පුරාණ රෝම සොල්දාදුවන් වහලූන් හා කළ සටනක් ලෙස පළාත් සභා තුනේ ඡන්දය පවත්වතියි ජනතා විමුක්ති පෙරෙමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චෝදනා කළේය. ආණ්ඩුව රෝම සොල්දාදුවකු මෙන් ආයුද සන්නද්ධව රාජ්‍ය බලය සහිතව සිටිනවා. විපක්‍ෂය නිරායුද කර සිරගත කර සිටිනවා. සොල්දාදුවා දිනුවාම ඔහුගේ දක්‍ෂකම නිසා ජයගත් බවට විග‍්‍රහ කරනවා යැයි ද සිල්වා මහතා කීය. ඡන්ද නීති කඩ කිරීම සාමාන්‍ය දෙයක් ‘හොඳින් හරි නරකින් හරි අපි දිනනවා’ ‘මම මැරෙනකන්ම මහ ඇමැති’ වැනි කතා ඇහෙන්නෙත් ඒ නිසා යැයි ද හෙතෙම කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව මෙදා පාරවත් හරියට ඔලුව පාවිච්චි කළොත් හරි. (නි)
රෝම සෙබලට රෝම නීතියවත් තිබුණා.......(ස)
මේ අදහසට තව දෙයක් එකතු කරන්න පුළුවන්, ජයග්‍රහණ උණුසුම නොනවත්වා පවත්වාගෙන යාමේ අභිලාෂයකුත් තියෙනවා. ප්‍රාදේශීය සභා ඡන්ද ඉවර වුනාම කීවේ, 2014 වෙනකන් ඡන්ද නෑ කියා. එත් මෙයාලා දන්නවා එතකන් ඡන්ද නැතිවුනෝත් හොම්බෙන් යන්න වෙනවා කියලා. අපිට කවුරු දිණුවත් කමන්නෑ රටට සහ ජනතාවට සහනයක් ලැබෙනවානම්. මා දකින විදිහට පළාත් සභාව කියන්නේ සුදු අලියෙක් විතරයි. අපේ කරුමේ තමයි. අපි ඉතින් දැන් තියෙන ප්‍රශ්න අමතක කරලා ඡන්දේ ගැන කතා කරමු.(ස)
@ජයන්ත - ඉබ්බාගමුව, ඔබ හරි. පළාත් සභාවල වියදම් වලින් 75% කට වඩා යන්නේ වැටුප්, දීමනා, අතිකාල ආදියට. ටිකක් පරණ වුණත් මේක බලන්න http://sundaytimes.lk/091025/News/nws_30.html . දැන් තත්ත්වයත් මීට ලොකු වෙනසක් නැතුව ඇති. (නි)
ඔයාලත් එක එක දේවල් කිය කියා හිටියහම ඔක්කොම හරිද? කවදද දැන් වැඩ පෙන්නන්නේ? (නි)
එතකොට ඇස්ටරික්ස් කවුද? (නි)
එතකොට ස්පාටකස් කවුද? ග්ලැඩියේටර් කවුද? (ස)
ජයන්ත ඔයා හරි. පළාත් සභාව කියන්නෙ සුදු අලි රංචුවක්. අපේ සල්ලි කාබාසිනියා කරලා දෙවැනි පෙළ පෝෂණය කරන එක විතරයි වෙන්නේ. (නි)
මේ පාරවත් ලංකාවේ අය රැවටෙන්නේ නැතුව ඉදීද? (නි)
ඔය ගත්ත උදාහරණය හරි නැහැ. ඔයාට කියන්න තිබුණේ රෝමන් කාරයො සම්බන්ධව නොවෙයි. අර '89 තුණ්ඩු කෑල්ලෙන් කඩ වහපු, කලාකරයන් මරලා දාපු, බස් - ට්‍රාන්ස්ෆොමර් ගිනි තියපු යුගය' ගැනයි. (නි)
තවමත් අපේ රටේ ජනතාව සුරංගනා ලෝක වල ඉන්නේ..(ස)
බැරි කොට කවුරුත් ඔහොම තමයි කියන්නේ..(ස)
ජයමහ ඔබ හරි.....(ස)