IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


රත්තරංට ඇප

(ඩී.ජී.සුගතපාල)

අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රි වීරසිංහ ආරච්චිගේ ක්‍රිශාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරං සහ ඔහුගේ රියදුරුවන විතානගේ කැලුම් සමිර හෙවත් සුදා යන සැකකරුවන් අප මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (05) නියෝග කළාය.

එක් අයෙකු රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත ඔවුන් මෙසේ මුදා හැරිණි.   
 
සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය බාරයට ගැනිමටද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. තිස් හය හැවිරිදි චීන ජාතික කාන්තාවක් දූෂණය කිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට  එරෙහිව පැමිණිල්ල ගොනුකර ඇත.
 
දූෂණයට ලක්වු බව කියන චීන ජාතික කාන්තාව 2018 වසරේ ලංකාවට පැමිණ ඇති අතර ඇය පළමුවන සැකකාර මන්ත්‍රිවරයා හඳුනාගෙන ඔහුගේ නිවසේ ටික කලක් නතරව සිට පසුව ගාල්ල කළුවැල්ලේ නිවසක නතරව ඇත. ඒ අතරතුරදී මෙම චීන ජාතික කාන්තාව මෙම අතවරයට ලක්ව ඇත.
 
මේ අතර ඇය 2019 මැයි 3වැනි  දින ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණ තමන් එම දෙදෙනා සමග අඹු සැමියන් ලෙස හැසිරුණේ කැමැත්තකින් නොවන බවට පැමිණිල්ලක් කර තිබේ.පසුව පොලිසිය  2019 මැයි 6 වැනි දින අධිකරණයට කරුණු වාර්තාකොට විමර්ශණ අවසන්කර එහි උද්ධෘත නිතිපති වරයා වෙත යවා ඇත.
 
ඒ අනුව නිතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් දෙදෙනො මෙසේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ කපිල වෛද්‍යරත්න මහතා සමග නිතිඥ ශ්‍රිමාල් විජේසේකර මහතා පෙනි සිටියේය. වැඩිදුර විභාගය 18 වැනි දිනට කල් තැබීය.
 



අදහස් (20)

රත්තරංට ඇප

කපුරුහාමි Thursday, 05 March 2020 11:48 AM

නියමයි. දේශපාලුවන් ඕනෙම දෙයක් කළත් ප්‍රශ්නයක් නැහැ...

:       0       830

wedage Thursday, 05 March 2020 12:07 PM

අනේ ඉතින් රත්තරන් ලාභ වුණාම මම මගේ පොඩි කෙලීට කරාබු දෙකක් අරන් දෙන්න හිටියේ...

:       17       104

Ruhunu Thursday, 05 March 2020 02:55 PM

මේ රත්තරං පෙන්නන්නවත් එපා..

:       0       48

RaveendraFriday, 06 March 2020 06:06 AM

" අසුචි ගොඩවල්වලට " රත්තරන් කියන නුවනක්කාරයන් සිටින ලෝකයේ එකම එක රට අපේ රටවිම මොනතරම් ආඩම්බරයක්ද ..??

:       0       2

Sanath Kandy Thursday, 05 March 2020 12:12 PM

දේශපාලුවන්ට, සල්ලිකාරයින්ට ඇප දෙන්න නම් අපේ නීතිය රකින ආයතන හරිම කාර්යක්ෂමයි. පොඩි මිනිහෙක් පොල් ගෙඩියක් හොරකම් කළොත් අඩු තරමින් දවස් 14ක් වත් රිමාන්ඩ්... කුමට මෙරට අධිකරණය නීතිය සහ පොලිසිය..

:       0       875

විජිත් Thursday, 05 March 2020 12:22 PM

මේ ඔබ හමුවට, එසේත් නැතිනම් 'මහජන අධිකරණය' හමුවට පමුණුවා තිබෙන්නේ වත්මන් ශ්‍රී ලාංකික දේශපාලුවන්ගේ කැඩපතකි.

:       0       738

Chathuri Thursday, 05 March 2020 12:43 PM

ආණ්ඩුවට සල්ලි නැතිනම් මෙයාව හෙට්ටිවිදීයට අරන් යන්න නමුත් එතැනින් කියයි. හරක් මරණ තැනට දීලා සල්ලි ගන්න කියලා..

