(අංජුල මහික වීරරත්න)
ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළේය.
ලංකාව තවදුරටත් ලෝකය විසින් බංකොලොත් රටක් ලෙස නොසලකන බව ද ජනාධිපතිවරයා කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් දීර්ඝ කරන ලද ණය පහසුකම අනුමත කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව අවධාරණය කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ශ්‍රී ලංකාවට සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ සාමාන්‍ය ගනුදෙනු නැවත ආරම්භ කිරීමට හැකියාව ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහතිකයක් ලෙස ක්‍රියා කරන බව ද ජනාධිපතිවරයා කීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’රට තවදුරටත් බංකොලොත් නෑ’’
sena Tuesday, 21 March 2023 12:21 PM
ණය පස්සේ දෙන්නම් කියලා තවත් ණයක් අරගෙන කයිවාරු ගහනවා .ලැජ්ජා නැද්ද?
aravindaWednesday, 22 March 2023 03:05 AM
අපි හැමදාම අපිවම රවට්ට ගත්ත ජාතියක්.
pakeer Tuesday, 21 March 2023 12:23 PM
උඹට නම් රට බංකොළොත් නැහැ. ඒත් බං අපිට කන්නවත් සල්ලි නැහැ. බස් එකේ යන්න සල්ලි නැතුව කිලෝ මීටර් ගණන් අපි පයින් යනවා. එතකොට සපත්තු ගෙවෙනවා. සපත්තු දෙකක් ගන්න බැහැ 8000ක් නැතුව. බයිලා එපා බං. උඹලා මේ පොර ටෝක් දෙන්නේ අන්ත අසරණ මිනිස්සුන්නට. උඹලා කිව්වේ මේක පාලනය කරපු ඔක්කොම වසලයන්ට.
Rata Perata Tuesday, 21 March 2023 12:33 PM
අපි නම් අහලා තියෙන්නේ ණය ගන්න ගන්න බංකොලොත් වෙනවා කියලා.ඒත් රනිල්, නන්දලාල් සහ බයියෝ හිතාගෙන ඉන්නේ බිලියන 3ක් ණය ලොතරැයියක් ඇදුනා කියලා.මේ වගේ අපතයෝ
fairoosTuesday, 21 March 2023 12:50 PM
සහතික ඇත්ත.... බයියන්ට දැන් සැප ද?
කපිලTuesday, 21 March 2023 01:37 PM
ලංකාවෙ ඉන්න මෝඩ ලිං මැඩියො ගොඩක් හිතාගෙන ඉන්නෙ එහෙම තමයි.ණය ගන්න එක මදි කමක් කියල.අදටත් ලංකාවෙ ව්‍යාපාරිකයො ඉන්නව සල්ලි බැංකුවල දාන්නෙ නැතුව ගෙදර අල්මාරියෙ දාගෙන ඉන්න.2023 වුණාට අපි තාමත් ගෝත්‍රික මට්ටමෙන් මිදුණ විතරයි.ලංකාවෙ මූල්‍ය සාක්ෂරතාවය ඉතාම පහළ මට්ටමක තියනේනෙ. ඒ නිසා ඔයාගෙ අවබෝධය ගැන දුක්වෙන්න එපා.ඇමරිකාවත් ණය ගන්නව කියල ඔයා අහල තියෙනවද.චීනයත් ණය ගන්නව.අපේ ණය කන්ද ඇතුළෙ ආයෝජනත් තියෙනව.ඒව අපි භුක්ති විඳින ගමන් ඉන්නෙ.74 වසරක දේශපාලනය කියල කට හෝදල බැන්නට අපි දිනාගත්ත ගොඩක් දේවල් මේ 74 ඇතුළෙ තියෙනව.නිකමට අප්‍රිකානු රටක් එක්ක ලංකාව සංසන්දනය කරල බලන්න.අපි ඒ තරම් නොදියුණු නෑ.අපිට එදා ඉඳන් වෙච්ච හෙණේ තමයි ලංකාවෙ වාමාංශික ව්‍යාපාරය, රාජ්‍ය ව්‍යවසාය සහ වෘත්තීය සමිති මාෆියාව.අපේ වැඩ කරන පංතියට සහ ශිෂ්‍යයන්ගෙ ඔළුවට දාල තියෙන විෂබීජය තමයි -උඹල වැඩකරන්න ඕන නෑ.මේ රටේ ධනපති පංතිය උඹලගෙ සියළු දේ ඩැහැගෙන තියෙන්නෙ.ධනපති පංතිය කුඩුපට්ටම් කරපු ගමන් උඹලට ආර් ථික විමුක්තිය උදාවෙනව කියල සුරංගනා කතාව- මේ විෂබීජය අයින් කරන්නෙ නැතුව මේ රට හදන්න බෑ.
