නීතීඥ රානි බුලත්වෙල මහත්මිය රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ නියෝජ්‍ය තානාපතිනිය ලෙස වැඩ බාර ගත්තාය.
ලන්ඩනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනිය වූ ඇය ලන්ඩනයේ ත්‍රස්ත විරෝධී සංවිධානයේ කැදවුම් කාරිණියයි.
තානාපති කාර්යාලයයේ නිලධාරී හිඟයක් පවතින බව ද, ඒ ගැන හැකි ඉක්මනින් විදේශ අමාත්‍යංශයට දන්වන බවද, තානාපති කාර්යාලයයේ වැඩ විධිමත් කරන බව ද බුලත්වෙල මහත්මිය ‘එසැණට‘ කීවාය.
කොන්සියුලර් අංශය ගැන තමා වැඩි අවධානයක් යොමු කරන බව ද, දුර ප්‍රදේශවල සිට එන ශ්‍රී ලාංකිකයන්ට සුළු වේලාවක් තුළ අවශ්‍ය කටයුතු සිදු කර දීමට කටයුතු කරන බව ද, එරට සිටින සියලු ලාංකිකයන් සමග සුහදව කටයුතු කරන බව ද ඕ කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෙක කවුරුවත් නැද්ද? (ත)
දැන්වත් පෞද්ගලික වාසි නොතකා තම රට වැසියන්ට ගුණාත්මක සේවයක් ලබාදෙනු මැනවි (නි)
මේ රටේ දෙන්නේ දේසපාලන පත් වීම් පමණද.එයින් තොර සාදාරන පත්වීම් දෙන්නෙම නැද්ද.(ස)
දන්නා කෙනෙක් කියා දෙන්න නිතිය ගැන හදාරපු කෙනෙක් කොහොමද පරිපාලනය සම්බන්දව රැකියාවක් කරන්නේ කියල.(ස)
ලංකාවේ පරිපාලනේ හදාරපු පක්ෂවලට සම්බන්ද නැති උදවිය නැතිද එහෙම නැති නම් පරිපලානේ හදාරපු උදවිය හිගයිද....(ස)
දේසපාලන පත්වීම් ලබන අය කරන්නේ තමන්ගේ කට්ටිය මෙහෙ ගෙන්න ගන්නට උත්සහ කිරීම මිස රස්සාව නොවේ. පස්සේ රස්සාව නොකරපු නිසාවෙන් වෙන රටවල් හරහට හිටින කොට කියන්න "ජාත්‍යන්තර කුමන්ත්‍රණ" කියලා.(නදී)
අර එනවා කිව ප්‍රාදේශියසභා දේශපාලකයා කෝ.... (ස)
විශ්‍රාම ගිය නිලදාරියෝ,වැඩ තහනම් උන සංස්ථා සභාපතිලා,පැරදිච්ච දේශපාලකයෝ, නිතිඥයෝ, නෑදෑයෝ, හැර තවත් අය සිටීද......(ස)
පත්වීම ලැබෙන්න සුදුසුකම ශ්‍රීලනිප ලන්ඩන් සභාපති වීමයි. තනතුරේ වැඩ කරන්න නීතිඥ සුදුසුකම වැදගත් වේවි. හේමන්ත මහතා හිටිය කාලේ හොඳට වැඩ කලා.(නදී)
තවත් දේසපාලන පත්වීමක් වගේ.වැඩ නැහැ වැඩ බැහැ වගේ. ලොකුකම නම් තියනවා , දේසපාලන සම්බන්දය නිසා. (ස)
අපේ රට යන්නේ කොයි පැත්තටද ? දේශපාලන සුදුසුකම් හැර වෙනත් කිසිඳු සුදුසුකමක් නැති අය තානාපති සේවයට දාන එක ගැන කවුරුවත් ගණන් ගන්නේ නැහැ.ඉතිං රටට ෙදවියන්ෙගම පිහිටයි.(ස)
අනේ මැඩම් සමහරුන්ටනම් මෙහෙට එන්න දෙන්න එපා. (ත)
රානි බුලත්වෙල ? ....(ස)
