මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රථිඵල වල විභාග දෙපාර්තමේන්තු කාර්‍යය දර්ශක අගය අනුව ගමිපහ රත්නාවලී බාලිකා විද්‍යාලයට මුළු දිවයිනෙන් ප‍්‍රථම ස්ථානය හිමි වීමට බොහෝ සෙයින් ඉඩ ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
පසුගිය 2010 සහ 2011 යන වර්ෂ දෙකේදීම දිවයිනේ සමස්ථ ප්‍රථිඵලයේ ප‍්‍රථම ස්ථානය ලබා ගැනීමට මෙම විදුහල සමත් විය.
මේ පිළිබඳව ගමිපහ රත්නාවලී බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන එච්.ඒ.එච් ජයවර්ධන මහත්මියගෙක් කළ විමසීමකදී ඇය පැවසූවේ 2012 අපොස සාපෙළ විභාගයට පෙනී සිටි සිසුවියන් 299 දෙනාම ඉතා උසස් අන්දමින් විභාගය සමත්ව උසස්පෙළ කිරීමට සුදුසුකම් ලබා ඇති බවත් පසුගිය දෙවතාවේදීම මෙන් මෙවරත් විභාග ත්‍දපාර්තමේන්තු කාර්ය දර්ශකයට අනුව තම විදුහලට ප‍්‍රථම ස්ථානය අත්පත් වී ඇතැයි සිතන බවය.
මෙම විදුහලේ තෙපුලි උමේෂා කරුණාවල්ලභ සහ ආර්.එමි දුල්මිණි වත්සලා රත්නායක සිසුවියක් දෙදෙනා පිලිවෙලින් සමස්ත දිවයිනෙන් හයවන ස්ථානයත් ගමිපහ දිස්ත‍්‍රික්කයෙන් ප‍්‍රථම ස්ථානයත්, දිවයිනෙන් හත්වන වන ස්ථානයත් දිස්ත‍්‍රික්කයෙන් දෙවන ස්ථානයත් හිමි කර ගැනීීමට සමත්ව ඇත.
විභාගයට පෙනී සිටි සිසුවියන් 299 දෙනාගක් සිසුවියන් 224 දෙනෙකු ඒ සාමාර්ථ හතකට වැඩියන් ලබා ගෙන ඉතාමත් ඉහළ ප‍්‍රථිඵල පෙන්වීමට සමත්ව ඇත.
මේ අතුරින් ඒ සාමාර්ථ නවයක් බැගින් ලබා ගැනීමට සිසුවියන් 126 දෙනෙකද, ඒ සාමාර්ථ අට බැගින් ලබාගැනීමට සිසුවියන් 63 ක්ද, ඒ සාමාර්ථ හත බැගින් ලබාගැනීමට සිසුවියන් 35 දෙනෙකුද සමත්ව ඇත.
සියළු විෂයන් සමත්වීමේ ප‍්‍රතිශතය සියයට සීයකි. මින් ආගම විෂය සඳහා විභාගයට පෙනී සිටි සිසුවියන් 299 දෙනාහ ඒ සාමාර්ථ ලබා ගැනීම විශේෂත්වයක් වන අතර සිංහල භාෂාව විෂය සඳහා සිසුවියන් 293 දෙනෙකු ඒ සාමාර්ථ ලබාගෙන ඇත.
ගණිතය සඳහා ඒ සාමාර්ථ ලබාගෙන ඇති සිසුවියන් ගනන 249ත් වන අතර විද්‍යා විෂය සඳහා ඒ සාමාර්ථ ලබා ගත් සිසුවියන් ගනන 226 කි.
220 දෙනෙකු ඉංග‍්‍රීසි විෂය සඳහා ඒ සාමාර්ථ ලබාගෙන ඇති අතර ඉතිහාසය විෂය සඳහා 218 දෙනෙකුද ඒ සාමාර්ථ ලබාගෙන ඇත.
මෙලෙස විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට හැකිවුයේ අඩු සාධන මට්ටමේ දරුවන් හඳුනාගෙන ඔවුන්ට විශේෂ ව්‍යාපෘති තුළින් අමතර ඉගැන්වීම කිරීමෙන් ඔවුන්ගේ සාධන මට්ටම් ඉහළට ගත් නිසා බවද විදුහල්පතිනිය කීවාය.