සත්‍ය ගවේෂී.Tuesday, 21 March 2023 02:49 PM
ඔබ කියන දෙයෙහි සමහර දේවල් ඇත්ත.ඒත්,රට බංකොලොත් කළ හොරුන් ගැන කිසිත් කියා නැහැනේ ... ඒ මොකද ? ණය වීමට හේතු වුණේ ඒ හොරුන් නිසානේ.ඒ ගැන කතා නොකිරීම තමයි මෝඩම මෝඩ ළිං මැඩි කම.
pradeepTuesday, 21 March 2023 03:51 PM
අතේ සතේ නැතුව ණයට වෙඩින් අරගෙන බාල් නටලා පස්සේ ණය ගෙවන්න බැරුව බඩු මුට්ටු විකුණන අයත් ඉන්නවනේ.
බද්රානිTuesday, 21 March 2023 04:47 PM
ලොකුවට හිතාගෙන හිටියට ළිං මැඩියෙකු තරම් වත් මොළයක් කපිලට නැහැ කියලා නම් ලියල තියන දෙයින් පේනවා. ණය ලබාගන්නා ඇමරිකාව වගේ රටක් වෙනුවට, ඔබට හා රටට ගැලපෙන ලෙස උදාහරණයට ගත යුත්තේ, සිම්බාබ්වේ, කොන්ගෝව වැනි රටවලුයි. ඔබේ දැනුමට සාපේක්ෂව මොන්ටිසෝරි යන ළදරුවෙක් ගෙන් අහන ප්‍රශ්නයක් මම ඔබෙන් අහන්නම්, ඉඩමක් හෝ කිසියම් ව්‍යාපාරික කටයුත්තක් සඳහා ලබා ගන්න ණයක් හා ලොකුවට මගුලක් කන්න, අනුන්ට පෙනෙන්න ලොකු වාහනයක් ගන්න ණය එක හා සමානද? එක අතකට, සෙල්ලම් කරන මනසක් තියන ටිකිරෙකු ගෙන් මේ වගේ ප්‍රශ්න අහන එකත් හරි නැද්ද මන්දා?
Aravinda Monarawila Tuesday, 21 March 2023 04:55 PM
එහෙමයි මහදැන මුත්තනි, ඔබතුමාගේ බුද්ධි මහිමයට පින්සිදුවෙන්න අපට දැන් අවබෝධ වුණා... අනේ සාදු.
Nandasena grWednesday, 22 March 2023 06:09 AM
අනේ ලිං මැඩියෝ.ණය ගන්න එක වරදක් නෙමෙයි තමයි.හැබැයි ඒ ණය ගන්නේ මොකටද,ණය අරන් කරන දේ ඉතිරියක් විදියට තියෙන්න ඕන කියලා බොට තේරුම් ගන්න බැහැ වගේ.පහුගිය කාලේ ලංකාව අරන් තියෙනවා මම දන්න තරමින් ට්‍රිලියන 13 ක විතර ණයක්.භෞතිකව සම්පත් තියෙන්නේ ට්‍රිලියන තුනකටත් අඩු ගානක්
Rohana Tuesday, 21 March 2023 12:42 PM
බංකොලොත් බව පේන්නෙ දැනට කල්දමා ඇති විදේශ ණය ආපසුගෙවන්න වෙන දවස පටන්ගත්තාම. එතකම් හැලියේ වතුර නටන තුරු දියකෙලිමු.
