රණවිරු ලේබලය ගසාගෙන අපරාධ කිරීමට බැරි බව ද, ඕනෑම කුපාඩිකමක් කළ අයට රණවිරුවන් යැයි කීම වැරදි බව ද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
ආවා කල්ලියට හමුදාව සම්බන්ධ බව තමන් කිසිවිටකත් ප්‍රකාශ කළේ නැතැයි ඔහු කීවේය.
උතුරේ හිටපු හමුදා ප්‍රධානියෙකු හා ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම කල්ලිය නිර්මාණය කළ බව තමන් කීවත් එයට හමුදාව සම්බන්ධ වූ බව තමන් ප්‍රකාශ කළේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
එම මාධ්‍ය හමුවේදී ඇමතිවරයාගෙන් මෙන්ම යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ද ආවා කල්ලිය සම්බන්ධව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එම ප්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය- ආවා සංවිධානය ගැන ඔබ කළ ප්‍රකාශ අසත්‍ය බවට ආණ්ඩුවේ පාර්ශවයන් ප්‍රකාශ කර තිඛෙනවා නේද?
අමාත්‍ය රාජිත සේනාරත්න - මම කීවේ උතුරේ සිටි එක්තරා හමුදා නිලධාරියෙක් සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙය පවත්වාගෙන ගිය බවයි. ඒත් දැන් එය අල්ලාගෙන තිඛෙන්නේ හමුදාව කළා කියලයි. ගෝඨාභය මහත්තයා මෙය රණවිරුවන්ට අපහාස කිරීමක් කියා කීවා. දැන් ඕනෑම කුපාඩිකමක් කළ අයටත් රණවිරුවා කියනවා. එක්නැලිගොඩ, ලසන්ත, ජෝෂප් පරරාජසිංහම්, මහේෂ්වරන් මැරූ අයත් රණවිරුවන් කියලයි මේ අය කියන්න හදන්නේ. අපි රණවිරුවන් හා අනෙක් අයගේ වෙනස දන්නවා. රණවිරුවන් හදන්නේ මිනීමරන්න මංකොල්ල කන්න නෙවෙයි.
තරුණයින් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා අමානුෂික ලෙස මැරූ අයත් රණවිරුවෝද? එක නිලධාරියෙක් කළ වරදක් ගැන කීවාම හමුදාවට අපහාස වෙන්නේ කොහොමද? එහෙනම් ඔහු කළ මිග් ගණුදෙනු ගැන කතා කරද්දිත් රණවිරුවන්ට අපහාස කරනවා කියයි. මේ අය අල්ලාගෙන තිඛෙන්නේ නැට්ටකින්. අපේ උතුරු පළාත් ආණ්ඩුකාරතුමාත් තවත් අයත් මෙයට හමුදාව සම්බන්ධ නැහැ කියා කියනවා. කවුද එහෙම කිව්වේ.
ප්‍රශ්නය - හිටපු හමුදා ප්‍රධානියෙක් සම්බන්ධ බව කියනවා නම් ඒ කවුද?
අමාත්‍ය රාජිත සේනාරත්න - මේ සම්බන්ධ සියලූ වාර්තා මට හෙට ලැඛෙනවා. ඒ අයගේ නම් කිවයුතු නැහැ.
ප්‍රශ්නය- හමුදා ප්‍රධානියෙක් සම්බන්ධ වුණා නම් ඊට පහළින් සිටි හමුදා නිලධාරීන්වත් මෙයට සම්බන්ධ කරගන්න ඇති නේද?
අමාත්‍ය රාජිත සේනාරත්න- මෙහි සිටියේ හමුදාවේ අය නෙවෙයි. ද්‍රවිඩ අයයි. එදා මේ අය කළ දේවල චෝදනා එල්ල වුණේ ඩග්ලස් දේවානන්දා මහතාටයි. මම මේ ගැන එතුමාට චෝදනා කරද්දී එතුමා මට ඒ සත්‍ය පැවසුවා.
ප්‍රශ්නය- මේ වන විට ආවා කල්ලිය සම්බන්ධව කී දෙනෙක් අත්අඩංගුවට ගෙන තිඛෙනවාද? පොඩි අය විතරක් අත්අඩංගුවට ගෙන ලොකු අය නොගන්නේ ඇයි?
අමාත්‍ය රාජිත සේනාරත්න - මේ සම්බන්ධව 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ලොකු ලොකු අය අත්අඩංගුවට නොගනෙන්නේ ඇයි කියන ප්‍රශ්නය මටත් තිඛෙනවා.
ප්‍රශ්නය- හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමනි, ආවා කල්ලිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා ඉංජිනේරු බලකායේ සෙබලෙක් සිටින බව කියනවා නේද?
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක- දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින හෝ නොපැමිණි ලෙස සඳහන් කෙනෙක් අත්අඩංගුවට ගැනීමකදී අපිට ඒ ගැන වාර්තා වෙනවා. තවම එවැන්නක් වාර්තා වී නැහැ.
