මහා විජයබාහු (1055-1110) මහා පරාක්‍රමබාහු (1153-1186) නිශ්ශන්කමල්ල (1187-1196) ආදී රජවරුන් පොලොන්නරුව රාජධානියේ රජකම් කළ අවදියේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩසිටි බවට සැලකෙන දළදා මලුව හෙවත් එතිහාසික වටදාගෙය නැරඹීමට පැමිණෙන ඇතම් විදේශ සංචාරකයෝ එම බෞද්ධ ස්මාරකයට අවමන් අයුරින් හැසිරෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොටෝ නොගත්තට රජවරුන්ගෙ කාලෙත් කාන්තාවො මෙහෙම ඉන්න ඇති. ෆොටෝ ගන්න එපා කියල දැන්විමි පුවරුවක්වත් මෙතන නැහැනේ. (නි)
මේ වගේ දේවල් තහනම් කළොත් සංචාරකයෝ එන එකක් නැහැ. (නි)
එක්ෙකා මහා අයට ගහන්න ඔනා නැත්නම් එන අය එලවන්න ඔනා (ස)
මම මේ දේට නම් එකහෙලා විරුද්ධයි. සිතන්න. අපේ උදවියත් රට රටවල් වල ගොස් මේ ලෙස ස්මාරක අසල ඡායාරූප නොගන්නේද? බෞද්ධයන් දඹදිව වන්දනාවේ ගොස් ඡායාරූප නොගන්නේද? (නි)
ගිය සතියේ සංඝයා වහන්සේලා ටිකගේ හැසිරීමත් එක්ක මේකත් දෙයක්ද ... ? (ස)
මේ දේවල් දකින කොට මට ඉන්න බැහැ (දී)
රජවරු සිටියානම් අපිට මේවයේ ඉද ගන්න නොවෙයි අහලකින් යන්න දෙන එකක් නැහැ
කුමාර, බුදු පිළිම වලට පිටුපා ෆොටෝ ගන්න එපා. විනීතව හැසිරෙන්න කියලා ගහලා තියෙන්නේ දකුණු පැත්තේ පොඩ්ඩක් එහාට වෙන්න. ගිය වෙලාවක මතක් කරලා හොයලා බලන්න. (ස)
ඒ වෙලාවට රාජකාරියේ ඉන්න ආරක්ෂක නිළධාරීන් මේවා ගැන බලන්නෙ නැද්ද? (නි)
එතකොට අපේ අය ගංගාරාම පන්සලේ මංගල ඡායාරූප ගන්න එකත් හොද නැහැ නේද? (නි)
බලන්න මෙතන අපේ උරුමයට කොච්චර ලොකු අවමානයක් වෙනවද කියලා. (නි)
අර සීගිරියට වෙච්ච සිද්දිය දැක්කානම් කාශ්‍යප රජු මොනවා වෙයිද (දී)
ඇත්ත තමයි. ඔය කට්ටියව අන්තංපුරයට ගනිමු. (නි)
විදේශිකයින් දැනුවත් කළා නම් මෙවන් වැඩ කරන්නේ නැහැ (දී)
රජවරු හිටියනම් මේ දෙන්නම කෙලින්ම අන්තප්පුරයට තමයි (ස)
ලාංකිකයෝ විදිහට අපි මෙවන් සිද්දියක් දැක්කාම ඒවා නවත්වන්න ඕනේ (දී)
අපේ දේ රැක ගන්න අපි එකතු වෙමු (දී)
අද මෝඩයගේ දවස.(නදී)
අපේ මිනිස්සු දළදා මාලිගාවට ගිහිල්ලා ඒක ඉස්සරහ ඉඳන් පින්තුර ගන්නේ නැද්ද? අනික ඕවා වන්දනා කරන තැන් නෙමෙයි. එක්කෝ මේ තැන්වල බෝබොඩ් ගහන්න ඕනෑ සංචාරකයින්ට. (නි)
