යුද අපරාධ ගැන විහිළු සපයන්නට පිළිතුරු දීමේ තේරුමක් නැතැයි ද යුද්ධයේ වගකීම බාරගෙන ඕනෑම තැනකදී පිළිතුරු දීමට සූදානම් බව කියා තිබියේදීත් ඒ ගැන තේරුම්ගැනීමට රජයේ සමහරුනට නොහැකිවී ඇතැයි ද හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මීරිගම දී පැවැසීය. වේවැල්දෙණියේ මේධාලංකාර රාමඤ්ඤ නිකායේ මහා නාහිමියන් බැහැදැකීමෙන් පසු ඔහු මාධ්‍ය සමග පැවැසුයේ ‘අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ‘ යන්න සැබෑ ලෙස අර්ථ ගැන්වීමට නම් එක් අයකු පමණක් රජවී දූෂිත පාලනයක් ගෙන යෑමට එරෙහිව කවුරුත් අත්වැල් බැඳ ගතයුතු යැයි කීවේය. ‘රට පිරිසිදු කිරීම මගේ අරමුණයි. ඒ සඳහා මේ රජය හරි චේතානාවෙන් ඉදිරිපත් වෙනවා නම් මගේ සහායත් දෙනවා. එම අරමුණ ඉටු කැර ගැනීමට කැමැති ඕනෑම සමග එක්වීමට කැමැති. ඒ රජයේ ජනාධිපති කවුද අගමැති කවුද යන්න වැදගත් නැහෑ‘.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පක්ෂ දේශපාලනය එන්නේ නැතුව තනිවම ඉතිරි ටික ඉදිරියට කරගෙන යමු
බුදු දහමට අනුවත් වෛරයෙන් වෛරය නොසන්සිදේ.ඒ නිසා හොද හිතින් කතා කරනවා නම් හොදයි
මෙච්චර දූශිත පාලකයායි කියලා එතුමා හදුන්වන කෙනා දුන්න හමුදාපතිකමයි - මාණ්ඩලික ප්‍රදානීකමයි - ඊට පස්සේ දුන්න සමාවයි මොකද දන්නෙ නෑ මෙතුමා දෑතින්ම ගත්තේ..?
එතුමාගේ කතාව යථාර්තවාදියි.ප්‍රතිපත්ති වෙනස් නොකර පක්ෂය වෙනස් කළාට වරදක් නෑ
ඔය හැමෝටම මම කියන්නේ මේ කතාවේ ලොකු තේරුමක් තියෙනවා.ඔබතුමාලා ගමේ ඉන්න විදියට කතා කරන්න එපා.රටේ ඉන්න විදියට කතා කරන්න
ඔබතුමා ඔය තත්ත්වයට ඇදලා දැම්මේ මේ රජයවත්, ජනපතිවත් නෙමෙයි.තමන්ගේ පරාජය වහ ගන්න බිල්ලට දුන්න පක්ෂ.රටට සේවයක් කරන්න පක්ෂයක් නැති උණත් උවමනාව තියෙනවා නම් පුළුවන් නිහඩව රටට සේවයක් කරන්න
අනික මෙච්චර දූශිත පාලකයායි කියලා එතුමා හදුන්වන කෙනා දුන්න හමුදාපතිකමයි - මාණ්ඩලික ප්‍රදානීකමයි - ඊට පස්සේ දුන්න සමාවයි මොකද දන්නෙ නෑ මෙතුමා දෑතින්ම ගත්තේ..?
අනේ මන්දා හැමෝම කිවුවේ රටේ පාලනය වෙනස් කරනවා කියලනේ.එහෙම කළොත් මමත් සහය දෙනවා
ෂ්.ෂ්.. කට.... කට....
http://www.thehindu.com/news/international/article107091.ece මේ කේස් එකට මොකද වුනේ.
ඔයා කරපු දූෂිත වැඩ අපිට අමතක වෙලා කියලා හිතලා වෙන්න ඇති ඔය වැනි ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ.
