විදේශ ලියුම් ඇතුළත් පාර්සල් 14ක් කඩා විනාශ කළ තැපැල් සේවකයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී වැරදිකරු විය.
මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා පැවසුවේ සාධාරණ සැකයෙක් තොරව නඩුව ඔප්පු වී ඇති බවයි.
ජා-ඇල ඇන්තනී අප්පුහාමි 2003 නොවැම්බර හා 2004 නොවැම්බර කාලයේදී කොළඹ මරදාන මධ්‍යම තැපැල් හුවමාරුවේදී මෙම ලියුම් කඩා ඒවායේ තිබූ මුදල් සොරාගෙන ඇති බවයි.
සැකකරුගේ ඇගිලි සලකුණු ගන්නා ලෙස නියම කළ මහේස්ත්‍රාත් දඩුවම් නියම කිරීම මාර්තු 27 වැනිදාට කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි වැඩක් කරල තියෙන්නෙ. දඬුවම් දිය යුතුයි.(අ)
මේවා මේ ආත්මේම පල දෙන වැඩ
කව්ද ලියුම් ඇතුලේ සල්ලි දාන්නා? (දී)
අන්න හරි ඔය හොරු ඇල්වු යුතුමයි (අ)
තාක්ෂණය මෙච්චර දියුණු කාලේ ලියුම් අස්සේ ඇයි මුදල් දාලා යවන්නේ? (නි)
මම අපේ තාත්තට 2011 යවපු කාඩ් එකකුත් මේ වෙනකල් ලැබිලා නැහැ. ඒකේ ඇතුලේ පොඩි බොත්තමක් වගේ දෙයක් තිබුන නිසා කඩලා බලන්න ඇති සල්ලි කියල හිතලා. (නි)
ඔය කාල වකවානුවේම මගෙත් ලියුමක දාලා යවපු ඇමෙරිකන් ඩොලර් 100ක මුදලක් නැති වුණා. මෙහෙ ඉඳලා යවපු ලිපියේ සල්ලි නැති වෙලා පුරවලා යවපු කොළ ටික විතරයි ගෙදරට ගිහිල්ලා තිබුනේ. හොරකම් කරන හොරුන්ට කොහෙන් හරි දඬුවම ලැබිලා තියෙනවා. (නි)
කව්ද මේවට වග කියන්නේ? (දී)
යන්තම් ඇති එක හොරෙක් අහුවුණා. (නි)
අනේ දෙයියනේ! මේ උතුම් රටට ලියුමක්වත් යවන්න බැරි හැටි? (නි)
කවුරු කළත් වැරදි වැඩක්. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. සල්ලි ලියුම් කවර ඇතුළේ දාලා යවන්න නීතියෙන් තහනම් නේද? (නි)
ඒවනම් මහ කැත වැඩ (ස)
අපෙත් ජංගම දුරකථන නැතිවුණා (ස)