IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


රට පුරා පෞද්ගලික බස් වර්ජනයක් : ලංගම බස් දුවයි

රියදුරන් සිදු කරන වැරදි හතක් සඳහා රුපියල් 25000ක් දක්වා දඩ ගැසීම මුල් කරගෙන රට පුරාම අද (2) පෞද්ගලික බස් වර්ජනයක් ඇරඹීය. 

බොහෝ පළාත්වල සිසුන් පාසලට  පැමිණීම ද අඩු වී ඇත. පෞද්ගලික බස් රියදුරන් තිදෙනෙකු පැවසුවේ විසිපන්දාහ ගානේ ගෙවනනවාට වඩා වර්ජනය කර ගෙදරට වී සිටීම හොඳ බවයි. 

පානදුර බස් නැවතුම්පොළද පාලුවට ගොස් තිබිණි.

බස් වර්ජනය හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල විය. 

මේ අතර බස් වර්ජනය හේතුවෙන් පාළුවට ගිය පිටකොටුව ගුණසිංහපුර බස් නැවතුම්පොළේ පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ආකාරය ද දැකිය හැකිවිය. සති අන්තය එළැඹෙන සිකුරාදා දිනයේ වෙනදා ගුණසිංහපුර බස් නැවතුම්පොළ එකම හිස් ගොඩකි. 

ඡායාරූප ලහිරු හර්ෂණ

IMG_4389 IMG_4390 IMG_4386IMG_1470IMG_1500

ජායාරූප - ඉෂංක සුනිමල්

DSC_9754i   DSC_9761i DSC_9763i DSC_9764i

DSC_9766i

ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

DSC_9773i DSC_9775i DSC_9780i DSC_9786i



අදහස් (0)

රට පුරා පෞද්ගලික බස් වර්ජනයක් : ලංගම බස් දුවයි

සුපුනි Friday, 02 December 2016 06:15 AM

වර්ජන කරන එක ඒ අයගේ ප්‍රජාතාන්ත්‍රිය අයිතියක්.ඒ අනුව එයට එරෙහිව කටයුතු කිරිම වැරදියි.ඒ වාගේම මගි ජන.ාවටත් අයිතියක් තියෙනවා විරෝධය පල කරන්න. (ර)

:       0       0

දිලීප පීරිස් Friday, 02 December 2016 06:14 AM

මේ රටේ කවදත් වුණදේ තමයි මේ දඩ ගහන්නේ වළක්වාගත නොහැකි වැරදිවලට නොවෙයිනේ. රියදුරන්ගේ අසංවරකමයි නොසැලකිල්ලයි හේතුවෙන් දිනපතා අහිමිවන ජීවිතවලට වගකියන්නේ වර්ජනය කරන අයවත් පක්ෂව කොමෙන්ට්ස් දාන අයවත් නොවේ (බ)

:       0       0

ඉසුරන්දි Saturday, 03 December 2016 04:24 AM

ඔය අන්තිම රූප රාමුපෙළ දිහා බලද්දිම ඕන කෙනෙකුට පේනවා අමු අමුවේම මාර්ග නීතිරීති කඩකරලා කියලා. (ර)

:       0       0

සම්පත් පතිරණ Friday, 02 December 2016 06:22 AM

මන්ත්‍රීන්ට සැප දෙන්න වෙන්කරපු සල්ලි වලින් ලංගම ට බස් කීයක් ගන්න පුලුවන්ද හැබැවටම ? (ම)

:       0       0

පුරවැසියා Friday, 02 December 2016 06:25 AM

ඉතාමත්ම \"නීතිගරුකව\" රිය පදවන පොලිස් රියදුරෙක් පෙනෙන්නේ මට විතරද? (ම)