ගෙදර ගිය ගමන් මොකෝ දන්නේ නෑ බල්ලා තුරුල් කර ගත්තේ.ඉස්සෙල්ලා ගෙදර ගැන බලා ගන්න.අපි රට ගැන බලා ගන්නම්
මැඩම් උණත් අහක බලාගෙන සහය දෙන්න බැරි නෑ
මොකාටද එන්න හදන්නේ?
හැම දේශපාලඥයෙක්ම එකම ටියුන් එක තමයි ප්ලේ කරන්නේ
හරිනම් ජනාධිපතිට වැදලා සමාව ගන්න ඕනේ.කාපු බත් පතට කෙළ ගහන්න එපා.ලංකාවේ ඉන්නේ මෝඩ මිනිස්සු නෙමෙයි
අර සීනුව හොල්ලන සහෝදරයන්ගෙනුත් උපදේසයක් ගත්තානං නරකද ආයිබොවං
මේ කතා වලින් තේරෙන්නේ දේශපාලනයේදී කරන බොරු කතා අහන්න හුගක් මිනිස්සු කැමතියි කියන එක
යකෝ මේ රටේ ඉන්නේ මහා පුදුම මිනිස්සුනේ. ආණ්ඩුවට එරෙහිව කතා කළාමත් බනිනවා. ආණ්ඩුවට උදව් කරනවා කීවමත් බනිනවා. මේ උදවියට කොහොම කතා කොරන්ඩද මන්දා. දේශාපලන කෙරුවාවත් හිතන තරම් ලේසි නෑ වගේ.
අන්න එහෙම එන්නකෝ
ගොඩක් මිනිස්සුන්ට කියන සුළු ප්‍රකාශයක් වුණත් තේරුම් ගන්න බැරි එකේ රට දියුණු කරන වැඩ කරන්නේ කොහොමද?
අහෝ පොන්සේකා මහත්තයා පිල් මාරුකරන්න හදන්නේ... හා හා හොරේ දැණුනා...
විහිඵකාරයෙක් වෙන්නද යන්නේ...
මැති ඇමතිවරුන්ගේ හිත් පිරිසිදු කළා නම් රට ඉබේම පිරිසිදු වේවි
අපිත් ඉන්නවනේ බලමුකෝ මොකද වෙන්නේ කියලා.........
මම නං හිතුව නිදහස දෙනකොටම මොකක් හරි තමයි කියලා...
පිරිසිදු කරන්න තව රටක් ඉතුරු වෙලා තියෙනවද?
විශ්‍රාම සුවයෙන් කාගෙත් පැසසුම් ලබා රජෙකුසේ නිවසට වී ඉන්නට නොදුන්නා වූද, ඔබ නොදන්නා දේශපාලනයට ගෙනවුත් ජනාධිපතිවරණයට තල්ලුකොට තම තමන්ගේ පක්ෂ නායකකම් ආරක්ෂා කරගත්තාවූද, ඵය අවසන බෝඩිමට යාමට මග පාදාදුන්නාවූද, ඵමගින් තම මඩිය තරකරගත්තාවූද, ඔබව නිදහස් කරගැනීමට යයි කියා බයිලා කියමින් මුදල් ඵකතුකරගත්තාවූද, මීට කලින් ඔබව නිදහස් කරගැනීමට තිබූ ඉඩ වැලකුවාවූද, පැරණි දේශපාලන සගයන්ගෙනුත් අහලම තීරනයක් ගත්තොත් තමා හොද
අපි අහුවුණානෙ මෙයාට ජනාධිපතිවරණය කාලෙදි..
ඕන දෙයකට සපෝර්ට් එකක් දෙන්නම් මට කන්න බොන්න දෙනව නම්.
අපි අහුවුණානෙ මෙයාට ජනාධිපතිවරණය කාලෙදි...
ඔබ තමා එක්ක පස්සෙන් ඉන්න කට්ටියට හාද පාඩමක් උගන්නන්න එකතු වෙන්න රජයත් එකක. ඔබට ජය...
ඔබතුමා හැමවිටම පරිස්සමින් කතා කරන්න.කළබල වෙන්න එපා.ගියපාර වැරදුනෙත් ඕකනේ.දුප්පත් මගේ ඔවදන කවදා හරි වටීවි
හා හා හොරේ දැණුනා දැණුනා.....
