රජරට රැජින දුම්රිය මින් මද වේලාවකට කලින් ගම්පහ දුම්රිය පොළේ නතර කිරීමෙන් පසු දුම්රිය ඇන්ජිමේ ගින්නක් හටගත් බව දුම්රිය සේවකයෝ කියති.
මගීනට හෝ වෙනත් කිසිවකුටත් හානියක් වූ බව වාර්තා නොවේ.
රජරට රැජින දුම්රිය මින් මද වේලාවකට කලින් ගම්පහ දුම්රිය පොළේ නතර කිරීමෙන් පසු දුම්රිය ඇන්ජිමේ ගින්නක් හටගත් බව දුම්රිය සේවකයෝ කියති.
මගීනට හෝ වෙනත් කිසිවකුටත් හානියක් වූ බව වාර්තා නොවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයගේ ඔලුව විතරයි. අපේ දෙපැත්තම ගිනි අරන් තියෙන්නේ. දුප්පත් අපට දෙවියන්ගේම පිහිටයි! (නි)
එම්2 පන්තියේ දුම්රිය එන්ජින් තියෙන නිසා තමයි දුම්රිය දෙපාර්තමේන්තුව නව එන්ජින් සහ පවර් සෙට් කට්ටල ගෙනෙනකම් මේ බර ඇදගෙන ආවේ. මෝඩ කතා කියලා අපහාස කරන්න එපා. දන්නේ නැත්තම් කටවහගෙන ඉන්න. මේවා වලට හරිනම් අපි සදා ණයගැතියි. අලුත් ඒවත් විනාශ කරන්නේ මේ කඩේ යන කට්ටිය තමා (නි)
ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම කර්මාන්ත ශාලාව ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ බව මම අහල තියනවා. (ස)
ලහිරු මහත්මයා සහ කුමාර මහත්මයා, ඔබලාට බොහොම ස්තුතියි වැදගත් කාරණා ටිකක් අපට දැනගන්න සැලැස්සුවට. මොකද මෙහි ලියන බොහොම දෙනෙක් කරන්නේ ප්‍රවෘත්තියක් දැකපුවම මොකක් හරි මෝඩ කතාවක් හරි මඩ පාරක් හරි ගහලා තමන් ගේ මෝඩකම පෙන්නන එකයි . අඩුපාඩු නැතුවා නෙමෙයි නමුත් මෙතරම් පැරණි දුම්රිය එන්ජින් වලින් මෙතරම් කලක් වැඩ ගන්න එකගැන ලංකා දුම්රිය සේවයට අපගේ උපහාරය පුදකළ යුතුමයි . (නි)
කැනඩාවේ සුප්‍රකට සමාගමක නිශ්පාදනයක් වන මෙම එම්2 පන්තියේ එන්ජින් අපේ රටට ලැබුණේ 1954 වසරේදී. ඒ "කොළඹ ක්‍රමය" නමැති විදේශ ආධාර වැඩ සටහන ඔස්සේයි. ජී12 වර්ගයේ එන්ජින් වන මේවා ආනයනයෙන් පසුව මෙරටදී එම්2 ධාවන පන්තිය යටතේ සේවයට යෙදවෙන ලදී. ඉතාම සතුටුදායක කාරණාව නම් මෙසේ ගෙන්වු එන්ජින් 14න් 13ක් මේ වනවිටත් සාර්ථකව ධාවනයට යෙදවීමයි. මින් එක් එන්ජිමක් පමණක් (571) ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා නැවත අලුත්වැඩියා කල නොහැකි බැවින් ධාවනයෙන් ඉවත් කරන ලදී. මෙම වර්ගයේ එන්ජිමක් මුලින්ම ධාවනය සඳහා යොදවාගෙන ඇත්තේ වර්ෂ 1954 අප්‍රේල් මස 24 වැනි දින ධාවනය කල රුහුණු කුමාරිය සඳහායි. එසේ ඇරඹුණු එම්2 එන්ජින් වල සේවය අද වන විට වසර 50 ස්වර්ණ ජයන්තියද පසු කරමින් ඉතා සාර්ථක ලෙස සේවයේ යොදවනු ලැබේ. (නි)
එස්.එල්.ටී.කේ. ගේ අදහස මම අනුමත කරමි. මෙම දුම්රිය එන්ජින් කොළඹ ක්‍රමය යටතේ ලංකාව ට 1950 ලැබුණ ඒවා. මෙම එන්ජින් 17ක් දුම්රිය දෙපාර්තමේන්තුවට තිබෙනවා. එකක් හැර අනිත් එන්ජින් සියල්ල අදටත් උපරිම කාර්යක්ෂමතාවෙන් ධාවනය වෙනවා. මෙම එන්ජින් නැවත හදන්න දක්ෂ කාර්මිකයන් එහි ඉන්නවා (නි)