:       0       0

නිරෝධ ද සිල්වා Friday, 02 December 2016 06:29 AM

රවී මහත්තයට පුලුවන්නම් මේ වෙලාවෙ තව බස් ටිකක් වැඩිපුර දැම්මොත් අරගොල්ලන්ට දිගටම වර්ජනය කරන්න දෙතහැකි (බ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Friday, 02 December 2016 06:29 AM

තව තවත් බස් ගෙන්නලා ඔය පුද්ගලික බස් නතර කරන්න ඕනි.නැත්නම් සේරම බස් ජනසතු කරන්න ඕනි.ලංගමට ගන්න ඕනි (බ)

:       0       0

දුමින්ද Friday, 02 December 2016 06:34 AM

මේ රටේ පොදු ප්‍රවාහන සේවය මුදලාලි ලට දීපු එකේ පව තමයි මේ . වර්ජනය පිට හරි දාල පුද්ගලික බස් පාරෙන් ඉවත් කල යුතුයි, ලෝකේ කොයි රටේවත් ප්‍රයිවට් බස් නෑ (ර)

:       0       0

සමන්ත Friday, 02 December 2016 06:39 AM

මේ ස්ට්‍රයික් එක සම්පුර්ණයෙන්ම සාධාරණයි මේ වාගේ දඩ ගහන්ඩ නම් මේ රටේ පාරවල් ටික ඉස්සරවෙලාම හදල ඉන්න (ර)

:       0       0

ජයන්ත Friday, 02 December 2016 06:47 AM

ඔබගේ කොමන්ටුව හරි. අපේ ජනතාව කොයි තරම් මෝඩද. බස් රියදුරන්ගේ වර්ජනයට ඇහුන්කන් දෙන්න මේ ආණ්ඩුවට බැරි ඇයි. (බ)

:       0       0

තිලක් Sunday, 04 December 2016 01:53 AM

ඇමැතිවරුන්ට ලක්ෂ 700ක වාහන ලබා දෙන බව හෝ ඇමැතිවරුන්ට වාහන සඳහා මසකට ලක්ෂ 7 බැගින් ගෙවන බව හෝ මන්ත්‍රීවරුන්ට කාර්යාලයක් පවත්වා ගැනීම සඳහා රුපියල් ලක්ෂය බැගින් දීමනාවක් දෙන බව හෝ සඳහන්ව තිබුනේ නැත. (හේ)

:       0       0

ජයන්ත Friday, 02 December 2016 07:07 AM

ප්‍රවේසමෙන් බස් හිමියනේ ලිසිං වෙලාවට දාන්න ඕන . (ම)

:       0       0

ප්‍රීති Friday, 02 December 2016 07:13 AM

මහපාරේ ඔය ඉරි වෙනුවට, වැටවල් ගහන්න. මේ වගේ එවුන්ව දඩ ගහලා විතරක් නෙමේ කණපිට හැරේව්වත් හදන්න පුළුවන් ජාතියක් නෙමේ. පින්වත් ජනතාවගේ විනීත කම පේනවා මහා පාර දිහා බැලුවාම.(ම)

:       0       0

ආනන්ද Friday, 02 December 2016 07:22 AM

පුද්ගලික බස් ජනසතු කලාම හරිනේ (ම)

:       0       0

පෙරේරා Friday, 02 December 2016 03:04 PM

මිනිසුන්ට අවශ්‍ය වෙනස ඔවුන්ට දීම ගැන අද මහජනතාව ගැන මා සතුටුයි දැන් සැපද? නින්ද යනවද? (නි)

:       0       0

ධම්මික Friday, 02 December 2016 07:35 AM

මොවුන් මේ වර්ජන කරන්නේ රටේ මිනීමරන්න නීතිය කඩන්න ඕනෑ නිසානේ. අපිත් වාහන වල යනවා තමයි. එ්ත් තමන් හරියටම යනවා නම් දඩයෙන් ප්‍රශ්නයක් නැහැනේ (නි)