:       0       75

Ruby Thursday, 05 March 2020 12:49 PM

පොඩි ගැහැණු දරුවෙකුටත් හිංසා කළා නේද? අනේ ලංකාවට ගියකලක්...

:       1       723

Champa Thursday, 05 March 2020 01:40 PM

අපූරුයි. ඡන්දෙ ඉල්ලන්න ලැහැස්ති වෙන්න වෙන්නැති. මේ එක අපරාධයක්. දවස් 100ක් ඇතුලේ යූටර්න් ජනාධිපතිට ඕනේ තරම් ඉඩ තිබුණු කාන්තා සහ ළමා අතවර වළක්වන්න නීති තදකරන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ වගේ පනතකට විපක්ෂය විරුද්ධ වෙන්නේ නැහැ. ඡන්දයක් ළඟ හින්දා... යූටර්න් ජනාධිපතිම ඉල්ලලා ගිහි පැවිදි හොර දේශප්‍රේමීන් පොළවේ හැපෙන කොට මම ඉංග්‍රීසි සිංහල දෙකෙන්ම කමෙන්ට් ලිව්වා.. මොහු කාන්තාවන් සහ දරුවන් ගැන කැක්කුමක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒ ගැන කිසි දෙයක් කලේ නැහැ. කරපු එකම දේ පොලිස් වෙබ් අඩවියේ ඒ දත්ත හංගපු එක විතරයි කියලා. අදටත් 2012 පළවෙනි කාර්තුවේ දත්ත විතරයි තියෙන්නේ. 2013 අවුරුද්දේ ජේවීපී එක අහපු පාර්ලිමේන්තු ප්‍රශ්නයකින් තමයි...

:       24       254

Sunila Thursday, 05 March 2020 01:49 PM

මේ රත්තරන් නෙවෙයිනේ....

:       0       0

Champa Thursday, 05 March 2020 02:24 PM

තව කියනවා මේ ආරම්භ වෙන්නේ ගෝඨාභය පරිච්චේදයලු. ඒ වගේම යූටර්න් ජනාධිපති ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක්ලු. මේ කියන්නේ මොන ප්‍රතිපත්තිද මම දන්නේ නැහැ. කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කිරීම ගැන යූටර්න් ජනාධිපතිට කිසි ප්‍රතිපත්තියක් නැති බව අලුත්ම දත්ත වලින් පෙන්වනවා. 2020 අවුරුද්දේ මුල් මාස දෙකේ විතරක් කාන්තා සහ ළමා හිංසන 2500ක් වාර්තා වෙලා තියෙනවා. මේක මහා බිහිසුණු කාලයක ආරම්භයක්. යූටර්න් ජනාධිපතිම ඉල්ලලා ගිහි පැවිදි හොර දේශප්‍රේමීන් වැලපෙන කොට මම ලිව්වා මොහු ජනාධිපති වුණොත් කාන්තාවන් සහ දරුවන්ට මහා දරුණු කාලයකට මුහුණ දෙන්න වෙනවා කියලා. එ්ක දවස් 100න් ඒක ඇත්ත වෙලා තියෙන හැටි දැක්කහම මටත් මහා කම්පාවක් දැනෙනවා. ඉතාම කෘෘර විදිහට දරුවන්ට අතවර කරලා තියෙන සිද්ධි කියවනකොට ඇස් වලින් කඳුළු වැටෙනවා. පහුගිය අවුරුදු 5 තිස්සෙම කියපු විදිහට සිංහල බෞද්ධයින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ආර්ථිකය කඩා වැටීම නෙමෙයි. සිංහල බෞද්ධ සමාජය ඉතා දරුණු විදිහට බිඳ වැට්ටවීම. ගෙදර බුදුන් විදිහට සලකපු අම්මලත් හිස අතගාලා ආදරය පෙන්නපු දරුවනුත් ඉතා දරුණු විදිහේ අතවරවලට ලක්වෙනවා. වෙනසක් කරන්න ගෙනාපු යූටර්න් ජනාධිපති වගේ වගක් නැතුව ඉන්නවා.

