ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 50 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (05 වැනිදා) පැවැති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පිල කඩුලූ 5 කින් පූනේ වෝරියස් පිල පරාජය කළේය.
පූනේ පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 15 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 18 ක් රැස් කළේය.
පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 178 (රොබින් උත්තප්පා 54, අරෝන් ෆින්ච් 45, යුවරාජ් සිං 15, මිචෙල් මාෂ් නොදැවී 35, ඇන්ජලෝ මැතිව්ස් 18)
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 19.5 කදී කඩුලූ 5 ට 182 (අජින්ක්යා රෙහෙනා 67, රාහුල් ද්‍රාවිඞ් 58, ස්ටුවට් බෙනි නොදැවී 32, වේන් පර්නෙල් 27/3)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇන්ජලෝ, ඔබලා කළේ ලංකාවට අවමානයක්.සනත්ලා ගොඩනගපු ලංකාවේ අබිමානය ඔබලා නැතිකළා.චන්දිමාල්ලා වගේ කොල්ලෝ ලංකාවට හිටියම ඇති . ඉන්දියානු සල්ලිවලට රට අවමානයට ලක්කරන අයට අපි කැමැති නැහැ. (නි)
අපිට ඔය කට්ටිය වටිනවා මොනවා කලත්. සුමිත් ඔයාට ලක්ෂ 5ක වැටුපක් දෙනවා කිව්වානම්, ඔබතුමා ඉන්දියාවට පැනෙගන යාවි සාදාරන අදහස් දක්වන අයට අපි කැමැති .(ස)
අයි.පී.එල්. මුළු ලෝකෙම ක්‍රිකට් වලට ආදරේ කරන කට්ටිය බලනවා. අපේ ක්‍රිඩකයොන්ගේ නම් කියවෙන හැම මොහොතකම අපේ රටේ නමත් කියවෙනවා අපේ ක්‍රිඩකයනි ඔබලට අපි හැමදාම අදරය කරනවා ..ඔබලාට ජය ප්‍රර්ථනා කරනවා ...(ස)
අපේ ක්‍රිකටර්ලා මේ සැරේ ගොඩක් අසාර්ථක වෙලා (නි)