පොහොය දින, සෙනසුරාදා දින ඇතුළු සියලූ නිමාඩු දිනයන්හි සිසුවියන් සඳහා පැසැල තුළදී අමතර පන්ති පවත්වා ඉගැන්වූ බවත් මැයි මාසය අවසන් වන විට සියළුම විෂයන්ගේ විෂය නිර්දේශයන් උගන්වා අවසන් කොට පෙරහුරු ප‍්‍රශ්න පත‍්‍ර කිරීමෙන් අඩුපාඩු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදු බවත් කීය.
මේ සඳහා පාසැලේ 6-11 අංශ භාර වී.පී ශ‍්‍රියානන්ද මහතා ඇතුළු සමස්ත ගුරු මන්ඩලයේ ඉතා කැපවීමෙන් කටයුතු කළ බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්, හොඳට ඉගෙන රටට වැඩදායී ආදර්ශමත් පුරවැසියෙක් වෙනවා නොඅනුමානයි. මගෙන් සුබ පැතුම් !!
මුලින්ම ඔබලාට ජයවේවා...!!! දරුවනේ, ඔබලාට ඔතනට එන්න මූලික සුදුසුකම උනු 5 වසරේ ශිෂ්‍යත්වය ලියපු පාසලත් මේ මොහෙතේ මතක් කලොත් ඔබේ නිහතමානීකම තවත් වැඩිවේවි. රාජකීයේ ලංකාවෙන් පළවෙනියා උන පුතා ගම්පහ ශ්‍රීබෝධි විද්‍යාලයෙන් මූලික අද්‍යාපනය ලැබුවා කියා නොපැකිලව කියනවා. ඉතින් ඔබලා දෙදෙනාගේත් මුල් පාසල් මෑනිවරුත් මතක් කරන්න. මෙය මම දකින ලොකුම අඩුපාඩුවක්.(නදී)
රන්මැලි මව්නි රන් මොළ පැදු ඔබ දෙරණත රැදී දා ඉන් යලි පිබිදී රන්දමු ලකෙහි ඔබ ගුණ කඳ සැමදා. (ස)
නංගි නියමයි. ආදරණීය රන්මැලි මවුන් තවතවත් බබළවන්නට ඔබටත්, මටත් හැකිවේවි. විදු මවුන් සදා අමරණීයයි. ඒ නිසා සුන්දර පාසල් දිවියේ අවසන් අදියර සුන්දරව විදින්නට, ඒ සුන්දරව විදින ආදරණීය අක්කෙකුගෙන් සුබ පැතුම්. (නි)
මම හිතන්නේ මේ පාසලේ හොද විනයක් ඇති. මේ පාසලේ ගුරුවරු දෙවිවරු. ළමයි නියම මනුස්සයෝ. (ස)
ගම්පහ කොහොමත් සුපිරි තමයි. අපෙන් සුබ පැතුම්. (ස)
සමහර පාසල් වල ඉහළ ප්‍රතිපල ගැන මගේ සතුට කොතරම්ද කියනවා නම් මුළු ලෝකයටම කෑ ගසා හඩා "අපේ රටට මොකද මේ වෙන විනාසේ.......කවදද අපි මේ රටේ ගොඩ එන්නේ ....කියන්නට සිතේ. (නි)
සිහි මද ඇමැතින් සියයක් ලදුවත් නිසරු නැණ නුවනින් යුතු දුවමය ඉතා ගරු එක පුන් සඳෙන් දුරු වේ ලොව ඝන අදුරූ නෙක මැති රැලෙන් එලෙසට නොම වේය දුරූ (මගේ නිවටකමට හරි දේ නොකියා සිටිය නොහැක ) (නි)
ගුරුවරුන් කොතරම් කැපවෙන්න ඇද්ද ,මෙතරම් ළමුන්ගේ දක්ෂතාවයන් ඉහලට ගන්න, ඔබල සැමට ජාතියේම උපහාරය ලැබේවා (ස)
ලක් මෑණිගේ වාසනාවන් ගුරු මවුනි ගරූ මේ පාසලේ ඉන්න දිසා පාමොක් වරූ දරුවන්ගේ ඇස පාදනා ඔබලාය දෙවි වරූ රටට සම්පතකි වාසනාවන්ත දූ දරූ (ස)
