වසර අටක් තිස්සේ බලපත්‍ර නැතිව රත්නපුර නගරයේ කරගෙන ගිය නීති විරෝධී කැරොකේ ශාලවක් වටලා එහි කළමනාකරුවකු සහ කාන්තාවක් සිව් දෙනකු අත්අඩංගුවට ගත් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතාට මරණ තර්ජන එල්ල වී ඇතැයි පොලිස් ආරංචි කියයි.
වසර අටක් තිස්සේ මෙය කරගෙන ගොස් ඇත්තේ දේශපාලනයන්ගේ දැනුවත්කම මත බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එස් එස් පී ට මරණ තර්ජන? මේක වෙන්න පුළුවන් දෙයක්ද? (නි)
ජෝන් කොතලාවල මේ දවස්වලයි ඉන්න තිබ්බේ. අනේ ජෝන්?(නදී)
මේක තමයි අර කියන ආශ්චර්යය. (නි)
දැන් අපිට කරන්න තියෙන්නේ උඩ පැනලා පිහියෙන් ඇනගන්න. මොකද මෙයාලට බලයට එන්න කතිරේ ගැහුවේ අපිමනෙ. ඊලගට ජිනීවා වලට බැනල වැඩක් නැහැ. උසස් පොලිස් නිලධාරියෙකුට හරියට රාජකාරිය කරන්න බැරි රටක් නම් ලංකාව, ලිබියාවට වඩා මෙහෙ තියෙන වෙනස මොකක්ද? (නි)
රත්නපුර? සුවර් එකටම දෙසපාළුවෙක් ඇති?(නදී)
ඔහොම යමු කොහොමත් ආශ්චර්යය කරා යන ගමනේ දී ආශ්චර්යවත් දේවල් තමා අහන්න වෙන්නේ. එළිවෙන යාමෙට හොද හොද සෙල්ලම්. අනේ මේ පොලිස් නිලධාරියා මරන්නනම් එපා රටට අවැසි කෙනෙක්. මාරුවක් දුන්නට කමක් නැ. ඒක කොහොමත් දෙනවනේ.(නදී)
ඔය කියන්නේ චන්ඩි කාගේ කට්ටියද දන්නෙ නැහැ (නි)
අවංක පොලිස් මහත්වරු ලංකාවේ තවමත් ඇති බව පැහැදිලියි. ඔවුනට අවශ්‍ය වන්නේ ජනතාවගේ සහාය පමණි. ඔබ වැන්නන්ට ජාතියේ ප්‍රණාමය සහ සමන් දෙවි රැකවරණ ලැබේවා! දුෂිත දේශපාලුවන්ට නිසි දඩුවම් සොබාව ධර්මයෙන් ලැබේවා! (නි)
කෝ අර බොදු බල කට්ටිය? මේ අසාධාරණ පෙනෙන්නේ නැද්ද? (නි)
කෝ අර අපේ සේනාවේ කට්ටිය, මේවා පෙනෙන්නේ නැද්ද? (නි)
කෝ අර බොදු බල කට්ටිය, මේවා පෙන්නේ නැද්ද, මොරටු පන්සලේ හාමුදුරුවන් මැරුව මිනිහට රැස්වීමට යන්න අවසර, රත්නපුරේ කැරෝකේ, නිකන් දේශපාලකයන්ට කඩේ යන්නැතුව කරනවානම් මෙන්න වැඩ, මේවා රටට තර්ජන.(නදී)
කෝ අර අපේ බල කට්ටිය? මේවා පෙනෙන්නේ නැද්ද? කරනවා නම් මෙන්න වැඩ, මේවා රටට තර්ජන. (නි)
පොලිස් අධිකාරීතුමනි, ඔබතුමාට හදිසි මාරුවීමක් දුන්නොත් නිසැකවම ඔප්පුවෙනවා රජයේ දේශපාලන බලවතෙක් මේකට සම්බන්ධයි කියලා. ඔබ වැනි අවංක පොලිස් නිලදාරින්ට අපගේ ප්‍රණාමය! ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරන්න හදන්නේ කැසිනෝ කැරෝකේ වගේ රටට නුසුදුසු දේවලින් නම් ආශ්චර්ය කෙසේවෙතත් රටේ විනාශය නම් ඉක්මනින්ම බලාගන්න පුළුවන් වේවි. (නි)