Bishan Tuesday, 21 March 2023 12:42 PM
රට බංකොලොත් නෑ. මිනිස්සුයි බංකොලොත්
Samitha Senaka Aluthgamage. Tuesday, 21 March 2023 12:53 PM
රට බංකොලොත් නිසානේ මේ ණය දුන්නේ.තාමත් බලයේ ඉන්නේ,රට බංකොලොත් කළ පොහොට්ටු හොර කල්ලියම නේද ? බංකොලොත් කළ රට එසේ කළ අයගේම රජයක් යටතේ ආපසු ණයක් ගත්තා. දූෂිත හොර නඩය හොරා කෑ දේ යළි ලබා ගැනීමට කටයුතු කොට, ඉන් අනතුරුව මේ කතාව කියන්න.
ජනිත්Wednesday, 22 March 2023 08:40 AM
රට බංකොලොත් කලේ යහපාලන නඩය. ඩොලර් බිලියන 16.5 ක ණයක් ගත්තේ 2015-2019 කාලේ. මහින්ද යනකොට ඩොලර් බිලියන 8.4 ක සංචිතයක් තියලා ගියේ. යහපාලන කාලේ ඒක 7.9 ට බැස්සුවා ණය කන්දක් අරගෙන. ආර්ථික වර්ධනය 7 ට තිබුණා මහින්දගේ කාලේ. ඒක 2019 වෙන කොට 2.3 ට බැස්සුවා. බැසිල් ඇවිල්ලා ඒක 2021 දී 3.3 ට ගෙනාවා. පාස්කු ප්‍රහාරය නිසා සංචාරකයෝ නැති වුණා. ගෝධාභය ගත්තේ හැම අතින්ම අවුල් වුණ රටක්. වසංගතය නැත්තම් රට මීට වඩා ඉදිරියෙන්
චන්දන Tuesday, 21 March 2023 01:00 PM
එහෙනම් අපි පරණ සෙල්ලං ටික ආපහු පටන් ගමු. මෙහෙමත් අපතයො ටිකක්. වැඳලා වැඳලා ණයක් අරගෙන කප් රුක පහල වුනා වගේ. මේ ගත් ටික විතරක් නෙවෙයි පරණ ඒවත් තියෙනව ගෙවන්න. රටේ නිෂ්පාදන ආර්ථිකය ගොඩ ගන්න, අපනයන වැඩි කරන්න වැඩ පිලිවෙලක් හදපල්ල. හැමදාම හිගා කනව.
පිටිගල මිලානෝ Tuesday, 21 March 2023 01:31 PM
මාර තියරි එක. මාත් මේ බැංකුවට යන ගමන් ගෙදරයි වාහනෙයි ගෑණියි උකස් කරලා දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ලංකාව වගේ…
නිහාල් Tuesday, 21 March 2023 01:34 PM
ණය ගත්ත ගමන් පුරුදු ටෝක්.
de silva Tuesday, 21 March 2023 01:49 PM
බන්කොලොත් නැතිනම් අර ඉදිකිරිම් කේත්රයෙ කොන්තරාත්කරුවන්ගෙ අවුරුදු 3 තිස්සෙ ගොඩ ගැහිල තිබෙන බිල් ටික ගෙවන්න.
Kamal Koyrala Tuesday, 21 March 2023 01:58 PM
වාව් . වෘතීය සමිති ඉල්ලීමේ දිනුම්..,,ජීවන වියදම U$D 10 බහි, පෙලපොත්, බෙහෙත්, ඩීසල්, පෙට්‍රෙල්, රට ගිය අය හැරිල එයිනෙ?