විදු මවුන් සදා අමරණීයයි. (ස)
ඔබේ පාසලට අපේ සුබ පැතුම්, රටේ අනෙකුත් පාසල් වලට වැඩමුළුවක් තියමු (ස)
රත්නාවලී කවදත් හොඳයි.(නදී)
පාසල්වල උගන්වන්නේ ඉතාම අඩුවෙන්. විභාගේ දවස වෙනකල් විෂය නිර්දේශ ආවරණය කරන්නේ නැහැ. ළමයි අමතර පන්ති මත යැපෙන්නේ. මේක හොද ආදර්ශයක් අනෙක් විදුහල්පතිවරුන්ට (නි)
පාසල්වල උගන්වන්නේ ඉතාම අඩුවෙන් විභාගේ දවස වෙනකම් විෂය නිර්දේශ ආවරණය කරන්නේ නැහැ. ළමයි අමතර පන්ති මත යැපෙන්නේ මේක හොද ආදර්ශයක් අනෙක් විදුහල්පතිවරුන්ට. (ස)
අපේ සුභ පැතුම් මෙවැනි පාසල් සහ දයාබර ගුරුවරුන් තව තවත් ජාතියට බිහිවේවා ! (ස)
ආදර්ශමත් ළමයි, සහ කැපවීමෙන් වැඩ කරන ගුරු මණ්ඩලයේ පුතිඵල. ගොඩක් පාසල් වල ගුරුවරුන්ට කාලේ මග හරින්නම වෙලාව මදී. අනෙක් ආයතනත් මේ වගේ වැඩක් කළොත් අපිට සිංගපූරුව කරන්න පුළුවන්. (ස)
ආදර්ශමත් දරුවෝ. කැපවීමෙන් වැඩ කරන ගුරු මන්ඩලයේ ප්‍රථිපල. ගොඩක් පාසැල් වල ගුරුවරුන්ට අයිස් ගහන්නම වෙලාව මදි. අනිත් පාසැලුත් මේ වගේ වැඩකලොත් අපිට සිංගප්පූරුව වගේ කරන්න පුලුවන්.(නදී)
අහන්න සන්තෝසයි. මගේ සුබ පැතුම් අපේ විදුහලට.(නදී)
කල්ප පුතේ ඔයාගේ වයසේ වැරැද්ද ඔය. (නදී)
අති විශිෂ්ටයි.සැමදා දිනේවා රත්නාවලිය (ම)
රත්නාවලියේ ඉන්නේ ගුරුවරු නෙමි දෙවිවරු. රත්නාවලිය පින් බිමක්. ඒ පින් බිමේ ඉගෙන ගන්න පින් කරලා තියෙන්නේ ඕනේ. ගුරුවරුන්ගේ කැවිම, උනන්දුව ගැන කියන්න වචන නැ.(නදී)
කල්ප, ලැජ්ජයි සහෝදරයා ඔයා ගැන. මමත් බණ්ඩාරනායකේ කොල්ලෙක් ,හැබයි අපිත් එක්ක සරසවි තේරුන අය නම් ඔයා වගේ ඊර්ෂ්‍යාසහගතව හැසිරුනේ නැහැ. මගේ කණ්ඩායමේ රත්නාවලියේ කෙල්ලෝ 24ක් සිටියා.අද එයාලගෙන් ගොඩක් බස්නාහිර පළාතේම වගේ ඉස්පිරිතාල වල වෛද්‍යවරියන් ලෙස සේවය කරනවා. ඉතින් කල්ප ඔයාට අසනීපයක්/ අනතුරක් වෙලා රත්නාවලියේ ඉගනගත්තු කෙනෙක්ගෙන් බෙහෙත් අරන් තවත් ජීවත් වෙන්න වාසනාව ලැබෙන්නත් පුළුවන්. ජීවිතේ මොනවා නොවෙන්න පුලුවන්ද ? ඉතින් නියම බණ්ඩාරනායක දරුවෙක් වගේ හැසිරෙන්න. (නි)
ලංකාවේ අධ්‍යාපනය කම් වරදක් නැහැ.(නදී)