:       0       0

කමල් Friday, 02 December 2016 07:35 AM

ඔබත් බස් මගියෙක්ද? එන්න අප හා එක්වන්න. අපි අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමු. ඔබේ අදහස් යෝජනා, චෝදනා අපිට කියන්න. සිතන්න සමස්ථ මගී ප්‍රවාහන සේවාව තුළ වඩාත්ම ප්‍රභල පාර්ශවය වන්නේ මගියාය. (නි)

:       0       0

ශෂික Friday, 02 December 2016 07:45 AM

වේග සීමා පුවරුවක්වත් නැතුව වේගයෙන් පදවනවාට 25000 ගහන්නේ කොහොමද?? (නි)

:       0       0

සුගත් Friday, 02 December 2016 07:46 AM

ඉතාම හොඳ තීරණයක්. වැරදි කරන්නේ නැත්නම් දඩ නොගෙවා ඉන්න පුළුවන්. මෙහෙම නීති නැතුව අපේ රට හදන්න බැහැ. හැබැයි මේ නීතිය හැමෝටම එක සමාන විය යුතුයි (නි)

:       0       0

මොරවක Friday, 02 December 2016 07:48 AM

ලංගමයට ජයවේවා! (නි)

:       0       0

දහම් Friday, 02 December 2016 07:58 AM

ලංගම රියදුරන් වැරදි කළාට පොලිසියෙන් අල්ලන්නේ නැත්තේ ඇයි. ගැමුණු කියන විදියට ඒ අයට මිනීමරන්න අවසර දීලද. නැත්නම් ලංගම බස් වල හැපුනට මොකුත්ම වෙන්නේ නැද්ද? (නි)

:       0       0

දනුෂ් Friday, 02 December 2016 01:59 AM

ජනතාව මෙමගින් අසරණ වෙනවා (ර)

:       0       0

මහේෂ් Friday, 02 December 2016 02:17 AM

ප්‍රවාහන සේවය තව දියුණු කළ යුතුයි (ර)

:       0       0

රොෂාන් ලියනගේ Friday, 02 December 2016 02:24 AM

ගෙදරම ඉන්න (ර)

:       0       0

රුවන් Friday, 02 December 2016 08:01 AM

ලංගමට තව බස් ගෙනාවනම් හරිනේ. ඔය අැමතිලාට වාහන ගන්න වෙන්කල එක නවත්තලා... (ර)

:       0       0

සමිත Friday, 02 December 2016 02:29 AM

ඒ කියන්නේ වැරදි කරන්ඩ ඉඩ දෙන්න කියලද? හරි එක මොකක්ද කියල ඔය කට්ටියම කියන්නකෝ. (ර)

:       0       0

ප්‍රසාද් Friday, 02 December 2016 05:26 PM

වර්ජනය කරන කට්ට්යට තව දවසකින් දෙකකින් තේරෙයි. එ් නිසා බයවෙන්න හොඳ නැහැ (නි)

:       0       0

අබරන් Friday, 02 December 2016 02:38 AM

වැරදි නොකර ධාවනය කරනවානම් දඩ ගෙවන්න ඔනේ නැහැ. (ර)

:       0       0

ශිවන්ත Friday, 02 December 2016 05:49 PM

පාරේ යනවට නොවෙයි මේ 25,000 දඩ ගහන්නේ. වැරදි කළොත් දඩ ගහන්නේ. ඒකවත් තේරුම් ගන්න බැරි මෝඩ රියදුන් සමඟ තමයි මෙච්චරකල් ඉඳලා තියෙන්නේ. නීති කඩන්නේ නැතුව හරියට ගියා නම් දඩය 100,000ක් ගැහුවත් මොකද. දැනට තියන දඩය අැඟට දැනෙන්නේ නැහැ. එ්ක නිසා දඩ ගැහුවත් කමක් නැහැ කියලා යනවා. මින්පසු එහෙම යන්න බැහැ. එ්කයි මේ දඩයට එරෙහි වන්නේ. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 04 December 2016 11:48 AM

