අයි. පී. එල්. තරගාවලියේ 36 වැනි තරගය ලෙස සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල සහ රාජස්තාන් රෝයල්ස් පිල අතර අද (27 වැනිදා) ජායිපූර්හි පැවති තරගයේදී සන්රයිසර්ස් හයිඩද්‍රාබාද් පිල පරදවා කඩුලූ 8 ක පහසු ජයක් ලබාගැනීමට රාජස්තාන් රෝයල්ස් පිල සමත්විය.
තරගයේ වීරයා බවට පත්වූ ජේම්ස් ෆෝල්ක්නර් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට කඩුලූ 5 ක් දවාගෙන සන්රයිසර්ස් පිල ලකුණු 144 කට සීමා කිරීමට සමත්විය.
රාජස්තාන් පිලේ ආරම්භක පිතිකරු ෂේන් වොට්සන් පන්දු 53 කදී නොදැවී ලකුණු 98 ක් රැස්කරමින් තම පිලේ ජයග‍්‍රහණය තහවුරු කළේය. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 13 ක් ඇතුළත්විය.
තරග කිහිපයකට සහභාගී නොවී සිට මෙම තරගයට කී‍්‍රඩා කළ සන්රයිසර්ස් පිලේ නායක කුමාර් සංගක්කාර සහ මෙවර අයි. පී. එල්. තරගාවලියේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වා සිටින එකම ශ්‍රී ලාංකික කී‍්‍රඩකයා වන තිසර පෙරේරා අද තරගයේදී අසාර්ථක වූහ. ඔවුන් දෙදෙනාම අද ලකුණු 4 බැගින් ලබා සිටියදී දැවීගියහ.
පන්දු යැවීමේදීද තිසරට ලකුණු 34 ක් ලබාදෙමින් දවාගත හැකිවූයේ එක් කඩුල්ලක් පමණි.
සන්රයිසර්ස් හයිඩ‍්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 9 කට 144
(ඩැරන් සැමී 60, අමීත් මිශ්රා 21, අශීෂ් රෙඞ්ඩි 14, ඬේල් ස්ටේන් නොදැවී 18, ජේම්ස් ෆෝල්ක්නර් 20/5, අජිත් චන්ඩිලා 13/2)
රාජස්තාන් රෝයල්ස් පිල ඕවර 17.5 කදී එක් කඩුලූ 2 කට 146
(ශේන් වොට්සන් නොදැවී 98, රාහුල් ද්‍රාවිඞ් 36)
(*)
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක
හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාජස්තාන් පිලට කඩුලූ 8 විශිෂ්ට ජයක්
යොහාන් Saturday, 27 April 2013 09:02 PM
තරඟය පැරදුනාට මොකද? සංගාගේ ලකුණු වලට තවත් ලකුණු එකතු වුණානේ. (නි)
උසාන් Sunday, 28 April 2013 12:25 PM
තරගය පරාද උනාට සංගක්කාර ගේ කණ්ඩායම දිනනවා.(නදී)