මරැ කතාව
කරපුව අපි නොදන්නවයැ
USA ජෝකර් කෙනෙක් වෙන්නේ නැතුව ලාංකිකයෙක් වුණානම් හරි නේද?
ඔක්කොම හොරු තමා
කෙලෙහි ගුණ නම් ඇත්තේම නැහැ
සෙන්පතිතුමනි, පෙරට යන් වම... දකුණ.... වම...
ආණ්ඩුව පෙරළන්න තව දේශපාලන යුද්ධයක් මේ රටේ ඇති වුණොත් ඒකෙන් බැට කන්න වෙන්නෙත් අහිංසක ජනතාවටයි.ජනතාව මේ වන කොටත් විදින දුක් බොහොමයි
දැන් ලංකාවට ඕනේ හොරකම් නැති සාධාරණ දේශපාලන නායකත්වයක්.ඒක කරන්න ඔබතුමාව ඕනේ.
පිට රටකට ගිහිල්ලා හරි හොද බෙහෙක් ටිකක් අරන් වැඩ පටන් ගත්තොත් නේද හොද? නැත්නම් ඔයාව එළියට ගන්න මහන්සි වෙච්ච ැයටත් වෙන්නේ මදි පුංචිකමක්
කාපු ලණු දැන් වමාරනවා නේද? පවු.තරු ටිකයි, තනතුරයි තියාගෙන ෂෝක් එකට ඉන්න තිබුනනේ
කටමයි අප්පා සවුත්තු
මෙතුමා කල කථාවට වැරදි විග්‍රහයක් තමා ඇමතිවරයා කලේ. රට මේ විදිහට ලෝකය ඉදිරියේ නින්දවට පත් ව්ම නතර කර ගක යුතුයි.ඒ සදහා අප වැරදි නොකල බව පෙන්ව්ය යුතුය.නැතුව අප හැංගෙන හැම වාරයකම ඹවුන් අපට බොරු චෝදනා දානවා.මේ බව නොතේරිම කනගාටුවක්. රටේ ජනතාවගෙන් අනුකම්පාව ලබා ගැනිමට හා ජනතාව රැස්කරවා ගැනිමට මෙය අායුදයක් කරගෙන ඇත.මේ ගැන හොද කතුවැකියක් අද ලංකාදිප පත්තරේද ඇත. කියවා අවබෝධ කර ගනිත්වා.
දැන් ඉතිං ඉස්සරහට හැමදාමත් කලවැද්දෝ ගැන කතා කරන්න පුළුවන්
ලෝකේ තියෙන සබන් ඔක්කොම ගාලා නෑවත් උරුලෑවගේ ගද අරින්න බෑ.ඒ නිසා අපි වෙන අතක් බලාගමු
ස්තූතියි ජෙනරාල්තුමනි
කාටද අප්පා මේ විහිළු කාරයා කියන්නේ.
ඔබ තුමාට අවංකවම උවමනාවක් තියෙනවා රටේ දූසණය නැති කරන්න.ඔබතුමාට ජය වේවා!
වහෙන් ඔරෝ මේ කියන්නේ මොකද්ද?
දෙයියෝ මිනිහෙක්ට කන් දෙකක් දීලා එක කටක් දුන්නේ වැඩියෙන් අහලා අඩුවෙන් කතා කරන්න.මෙයාගේ ඒ දෙකම මාරු වෙලා
ඔබ ජනපති වුනොත් නම් මේ රට පිරිසිදු වේවි.නැත්නම් ගන්න දෙයක් නැතිවේවි
ඔයාලට නොතේරුණාට මොකද ඒක හොද දේශපාලනය කරන කෙනෙකුගේ කතාවක්
ඔය කියන්නෙ දූශිත පාලනයෙන් තවත් දූශිත පාලනයකට යමු කියලද?
රජය සමග කොන්දේසි සහිතව එකතු වුණොත් නරකද?
