදන්න බෑ................
FernandoWednesday, 27 November 2019 08:32 AM
හදන්න තිබුණා... ජනාධිපතිවරණයේදී හරි තීන්දුවක් අරගෙන විකල්පය දිනෙව්වා නම්... දැන් ඉතින් හූල්ල හූල්ල ඉඳිමු...
padminiThursday, 28 November 2019 06:12 AM
ඉතාමත් කණගාටුවෙන් ලියමි. මම ජීවත් වෙන්නේ නම් විදේශ රටක. නමුත් ලංකාව් ඇතුලේ ඉඳලා පෙනෙන ලංකාව නෙවේ මෙහෙදී අපි දකින්නේ... නිදහසේ උපරිමය භුක්ති විඳිමින් රැකියාව කර හවස නිවසට ආවම කරන්නේ ලංකාවේ සියලුම පහේ නාලිකාවල යන දේශපාලනික වැඩ සටහන් බලන එක. වසර ගණනක අත්දැකීම් එක්ක අද ඔය රට වැටිලා තියෙන තැන ගැන පුදුම වේදනාවක් දැනෙන්නේ. නැවත අලුත් රටක් ගැන සිහිනයෙන් වත් සිතන්න බෑ. පත්වුණු ඇමතිලා බොහෝමයක් අත්අඩංගුවේ සිටිය යුතු නොවේද? ඔවුන්ගේ දැනුම බින්දුවයි. මමත් ඔහු සමග විද්‍යෝදය සරසවියේ හිටියා. ඔහුගේ පෙළපාලිවල ගමන් කළා... ලංකාව තනිකරම අසත්‍ය වපුරන භූමියක් වෙලා. එහි සත්‍ය යනු වල්පැල... ජීවත් වන රටේ ආගම දේශපාලනයට හෝ පාසලට වද්දගන්නේ නැහැ. ආගම යනු ඉතාම පුද්ගලික දෙයක්. ලියන්නට බොහෝ දේ ඇත. නමුත් මේ කිසිවකින් මිනිසුන්ගේ මනස වෙනස් කළ නොහැකි බව ඔවුන් 69 ලක්ෂයක් ඔප්පු කළා. නැවතත් මට ලියන්නට ඇත්තේ එදා 2015ට පෙර ලිවූ දේමය. අනේ, අපි කවදාක හිනැහෙමුද මේ රටේ...?
වරුණ සද්ධාමංගල Wednesday, 27 November 2019 05:38 AM
සාලියද නැත්නම් ආණ්ඩුව කරන හැමදේම, ඕනෑම දෙයක් සාක්ෂාත් කරන තවත් බයියෙක්ද?
WARUNA Wednesday, 27 November 2019 05:40 AM
දමිල හා මුස්ලිම් රාජ්‍ය ඇමතිවරු නොසිටීම මහමැතිවරණයේ යම් අවාසි තත්වයක් රජයට ගෙනදිය හැක.
Nandalal DE SILVA - FranceWednesday, 27 November 2019 09:12 AM
"අවාසි තත්වයක්" නොවෙයි, මෙය ඒ පළාත්වල දමිල හා මුස්ලිම් ජනතාවට කරපු සමච්චලයක් හැටියට සලකන්න පුළුවන්. "ඔයාලට මම එපා නම් ඔයාලගේ මන්ත්‍රීවරුන්ට හුළං තමා" කියන එක තමා මේ පෙන්වාදී තිබෙන්නේ ! එහෙම නැත්නම් "එළඹෙන මහා මැතිවරණයේදී පොහොට්ටුවට චන්දෙ දමල ලොකු පුටු ලබා ගන්න" යන න්‍යායය පැහැදිලිවම දක්වා ඇත. කොහොම උනත් ගෝඨා සිංහල ඡන්දවල පිහිටෙන් ජනපති උන බව එයාගේ මංගල කතාවෙන්ම පැවසු බව අපට තවම මතක තිබේ ! බැසිල්ට, නාමල්ට පලා බෙදල වගෙයි ! ! !
rana Wednesday, 27 November 2019 05:51 AM
බුදු අම්මෝ ! මේකද මේ කියපු අලුත් දේ ? අපරාදේ මගේ ඡන්දේ.
maxWednesday, 27 November 2019 06:12 AM
යන්න රනා බොරු නොකර. ඔයා ඡන්දෙ දුන්නේ කාටද කියල කොමෙන්ටුවෙන් තේරෙනවා. මේ කැබිනට් ඇමතිවරු නෙවෙයි. අනික, මේ මිනිස්සු තමයි ඡන්දෙ කෙරුවේ. නැතුව ඔහෙයි මායි නෙවෙයි. ගෝඨාභය මහත්තයා පිළිබඳ අපට විශ්වාසයි.
sandy123Wednesday, 27 November 2019 06:44 AM
මේ රාජ්‍ය ඇමතිවරු. ඊට පස්සේ නියෝජ්‍ය ඇමතිවරු. ඊටත් පස්සේ අධීක්ෂණ මන්ත්‍රීවරු. පරණ තැටියම අලුත් කැටයමක් සමග.