25,000 හ මදි, තව වැඩිකරන්න ඕනා. (බ)

:       0       0

රූබි Friday, 02 December 2016 02:45 AM

ආ දැන්ද ලංගම බස් ඕනෑ වුණේ. (නි)

:       0       0

ඉසුරු Friday, 02 December 2016 02:51 AM

පුද්ගලික බස් තමයි හැම නීතියක්ම කඩන්නේ (නි)

:       0       0

ලසන්ත Friday, 02 December 2016 02:51 AM

ලංගම හොඳට තිබුණා නම් මෙහෙම නටන්නේ නැහැ (නි)

:       0       0

සම්පත් Friday, 02 December 2016 02:52 AM

වැරදි කරන්න කැමති දඬුවම් විඳින්න අකමැති කට්ටිය තමයි ඔය (නි)

:       0       0

දසුන් Friday, 02 December 2016 03:02 AM

බස් වලට විතරක් මේක බලපානවා කියලා හිතාගෙන ඉන්න අයටත් ජනවාරියෙන් පස්සේ මේ දඩය ගෙවන්න වුණොත් එයාලා යන යතුරුපැදි වුණත් ගෙදර ගෙනියනවාට වඩා හොඳයි පොලිසියේ තියලා එන එක. මේක හිතට ගන්න මහත්තයෝ. ඔය හැම නීතියක්ම බලපාන්නේ බැරි මිනිසුන්ට (නි)

:       0       0

ලුම්බිණි Friday, 02 December 2016 03:03 AM

දිගටම වර්ජනය කරන්න ඉඩ දෙන්න. (ර)

:       0       0

සනත් Friday, 02 December 2016 03:05 AM

මේ සියල්ලෙන්ම අසරණ වෙන්නේ අපේම රටේ දුප්පත් ජනතාව.. (ර)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Friday, 02 December 2016 03:17 AM

වැරදි කරන රියදුරන්ට රුපියල් 25000ක් දක්වා දඩ ගැසීම කිසිසේත්ම හකුලා නොගත යුතුය. මහජන සහයෝගය රජයට ලැබෙනවා නොඅනුමානයි !! (ර)

:       0       0

විජේපාල Friday, 02 December 2016 03:19 AM

මෙතන අදහස් දාලා තියෙන හැම කෙනෙක්ම එකම පැත්තක් විතරයි දැකලා තියෙන්නේ. එදාවේල හම්බ කරගන්න කුලී රියදුරෙකුට මෙච්චර දඩ මුදල් ඔරොත්තු දෙනවද. අවමය තිබුන රු 500 රු 750ක් දක්වා වැඩි කලානම් සාධාරණයි. මාර්ග නීති කඩකරන්න එපාලු.බීල යන කෙනකුටනම් ලක්ෂයක් දඩ ගැහුවත් කමක් නැහැ. (ර)

:       0       0

රනා Friday, 02 December 2016 08:20 AM

දැන් තමයි අපට 70-77 අනිල් මුණසිංහ මහත්තයාගේ අගය මතක් වෙන්නේ. එතුමා ගමනා ගමන ඇමති සහ ලංගම සබාපති වෙලා හිටපු කාලයේ පමණයි ලංගම ලාබ ලබන ආයතනක් වුනේ. පැය 24 ම බස් තිබුනා. (ර)

:       0       0

ලලිත් Friday, 02 December 2016 03:26 AM

ලංගම රියදුරෝ වර්ජනය කරන්නේ නැත්තේ මොකද? ඒ අය මොන නීති කැඩුවත් පොලිසිය දඩ කොළ දෙන්නේ නැතිනිසයි. මෙතැන තියෙන ප්‍රශ්නය මේ දඩ මුදල වැඩිකමයි! (නි)

