(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විදෙස් රටකින් ගෙනා බව කියන මත්පැන් වර්ගයක් පානය කිරීම හේතුවෙන් අසාත්මිකතාවයකට පත්ව රෝගාතුරවූ පුද්ගලයින් සිව්දෙනෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ගල්නෑව වෙරුම්කුලම, නෑගම්පහ පදිංචිකරුවෙකු වන කේ.ජී. අනුර කොඩිතුවක්කු (54) හා දියපැලියගම නෑගම්පහ ලිපිනයේ පදිංචි කේ.ජි චිත්‍රානන්ද කොඩිතුවක්කු (47) යන දෙසොහොයුරන් ය.
අඹේපුස්ස මොට්ටෑවවත්ත ප්‍රදේශයේ පැවති සිය මවගේ අවමංගල උත්සවය බාල පුතුගේ නිවසේ තිබී ඇති අතර, ඉන් පසු සත්දින දානයට සහභාගිවීමට පැමිණ සිටියදි මෙය සිදුව ඇත. මත්පැන් වර්ගයක් පානය කිරීම හේතුවෙන් අසාත්මිකතාවයකට පත්ව එම සිව්දෙනාගේ පපුව ප්‍රදේශයේ ඇති වු අසනීප තත්වයක් හේතුවෙන් මිරිගම රෝහලට ඇතුලත් කර තිබිණි. එසේ ප්‍රතිකාර ලබමින් සිටියදි,එක් අයකු ඊයේ (14) රාත්‍රියේදී මීරිගම මූලික රෝහලේදී හා ඔහුගේ සහෝදරයා අද(15) අලුයම වරකාපොල මුලික රෝහලේදී මරණයට පත්ව ඇත.
මත්පැන් සාදයට එක්ව සිටි අනෙක් පුද්ගලයා වන හමුදා සෙබළා ඊයේ (14) නෙරියකුලම 213 බල සේනා මූලසථානයේ රාජකාරි වාර්තා කිරීමට පිටව ගොස් ඇති බවටද පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත. ඔහුගේ තත්ත්වය සොයා බැලීමේදී එම සෙබලා හදිසියේ අසනීපව අනුරාධපුර මහ රෝහලට ඇතුලත් කර ඇතැයි හෙළි වී ඇත. මියගිය අයවලුනගේ මස්සිනා මීරිගම රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කියයි.
මත් පැන් බිව් සිව්දෙනාගෙන් තිදෙනෙකු මස්සිනාවරු බව හෙළි වී ඇත.
අවමගුල් නිවසට යාබද නිවසේ පදිංචි කොළඹ වරායේ සේවය කරන පුද්ගලයකු මෙම මත්පැන් බෝතලය ලබාදී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙලිවී ඇත. එහි වර්ගයක් හෝ නාමයක් දැනගන්නට නැතැයිද පොලිසිය කියයි. එම පුද්ගලයා අද උදෑසන නීතිඥයකු මාර්ගයෙන් මීරිගම පොලිසියට බාරවී ඇත.
මිය ගිය පුද්ගලයන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණය හා හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රට මත්පැන් විස වී අයියා-මලෝ මරුට
රොශාන් Tuesday, 15 December 2020 04:28 AM
තමන්ගෙ අම්මගෙ හත් දවසෙ දානෙ දවසෙ බීපු අයට සොබාදහම දුන් දඩුවමක්.
Bamunuarachchi Tuesday, 15 December 2020 07:21 AM
බොනවා නම් බ්‍රැන්ඩි එකක් ගන්න.
sandun Tuesday, 15 December 2020 07:30 AM
සිය මවගේ අවමංගල උත්සවයටත්, ගැහැණු ළමයෙක් ලොකු වුනාම බොන මිනිස්සු ඉන්නා රටක්
chandimal Tuesday, 15 December 2020 08:04 AM
මත්පැන් බොන්නේ බූරුවන්ය.
AbaTuesday, 15 December 2020 11:15 AM
අද තමයි මත්පැන් බොන බූරුවො ගැන ඇහුවෙ. කොහෙද දන්නෑ ඉන්නෙ?
RaveendraWednesday, 16 December 2020 01:26 AM
මිනිස් ආත්ම ලැබූ තිරිසනුන් පිලිබදව ඔබ අසා නොමැතිවීම කනගාටුවකි. එවන් තිරිසනුන් ඉන්නෙත් ඔබ අප අවට බවවත් නොදැනීමත් අභාග්‍යයකි. තමන්ගේ හිතට එකගව අවංකව හොදින් නෙත් විවර කර බලන්න අවට පරිසරය දෙස ඔබට බුරුවන් තොගපිටින් දැකිය හැක. විශේෂයෙන් ආගමික උත්සවයකදී,පිංකම් අවස්ථාවකදී අවමංගල්‍ය අවස්ථාවකදී එවන් බුරුවන් පට්ටි පිටින්ම නොදැකීමට නම් ඔහු හෝ ඇය ආබාධ ඇති කෙනෙකු විය යුතුමය.
sunil Tuesday, 15 December 2020 11:08 AM
අනිවාර්යයෙන්ම වරායේ සේවය කල පුද්ගලයාට මෙය ලැබී ඇත්තේ වරායෙන්මයි. අද රටේ ඉන්න අය මත් පැන් යයි කියා දුන්නොත් ගොම වුණත් බොයි. රටේ මිනිසුන් ඒ තරම් පිරිහිලා.