බොහොම ස්තුතියි ලංකාදීප ඔන්ලයින් ටීම් එකට... (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේකේ තියන වරද මොකක්ද? (නි)
අපේ දේ අපි ආරක්ෂා කර ගන්න ඕනේ (දී)
අපේ සංස්කෘතියටයි මේ නිගා කරන්නේ (දී)
මේ පින්තූර දෙකෙහි ඇති වරද කුමක්ද (ස)
මතුවට අපිට මේවා දකින්න නොලැබෙන්න මොනවා හරි වැඩ පිළිවෙලක් ගන්න (දී)
මෙවා ආරක්ෂා කරන නිලදරයින් නැද්ද මේ ස්ථාන වල (දී)
කවුද මේවාට වග කියන්නේ (දී)
මේවා අපේ වැරදි (දී)
සුද්දෝ දන්නේ නැහැ මේවයේ තියෙන වටිනා කම, අපි ඒ මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ, (දී)
රජවරුන් හිටියා නම්, “අනේ මගේ ළගින් ඉදලාත් ෆොටෝ එකක් ගන්න“ කියලා කියන්නත් බැරි නැහැ. (නි)
මේවා සුළු වැඩ කියලා කියයිද දන්නේ නැහැ, අර සීගිරියේ මහත්තයා කියුවා වගේ (දී)
ශාන්ගේ පරාධීන මානසිකත්වය ගැන දුක හිතෙනවා. (ස)
රජ කමින් අයින් වෙනවා සිකුරුයි (දී)
සංචාරකයෝ නැත්නම් මේ දේවලින් වැඩකුත් නැහැ. (නි)
රජවරු හිටියානම් මේ දේවල් මේ විදිහට විනාශ වෙන්න දෙන්නේ නැහැ (දී)
ඔලු කඩල හාරල නිදන් අරගෙන යනතරම් හානියක් කරනව වෙන්නබෑ... කුරුටු ගාල කැතකරනව වෙන්නත් බෑ...(නදී)
මෙතන ජීවමාන බුදුහාමුදුරුවෝ හිටියානම් පොටෝ එකක් ගන්න එක වැරදියි. ඒත් මෙතන තියෙන්නේ බුදු පිලමයක්නේ. පිලිමයක් කියන්නේ ජීවමාන බුදුහාමුදුරුවෝ කියලා හිතන අයට තමයි තරහා යන්නේ.(නදී)
රටේ ලෝකේ මේ වෙන වැඩත් එක්ක මේකට ඒ තරම්ම රජ වරු කලකිරෙන එකක් නැහැ (දී)
මේ විදේශිකයන් කරන්නේ බරපතල වරදක් (දී)
අවමන් කිරීමක් වෙන්න බැහැ. මොකද බුද්ධ ප්‍රතිමාවට පහලින් ඉදන් පින්තූරයක් ගන්නවා වගෙයි. (නදී)
මොකක්ද මේකෙන් වුන අවමානය.(නදී)
මොකක්ද මෙතන වෙන අවමානය.(නදී)
දාඩිය මහන්සියෙන් ඒ එඅජවරු මේ දේවල් හැදුවේ අපි ගරු කරන්න ඕනේ මේ දේවල් වලට (දී)
මේ වෙන දේවල් දැක්කොත් රජවරු... පවු ඒ අසරණ මිනිස්සු (දී)
රජවරු හිටියානම් ඒත මොකුත් කරන්න ලැබෙන්නේ නැහැ. යූ.එන් එකයි බටහිර රටවල් ටිකයි එකතු වෙලා එතුමන්ලවත් ජිනීවා ගිනිහිල්ලා තියේවි.(නදී)
වර්ජනය කරලා ඕකත් අපි නවත්තා ගමු. එක්කෙනෙක්වත් අපිට ඕනේ නැහැ. අපි තනියම ඉදිරියට යමු.(නදී)
හෝව්! හෝව් ! ඒ උනාට සංචාරක ව්‍යාපාරයට අවනම්බු කරන්න එපා ඇමකි කුමා තරහ වෙයි. අහේතු කාලේන කජ්ජේන පුහුලං කිව්වලු. (නදී)