ප්‍රශ්නය- මේ ගැන දින තුනක පමණ සිට මාධ්‍ය වාර්තා කළා. අද ඔහුව අධිකරණයටත් ඉදිරිපත් කර තිඛෙනවා. ඒ ගැන සොයා බැලූවේ නැත්තේ ඇයි?
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක- පොලීසිය අපට දෛනිකව දෙන තත්ත්ව වාර්තාවලත් මේ ගැන වාර්තා කර නැහැ. අපිට දැනුම්දීමක් කළොත් මට මේ ගැන සොයාබලන්න පුළුවන්.
ප්‍රශ්නය - අද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා එම සැකකරු යුද හමුදාවේ බව.
හමුදා ප්‍රකාශක - නමුත් අපට දැනුම් දී නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1971 දි 1987-89 කාලේ භීෂණයට යුධ හමුදාව සම්බන්ධ වුණාද නැද්ද? එතකොට ඒක රණවිරු ලේබලයට බලපෑමක් නැද්ද? අපි ඒ ගැන දැනගන්න කැමතියි (නි)
මේ යක්කු ආණ්ඩුව විනාශ කරනවා. (බ)
එහෙම දෙයක් සිදුවී තිබෙනවානම් ඒ ගැන දැනගෙන ඒ ආණ්ඩුවේ ඇමැති කෙනෙක් ලෙස සිටි මොහු ප්‍රථමයෙන් අත්අඩංගුවට ගතයුතුයි (බ)
කුපාඩිකම් කළ අයට කිවයුත්තේ රණවිරුවා කියලා නෙමෙයි, වර්තමානයේ හැටියට නම් දේශපාලන පුත්‍රයින් කියලයි. (නි)
38000 තරුණයෝ මැරුවේ කවුද? එදා ටයර් මාලා අපිට අමතක නැහැ. ඒවාටත් පරීක්ෂණ ගෙනාවා නම් හොඳයි. වධකාගාරත් අපිට අමතක නැහැ (නි)
පත්වෙන සියලු ආණ්ඩු සමඟ කොහොමහරි එකතුවෙලා කලින් හිටපු පක්ෂ වලට ගරහනවා. (නි)
ඉතාම පිරිසිදු ඇමැති කතා කරයි . (ම)
රණශූරයන්ට "රණවිරුවන්" කියමු. පොඩි පොඩි කුපාඩි වැඩකරලා අහුවන හමුදා සාමාජිකයන්ට "රණමන්ත්‍රී" කියමු. ගොඩාක් කුපාඩි වැඩකරලා අහුවෙන අයට "රණඇමති" කියමු. (නි)
ඇමති ලේබල් ගහගෙන නැවු ගිලින්නත් බැහැ. ඒක වලංගු නැද්ද. (බ)
රණවිරුවෝ මේ රට බේරලා ඒ අයගෙ යුතුකම නම් කළා. ඔයත් පැත්තකට වෙලා හිටියොත් හොඳයි කියන එකයි අපේ නම් අදහස. ඔය කටින් කියන ඒවා අහන්න තියා ඔයාලව දකින්නවත් මේ රටේ බහුතරය කැමති නැති බවත් මතක තියාගත්තොත් හොඳයි. (නි)
මේවා ගියා කල්ලියේ වැඩද කියලත් හිතෙනවා වෙලාවකට (නි)
දේශපාලකයෝ වාසියට දෙපැත්තෙන්ම කතා කරති. හමුදා ප්‍රධානියෙකු හා හිටපු ආරක්ෂක ලේකම් වරයාට පමණක් හමුදා සාමාජිකයන් නොමැතිව ආවා කල්ලිය නිර්මාණය කළ හැකිද. එය දත් ගලවන්නා සේ පහසු කාර්යයක් නොවේ. සිංහලයට වින කරන ද්‍රෝහියන්ට සාප වේවා,(බ)
හැමදාම අනුන්ට නිකරුනේ මඩ ගහන මෙතුමාව දැන් දහදොළොස් පාරක් අල්ලස් කොමිසමට කැදෙව්වා නොගොහින් ශේප් වෙන්නේ කාගේ අනුහසින්ද කියලා කවුරුත් දන්නවා. (බ)
ලේබලය ගහගන රණවිරිවන්ට අපරාද කරන්න බැහැ. සුදු ජාතික ඇඳුම අදින පාර්ලිමේන්තුවට යන අය දුප්පත්, අහිංසක මිනිස්සුන්ගේ දාඩිය බින්දු එකතු කර සූරා බොන්න ඕන.(අ)
මේ අයට ඡන්දෙ දීල එවපු අයට මඩු වලිගෙන් තලන්න ඕනේ. පුද්ගලික තරහවල් වලට රටට හමුදාවට අගෞරව කරනවා. (අ)
මහත්තයෝ, ටිකක් ඔය කට වහගෙන ඉන්න බලන්නකො. (නි)
මේවා දැක්කහම අපිට හිතෙනවා දත් දොස්තර වැඩේ කොහොම කළාද කියලා
