ආර්ථික සංවර්ධනයේ ප්‍රායෝගික අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් දකුණු අප්‍රිකාවේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී මහාචාර්ය හින්චි බුලිලේ මකිහීෂ් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩාමක් සමග අද කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණියහ.
පස් දිනක් ශ්‍රී ලංකාවේ ගතකරන ඔවුන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූ පිරිසක් සමග සාකච්ඡා කර ද්වීපාර්ශ්වික සබඳතා ඇතිකරගැනීමට සහ ලංකාවේ ආර්ථික සංවර්ධනය දැකබලාගැනීම සදහා යාමට ද නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහේ බලාගෙන ගිහින් එහේ මොනවා කියයිද දන්නේ නෑ,.(ස)
සංවර්ධනය වැඩි නිසා තමයි මමත් පිටරටක රැකියාව කරන්නේ. (නි)
ආසියාවේ ආශ්චර්යය බලන්න ඇවිත්. (නි)
දකුණූ අප්‍රිකාවේ අයව විශ්වාස කරන්න හොද නැහැ. (නි)
අපේ රට දෙකඩ කරන්නට මාන බලා ගෙන ඉන්න රටවල් නියෝජනය කරන තවත් රටක් තමයි දකුණු අප්‍රිකාව. ඉන්දියානු සම්භවයක් ඇති විශාල ජනතාවක් එහි වෙසෙනවා. (නි)
ලංකාවේ ආර්ථ්කය සංවර්ධනය වෙලා කියලා ඒ ගැන අවබෝධයක් ලබාගන්න ලංකාවට ආවලු. හැක හැක හැක ...... මාර විහිළු තමා කරන්නේ. (නි)
මේ අය කොහොමද අපේ රට ගැන තක්සේරුවක් දෙන්නෙ. එයාලගේ රටේ මොනතරම් ගැටලු වලින් පීඩා විදිනවාද?(නු)
එහෙම එකක් තියෙනවද දැන්..(ස)
තුන්වැනි ලෝකයේ ආගාධයට අපිත් වැටිලා තියෙන බව නම් පේනවා. (නි)
බලන්ටකො අප්පා අපේ රටට ගොඩ බහින උත්තම උත්තමාවියෝ දිහා. දැන් ලෝකෙම බලවත් රටවල් තියෙන්නෙම අප්‍රිකාවෙ නොවෑ.. ආශ්චර්‍යයි (ස)
රටක සංවර්ධනය කියන්නෙ භෞතික සංවර්ධනය හා ජනතාවගෙ ආධ්‍යාත්මක සංවර්ධනය යන දෙකේම එකතුව. කවුරු ආවත් කරන්නෙ භෞතික සංවර්ධනය දැකල සතුටු වෙලා යන එක විතරයි. (ස)
හරියට අපි වගේමයි (නි)
කව්ද කිව්වේ ආර්ථික සංවර්ධනයක් වෙලා කියල. රට ඉන්න අපි දන්නවා සංවර්ධනයේ වේගය..(නු)
මේ අයත් රට සවාරියකට ඇවිත් වගේ..?(ස)
රට යන අත අපටවත් නොපෙනෙනකොට අප්‍රිකාවෙන් ඇවිත් මොනවා බලන්නද ?
අප්‍රිකාව මහද්වීපයක් නේද? (නි)
සුද්දන්ට රට පාවලා දීලා දැන් එනවා (අ)
වැදි බණ කියන්නද එන්නෙ ඒගොල්ලෝ (අ)
බලාගෙන. පරිස්සමින්. (නි)
ලෝක දර්ශක වලට අනුව අපි සංවර්ධනය අතින් ඉන්නේ ඉදිරියෙන්. වෙන රටවල ඉන්න අය කොහොමද අපි ගැන දන්නේ? (නි)
බලන්න දෙයක් නැහැ අනේ. 'රට පෙරට, අපි වළට'. (නි)
මෙයාලගේ රටේ වැඩකරන 34 දෙනෙක් අමු අමුවො වෙඩි තියලා මැරැවෙ සති දෙකකට විතර කලින් අන්න සංවර්ධනය..!!(නු)
කපන්න බැරි අත සිඹිනවා වගේනේ. (නි)
අපේ රටෙන් උපදෙස් ගන්න ඒ අයට පිස්සුද ? (ස)