:       0       0

හුසේන් මොහමඩ් Friday, 02 December 2016 03:27 AM

ඔය නීතිය පොදු ජනතාවගේ පැත්තෙන් සාධාරණයි. අත්‍යාවශ්‍යයි. එ්ත්, ආණ්ඩුවටත් හරි දේ කරන්නත් කොන්දක් තිබිය යුතුයි. අපි බලමු ජනපතිවරයාවත් ඒක කරයිද කියලා. මොකද මාර්ග නීති කඩනවුන්ට වගේම රටේ අනතුරු අඩුකරගන්නත් මේ වගේ නීති අත්‍යාවශ්‍යයි. (නි)

:       0       0

සමන්ත Friday, 02 December 2016 03:38 AM

මහජනතාව අසරණයි (ර)

:       0       0

උපාලිි මහකෙළිය Friday, 02 December 2016 03:39 AM

ඔය වාගේ අය ගෙදරට වී සිටීම තමයි හොඳ (ර)

:       0       0

ගීගන Friday, 02 December 2016 03:39 AM

විජේපාල වගේ අය ඉන්නකන් මේ රට ගොඩගන්න බැහැ. ලෝකයේ දියුණු රටවල් බොහොමයක් ඒ තත්වෙට ගිහිල්ලා තියෙන්නේ නීතිය තද කරලා. විජේපාල රට ගිහිල්ලා ආපු කෙනෙකුට කතා කරලම බලන්නකෝ (නි)

:       0       0

මධූෂා Friday, 02 December 2016 08:43 AM

ඔය දඩය දිගටම පවත්වාගෙන යා යුතුයි. ඒ විතරක් නොවෙයි කහ ඉරෙන් පාර පනින්නේ නැති මගියටත් අවම දඩය 25000 ක් ගැසිය යුතුයි. (නි)

:       0       0

දමිත Friday, 02 December 2016 08:53 AM

25000ක් නෙමෙයි කීයක් ගැහුවත් මිනිසුන්ගේ පඩියවත් අදායමවත් වැඩිවුණේ නැහැනේ. අසරණ වෙන්නේ දුප්පත් මිනිස්සු (නි)

:       0       0

රුවන් Friday, 02 December 2016 03:56 AM

වෙලාවට සුද්දෝ ඉන්න කාලේ මරණ දඬුවම් ගෙනාවේ. මේ අය ටික එදා හිටියනම් එකටත් ස්ට්‍රයික් කරනවා. (ර)

:       0       0

උපාලි Friday, 02 December 2016 04:02 AM

දැන් මිනී මරන අයත් කියාවි මරණ දඩුවම ඉවත් කළ යුතුයි කියල (ර)

:       0       0

ජයන්ත Friday, 02 December 2016 04:06 AM

නීතියක් අලුතින් ගෙනත් නේද? තියෙන නීතියට දඩ වැඩිකිරීමක් නේද? නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුවක්ද තියෙන්නේ , ප්‍රමාණවත් දඩ මුදලකට නීතිය ක්‍රියාත්මක කරානම් මාර්ග අනතුරු අඩුවෙයි (ර)

:       0       0

නිමේෂ් Friday, 02 December 2016 04:12 AM

මම එකගයි වැඩ වර්ජනයට. මට උනත් කිහිපවතාවක්ම වැරදි නොකර දඩ ගෙවන්න සිදු වෙලා තියනවා. . මම කියන්නේ රු 25,000ක් වෙනකම් දඩ මුදල් වැඩි කිරීම අසාධාරණයි කියලා. (ර)

:       0       0

තරිඳු Friday, 02 December 2016 04:20 AM

ඔය බස් සංගම් ඕනෙ නම් සතියක් ඔය දේවල් කරයි (ර)

:       0       0

සමන් Friday, 02 December 2016 04:21 AM

වැරැද්ද කරන්න ලෑස්ති කියන එකනේ මේකෙන් පෙන්නේ.. වැරැදි නොකරනවානම් මොකටද මෙපමණ උද්ඝෝෂණ? (ර)