කුපාඩි වැඩ කළේ කවුද කියලා අපි නම් දන්නවා. හැමදාම අනුන්ගේ දත් ගළවන්න බැහැ. (නි)
කල්ලි හදාගෙන මිනීමරපු උදවියත් ඇමතිලා වෙලා තියෙන්නේ එහෙනම්. කෝ ඡන්ද කාලේ කියපු සෞඛ්‍ය පනත එහෙම? ඒ විතරක්ද, ඇට නැති දිව ඕනෑම පැත්තකට හරවලා බොරු කියලා මිනිසුන්ගෙ ඡන්දෙ ගත්ත එකම ඇති. (නි)
ඇයි මෙතුමා අල්ලස් කොමිසමට යන්න බය? කැදවු හැමපාරම මඟ ඇරියේ ඇයි? (නි)
රණවිරුවා කියන්නේ ජීවිතය පරදුවට තියලා රට ජාතිය බේරාගන්න නිර්භීතව යුද්ධ කරපු අයට මිස හැරෙන-හැරෙන පැත්තට කෑගහන අයට නෙමෙයි (නි)
අපි පළකරන අදහස් මෙයාලට පෙන්වන්න ක්‍රමයක් තිබේ නම්... (නි)
අනේ ඉතින් මොකටද මගේ කට! (නි)
කොහෙන්ද ඔබටත් සල්ලි හම්බුවුණේ. බලයට පත්වෙන හැම ආණ්ඩුවකටම එකතුවී හිටියා, ආණ්ඩුවට බැන බැන. දැන් කට මැත දොඩවනවා. (නි)
ඔව් ඒක ඇත්ත. එහෙම දෙයක් කරන්න ඕනෑ නම් ගහගන්න ඕනෑ මැති, ඇමති හරි ඔවුන්ගේ කටුකන්නන්ගේ ලේබලය. එහෙමත් නැත්නම් ඔවුන්ගේ දරුවන් හෝ බිරින්දෑවරුන්ගේ ලේබලය. මෙතුමලා කට අරින අරින පාරට ඡන්ද දෙතුන්දාහක් නැතිවෙනවා (නි)
අපිට හොඳට මතකයි කාගෙ කාගෙත් හැටි (නි)
ඒගොල්ලෝ යුද්ධය කළේ සොල්දාදු ලේබලය ගහගෙන. රණවිරු ලේබලය අපි ගැහුවේ. ඒ නුඹලා දිනන්න බැහැ කී යුද්ධය දිනුවාට පසු. (නි)
ඒ වගේම සිංහලයින් මරපු ත්‍රස්තවාදියා ‘මිස්ටර්‘ කෙනෙක්වත් මැතිතුමෙක්වත් වෙන්නේ නැත. ත්‍රස්තයින් ත්‍රස්තයින්ම තමා. එ්කත් හොඳට මතක තියාගන්න. අපි කබරගොයි තලගොයි කරගන්නේ නැත. (නි)
ඇමතිතුමාගෙන් මට අහන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා. "ඕනෑම කුපාඩිකමක් කළ අයටත් රණවිරුවා කියනවා" කියලා ඔබ කියනවා නම්, අද ඕනෑම කුපාඩිකමක් නොවෙයි ඊටත් එහා ගිය වැඩ කළ සහ කරන පුද්ගලයින්ටත් මිනිසුන් "ඇමතිතුමා" කියලා කියන එකත් වැරදියි නේද? පසුගිය ආණ්ඩුව හමුදාවල අය සහ විශේෂයෙන් පොලිසියේ ඉහළම තැන් වල අය යොදවාගෙන වැරදි කරනවිට ඒ ආණ්ඩුවේ ඇමති කෙනෙක් ලෙස, අද ඔබ තොරතුරු දන්නා සේම එදා නොදැන සිටීමට විශේෂ හේතුවක් ඔබට ඇද්ද? එසේම ඔබ විසින් බලයට පත්වෙන හැම ආණ්ඩුවකටම එකතුවී හෙළිකරන තොරතුරු වලින් මේ වනවිට නීතියෙන් දඬුවම් ලැබූ එක පුදගලයෙක් හෝ මේ රටේ සිටීද? කරුණාකර පිළිතුරු මහජනතාවට ලබාදෙන්න. (නි)
රණවිරු ලේබලය ගහගෙන හොරකම් කරන්න බැහැ වගේම දොස්තර ලේබලය ගහගෙන දේශපාලනේ කරන්නත් බැහැ (නි)
අනේ ඉතින් ඔබතුමාගේ කතා ගැන අපි නොදන්නවයැ (නි)
ඔබ කියන දේවල් දැන් මෙලෝ මිනිහෙක් ගණන් ගන්නේ නැහැ. රාජපක්ෂලාගේ බිලියන 18 හොයලා දුන්නොත් ඔබ කියන දේ ගැන හිතා බලන්නම්. ආණ්ඩුව තියාගෙන පාණ්ඩුව හැදිලා වගේ වැඩකරන ඇමතිවරුන්ට රාජපක්ෂලා ආදර්ශයක්! (නි)
තමුන්ගේ අමාත්‍යංශ වල වැඩ බලාගෙන ඉන්නේ නැතුව අනිත් අමාත්‍යංශ වල ලෙඩ ගැන හොයන්නේ තව තව වැඩකිඩ පෙන්නන්න වෙන්න ඇති (නි)