සංජීව Wednesday, 27 November 2019 08:31 AM
වහල්ලු ඉන්නකම් මැති ඇමතිලා 55ක් නෙවෙයි 150ක් දැම්මත් මොකද? මේවගේ අය නිසා තමයි දේශපාලුවන් හැමදාම රජ කරන්නේ. ඡන්දේ කරපු නිසා ඇමතිකම් දීලා... මොන මෝඩ කතාවක්ද?
ranjithWednesday, 27 November 2019 11:59 PM
අලුත් බෝතලයක් නම් ලැබුණා.. එ්ත් ඇතුලේ පරණ වයින්මනේ තියෙන්නේ...
sadisWednesday, 27 November 2019 06:19 AM
එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්. ඔහොම යමු.
sandy123 Wednesday, 27 November 2019 06:02 AM
අමාරුවෙන් දුවන රටක භාරකාර ආණ්ඩුවකට දෙන ඇමතිදුර ප්‍රමාණය දැක්කම සංවර්ධිත රටක් නම් කොහොම තියේවිද? හිටපු සහ ඉන්න ඔක්කම එකයි. කුඩා රටකට ඔරොත්තු නොදෙන විදිහට අපේ ලේ උරා බොනවා. දුෂණය පිරිච්ච රටක් වෙලත් ඉන්දියාව කොච්චර හොදද?
aruna Wednesday, 27 November 2019 06:17 AM
මේ අය හිතන් ඉන්නේ මේ අයගේ හොඳ නිසා මේවා ලැබෙනවා කියලා. ඒ උනාට ඇත්ත කතාව නම් හිටපු අයගේ නරක නිසා මුන්ට මේවා ලැබෙන බව නේද?
කුමාර Wednesday, 27 November 2019 06:18 AM
ගොඨා වැඩ කරන්නෙත් මහින්දට ඕන විදිහට. පරණ තැටියක් තමයි.
MahiWednesday, 27 November 2019 07:04 AM
ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අපට අහිමිවන එක තමා ලොකුම පාඩුව. ඔහු මනාසේ මහා බැංකුවේ කලමනාකරණය පවත්වාගෙන ගියා.
Raveendra Wednesday, 27 November 2019 06:22 AM
දැන් ගිය අයට කන්න බොන්ඩ අපේ මුදල් හොදහැටි වියදම් කරා වගේ මේ අයටත් දෙන්නකෝ දැන්.
ධම්ම Wednesday, 27 November 2019 06:52 AM
ප්‍රසන්න රණවීරට ඇමතිකමක් නැති එක ගැන මට දුකායි.
HafeelWednesday, 27 November 2019 08:23 AM
එයාට දුෂණ චෝදනා හෝ දුෂණ නඩු තියනවද දන්නේ නැහැ. එවැනි චෝදනා තියන අයට තනතුරු දෙන්න නැහැ කිව්වා නේද. මේ පත්වීම් ලැබූ ඇමති, රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමතිලාට චොද මොකුත්ම නැතුව ඇති.
sharm warn Wednesday, 27 November 2019 06:54 AM
මේ තියෙන්නේ සුන්දර වෙනසක්. පුදුම සතුටක්. අපි කියලත් ලේසිද ඉතින් ? ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු. තව එන්න කියන්න. අපිට පුළුවන් තව ගොඩක් බදු ගෙවන්න. අපි ඉපදිලා ඉන්නෙත් බදු ගෙවන්නනේ. මේ අය ඡන්දෙ දුන්න අය හොයා ගන්නත් බැරි වෙයි තව ටික දවසක් යද්දී. ඇයි දෙයියනේ භාරකාර රජයකට මොකටද රාජ්‍ය නොවෙන ඇමතිවරු ? දැන් මෙහෙම නම් රජයක් පත් වුන දවසට ආණ්ඩු පක්ෂේ ඉන්න හැම කෙනාටම අමාත්‍යංශයක් හදලා දෙයිනේ.
wimal Wednesday, 27 November 2019 06:59 AM
එය පත් කිරීම ඉතා ඉහළයි. තිබුන විදියෙන් රට යන්තමට හොද පැත්තට හැරුනා. අපි දැන් වෙලාව දෙමු. මේ ගමන නටන්න හම්බ වෙන්නේ නැහැ අපේ ජනාධිපතිතුමත් එක්ක. පරණ තිබුන වැරදි හදාගෙන රට ඉදිරියට අරන් යනවා. ඒක අනිවාර්යයි. එයාලා රටේ ජනතාවට පොරොන්දුව දුන්නා. ඒ පොරොන්දු අපිට විශ්වාසයි.
athuraWednesday, 27 November 2019 09:46 AM
හා මේ අපේ විමල් ඇමතිතුමා නේ.