:       0       0

මනුර Friday, 02 December 2016 04:21 AM

වැරදිකාරයටම තමන්ගෙ දඩුවම තීරණය කරන්න දෙන්න නරකයි. (ර)

:       0       0

අමිල Friday, 02 December 2016 05:07 AM

දඩ නොගැහුව්වොත් කොහොමද මැති ඇමැතිවරුන්ගේ අලුතින් සම්මත කළ දීමනා ගෙවන්නේ? (ම)

:       0       0

නිශේන්ද්‍ර Friday, 02 December 2016 05:10 AM

අධි වේගයෙන් යන දඩය පවතින ලෙසම තැබීම සුදුසු බව මගේ අදහස. අනෙක් සියලු දඩ 25000 හෝ ඊට වැඩි කිරීම අනුමත කරමි. (ර)

:       0       0

සේරම් Friday, 02 December 2016 10:36 AM

විජේපාල, මේක ගල් යුගය නෙමෙයි. දැන්වත් වලිගය කපාගන්න (නි)

:       0       0

නාලක හේරත් Friday, 02 December 2016 05:10 AM

ස්ට්‍රයික් කරන බස් හැම එකකම රූට් පර්මිට් අවලංගු කලානම් හරි.. (ර)

:       0       0

සමන් කීරගල Friday, 02 December 2016 05:11 AM

සතියක් හරි වර්ජනය කරන්න ඉඩ දී නීතිය ක්‍රියාත්මක කල යුතුයි. (ර)

:       0       0

සමන් Friday, 02 December 2016 05:11 AM

තව ටිකක් ලංගම බස් වැඩිපුර දැම්මොත් අරගොල්ලන්ට දිගටම වර්ජනය කරන්න දෙතහැකි. (ර)

:       0       0

කාරියවසම් Friday, 02 December 2016 05:13 AM

මහජන සහයෝගය රජයට ලැබෙනවා නොඅනුමානයි !! අත්‍යාවශ්‍ය නීතියක්. (ර)

:       0       0

අකිල Friday, 02 December 2016 05:15 AM

මහපොලොවෙි ජිවත් වෙන්න මිනිස්සුනේ... (ර)

:       0       0

ගයාන් Friday, 02 December 2016 05:15 AM

ලබන වසර මීටත් වඩා දරුණු වේවිද ?. (ර)

:       0       0

ධනසිරි Friday, 02 December 2016 05:18 AM

ලංගමය පමණක් එකම පොදු ප්‍රවාහන සේවාව කිරීම හොඳ අදහසකි (ර)

:       0       0

සුනිල් Friday, 02 December 2016 05:18 AM

ආණ්ඩුව ගත් තීරණය ආපස්සට ගන්න එපා. (ර)

:       0       0

දිලාන් Friday, 02 December 2016 05:27 AM

දසුන් බස් වලට විතරක් බලපානවා නෙමේ වැරදි කරනවානම් කවුරු උනත් වැරදියි. පොඩි මිනිහ කියල වැරදි කරන්න දෙන්න බැහැ (ර)

:       0       0

අසෝකා Friday, 02 December 2016 11:28 AM

මේ ස්ට්‍රයික් එකේ තේමාව වෙනස් කලානම් මුළු රටම අද පාරට බහිනවා. දියවන්නේවේ පඩි අඩුකරලා ඒ මුදලින් දුප්පතුන්ට දීමනාවක් ගෙවන්න කිව්වා නම්. (ර)

:       0       0

නෙහාරා Saturday, 03 December 2016 03:09 AM

නොසැලිකිලිමත්ව රිය පැදවීම නිසා අහිංසක මිනිස් ජීවීත කීයක් අපට අහිමි උනාද.මේ දඩය වැඩි කරනවා මිසක් අඩුනම් කරන්න එපා.එකම වැරද්ද කීප සැරයක් කලොත් රියදුරු බලපත්‍ර අවලංගු කරන්න (ර)