හැබැයි ඔය පුටුවට යන්න කලින් කවුරුත් දහ අතේ දිවුරලා පොරොන්දු දුන්නා.මම හිතන්නේ පුටුවේ වැරැද්ද
රට වෙනුවෙන් වැඩ කරන අඩංක අයට හැමදාමත් අපේ සහාය
සර්, ඔබ එහෙම කළොත් අපේ දුක නැතිවේවි
අනෙක් විහිලු සපයන්නන් කෙසේ වෙතත් ෆොන්සේකා මහත්තයා නම් ආයෙත් පාරක් රටටම විහිලු සපයන්න වගේ යන්නේ. මේ වතාවේ මොනවා කියයිද දන්නේ නෑ... අනික මෙච්චර දූශිත පාලකයායි කියලා එතුමා හදුන්වන කෙනා දුන්න හමුදාපතිකමයි - මාණ්ඩලික ප්‍රදානීකමයි - ඊට පස්සේ දුන්න සමාවයි මොකද දන්නෙ නෑ මෙතුමා දෑතින්ම ගත්තේ..?
රට පිරිසුදු කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
ජය වේවා!!!
රට පිරිසිදු වීමට නම් පාලන අධිකාරිය දූෂණයෙන් තොර විය යුතුයි.ඒක තමයි ඇත්ත
අන්න නියමයි
ඒ සදහා මේ රජය හරි චේතනාවෙන් ඉදිරිපත් වෙනවා නමි මගේ සහයත් දෙනවා. ඒ කියන්නේ අනාගතේදී රජයත් සමග අත්වැල් බැදගැනීමට අදහසක් තියෙන බවද? හා හා හොරේ දැනුනා දැනුනා ඔබ කිවේ මොකෝ කියලා.
රජයක් උණාම සියල්ලෙන්ම අංග සම්පූර්ණ වෙන්න ඕනි.ඒත් මේ රජය? අනේ මන්දා
ඉදල් කොම්පැණියක් දාමුද? අඩු ගානේ පොල් ඉරටු ටිකවත් විකුන ගන්න පුලුවන්නේ
සබන් කොම්පැණියක් දාමුකෝ
කොළඹ මහ නගර සභාවේ පුරප්පාඩු නෑ
කලවැද්දා උගුඩුවා හෝතබුවා මුගටියා
ඔබතුමා සහාය දුන්නොත් තියෙන ඡන්ද ටිකවත් නැතිවෙයි
මෙතන කමෙන්ට් දාන සමහරු කවදා හරි එදා මැරෙන බව දැන දැනත් කොටින්ගෙ ප්‍රහාර නොතකා ඉදිරියට ගිය සෙබලුන්ටත් කියයි, මෝඩයො වගෙ මැරුන, වැඩක් බලාගෙන නිකන් හිටියනම් මැරෙන්නෙ නැනෙ කියල.
එක්කොටම කලින් හැබැයි හිතයි පිරිසිදු කර ගන්න ඕනි
විහිලු කාරයො කියන්න ඇත්තෙ කාටද කියලා අපි දන්නවා.air force,navy,police නැතිව තනියම ආමි එක විතරක් යුද්ධෙ කරපු විදිහටනෙ මුන්නැහෙගෙ කතාව.
සරත් ෆොන්සේකා මහත්තයෝ, අනේ කරුණාකරලා දෙවරක් හිතන්න
මෙයා කට ඇරියොත් ජනාධිපතිතුමාට එක වැටෙනවාමයි.හරි පුදුමයි
ජනාධිපතිතුමා පිරිසිදු කෙනෙක් නොවෙයි නම් ඇයි එතුමා දුන් වරප්‍රසාද බාර ගත්තේ?
අන්න එහෙම හිතලා සාකච්ඡා ඇරඹුවොත් රටේ අහිංසක ජනතාවට සේවයක් වේවි
ලොකු ලොකු උදවිය රට පිරිසිදු කරල ඉවරයිනේ මේ වෙනකොටත්.......
එතුමා දූෂිතයි කියලා තේරුනේ යුද්දේ ඉවර උණාට පස්සේද?
කතා වලින් වැඩක් නෑ.කෙරුවාවයි වැදගත්
එළියට ආපු ගමන් කලබල නොවී නිවී සැනසිල්ලේ, මලක් පහනක් පූජා කරලා, හොදට හොයලා බලලා හිමින් සීරුවේ වැඩේට බැස්සොත් නේද හොද?