Hafeel Tuesday, 21 March 2023 02:42 PM
මෙන්න මේක තමයි මෙයාගේ මෝඩ ප්‍රකාශය. මෙයා තමයි කැබිනට් තීන්දුවක් අරන්, ලංකාව දුප්පත් රටක් කියල නිල වශයෙන් ප්‍රකාශ කරලා, දැන් කියනවා "ලංකාව තවදුරටත් ලෝකය විසින් බංකොලොත් රටක් ලෙස නොසලකන බව ද කීය. ලෝකය කියන්න එක කෙසේවෙතත් මෙයා ප්‍රකාශ කලා. මෙයා හිතාගන ඉන්නේ ජනතාව දුරටත් රවට්ටන්න පුළුවන් කියල. ඒ යුගය අවසන්. ඒ නිසා නේ චන්දය කල් දාන්නේ.
විපරමා Tuesday, 21 March 2023 03:50 PM
නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා,ජනතාව මහපාරට වැටෙන තැනට දූෂිත පවුල් පාලනේ උන් රටම බන්කොලොත් කෙරුවා..
සකලබුජං Tuesday, 21 March 2023 04:06 PM
මටනම් හිතන්නේ ණයට ගන්නවා කියන්නෙ තවත් පහලට වැටුනාට සමානයි කියලා මේ හිගන න්‍යාය හොදයි කියලා සිතනතාක් මේ රට තව තවත් අගාධයට වැටෙනවා එනිසා දැන්වත් ඔය ඔය මෝඩ සිතුවිලි ඉවතට දමා සංවර්ධනය වෙනුවෙන් යමක් කරන්න බලමුකෝ.
විජිත් Tuesday, 21 March 2023 04:08 PM
" පිස්සෙකුගේ සිතිවිලි හෙවත් හදවතක් නැති මිනීමරු බැංකු හොරෙකුගේ හර්දය සාක්ෂිය " අලුත්ම සිනමාපටය. දැන් දියවන්නාවේ ඌරු කොටුවේ ප්‍රදර්ශනයවේ. පට්ට මෝඩ බයියන් සඳහා විශේෂයි !!!
prasanna Tuesday, 21 March 2023 04:09 PM
අපරාදෙ ණය ගත්තේ. අනුර ගාව ඇලඩින්ගේ පුදුම පහන තියෙනවා. දැන් බයියෝ ටික කුහක කමෙන් මැරෙන්න යනවා.
PereraWednesday, 22 March 2023 06:16 AM
පුදුම පහ තියෙන්නේ බැසිල් ගාව කියලා අර බදුල්ලේ පොහොට්ටුවේ අලයා කිවුවේ එතකොට බොරුද?
debt Tuesday, 21 March 2023 04:13 PM
ඔය ණය ගෙවන්න තව කොච්චර ණය වෙයිද?
Ajith Tuesday, 21 March 2023 04:19 PM
මේ වගේ ජෝකර් කෙනෙක් දැක්කමයි.
oshara Tuesday, 21 March 2023 04:34 PM
යකො මොනවා කරත් නය නයමනේ, තව තව නය අරගෙන රට තව වලේ දන්නේ නතුව ගෙදර යනවා හලෝ පව් නොදී. බිලියන 400 ගානක් නය රට, බිලියන 2 කින් ගොඩ ගන්න, හිතන් ඉන්නෙ අපි හරක් කියලද?
Aravinda Monarawila Tuesday, 21 March 2023 04:51 PM
මූ කියන ගොන් කතාවලට කොයි පැත්තෙන් හිනා වෙන්නද කියලා හිතාගන්න බැරුවයි ඉන්නේ.
ගමේ එකාලා Tuesday, 21 March 2023 05:03 PM
බලලෝබි බඩගෝස්තරවාදි දූෂිත පවුල් පාලනේ උන් , දුශිත දේසපාලුවෝ නම් බන්කොලොත් නැතුව ඇති.මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් ගසාකාපුවා අයකරගත්තානම් ,ණය ගන්ඩ ඕනේ නැහැ. පින් ජනපතියා කරන්නෙත් ,දූෂිත දේසපාලුවෝ රකින එක. බන්කොලොත් උනේ,ආසියාවේ ආශ්චර්යය සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියපු දූෂිත දේසපාලුවන්ට චන්දෙ දීපු ජනතාවයි .