දිනෙන් දින මෙවන් ජයග්‍රහණ ලබන රත්නාවලියේ ආදී සිසුවියක වීමත් කෙතරම් සතුටක්ද? මීට වසර 12 ට පෙර අපි සා/පෙළ කරද්දීත් එදා සිටි අපේ ආදරණීය ගුරුවරුන් මෙලෙසම අප වෙනුවෙන් කැප වුණ හැටි මට අද වගේ මතකයි.තවත් මෙවන් ලොව දිනනා කාන්තාවන් බිහිකරන්නට ,රන් මොළ තනන්නට රන් මැලි මව්නි ඔබට ශක්තිය වාසනාව නොඅඩුව ලැබේවා (නි)
මගේ සුභ පැතුම් ඔබ සියල්ලන්ටම (දී)
මේ නංගිලා ගැන අපිට ගොඩක් සතුටුයි (නි)
කල්ප, පහත් මානසික අසහනකාරයෙක් වගේ කියවන්න එපා. තමන් කියන්නෙ මොනවද කියල තමන්ම දන්නෙ නැහැ. (නි)
නැන්දේ , තරුණ වයස කියල එකක් නැන්දත් පහු කරන්න ඇති මං හිතන්නෙ.(නදී)
රටට ගොඩක් ආඩම්බරයක්. මගේ හද පිරි සුබ පැතුම්!(නදී)
නිරෝෂි , මම හිතන්නේ ඔබ අපට උගන්වන කෙනෙක් වූවද ඔබගේ නමින් ම ආමන්ත්‍රණය කල යුතුයි යන්නයි. මම කැමතියි ඔබගේ කථිකාචාර්‍ය අංකය වගේම ඔබගේ විශ්ව විද්‍යාලය ගැනත් දැනගන්න.. ජයග්‍රහණයක් !!!! මන්ද මානසිකත්වයක් රහිත මට ළදරු වියේ කුලුදුල් අව්‍යාජ අවස්ථාවක් ජයග්‍රහණයක් වන්නේ ද ? මගේ ජය බිම බණ්ඩාරනායක මාතාව සැම තැනම මම බබළවනවා. ඇත්ත තිත්තයි නිරෝෂි. ඇත්ත කථා කරද්දී සමහර අයට කටු වලින් අනිනවා වගේ. ඒක තමා ලෝක ස්වභාවය. විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ " විද්වතා සැම තැන් හි පිදුම් ලබයි" එයයි අපේ හද සලකුණ. නමුත් විද්වතුන් නොවන්නන් කෙසේ පිදුම් ලබන්නද ? බොරු ප්‍රෝඩාවක් වැනි ඒ9 ට කුමන අගය කිරීමක් ද ? රත්නාවලියේ කෙල්ලො එකෙක් දෙන්නෙක් ඉගෙන ගන්න ඇති. ඒ ඉස්සර. ඒක මහ ලොකු දෙයක් නෙමේ.(නදී)
කල්ප ඔයා ඉංජිනේරුවෙක් වෙන්න ඉගන ගන්න කෙනෙක්. මම රත්නාවලියෙන් ඉගන ගත්තු අද ඔයා වගේ ඉංජිනේරු ශිෂ්‍යන්ට උගන්නන කෙනෙක්. ඔයා උසස් පෙල කරලා ඉස්කෝලෙට නමක් ගෙන්න ඇති හොද ප්‍රථිඵල ගෙනත්. ඒත් අද නම් ඔයා ඔයාගේ ඉස්කෝලේ නමත් කැත කරාද මන්දා . කෙනෙක් ගේ ජයග්‍රහනයක් අගය කරන්න ඔයාගේ ගුරුවරු ඉගැන්නුවේ නැද්ද? ඔයා දන්නේ ඔයාගේ පීඨය ගැන විතරද කොහෙද? පොඩ්ඩක් කැළණියේ වෛද්‍ය පීඨයේ කොච්චර අපේ කෙල්ලෝ ඉගන ගත්තද ? අද ඉගනගන්නවද කියල හොයල බලන්න. අද සමාජෙට ඔනිතරම් උගත්තු බිහිවෙනවා , එත් හොද ගතිගුණ එක්ක පුළුල්ව හිතන්න පුළුවන් පිරිසක් ඉන්නවද කියන එකයි ප්‍රශ්නේ?(නදී)
