අර්තාපල් ආනයන බද්ද රුපියල් 20කින් හා ටින් මාළු ආනයන බද්ද රුපියල් 25කින් අද මැදියම් රැයේ සිට වැඩි කළ බව රජය කියයි. අර්තාපල් කිලෝවක නව බද්ද රුපියල් 50 කි. ටින් මාළු කිලෝවක නව බද්ද රුපියල් 75කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද කාලෙදී වැඩිපුර ටිකක් අරන් තියාගත්තා නම් හරි. (නි)
ඔය එන්නේ කසකාරයා.. පෙට්‍රල් ඩීසල් මග ඇති... විරාමය ඉවරයි..!(නු)
ඇයි අනේ, අපි අල, ටින් මාලු වගේ දේවල් අපේ ගෙවත්තේම වවා ගමුකෝ. (නි)
රට පෙරට. අපි කාන්තාරයට. (නි)
ඕවා හොද පාඩම්. (නි)
දැන් දැන් ආශ්චර්යය පේනවා. (නි)
සමන් මහත්තයා මොකක්දෝ ලොකු දෙයක් ලිවුවයි කියලා හිතේ. අනුන්ට බණින්න ඉස්සර තමන් ලියපුවා නැවත බලන්න. කයිය විතරක් මදි වැඩත් තිබිය යුතුයි. (නි)
ජනාධිපතිතුමා දන්නේ නැතුව ඇති. එතුමා දන්නවා නම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ. (නි)
දැන්නම් අපි ඡන්දය දුන්න අය හොයාගන්නත් අමාරුයි. (නි)
ඡන්දෙ දුන්නනම් දැං ඉතිං විදවමු..!(නු)
ඊළග ඡන්දයේදී සළකා බලාවි. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. සමන්, මේ ටින්මාලු වල අස්වනු නෙලන කාලයද? (නි)
කපිලවස්තු ගෙනාපු නිසා ටින්මාලු වලට අභය දානය දෙන්න රජය තීරණය කළාද දන්නේ නැහැනේ. (නි)
අල වලට නම් කමක් නැහැ කියමුකෝ. ඒත් ටින්මාලු වලට ලේබල් පවා අලවන්නෙ මෙහේනේ. ඉතිං ඇයි ඒවා වැඩිකළේ? (නි)
රට වටකර සාගරයයි එහි සම්පත් ආකරයයි රටින් මාලු ගෙනත් මෙහේ සැමන් පැක් කරයි... (නි)
මනුස්සයෙක්ට කාල ඇදල ඉන්න වෙන්නේ නැහැ (දී)
එක හොදයි, දේශීය වෙළද පොලට හොද කලක් (දී)
ජය වේවා , ලඟදිම ලංකාව සෝමාලියාව වගේ වෙයි.. (ස)
20/20 ක්‍රිකට් මැච් නිසා ඕවා මිනිස්සුන්ට ගාණක් වෙන එකක් නෑ.. (ස)
රටේ අනවශ්‍ය වියදම් වැඩිවන විට දිනෙන් දින රට අරාජික වෙන ඒක කාටවත් නවත්වන්න බැහැ (ස)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. (ස)
නියමයි මම හරි කැමතියි මිල වැඩි වෙන තරමට (ස)
අපිනං දැනගෙන හිටියා (ස)
ආයෙ ඡන්දයක් ළග නැහැ වගේ...!!(නු)
කොහොමද වැඩේ... (ස)
ඔය එක ඡන්ද ප්‍රතිඵලයක් විතරයි.. අනෙක්වා තව ඉදිරියට බලාගන්න පුළුවං.. අපි තමයි මෝඩ..!(නු)
දැං දවස් කීපයකට පෙර ඡන්දෙට අඩුකරපු බඩු නේද මේ.. අපිටනම් කමක් නැහැ.. අපි කොහොමත් දේශ ප්‍රේමී ජනතාවනේ.. අයියෝ අයියෝ..!(නු)
අපි කන්නේ පරිප්පු විතරයි... (ස)
ආශ්චර්‍යක් තමයි..අනේ වාසනාවන්.. (ස)
ඕව අපි බලාගෙනයි හිටියෙ පළාත් ඡන්දයත් ඉවර උනානේ.. තව මොනවා වැඩි වෙයිද දන්නෙ නැහැ..සුභ අනාගතයක්..!(නු)
මෙන්න තවත් ඡන්ද ප්‍රථිඑලයක් (ස)
වැඩිකරන්න ඕන තමයි..දැන් අනිත් වැඩත් ඉවරයිනේ. (ස)
අපේ මිනිස්සුන්ට කන්න ඕනි නෑ.ඡන්දේ දාන්න විතරයි ඕනි.. (ස)
මම සතුටු වෙනවා මේ වගේ බඩු මිල සහ බදු මුදල් වැඩි කරන කොට.. මට සතුට නිම කරනන බැහැ..!(නු)
අල වගේද ගෝවා? (නි)
මේ නුවරඑළියෙ අර්තාපල් අස්වනු නෙලන කාලයයි. මෙවර ඉතා ඉහළ අස්වැන්නක් (මෙ.ටො. දසලක්ෂයක් මගේ මතකෙ හැටියට) ලැබී තිබෙන බව වාර්තා වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අල ලූනු වැනි දේවල් වල දේශීය අස්වනු නෙලන කාලයට ආනයන සීමා කිරීමට ආනයන බදු ඉහළ දැමීමක් සිදුවෙනවා. එය දේශීය ගොවියාට හොද මිලක් ලබාදී ඔවුන් රැක ගැනීම සදහායි. ටින් මාලු මිළ ඉහළ ගියේ ඇයිදැයි තවම දැනගන්නට නොලැබුණි. මගෙ හිතේ මාලු පරිභොජනය පහළ ගිහින්ද දන්නෙ නැහැ. එක්කො විනිමය අනුපාත හෝ විදෙස් වෙළද පොලේ මිළ ඉහල ගිහින් ඇති. අනේ මෙහෙමත් ගොන් රැළක්? හැම එකටම ආශ්චර්ය කිය කියා තප්පුලනවා. (නි)