Dasa P Tuesday, 21 March 2023 05:04 PM
ඒ ගොනා අපි වික්කා.
චතුරි Tuesday, 21 March 2023 05:08 PM
රට බන්කොලොත් නැතිවුනාට. හොර නඩේ බන්කොලොත්. යකෝ ටිකක් මොලයක් තියෙන වානම් මේ වගෙ මෝඩ සෙවල කතා කියයිද. මේයා ගේ ගම දොම්පේ වෙන්න ඇති. දැන් එ මිනිස්සුත් මෝඩ නැහැ මෙයා තරම්. දැන් ඔය ණයට ගත්තු සල්ලි හොරාකන්නෙ නැතිව. රට තරුණ නායකයට දිලා කට්ටියම ඇතුලට යන්න. දැන් සල්ලි තියෙනවානෙ. ඡන්දෙ පටන් ගමු. මහින්දයයි හිඟන නඩේයි. පවුල් ටිකයි එකතුවෙලා ණය මුදල් කබා සිනියා වෙන්න කලින් හොදින් කියන්නෙ. පල ගෙදර.
ajith Tuesday, 21 March 2023 05:09 PM
16 වතාවක් IMF ගිය රටක්, එයින් එක වතාවක්වත් ගොඩ නොගිය රටක් ,17 වතාවේ ගොඩ යයි කියලා හිතන්නේ ,හැමදාම හීනලෝකවල ඉදන් මේ සැරේ කොරයි කියල හිතන ශ්‍රී ලාංකිකයෝ ඇරෙන්න වෙන කවුරුද .
osharap Tuesday, 21 March 2023 05:24 PM
තියපන් පුතා ජන්දයක්, යන එන මං නැති වෙන්නම බංකොලොත් කරල දෙන්නම්, ඔයාවයි ඔයාගේ රාජපක්ශ මස්සිනාලවයි.
නියමයි. සතූටූවෙයල්ලා Tuesday, 21 March 2023 05:26 PM
නියමයි. කිරිබත් කමූ. රතිඤ්ඤා පත්තූ කරමූ. ණය ගන්න මම අම්මා ක්ලබ් එකට වික්කා. අක්කා හෙට අරන් යාවි. නංගි මල්වර වූවෙක් නෑ. අල්ලපූ ගෙදර බාස් එයා අරන් යාවි ලබන මාසේ. ගේත් වික්කා. අද කිරිබත් කමූ. සිංදූ කියමු. නටමු. මම පවූලම බේරගත්තා. නූපන් හෙටක් ගැන මොන මගූලකටද බය වෙන්නේ. උඹත් අර සමනල මූදලාලි ගාවට පලයන්. ඌ කොල්ලන්ට රජ සැප දෙනව. බය වෙන්න එපා තටඹගෙන ඉවසපන්.
රට තවදුරටත් බංකොලොත් නෑ’ Tuesday, 21 March 2023 05:48 PM
රට තවදුරටත් බංකොලොත් නෑ’ බංකොලොත් වෙන්න රටක් නෑ. කොහොමද කැකිල්ලේ රජතුමා.
ranjith Tuesday, 21 March 2023 07:45 PM
අපේ ගම්වලත් ඉන්නවා තමන්ගේ වතු පිටි විකුනලා කාලා ,අන්තිමට ගමේ සල්ලි කාරයෝ පස්සේ ගිහින් පොලියට සල්ලි අරන් තාවකාලික සතුටක් ලබන පිරිසක් .අනේ පවු කියලා තමයි කියන්න තියෙන්නේ
mewan Wednesday, 22 March 2023 04:26 AM
උඹ බංකොලොත්
ashok Wednesday, 22 March 2023 06:31 AM
ලෝකෙට ණය වෙලාම බංකොලොත් වෙලා නැවත පින්සේන්ඩු වෙලා ණයක් අරන් කියන කතා.මේවා දශක 2-3 කට පෙර හිටපු අයනම් ඇහුවා .අද තරුණ පරපුරට හොඳට බුද්ධිය තියනවා.ගොනාට අන්දන්න අමාරුයි
nanda Wednesday, 22 March 2023 07:06 AM
ණය ගත්තු සතුටට කිරිබත් ,රතිඤ්ඤා පත්තුකරන මීහරකුත් ඉන්න රටක් මේක.ලෝකයට ණය ගෙවලා ඉවර උන දවසට නම් සතුටු වෙන්න පුළුවන්
නිහාල් Wednesday, 22 March 2023 07:44 AM
ජනතාව විසින් අත්තනෝමතිකව කටයුතු කර බංකොලොත් භාවයට පත් කල රට නවත ගොඩ ගත් ඔබට ජනතා ප්‍රණාමය.
