IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රටවල් 10 කින් ශ්‍රී ලංකාවට පුහුණුකරුවන්

”නවදිල්ලි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල (2013) ඉලක්ක කරමින් ක‍්‍රීඩා ඉසව් ගණනාවක් සඳහා විදෙස් පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශය අවධාරණය කරයි. ඒ අනුව දුන්නෙන් විදීම, මලල ක‍්‍රීඩා, බැඞ්මින්ටන්, පාපැදි, බොක්සිං, පිහිණුම්, වොලිබෝල්. වූෂු, වෙඩි තැබීම, තයිකොණ්ඩෝ, බර ඉසිලීම, ජූඩෝ, ටෙනිස්, කරාටේ, කබඩි යන ශ්‍රී ලංකාව මෙම ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම් කෙරෙහි වඩාත් විශ්වාසය තබා තිබෙන ක‍්‍රීඩා ඉසව්හි පුහුණුව සඳහා විදේශීය පුහුණුකරුවන් ගෙන්වීම කෙරෙහි ක‍්‍රීඩා අමාත්‍යංශය අවධානය යොමු කර ඇතැයි ක‍්‍රීඩා ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් හර්ෂ බී. අබේකෝන් මහතා පවසයි. කියුබාව, චිනය, රුසියාව, සිරියාව, ජපානය, ඉරානය, යුක්රේනය, ජර්මනිය, ඉන්දියාව, පාකිස්ථානය යන රටවලින් ඒ සඳහා පුහුණුකරුවන් ලබා ගැනීමට දැන් සැලසුම් කර තිබේ. වසර 2013 ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන 12 වැනි සාග් ක‍්‍රීඩා උළෙලේ සහභාගිත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට රියර් අද්මිරාල් ෂෙමාල් ප‍්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙහෙයුම් කාර්ය සාධක කමිටුවක්ද පත්කර තිබේ. මහාචාර්ය අර්ජුන ද සිල්වා, එල්මෝ පෙරේරා, ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි, ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා, රෝහිත වීරසිංහ, සී. රත්න මුදලි හා සජිත් ජයලාල් යන මහත්ම මහත්මීන් එහි සෙසු සාමාජිකයෝ වෙති.



අදහස් (0)

රටවල් 10 කින් ශ්‍රී ලංකාවට පුහුණුකරුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site