ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රිකුණාමල පුහුණු පාසලේදී මාස තුනක අසම්මිතික සංග්‍රාම පුහුණුව ලද 22ක් ආරක්ෂක ලේකම් ඝෝටාභය රාජපක්ෂ අතින් බ්‍රහස්පතින්දා (18) රාත්‍රියේ සහතිකපත් ලදහ.
බංගලිදේශය, පාකිස්ථානය, චීනය, මාලදිවයින හා ශ්‍රී ලංකාවේ තෝරාගත් නැවියෝ එහිදී පුහුණුව ලදහ.
සම්ප්‍රදායික යුද උපාය සහ මූලික පහසුකම් නිසා කොටින් සමග පැවති තිස් අවුරුදු යුද්ධය දිනා ගැනීමට හැකි වූ බව ලේකම් එහිදී පැවසීය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් දමයන්ත ධර්මසිරිවර්ධන මහත්වරු ද පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ආඩම්බරයක්. හැමදාම මේ වගේ ලෝකයේ ඉදිරියට යමු. නාවික හමුදාවට ජය! (නි)
ලෝකයේ ඒකම අසම්මත යුද උපක්‍රම පාඨමාලාව - රටට ආඩම්බරයක් නාවික හමුදාවට අපේ ආචාරය ! (ස)
ලොකු රටවල් වලට උණ ගැනෙයිද දන්නෙ නැහැ (නි)
මේක හොඳම වැඩක් නොවෙයි. . බංග්ලාදේශයේ හමුදාව මරන්නේ ශාන්ති වාහිනී ගරිල්ලන්ව. ඒ මිනුස්සු බෞද්ධ හින්දු ආගම වෙනුවෙන් සටන් කරන්නේ . බංග්ලාදේශ් හමුදාව බෞද්ධයන්ට විරුද්දව හුඟක් වැඩ කරනවා .(නදී)
උදය, ඔබත් සේනාවේ අයෙක්ද? මොන ආගමෙන් වුණත් ත්‍රස්තයෝ නම් ත්‍රස්තයෝමය. මොන බෞද්ධයාටද පුළුවන් ගරිල්ලෙක් වෙන්න? ඔහු හැබෑ බෞද්ධයෙක් නම්? (නි)
කරුණාකරලා අපේ නාවික හමුදාවේ දක්ෂකම් කාට දුන්නත් කමක් නැහැ. ඇමෙරිකාවට නම් දෙන්න එපා හොඳේ! (නි)