අර ධර්මදීපයක් කරන්න ආපු අය එහෙම මේකෙ ඉඳලා නැද්ද? කැසිනෝ වලින් රට දියුණු වෙනවා කිවුවා නේද අපේ ඇමැත්තෙක්? (නි)
අවංක රජයේ සේවකයන් මාරු වීම් වලට බයේ රාජකාරි කොරන්නේ නැහැ.පොර කුකුලට කොයි කොටුවත් එකයි. (නි)
පොලිසියේ නමත් රැකගෙන ඔබතුමාට නොසැළී ඉදිරියට රාජකාරි කිරීමට ලැබේවා! (නි)
ආ ආ ඔය තියෙන්නේ.(නදී)
ඔබ ඔබගේ රැකියාවට අවංක නම් ඉදිරියේදී මාරු වීම් බලාපොරොත්තු වන්න. අනේ අපේ රටට යන කල! (නි)
රාජ්‍ය මාධ්‍ය බලලා මානව හිමිකම් ගැන විදේශ රටවලට බනින්න එපා. අපේ රටේ නීතියක් නැහැ, බලන්න ලගදීම මේ පොලිස් පුටු මාරු කරනවා, මහජනයා එක්විය යුතුයි. (නි)
දේශපාලන මහත්වරුන්ට පිංසිද්ද වෙන්න අපේ අම්මලාව, අක්කලාව, නංගිලාව, බිරින්දෑවරු, 18 දූවරු කැරෝකි හල්වල, සමාජ ශාලාවල වැඩට යොදවලා කීයක් හරි හොයාගන්න පුළුවන් වුණා. දැන් මේ පොලිසියේ අය මොකද කළේ? (නි)
ප්‍රිශාන්ත ජයකොඩි වගේ හොඳ මහත්වරු රාජකාරි කරන්නේ ජිවත්වන කාලය තුල සහ කවදාහරි මැරෙන මොහොතේ තමන් කරපු දේ ගැන සතුටු වෙන්න පුළුවන් විදිහට. එත් බහුතරයක් පොලිසියේ අය ? (නි)
හෙට අනිද්දට වෙන්නේ මොකද්ද කියල දැන්ම දැනගන්න පුළුවන් , අදහස් වලින්ම පැහැදිලියි ඒක. හෙට අනිද්දට පොලිසියේ මහත්වරු දෙන්නා මාරු. මේ දෙන්නට මහත්වරු කිව්වේ මෙහෙම කෙලින් වැඩ කරන නිලදාරියෝ අඩු හින්දා. (නි)
ප්‍රිෂාන්ත ජයකොඩි කියන්නේ හැමදාම කෙලින් වැඩකරපු කෙනෙක්. (නි)
රුවන්පුර අපට කණගාටු දක්ෂ නිලධාරියෙක්වත් හෙට අනිද්දට මාරු කර යැවීම ස්ථිර නිසා (නි)
දේශපාලනයට සම්බන්ධ නම් ඉක්මනට ස්ථාන මාරු බලාපොරොත්තු වන්න. (නි)
මේ තමා තිත්ත ඇත්ත. (නි)
නීතිය මියැදෙයි හිමින් සැරේ ,බල්ලන් රජවෙයි පාතාලේ. (නි)
හැම නීති විරෝධී වැඩක් පිටුපසම පොලිසිය සහ දේශපාලනය. කෙලින් වැඩ කරන සෑම කෙනෙකුටම මරණීය තර්ජන...? (නි)
දැන් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිසියේ සියලු දෙනාම අදම මාරුකරාවිද දන්නෙ නැහැ. මේක තමයි අද රටේ තත්ත්වේ. (නි)
කහවත්තේ සිදුවීම් දන්නා අපට මේ කියන බලවතුන් ගැන හිතා ගන්න බැරි නැහැ. හැබැයි, එස්එස්පී කෙනෙකුටත් මරණ තර්ජන කරන්න තරම් එයාලා බලවත්තු නම් අපට දෙවියන්ගේම පිහිටයි. (නි)
අපි වපුරපු දේවල් තමයි අපි නෙලා ගන්නේ. (නදී)