නංගියේ, අපිත් අත්දැකීමෙන් කියන්නෙ. නංගිලාට වැරදෙන්නෙ උ.පෙ විභාගෙ දි.. කලා,වාණිජ වැනි සාමාන්‍ය විෂයධාරා තුලින් කිහිප දෙනෙක් කැම්පස් යනවා තමා.ඒත් දෙවැනි වර කරලා. මාත් මොරටුව ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක්.අපේ විශ්ව විද්‍යාලයේ අපේ පීඨයේ අඩක් ම බණ්ඩාරනායකවරු. මට ඒක ලොකු ආඩම්බරයක්.. ඒ 9 ක් ගත්තා කියලා ඔක්කොම හරියන්නේ නැහැ නංගියේ... පුලුවන් නම් උ.පෙ ඉහළ ප්‍රතිපල දාලා පෙන්නන්න.එච්චරයි. (නි)
සමහරු මේ ප්‍රතිපලය අඩු කොට සලකන්නේ රත්නාවලියේ හැමෝම වගේ 5 ශිෂ්‍යතතේ සමත්වෙලා අාපු අය කියලා .ඒක එක හේතුවක් වෙන්න පුළුවන් එත් 5 වසර ඉදලා 11 වසරට යන්න අවරුදු 5ක්ම තියෙනවා . ඔය වයසට හරියට පාර නොපෙන්නුවොත් කොච්චර දක්ෂ උනත් වැඩක් නේ , නොමග යන්න පුළුවන් හරිම ලේසියෙන් . රත්නාවලියේ ගුරුවරුන් හරි මග පෙන්නුව හින්දා තමා දක්ෂ ළමයින්ගේ දක්ෂතා වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් උනේ . මේ දේවල් වලට කැපවුන ගුරුවරුන් ට බොහොම පින් . (ස)
සුභාසිංශන සුයළුම රතනවලි දියණියන්ට! බොහොම දෙනෙක් කියනවා තමයි ඔක්කොම ශිෂ්‍යත්වේ පාස් වෙච්ච ළමයිනේ කියලා. ඒත් මීට අවුරුදු 15 කට විතර කලින් මම ඩී 9ක් ගන්න කොට තව 7 ත් දෙනෙක් තමයි ඩී 9ක් ගත්තේ. ඊටපස්සේ මාත් එක්ක තව එක්කෙනයි මෙඩිසින් ගියේ. ඒ කාලෙත් ඔක්කොම ශිෂ්‍යත්වේ පාස් වෙච්ච අය තමයි හිටියේ. ඒ නිසා ළමයින්ව නිසි මාර්ගයේ තබාගෙන සාර්ථකත්වය වෙත ගෙනියන විදුහල්පතිනියතත් , ගුරු මඩුල්ලටත් නිසි ගෞරවය ලබාදිය යුතුයි. කවදත් රත්නාවලි ගුරුවරුන් දක්ෂයි. (නි)
අත්තටටම හරිම ආඩම්බරයි මගේ පාසැල ගැන. කව්රු මොනකිවත් උසස්පෙලත් වාර 3 ම අවසන්වෙද්දී අපේ කට්ටිය 90% වඩා කැම්පස් යනවා. අත්දැකීමෙන් කියන්නේ. ඒකනිසා ආඩම්බරෛන් සුබපතනවා (ස)
රත්නාවලියේ ඉහළ ප්‍රතිපල යනු හුදෙක් පොත් කට පාඩම් කර ගැනීමේ අවසන් නිම වීමක් පමණි. ඒ සාමාර්ථ ක් ක් ලබා ගැනීමෙන් පමණක් පාසලක් තුල විශිෂ්ට දරුවන් බිහිවන්නේ නැත.කිමක් කරනු ද මුව අග සිනහ නංවන දෝණියන් ගේ විශිෂ්ට ඒ 9 යනු අදුරු අනාගතය ක ආරම්භයකි.උදම් නොවන්න මෙම ළදරු ප්‍රතිපල අමතක කර දමන්න.එසේ නොකලහොත් ඔබ ගේ ජීවිතය තීරණය වන උසස් පෙළ සාර්ථක ලෙස අසමත් වනු නියතය. (අ)
ගොඩක් සතුටුයි. නිතරම අහන දුක් දොම්නස් අතර සතුටක් දැනෙන දෙයක් අහන්න ලැබුනා.(නදී)
ගොඩක් සතුටුයි...සුබ පැතුම්....!! (නි)
