ඇමෙරිකාවේ නාසා ආයතනය අගහරු මතට යෑවු කියුරියෝසිටි රෝවරය මගින් නිකුත් කළ ඡායාරූපයක ජීවියෙකු සිටින බව ජපන් ජාතික බ්ලොග් ලියන්‍නකු පවසයි. ඔහු සොයාගත් ජිවියා සිටින ඡායාරූපය පිටසක්වල ජිවීන් හා ග්‍රහ ලෝක පිළිබද තොරතුරු සොයන වෙබ් අඩවියකට එක් කිරිමෙන් පසු බොහෝ දෙනකු ඒ පිලිබඳව සැලකිලිමත් වී ඇත.
නාසා ආයතනය පවසන්නේ මෙමම මුල් ඡායාරූපයේ මෙවැනි ජීවියෙක් දක්නට නොලැබුණු බවයි. එම ඡායාරූපයේ ගල්කැට පමණක් දක්නට ලැබෙන බවත් ජලය නොමැති අඟහරුමත සතුන්ට ජීවත්විය නොහැකි බවත් නාසා ආයතනය පවසයි. මින් පෙර අවස්ථා කිහිපයකදීම කියුරියෝසිටි රෝවරය විසින් එවන ලද ඡායාරූප විශ්ලේෂණය කළ ඇතැම් කන්ඩායම් අඟහරුමත විවිධ සතුන් සිටින බව පැවසුව ද ඒවා ගල් කැබලි හා ඒවායේ සෙවනැලි හේතුවේන හටගත් දෘෂ්ඨිමායා බව තහවරු කැරුණි. ජපන් ජාතිකයාගේ විශ්ලේෂණය ප්‍රකාශයට පත්කළ වෙබ් අඩවිය පිටසක්වල ජීවීන් සිටින බවත් ඔවුන් අඟහරු ඇතුළු ග්‍රහලෝකවල සිය අණසක පතුරුවන බවත් වරින් වර පෘථිවියට පැමිණෙන බවත් තරයේ විශ්වාස කරන හා ඒ ගැන දැවැන්ත ප්‍රචාරයක් ගෙන යන වෙබ් අඩවියකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මේ ඕස්ට්‍රේලියාවේ කාන්තාරයක් වගෙයිනේ (නි)
මට නම් හිතෙන්නේ ගල් කැට තමයි තියෙන්නේ (නි)
ලෝක විනාසේ කිව්වෙත් මෙයමද? (නදී)
පෘතුවිය ඇරුනම භෞතික ජීවයක් සොයාගත නොහැකි එක දැන් හොඳින්ම නාසා ආයතනය නව හබල් අධෝරක්ත කිරණ දුරේක්ෂයෙන් පැහැදිලිවී අවසානයි. පොළොවේ ජීවයයි අරක්ෂා කළ යුත්තේ අපේ ඉදිරි පරම්පරාවට. අපිට ඉදිරියේ ඇති ලොකුම ගැටලුව පෘථිවි උෂ්ණත්වය ඉහල යාම නිසා ඇතිවන ස්වභාවික විපත්... (නි)
අනේ ඉතින්... අපිට දැන් මොකද කරන්න කියන්නේ!!! (ස)
තව පොඩ්ඩක් වියදම් කරලා රොකට් එකක් ලංකාවෙන් යවලා ඔය කතාවේ ඇත්ත නැත්ත දැන ගන්නකම් ඔන්න මට නම් මොකුත් කියන්න බැහැ... (නි)
අනේ මේ ! තව මංගල්ලයක්. අපිට වෙන වැඩ නැනේ. එහෙ පාන් ගෑස් පෙට්රෝල් වගේ ඒවා තියෙනවා දැක්කොත් විතරක් අපිට කියන්න. (ස)
මේවා විස්වාස කරන්න එපා. ඇමෙරිකන් අයගේ බොරුද කොහෙද? (නි)
අවුලක් නෑ. මම හිතන්නේ නෑ උට පෘතුවියට එන්න පුළුවන් වෙයි කියල ලඟකදී.(ස)
කොහොමද අප්පේ මේ තලගොයෙක් ආවේ? අගහරු පෘෂෟඨයේ ඇති නාසා යානය දඹුල්ල පැත්තට හැරුණාවද්ද? (නි)
කෝටි, ප්‍රකෝට් ගනන් වියදම් කළා. අන්තිමේදි අපිට තලගොයෙක් පෙන්නුවා.(නදී)
විකාර. (ස)
අපේ රටේ ඉන්නවනේ රහත් උනාය කියාගන්න උදවිය,,, අනේ එයාලගෙන් කෙනෙක් මෙහෙට යවන්න පුළුවන්නේ විනාඩි 5 න් හොයාගන්න පුළුවන්... (ස)
මේ කතාව ඇත්තටම ඇත්තක්ද (දී)
මේ ගල් කැබලි සහ සෙවනැලි වෙන්න බැරිද? (නි)
අනන්ත වූ විශ්වය ගැන හොයන්න දගලන මිනිසා මේ මහපොලව ප්‍රවේශමෙන් රැක ගැනිමට උත්සහ කළා නම් කොතරම් සුන්දරද? (නි)
ලස්සනයි (ත)
නිධාන එහෙමත් තියෙනවද දන්නෙ නැහැ (නි)
කබරගොයත් තල ගොයෙක්ලු කන්න ඕනේ දාට.(නදී)
මුළු ලෝකයේම හිර ගෙවල් වල ඉන්න දරුණු හිරකාරයන්ව අඟහරු ලෝකෙට පිටුවහල් කෙරුවා නම් .... කොහොම වෙයිද? (නි)
බොරු ජායාරූප වැහි වැහලා නිසා ඇත්ත මොකක්ද ? බොරුව මොකක්ද ? කියලා හොයාගන්නත් අමාරුයි.(නදී)
පිට සක්වල ජීවින් ඉන්නවා , නමුත් මොන සක්වලේද කියන්න අමාරුයි. (නි)
මම නම් විශ්වාස කරන්නේ නැහැ (දී)
වැරදි කරුවන්ට හොදම දඩුවම අගහරු වෙත යැවීම.(නදී)
නාසා කීවානම් ඉතින් ජපනාට පරාදය බාර ගන්න වෙනවා (නි)
පාතාලයන්ව අඟහරු ලෝකෙට යවා වැඩක් ගමු (ත)
ඉතින් හොඳයිනේ එකත් ජීවයක් නේ (ත)
අගහරු ගිහින් තළගොයි මරන් ආවා වගේ (2050 දි ප්‍රස්ථා පිරුළක්) (ත)
තලගොයෙක් වගෙයි මට පෙනෙන්නේ. චලන චායා රූපයක් තිබුනා නම් අගෙයි.(නදී)
වැඩක් බලාගත්තොත් මොකද මේවා හොයන්නේ නැතිව.(නදී)
මේ පින්තුරය කොහේද? (ත)