Kapila Wednesday, 27 November 2019 07:11 AM
ලන්සට ප්‍රජා සවිබල ගැන්වීම............
lalWednesday, 27 November 2019 03:19 PM
ලන්සා නම් මීගමුවේ ප්‍රජාව හොඳට සවිබල ගැන්නුවා.
RAJ Wednesday, 27 November 2019 07:14 AM
අවබෝධයක් නැතිව කමෙන්ට් කරන එක තේරුමක් නැත. පෙර පැවති ඇමති තනතුරු වෙනස් කරන්න පුලුවන් වෙන්නේ බහුතරයකින් පාර්ලිමෙන්තු පනතකින් වෙනස් කළොත් පමණයි. අලුත් රජයට තවම ඒ අවස්ථාව ලැබිල නෑ. එතෙක් ඉවසන්න.
සංජීව Wednesday, 27 November 2019 08:38 AM
මහා පඬියෙක්. අපරාදේ මෙයාටත් ඇමතිකමක් දෙන්නයි තිබුණේ...
Priyantha Perera Wednesday, 27 November 2019 07:22 AM
සිස්ටම් එක නියමෙට වෙනස් වෙයි. හූ... බයියන්ට හොඳ වැඩේ
Aruna Wednesday, 27 November 2019 07:29 AM
මේ ඉතින් රටට වගකියන හැටි තමයි. පොරොන්දුවත් ඒකමනේ.
CHANDA Wednesday, 27 November 2019 07:30 AM
කොමෙට් වලින් පෙන්නේ තාම රට පර ගැතින්ට බිලිදෙන්න වලිකන අය අඩු නැති වගයි.
ජයන්ත මිලානෝ Wednesday, 27 November 2019 08:08 AM
වසන්ත සේනානායක තුමාට මොකුත්ම නැතිද?
robinThursday, 28 November 2019 10:56 AM
මහනගර සැලසුම් ඇමැතිකම ගාමිණී ලොකුගේට දුන්නා කියන්නේ... චම්පික රණවක කළදේම තමයි කරන්නේ... ශුවර් නැහැ.
sisira Wednesday, 27 November 2019 08:13 AM
කොමෙන්ට් කරන අය හුඟක් පරාජිතයෝ වගේ පව් දුක තුනී කරන්න හින්ද කමක් නෑ කිසිම හොඳ වැඩක් දකින්නේ නෑ
saali Wednesday, 27 November 2019 08:23 AM
අපිට කොත්තමල්ලි වත් අඩු කරලා දුන්නේ නැහැනේ? ඒ ගොල්ල බෙදා ගන්නෝ.
lanka Wednesday, 27 November 2019 08:40 AM
මොනවා කියන්නද? බලාගෙන ඉම්මු.
sugath mendis Wednesday, 27 November 2019 08:46 AM
අනේ මේ අයගේ ආණ්ඩුව හොර නූගත් අයයි, කුඩු කාරයන්, බුකී කාරයන්, කසිප්පු කාරයන්...
Lion Wednesday, 27 November 2019 09:14 AM
මේ දෙන්නේ ජොබ්. රටට කෙසේවෙතත් පටන්ගත්ත දවසේ ඉඳලා සල්ලි හොයන්නේ කොහොමද කියලා බලයි සාක්කුවට දාගන්න...
athula Wednesday, 27 November 2019 09:25 AM
හෙට සිට රට ඉස්සරහට යාවි. කෝච්චියට අල්ලගන්නත් බැරිවයි ඒක නිසාම වෙන්න ඇති දුම්රියට විතරක් වෙනම ඇමති කෙනෙක් ...
Aruna Manipura Wednesday, 27 November 2019 10:21 AM
ප්‍රජා සවිබලගැන්වීම් නියෝජ්‍ය ඇමැති? අනේ මන්දා...... හරිම විද්‍යානුකූල පත් කිරීමක්.
gobbaya Wednesday, 27 November 2019 01:20 PM
හැබෑටම වෙන කවුරුවත්ම හිටියේ නැද්ද? ඇමතිකම් දෙන්න... අපරාදේ, අර ඉතුරු ටිකදෙනාටත් මොනවා හරි ඇමතිකම් දෙන්නනේ තිබුණේ. අඩු ගානේ ඒ අයගේවත් හිතට සතුටුයිනේ.. රටට කෙලවෙලා ගියත්. ඇමතිකම්වලට පොරකන මේ වගේ ආත්මාර්ථකාමී ගොබ්බයින් රැලක් එක්ක මේ රටට ඉදිරි ගමනක් නෑ කවුරු ජනාධිපති වුණත්... මොවුන්ට තුනෙන් දෙකේ බලය දුන්නොත් 225දෙනාටම ඇමතිකම් ලැබෙන විදියට ව්‍යවස්ථාව වෙනස්කරයි.
stoned Wednesday, 27 November 2019 01:56 PM
විදුලි බලේට එකෙක්..., බල ශක්තියට තව එකෙක්... ගොන් පාර්ට් උපරිමයි..