අධ්‍යාපනය වගේම අනිත් බාහිර ක්‍රියාකාරකම් ගැනත් හිතන්න. (නි)
ගුරුතුමියන්ට දිවිය ලෝකයට යන්න මේ පින හොදටම ඇති. (නි)
ගම්පහට ආලෝකයක්.....! (නි)
මේ ඉස්කෝලේ ඉන්නේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දක්ෂ ළමයි නේද? (නි)
ඔබට ජය! නමුත් මේ දරුවන් රත්නාවලියට ආවේ කුමන පාසැලකින්ද යන වග සඳහන් කරනවා නම් එය ඒ ප්‍රාථමික පාසලටත් කරන ගෞරවයක් වේවි. (නි)
සුභපැතුම් ඔබලාට (දී)
සුබ පැතුම් ගුරු මෑණියනි! ඔබතුමිය ඇතුළු සියළු ගුරු මණ්ඩලය මගේ රටට වාසනාවන්. (නි)
ගම්පහ ඔබේ සොයුරු පාසැල බණ්ඩාරනායක විදුහලෙනුත් සුබ පැතුම් !!! (නි)
ඉතාමත් අති දක්ශ ගුරු මඩුල්ලක් යටතේ ඉගෙනීම කළ මේ දරු පැටවුන්ට මෙන්ම මේ ගුරු මඩුල්ලටත් ජාතියේ ආචාරය පිලිගැන්විය යුතු අතරම තවමත් පාවහන් යුගලක් නොමැතිව අකුරට යන ඈත පාසල් වල අසරණ දරු දැරියන්ට මෙම ප්‍රථිඵලයට ලඟාවීමට හැකි වැඩ පිළිවෙලක් දියත් කිරීමද ඉතාමත් වැදගත්. (නි)
අවංකව කැපවීමෙන් උගන්වපු ගුරුවරුන්ටත්, කැපවීමෙන් අකුරු ඉගෙනගත් දියනියනටත් මගේ මුළු හදවතින්ම සුබ පැතුම්. (නි)
අවංකව හා කැපවීමෙන් කටයුතු කලොත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එය රත්නාවලී විදුහල පෙන්නා තිබෙනවා. එම විදුහලටත් විභාගය සමත් දරුවන්ටත් සුභ පැතුම්.(නදී)
වචනයේ පරිසමර්තයෙන්ම් දිසාපාමොක් ඇදුරන් , ඇදුරුතුමියන් ඉන්නා පාසලක මෙවැනි වූ ප්‍රතිපල ලැබිම අරුමයක් නොවේ . ඔබතුමන් , තුමියන් කල මෙහෙයට ජාතියේම ශිර්ෂ ප්‍රණාමය හද පත්ලෙන්ම පුද කරමි.(නදී)
ලංකාවේ විභාග වල වටිනා කම අඩුවී ඇති බවත් පෙනෙනවා.(නදී)
ගුරු මෑණියනි, ඔබ තුමිය ඇතුළු සියළු ගුරුමන්ඩලය මගේ රටට වාසනාවන්. සුභ අනාගතයක්.(නදී)
ඇයව අධ්‍යාපනය පිළිබද මීට වඩා ඉහළ තනතුරකට වුවද ඉතා සුදුසුය. (නි)
ගුරුවරුන්ටත් මේ සම්මාන හිමිවිය යුතුයි. (නදී)
සුබ පැතුම්!!(නදී)
මේවා දකින කොට ගොඩක් සතුටු හිතෙනවා.(නදී)
ගම්පට හොද නමක්. ශ්‍රියානන්ද සර්ගේ ෆොටෝ එකකුත් තිබ්බනම් තමා හොද. එයා අපේ ප්‍රියතම ගුරුතුමා මිනුවන්ගොඩ නාලන්දේ.(නදී)
අපේ රත්නාවලී මාතාවට ආඩම්බරයක් වූ ඔබ සැමට 9 ඒ ශ්‍රේණියේ නංගිලාගෙන් උනුසුම් සුභ පැතුම්. (නදී)
මම සුබ පතමි හැම දෙනාටම. නමුත් පේපර් එක පිට උනේ ගම්පහින් කියා හිතන විට මේක මොකක්ද කියලත් හිතෙනවා.(නදී) නේද?
