කොළඹ රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනියගේ ස්ථානමාරුව අසාධාරණ බව තීරණය කළ පරිපාලන විනිශ්චය සභාව ඇය යළි එම විදුහලේ එම තනතුරට පත් කරන්නැයි අට මාසයකට පෙර දුන් නියෝගය රාජ්‍ය සේවා කොමිසමෙන් පැහැර හැර ඇත.
2012 මාර්තු 12 වැනි දින ජේ එස් ජයවීර නියෝජ්‍ය විදුහල්පතිනියගේ පැමිණිල්ලක් අනුව එම විභාග කළ පරිපාලන විනිශ්ච සභාවේ විනිසුරු එන් ඊ දිසානායක සහ විනිසුරු එඩ්මන්ඩ් ජයසූරිය මහත්වරු පසුගිය වසරේ අගෝස්තු 12 වැනිදා එහි තීන්දුව දුන්හ.
ඔවුන්ගේ තීන්දුවෙන් කියවෙනුයේ රාජ්‍ය සේවා කොමිසම අභියාචන කාරිය වන නියෝජ්‍ය විදුහල්පතිනියට වූ අසාධාරණය ගැන ඇහැක් කනක් ඇර නොබැලූ බවයි.
දැනට කොළඹ තර්ස්ටන් විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස කටයුතු කරන ඇගේ මාරු කිරීම අවලංගු කර යළි රාජකීය විද්‍යාලයේ එම තනතුරට පත් කරන ලෙසත්, පරිපාලන විනිශ්ච සභා තීන්දුව ක්‍රියාත්මක කරන ලෙසත් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට ද නියමිතය.
විනය පිළිබඳ ක්‍රියා කළ යුතු රාජ්‍ය සේවා කොමිසම ගුරුවරු දෙදෙනකුගේ විෂමාචාර සම්බන්ධ කළ පැමිණිල්ල ගැන අන්ධයන් සේ ක්‍රියා කර ඇති බවත්, විදුහලේ ප්‍රධානියකු හා ගුරුවරියක අතර පැවති ආචාර සම්පන්න නොවන හැසිරීම් ගැනත්, ගුරුවරුන් කල්ලිවලට බෙදීමට මුල්වූ ගුරුවරුයකු ගැනත්, පාසලේ අයහපත් පාලනය ගැනත් සාක්කි ඉදිරිපත් වූ බවත් එම තීන්දුවේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් පැවති විනය පරීක්ෂණයේදී රාජ්‍ය සේවා කොමිසම කර ඇත්තේ නියෝජ්‍ය විදුහල්පතිනයට ක්‍රියාකිරීම පමණක් බවත්, අනෙක් ගුරුවරු ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පැමිණිලිකාරියට දඩුවම් කර ඇති බවත් සඳහන් කරන එම තීන්දුව රාජ්‍ය සේවා කොමිසමේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක යකාගේ වැඩක්නේගේ. මම නොදනී දෙයියෝ දනී..... (නි)
දැන් ඔහොම තමා (නි)
ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ සිදු වෙන දේවල් ද මේ? (ත)
අයියෝ... ඕවනම් මොනාද ඔය පටන් ගත්තා විතරයි.....(ත)
රෝයල් මොකෝ? තර්ස්ටන් මොකෝ? අල්ලපු වැටේ නේද? (නි)
රජකීයේ කළහම මොකෝ?තර්ස්ටන් එකේ කළහම මොකෝ?දෙකම කොළඹනේ.යාපනේට දැම්මේ නැහැනේ. (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ. දැන් හුඟක් තීන්දු කැකිල්ලේ නඩු තීන්දු තමයි. (නි)
මෙහි ඇති අනතුරුදායක සහ අසීරුවට පත් වන තත්වය නම් පාසල් දරුවන්ය (නි)
ස්වාධීනයි කියන ඔය කොයි කොමිසමේත් ස්වාධීනත්වය තියෙන්නේ කඩදාසියේ පමණයි. දේශපාලන හෙන්ච්යියන්ගෙන් සමන්විත වුනාම ඕනෑම ආයතනයක් දේශපාලකයන් කියන කියන දේ කරනවා. ඕනෑම ආණ්ඩුවක් කැමතියි එකට. ඒ නිසා අවසාන පිහිට අධිකරණයෙන් ඉල්ලන්නයි සේවා ලාභීන්ට වෙලා තියෙන්නේ. ඉතින් අධිකරණයත් බැරිවෙලාවත් හෙන්චයියලගෙන් සමන්විත් වුනොත්? අපට දෙවියෝ පිහිට වෙත්වා! (නදී)
ආශ්චර්යමත් විදිහට ඔක්කොම විසදේවි. අපි දැන ඔක්කොම ඒ බෝට්ටුවේනේ නැගලා ඉන්නේ. (නි)
දෙන ඉතින් ලංකාවේ හැම තීන්දුවක්ම කැකිල්ලේ තීන්දු ගානට වැටිලා තියෙන්නේ. එයයි සැබෑ ආශ්චර්යය (නි)
ජයවීර මැතිනිය ඉතා අවංකව කැපවීමෙන් වැඩ කළ කෙනෙක්. (නි)
සල්ලි වලට මේ රටේ සියල්ලක්ම යටයි (නි)
ඔය ඔක්කොම එකයි. පසුගිය කාලයේ අලුත් උපාධි පත්වීම් ලද ගුරුවරු දුෂ්කර පළාත් වලට ඇතුලත් කළහම අවුරුදු 5ක් ඉන්න ඕනෑ නිසා මේ අය මොකද කළේ? ගෙවල් ගැන තියෙන බොරු ඔක්කොම කියලා ලිපි හදලා ළගම ඉස්කෝලෙට මාරුව අරගෙන තමා වැඩ බාර ගත්තේ. මම දන්නා නිසා තමයි කියන්නේ. බොරුනම් මධ්‍යම පලාතේ පහතදුම්බර කොට්ඨාශයට අපු පත්වීම් කීයක් එහෙම වෙලාද කියලා හොයලා බලන්න පුළුවන් ගිය අවුරුද්දෙ (නි)
රජයේ සේවකයකුට වැඩක් කරගන්න ගතවන කාලය ගැන හොයලා බලන්න ස්වාධීන කෙනෙක් මෙතන ඉන්නවාද?(ස)
මෙතන ඉන්න සමහර නිලධාරීන් වැඩ පරක්කු කරන්නත් ස්වාධීන කියන වචනය භාවිතා කරනවා (නි)