Lalithsjm Wednesday, 22 March 2023 09:01 AM
කවදාවත් නැහැ' නමුත් අපි ලොව විශාලතම හිඟන්නන් බවට පත් වූයේ රාජපක්ෂ රනිල් සහ 225 කණ්ඩායම නිසාය.
sunimal Wednesday, 22 March 2023 11:19 AM
ඔබල අපහාස කරන බයි ගොඩට මමත් වැටෙනවා. ටිකකට නෙමෙයි අවුරුදු 30 ක චන්ද වලට. ඒකට හේතුව ඉන්දියානු ව්‍යාප්තවාදයට තිබෙන විරුද්දතාවය. ඔවුන් 75 වතාවක් විතර අපේ රට ආක්‍රමණය කලා. ලේ හැලුව. ඔවුන් අදත් බලන්නේ අපේ රට ඔවුන් යටතට ගන්න. අද මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ඉඳන් මොනවද කරන්නේ? ඉන්දියාවයි ලංකාවයි ඒකාබද්ධ කරන්න ඕනලු. (ඔහුගේම වචනෙන් integrate) රටවල් දෙක අතර විදුලි රැහැන් අදින්න යනවා. ඉන්දියානුවන් නේපාලය සලකන්නේ ඔවුන්ගේ කක්ෂයේ (orbit) තිබෙන රටක් හැටියට. කොපමණ උත්සහ කලත් ලංකාව ඒ තත්වයට ගන්න ඒ අයට බැරි උන. එකට හේතුව වැඩිහිටි පරපුර ඉන්දියාවේ තරම සහ අරමුණ දන්නා නිසා. තරුණ සහ ළමා පරපුර සිතන විදිය අනුව අනාගතය තීරණය වේවි. අපට කන්න නැති වෙලාවේ තමන්ගේ ආර්ථික ශක්තිය පාවිච්චි කරලා ඉතා අඩු මුදලට, ප්‍රයෝගික නොවන, පාඩු ලැබීමට පවා හේතුවිය හැකි පැකේජ හඳුන්වල එයාටෙල් එක මොනවද කරන්න යන්නේ? මොබිටෙල් ඩයලොග් බංකොලොත් කරන එක. එයාටෙල් එක ලංකාවේ සන්නිවේදන සන්නාමය කරන එක. ඒ මගින් හැදෙන පරම්පරාවේ ඔලු සෝදන එක. ඊට පස්සේ ඔවුන්ගේ අරමුණු ඉබේම ඉටුවෙනවා. අමිතාබ් බච්චන්ට මැණිකේ ලොකු උනේ ඇයි? ආදරේටද? නැහැ. ලංකාවේ මිනිස්සුන්ගේ මොළ හෝදන්න
ranjith Thursday, 23 March 2023 10:18 AM
ලෝකෙට නය වෙලා අන්තිමට රට බන්කොලොත් උන. එවගෙන් පාඩමක් ඉගෙන නොගෙන තව තවත් ලෝකෙට නය වෙලා උදම් අනනව. කර්මාන්ත ශාලා ඇති කරල රැකියා උත්පාදනය කරල පිටරටට නිශ්පාදන යවන්න පටන් ගත්තනම් මොකද වෙන්නෙ