දැන් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඔළුව ගිණි ගත් කීදෙනෙක් නම් ගෙනියන රැජිණක්ද ? (ස)
කාටවත් කරදරයක් වුණේ නැත්නම් ඒ ඇති. (ස)
රැජණගේ ඔළුව ගිණි නොගෙන තියේවියැ අනිත් අය දවසකට කීයක් නම් බිලි ගන්නවා කියලා අහන්න සලස්වනවද ? (ස)
සෙන්තිල්, කරුණු නොදැන අපහාස කරන්න එපා. මේ ජාතියේ එන්ජින් ලංකාවට ලැබුනේ කැනඩාවෙන් 1950 ගණන් වල. බෝම්බ වැදිලා වැනසුනු 1ක් හැර අනිත්වා තවම සේවයේ. සුනාමියට අහුවුණු එකත් අපේ අය කොහොම හරි හදාගත්තා. අලුතින් ගෙන්වූ ප්‍රංශ, ඉන්දියානු, චීන ඒවත් එක්ක බලනකොට මේවා විශිෂ්ටයි. (නි)
මේක තෑගි වසයෙන් ලැබුන අවුරුදු පනහකට වැඩිය පැරණි හොඳම දුම්රිය එන්ජිමක්. දැන් ඉතින් මෙවැනි දේ සිදු වීමට ඉඩ තියෙනවා.නමුත් හරියට නඩත්තු කළොත් තවත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්.මේවා කොමිස් ගහපුවා නෙමෙයි (නි)
පොඩි දෙයක්නේ. හැමෝම ඔලු ගෙඩි ගිනි තියාගෙන මොකෝ ? කාටවත් අනතුරක් නැතිලුනේ.දැන් යාපනේටත් කෝච්චි යනවා කියන්නේ. (නි)
ඔලුව කූල් මිනිස්සුත් ඉන්නවා රටේ. දැක්කනේ ඊයේ පෙළපාලි ගිය අපූරුව ලයිට් බිල හරි සනීපයි කියලා. (නි)
මේකට හොඳම විසඳුම, මට පෙනෙන හැටියට නම්, දුම්රිය එන්ජින් ගිනි නිවීම සඳහා වෙනම ඇමතියෙක් (8 සමත් නම් හොඳටම ඇති) පත් කරන එක. (නි)
ඔය මාතර ඉදන් කොළඹ ඇවිත් නැවත 1.45 ට කොටුවෙන් එන දුම්රියනේ. යකඩ වුණත් රත්වෙනවනේ. මේ දවස්වල දුම්රියට ටිකක් අපලයි වගේ... (නි)
වාෂ්ප එන්ජිම් තිබුණු කාලේ නම් ඔලුවට ගිනි තියන්නේ නැතුව දුම්රිය දිව්වේ නැහැ. (නි)
ඔය අවුරුදු සීයක් පරණ වෙච්ච ඩීෂල් එන්ජින් ඔක්කොම විසිකොරලා,දාන්නකෝ ඉලෙක්ට්‍රික් එන්ජින්. පරිසරයටත් හොඳයි,වේගයත් වැඩියි,ශබ්දයත් ඉතාමත් අඩුයි. (නි)
රැජිනටත් මාලිගාවේ විදුලි බිල මතක් වෙන්න ඇති. (නි)
සමුද්‍ර දේවි කියන්නේ මට නම් මහ එපාම කරපු කට වාචාල ගෑණූ කෙනෙක් (නි)
දුම්රිය එන්ජිම පමණක් නෙවෙයි රටේ හැම තැනම දැන් සාමාන්‍ය මිනිසුන්ට ප්‍රශ්න, තව තවත් සමහර මිනිස්සු කඩේ යනවා මිසක් මිනිසුන්ට තියෙන එදිනෙදා ප්‍රශ්න විසඳන්න කවුරුත් නැහැ. (ස)
දැන් කාලේ මින්සුන්ගේ ඔළුව ගිනි අරන් ඉන්නේ. බඩු මිල තෙල් මිල විදුලි බිල ඉහල ගිහින්. එපාර රජරට රැජින දුම්රිය ඔළුව ගිනි තියන්. අපිට වෙන වැඩ මේවා තමා.(ස)
රැජින ගේ ඔලුව ගිනිගත්තා නම් රජ්ජුරුවන්ගේ ඔලුව දාල හරි අනුරපුරේ යන්න ඕන අදම.(නදී)
වරුනගේ කතාවට මට පැයක් විතර හිනා ගියා. එහෙනම් ඉතිං හැම වාහනයක්ම ගිනි ගන්න ඕනා.(නදී)
මේකෙ මාතෘකාව දෑක්කම මම හිතුවෙ මහසෙන් වගේ රජ කාලෙ කතාවක් කියලා.(ස)
තියෙන ටික පරිස්සම් කර ගන්න බැලුවොත් හොදයි නේද? (නදී)
රජරට රාජිනීගේ ඔලුව විතරක් නොවෙයි, ජනතා ඔලුත් ගිනි අරන් තිබෙන්නෙ රට යන මග දැකලා (නි)
මේ දවස්වල අපෙත් ඔළුව ගිණි අරන් තියෙන්නේ, නිවන්න කවුරුත් නැහැ (නි)