:       46       206

සමරසේකර - ගම්පහThursday, 05 March 2020 07:17 PM

චම්පා නෝනේ..,." වෙනසක් කරන්න ගෙනාපු යූටර්න් ජනාධිපති වගේ වගක් නැතුව ඉන්නවා.." කවුද අපිද මේ මැදමුලන අයට ඡන්දය දුන්නේ..? ටකරමට, වැසිකිලි, පෝච්චියට, රෙදි කෑල්ලට.. රැවටිලා රෝද බැඳගෙන ගිහින් ඡන්දය දුන්නු ගෝත්‍රික වහලුන් අතර ඔබේත් එක්කෙනෙක්.. දැන් ඉතින් ඔයා ආයේ ඩුබායි යන්නේ කවද්ද..?

:       111       90

බද්රානි Thursday, 05 March 2020 02:42 PM

අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂක තනතුරට අමතරව පාසල් සිසුවියන් ටිකත් මේ අම්බරුවාගේ නමටම ලියලා දුන්නා නම් නේද හොඳ? එක අතකට ඉතින් මෙවැන්නන් රජකරන රටක මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. ඡන්දෙත් ළඟ නිසා මේ වගේ අයගේ වටිනාකම ඉහළ නිසා හිරේ දාලත් බැහැ..

:       0       86

dama Thursday, 05 March 2020 02:59 PM

ඔක්කොම හොරු... හොරුන්ට ඡන්දෙ දෙන අපිත් හොරු ... එහෙව් ක්‍රමයක් ලංකාවේ තියෙන්නේ... කෝ අර හාමුදුරුවරු..?

:       20       131

Raveendra Thursday, 05 March 2020 03:47 PM

නොදකින් මේ අයනේ මහජන සේවයට හතිදාගෙන දුවගෙන එන්නේ බලෙන්ම මහජනයා වෙනුවෙන් පණ හරි දෙන්නම් කියාගෙන... මිනිසුන් කට කහනවට නොවේ කියන්නේ දියවන්නා ඔයේ මීහරකුන් 225 හේ පට්ටිය කියලා...

:       0       453

Don Thursday, 05 March 2020 03:52 PM

බෙලෙක් වැඩ කරපු එකාට රත්තරන් කියන්නේ හරක්.

:       0       77

RaveendraFriday, 06 March 2020 05:10 AM

එහෙම තමයි ලාංකික දේශපාලනයේ වැදගත්කම. මී හරකුන්ට, මංකොල්ලකාරයින්ට, බේබද්දන්ට දූෂකයින්ට, පාදඩයින්ට, මහජන සේවයට පැමිණීමට ඉඩ ලබාදී තිබෙන ලෝකයේ එකම එක රට ශ්‍රී ලංකාව බව ඔබ නොදන්නේහුද? හොඳ වෙලාවට මේ අම්බරුවාට "අප්‍රිකානු ඩයමන්ඩ්" කිව්වේ නැතිව රත්තරන් කියපු එක...

:       0       7

sharm warn Friday, 06 March 2020 04:10 AM

මේයාට ඡන්දෙ දුන්න අයට ජය වේවා... තව පාරක් කතිරය ගසා මොහු උත්තරීතර පාර්ලිමේන්තුවට යවනු මැනවි...

:       0       73

සේන Friday, 06 March 2020 04:37 AM

හැමදේම දේශපාලනයට ගාව ගත්තම ඒ ඒ අය දකින්නේ තමන් කැමති පක්ෂයේ අය හොඳයි අනිත් සේරම වැරදියි කියලයි. මම මේ මනුස්සයා ගැන හෝ ඔහුගේ පක්ෂය ගැන නොදනිමි. මේ චීන ජාතික කත ඔහුගේම නිවසේ කාලයක් නතර වී සිට ඇත. දූෂණයක් කෙසේ වූවාදැයි සිතාගත නොහැකිය..

:       240       0

sharm warnFriday, 06 March 2020 06:13 AM

අනේ ඔව් රත්තරන් බබා නේ... අඩු ගානේ මේ මිනිහට රත්තරන් කියන්නේ මොකද කියල වත් දන්නවද ? සුදු හුණු ගාන්න එන්නේ ??

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර
2025 අප්‍රේල් මස 25 29 0

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගල


ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 290 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 181 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 505 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 657 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 538 5

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 769 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 521 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site