මහජනයා අතර ජාතිවාදී හා ආගම්වාදී හැගීම් අවුස්සන ආකාරයේ කෙටි පණිවුඩ යැවූ බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
එවැනි කෙටි පණිවුඩ සකස් කර මුදා හරින්නන් අත්අඩංගුවට ගැනීමට නව තාක්ෂණය උපයෝගි කර ගනිමින් විශේෂ වැඩපිළිවෙළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරම්භ කර ඇත.
මහජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහ කරන්නන් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ද පොලීසිය ඉල්ලයි.
011 23 20 145
011 23 20 141

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයට උචිත දෙයක්. මේවා කරන අය අල්ලලා උපරිම දඩුවම් දියයුතුයි. (නි)
මේක ඉතාම හොද වැඩක්. (නි)
රට ගිනිතියන අන්දමට සැම දෙනාම ක්‍රියා නොකලොත් හොඳා. නැහැ මම කිව්වේ පොඩි කට්ටිය වගේම ලොකු කට්ටියත්.(නදී)
ඉතාමත් වටිනා දෙයක්.(නදී)
මේ වගේ වැඩ කරලා රට අස්ථාවර කරන්න එපා (දී)
මේ වගේම කට්ටියක් ඉන්නවා ෆේස් බුක් එකෙත්. (නි)
ලොකු පොඩි සැමට ඔය නීතිය වලංගුයි නේද?(නදී)
වහාම නිතිය තදින් ක්‍රියාත්මක කරන්න (දී)
පේස් බුක්ක ඉන්න කටිටිය දැනටමත් ෂොට් එකක් දීලා.(නදී)
අන්න මේවට තමයි කියන්නේ පිස්සු බලු බේත් බීලා කියලා. බොදුබලසේනා එස්.එම්.එස් පාරක් ඇරියොත් ඒවා හොදයිද?(නදී)
වැඩේ වැරදි (දී)
නියමයි. දකුණු ආසියාවෙ යුද්ධ කලබල නැති හොඳම රට ලංකාවනේ. (නි)