:       0       0

රෝහිත ඕමාන් Friday, 02 December 2016 05:36 AM

දඩය රු 25000 කළා කියන පුවතින්ම දැනටමත් හදිසි අනතුරු වාට්ටුවට එන රෝගීන් ප්‍රමාණය අඩුවෙලාලු. නීති ගරුක පුද්ගලික බස් රියදුරන් මේකට වර්ජනය කලයුතු නෑ. (ම)

:       0       0

තිලක් Saturday, 03 December 2016 05:45 PM

ලංගම බස් වැඩි කරානම් මේ අයට තේරෙයි.(හේ)

:       0       0

තිලක් Saturday, 03 December 2016 05:49 PM

මම අවුරුද්දකට සැරයක් ලංකාවට යන දවසට මගේ වාහනේ අදායම් බල පත්‍රය ඉවර වෙලා.අලුත් කරන්න දුම් පරික්ෂාවට ගිහින් එනකොට පොලිසියෙන් අල්ල ගත්තා.එදා ගෙව්වේ රුපියල් 500 යක් පමණයි.ඒකත් සාප කරලා.එතකොට දැන් රුපියල් 25,000 ක් ගෙවන්න වුනොත් කොහොමද සනීපේ......(හේ)

:       0       0

වීරහැන්නැදිගේ Friday, 02 December 2016 05:47 AM

ඔය ස්ට්‍රික් කරන බස්වල පර්මිට් එක අවලංගු කරන්න . ඇමතිතුමනි ලංගමයට අලුතෙන් බස් ගෙන්වන්න . මාර්ග නීති කඩලා බස් දුවන්න දෙන්න ඕනේ නැහැ. ජනතාව ආරක්ෂා කරන්න. ඔය පපඩම් වගේ කුඩුවෙන ත්‍රීවිල් රථවල වේගය පාලනය කරන්න. (බ)

:       0       0

විපුල Friday, 02 December 2016 05:48 AM

මේ ආණ්ඩුව පත්වෙලා අවුරුදු දෙකක් වෙනවා කිසිම බස් රථයක් ලංගමට අලුතින් ලබාදුන්නේ නැහැ . මීට වඩා සැලකිල්ලක් ලංගමයට කළ යුතු වෙනවා. (බ)

:       0       0

සිරිල් Friday, 02 December 2016 05:51 AM

ලංගමයත් විකුණලා තිබුන නම් අද කොහොම තියේ ද ? (බ)

:       0       0

රුවන් Friday, 02 December 2016 05:53 AM

අයවැය පියවගන්න දඩ මුදල වැඩිකිරීම වැරදි. රිය අනතුරු අඩුකරන්න පියවරක් ලෙස ගන්නේ නම් මීට කලින් එය කළයුතු වෙනවා.අනෙක එම තීරනය මුදල් ඇමති කෙනෙක් ගැනීම මම අනුමත නොකරමි. (බ)

:       0       0

නවරත්න Friday, 02 December 2016 12:06 PM

මේ පින්තුර වල වැරදි කරන අය ගොඩක් ඉන්නවා කියලා තමයි මගෙනම් අදහස. අවම දඩේ රු 50000 කලත් අපේ රටේ මිනිස්සු හදන්න බෑ. (ර)

:       0       0

නුවන් Friday, 02 December 2016 05:55 AM

බයික් ත්‍රී වීල් වමෙන් ඉඩ අැති විට නොගියොත් තවත් ට්‍රැපික් වැඩිවෙනවා කාටත් තේරෙයි දඩ ගෙවන්න වුනාම මේක බස්වලට වඩා බලපාන්නෙ ත්‍රීවීල් සහ බයික් වලට (බ)