අයියෝ කරු ඉතින් ඔය පින්තූරයක් ගත්තා කියලා මොකක්ද වෙන අවමානය. ඒ ගොල්ලෝ ඒකට තියෙන ආශාව නිසානේ ඔහොම හරි පින්තූර ගන්නේ. (නදී)
මටනම් මේ පින්තූර දෙකේ කිසිම විශේෂයක් පේන්නේ කැහැ. අපේ රටේ අය මීට වඩා අශෝභන විදියට පින්තූර ගන්නවනේ.(නදී)
මෙතන කිසිම අවමානයක් පේන්න නැහැ. අයි මේ බොරුවට ජාතිවාදීන් අවුස්සන්නේ.(නදී)
සංචාරකයන්ට එන්න එන්න කියල සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් කරලා ..ස්මාරකයක් එක්ක පින්තූරයක්වත් ගන්න බැරිනම් වැඩක් තියෙනවද ?(නදී)
කෝ ආරක්ෂකයෝ නිදාගන්නවද?(නදී)
ඒ මිනිස්සු මේවා අමාරුවෙන් ගොඩ නැගුවේ (දී)
ඒ පුද්ගලයෝ මේවා හැදුවේ මහා භක්තියෙන් (දී)
මම මෙහෙම කියන්නද, මේ කරන වැඩෙන් විශාල අවනම්බුවක් වෙන්නේ නැහැ, නොවෙනවා කියලා නොවෙයි මම කියන්නේ, බලන්න බුදු රුවට පිටුපාලාවත් නැහැනේ, අපේ සමහර ගායක ගායිකාවන් මේ භුමියේ සිංදුත් කියන්නේ (දී)
ඇත්තට මේවා නවත්වන්න අපි වැඩ කරන්න ඕනේ (දී)
රජවරු හිටියානම් මේ රටේ වෙන ප්‍රශ්න දැකලා අඩනවා (දී)
ඒ මිනිසුන් ජිවිත පරදුවට තියලා ආරක්ෂා කලදෙවල් අපිත් එලෙසම රැක ගන්න ඕනේ (දී)
අපේ දේවල් අපි රැක ගන්න ඕනේ (දී)
අපේ ලංකාවේ අයටත් මෙවන් ඡායාරූප ගැනීම තහනම් කළ යුතුයි. (නි)
බොහොම ලැජ්ජයි. (නි)
මේ වැඩ නවත්වන්න අපි මොකද්ද ගන්නා පියවර (දී)
කරයිද නොවෙයි මොනවා නොකරයිද (දී)
501 යි කියලා අංතප්පුරේට ගනීවි.(නදී)
මේවගේ දේවල් ඕන කරම් වෙනවා වැඩිය නීති දාන්න එපා අපිටමයි හොද නැත්තේ.(නදී)
මටනම් මේ පින්තූර දෙකේ කිසිම එහෙම ලොකුවට අගෞරවයක් වෙන දෙයක් පෙන්න නෑ.(නදී)
මෙමගින් ලොකු අගෞරවයක් වෙනවා කියා මම හිතන්නේ නැහැ
මටත් මෙතන නම් අපහාසයක් පේන්නෙ නෑ. මීට වඩා අපහාස අපේ අය කරනවද? කෙසේ වෙතත් ගුවන්කොටුපලේදි මල් මාල දාල පිළිගත්තට විතරක් වැඩක් නෑ.අපේ සංස්කෘතිය ගැන අප ගැන නොදැන එන සංචාරකයින්ව දැනුවත් කරන වැඩපිළිවෙලක් හදන්න ඕන.(නදී)
අනේ කරු දුප්පත් මානසිකත්වයෙන් මිදෙමුද?(නදී)
ඕනවට වැඩිය සංචාරකයින්ට නීති දාන්න එපා. අපහාස කරනවා නම් අපිට නෙමෙයි පව එයාලට. අනික පොටෝ එකක් ගත්තම වැරැද්දක් නැහැ. එයාලගේ ආශාවනේ.(නදී)