විදුහල්පතිනිය ඇතුලු සමස්ත ගුරු මන්ඩලයට සහ සියලු සිසු දැරියන්ටත් මගේ සුබ පැතුම්.(නදී)
ගම්පහ දිස්ත්රික්කයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳම සහ ඉහලම ලකුණු ගත්තු ළමයින් තමයි රත්නාවලියට ගන්නේ. ඉතින් ඉහලම ප්‍රතිපල තිබිය යුතුමයි. මොකද හොඳම ළමයින් තමයි එතන ඉන්නේ. කොහොම උනත් ළමයි හොඳින් විභාගය සමත් වීම ගැන නම් හරිම සතුටුයි.(නදී)
සුභ පැතුම්! (නි)
දියණියනේ, ඔබට සුභ පැතුම්! (නි)
කොළඹ රාජකීය විද්‍යාලය ඒ 9 සමර්ථ - 141(දිවයිනේ ප්‍රථම ස්ථානය ඇතුළුව) ඒ 8 සමර්ථ - 104 ඒ 7 සමර්ථ - 74
මෙවැනි පාසල් තවතවත් බිහි වේවා! (නි)
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ- ජයක්ග්‍රහනය හුදෙක්ම දුටුගැමුණුටත් ලොකු ආඩම්බරයක්.(නදී)
දැයේ දූදරුවන්ගේ නැණස පාදපු ගුරුවරුන්ට ජාතියේම උපහාරය හිමිවිය යුතුයි.(නදී)
පහේ ශිෂ්‍යත්වය පාස් උනත් අපොස හොදට පාස් වෙන්න බැරි අය ඉන්නවා. මේ ගුරුවරුන්ගේ ලොකු කැපකිරීඹක් තිබිලා තියෙනවා. ඒ අයට වගේම දරුවන්ටත් සුභ පතනවා අනාගතය සාර්ථක වෙන්න.(නදී)
මේ පාසලට ගන්නෙත් පහ වසරේ ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වුණු ළමයි. ඉතින් කොහොමත් හොදම ප්‍රතිපල තියෙන්න ඕනෑ. (නි)
මේ ඉහලින් විභාග සමත් වී ගිය ආදී ශිෂ්‍යාවන්ගේ වර්තමාන තත්වයත් දැනගන්න ඇත්නම් හොඳයි (නි)
හදවතින්ම සුබ පතනවා! ගුරු මණ්ඩලයේ කැපවීම හා විදුහල්පතිතුමියගේ කළමනාකරණයට. (නි)
මේ ළමයි සතියට දවස් 6ක් ඉස්කෝලේ ඇවිත් එක දවසයිද ගෙදර ඉදල තියෙන්නේ....? (නි)
මේ පාසලට , ගුරු මණ්ඩලයට සියලු දරුවන්ට තෙරුවන්ගේ අනන්ත ගුණ බලෙන් සියලු යහපත උදාවේවා! (නි)
පාසල් මවුනි, ඔබට මාගේ හද පිරි සුභ පැතුම් ! (නි)