:       0       0

සිරි- ඕමානය Friday, 02 December 2016 12:11 PM

මට හිතෙන්නේ ලංකාවේ නීති සම්පාදනය කරන අය ඕමානය ආදර්ශයට අරගෙන වගේ. මෑතකදී ඔමනයේත් රියාල් 30 ට ( රුපියල් 11520) අවම දඩය රියාල් 300 ( රුපියල් 115200) දක්වා ඉහල දෑම්මා. ඒ විතරක් නෙමෙ දඩය ගෙවලා සිරගත වෙන්නත් වෙනවා. අපේ රටේ අවිනීත රියදුරන් ට මහ පාර තමන්ගේ බූදලයක් කියල වාහන පදවන අයට හොඳ දඬුවමක්. නමුත් මොටෝර් බයිසිකලයක් පදින අයට අසාධාරනයක් නොවෙන්න නීතිය වෙනස් කල යුතුයි. (ර)

:       0       0

ජයලත් Friday, 02 December 2016 05:57 AM

මේ කව්ද ස්ට්‍රයික් කරන්නේ ? ලංකාවේ හොඳටම ,විනයගරුකවම ,නීතියටම වාහන එලවන කට්ට්ටිය ත්‍රී වීල් සහ බස් ! අපිත් දැන් මේ අවරුදු 40 ක් 50 ක් තිස්සේ මෙරටෙත් පිටරටවලත් එලවනවා අපට මෙහෙම ප්‍රශ්න නැහැ .ආණ්ඩුවට මේ වෙලාව කොන්දක් තියෙන්න ඕන මොකද සමස්ත ජනතාවගෙන් වැඩි හරියක් ඉන්නේ මුන් එක්ක තරහෙන් (බ)

:       0       0

අසෝකා Friday, 02 December 2016 12:15 PM

නිතිය කාටත් එක විදියට බලපානවා නම් මමත් ඔබේ අදහසට එකග වෙනවා නවරත්න මහත්තයෝ. එත් ප්‍රශ්නේ තියෙන්නේ රට කරවන අය පාරේ නීති කඩන කොට ඒ අයටත් මේ නිතිය ක්‍රියාත්මක වෙනවා නම් මම සියයට සීයක්ම කැමතියි. (ර)

:       0       0

විජේපාල Friday, 02 December 2016 06:00 AM

ගීගන, රට ගොඩ ගන්නවා කියන්නේ අහිංසක ජනතාවට බදු පිට බදු ගහලා දඩ ගහලා මන්ත්‍රී දීමනා වැඩිකරගන්න එකටද ? ඇමතිවරුන්ට සැප වාහන ගන්න එකටද? ඔය පිටරටවල් වල නීතිය ගැන විතරක් කතාකරන්න එපා ඒ රටවල මාර්ග සහ මාර්ග පහසුකම් පිලිබදවත් කතා කරන්න. අපේ පාරවල් වල හරියකට වාහනයක් නවත්වන්න තැනක් තියෙනවද ත්‍රීරෝද වලට යතුරුපැදි වලට යන්න පාරේ තීරු වෙන්කරලා තියෙනවද. හදිසියෙවත් ඔයා නගින බස් එකක් මාර්ග නීති සේරම ආරක්ෂා කරගෙන යන්න ගිහින් පරක්කු උනොත් ඔයා බස් වලට බනින්නේ නැත්ද? ඔයාලා ජීවත් වෙන්නේ අගහරු ලෝකේ නෙවෙයිනේ. දඩ විතරක් ගහලා නීති හදන්න බැහැ. ඇමතිවරුන්ට විතරද පාරේ මාර්ග නීති කඩාගෙන වාහන 6ක් 7ක් එක පෙලට අරගෙන යන්න හොද. කවුද ඒවාට දඩ ගහන්නේ. (ර)

:       0       0

තිලක් Friday, 02 December 2016 06:10 AM

දිගටම පෞද්ගලික බස් වර්ජනය කරන්න කියන්න , එතකොට පාර හරි පිරිසිඳුයි, ආණ්ඩුව එකට හරියන්න ලංගම දියුණු කරන්න (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1030 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 689 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 253 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1942 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1759 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 544 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site