ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 61 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (12 වැනිදා) පැවැති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පිල කඩුලූ 5 කින් චෙන්නායි සුපර් කිංග්ස් පිල පාරජය කරමින් ප‍්‍රසාද ලකුණු 20 ක් සමගින් දෙවැනි ස්ථානයට පැමිණියේය.
ලකුණු 45 කට කඩුලූ 4 ක් දැවී තිබියදී ෂේන් වොට්සන් (70) සහ ස්ටුවට් බිනී (නොදැවී 41) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. වොට්සන් පන්දු 34 කදී හතරේ සහ හයේ පහර 6 බැගින් ඇතුළත්කරමින් ලකුණු 70 ක් රැස් කළේය.
රාජස්ථාන් පිලට ශ‍්‍රී ලංකා යොවුන් ප‍්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඇතුළත්ව සිටිය ද කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 141 (මයිකල් හසී 40, මුරලි විජේ 55, ඞ්වේන් බ‍්‍රාවෝ නොදැවී 23, කෙවොන් කූපර් 32/2)
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 17.1 කදී කඩුලූ 5 ට 144 (රාහුල් ද්‍රාවිඞ් 22, ෂේන් වෝට්සන් 70, ස්ටුවට් බිනී නොදැවී 41, ජේසන් හෝල්ඩර් 20/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුසල්ව කපලා?? මේවා මහා සහගහන අපරාධ නේද? (නි)
ඔහොම වෙලා මදි. ජය වේවා! (නි)
මේ අයව ගෙන්න ගන්නත් බැහැ, තරගත් නැහැ (නි)
අනේ අනේ අපේ කුසල්ට කුසල් නැතිව ගියානේ තරග කරන්න. (නි)
කුසල් අපිට වටිනවා (නි)