පෙනෙන විදියට තානාපති සේවයට දැන් දැන් යවන්නේ නීතිය පැත්තේ අයමයි. ඇයි පරිපාලනයෙන් තෝරා ගන්නේ නැත්තේ. විදේශ සේවයට දෙවියන්ගෙම පිහිටයි.(නදී)
රන්ජනී , සුදුසු අයනම් නැතුව නොවේ. මේක සුදුස්සාට සුදුසු තැන ලැබෙන කාලයක් නොවේ. ජය ශ්‍රී !!!(ස)
ඔය රැකියාවට ලංකාවේ වෙන කව්රුත් හිටියෙ නැද්ද?(ස)
මේක දේශපාලන පත්වීමක් කියල ඉතාලියේ ඉන්න විරුද්ධ පක්ෂයේ අය කියයිද දන්නේ නැහැ. (නි)
සප්ත මහා සාගරයට විදේශ කටයුතු අමාත්‍යංශයේ දක්ෂ නිලදාරීන් ඉන්නවා අපිට. (නි)
අනේ මන්දා මේවා කාට කියන්නද කියලා.... (නි)
රණවිරුවගේ වටිනාකම හුගක් නූගත් මෝඩයන්ට තේරුමක් නැහැ.(නදී)
ඔබට සුබ පතනවා, ඔබට නියම සුදුසුකම් තිබෙනවා (නි)
හමුදාවේ හිටපු ලොකු මහත්තයෙකුට දුන්නා නම් තමයි මම නම් සතුටු. එහෙනම් කොච්චර වටිනවද? කොච්චර ආඩම්බරද? (නි)
දැන් ඉතින් ප්‍රශ්න කෙලින්ම කතා කරලා විසදුම් ලබා ගන්න පුළුවන් වෙයි (නි)
අර එනවයි කිව්ව ප්‍රාදේශීය දේශපාලක තුමාට මොකෝ උනේ.(නදී)
සුබ ගමනකට සුබ පැතුම්! (නි)
කාන්තාවක් මුල්වූ තැන කොයි වැඩෙත් බකල්. අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා. මෙතන එහෙම නොවෙයි කියලා අපි හිතනවා (නි)
දැන්වත් අපට සේවයක් වෙයිද දන්නේ නෑ. හැමෝම එනකොට ඔහොම තමයි කියන්නේ. පස්සේ හොයන්නවත් නෑ. (ත)
මොනවා වුණත් අපි මොන දේ ගැන වුණත් ලොකුවට බලාපොරොත්තු තියාගන්න නරකයි (නි)
එතකොට ඔතන ඉන්න හොර නිලධාරී ටික ගෙදර යවන්නේ නැද්ද? නැතිවෙයි මම හිතන්නේ (නි)
ඇයට නියම සුදුසුකම් තිබෙනවා (නි)
නිතිය ගැන හදාරපු කෙනෙක් කොහොමද පරිපලානේ පිළිබද රැකියාවක් කරන්නේ.(නදී)
මට නම් කිසිම දෙයක් ගැන කිසිම විශ්වාසයක් නැහැ. (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සභාපති ඉතාලියේ තානාපති වෙලා. කොහොමද වැඩේ. ඇයි දෙයියනේ පරිපාලනේ ගැන හදාරපු දේශපාලන පක්ෂවලට සම්බන්ද නැති උගත්තු නැද්ද ලංකාවේ.(නදී)
දේසපාලන පක්ෂ වලට සම්බන්ද යට මේ නිල තල ලැබුනාම වෙන්නේ දේසපාලන පක්ෂයේ නියාය පත්‍රයට අනුව වැඩකිරීමයි. ඉතින් රස්සාව කරන්ට වෙලාවක් නැහැ.(නදී)
විසය දැනුම ගැන හදාරපු නැති වෙනත් දේවල් හදාරපු අයට දේසපාලන පත්වීම් දීල වැඩේ හරියට නොවී වෙන රටවල් හරහට හිටියාම කියන්න ජාතියන්ත්‍රණ කුමන්ත්‍රණ....කියල.(ස)
අයියෝ අපිවගේ අවාසනාවන්ත ජාතියක් අන්තිමට සෞදි අරාබියෙ ශ්‍රමිකයන්ට වෙච්ච දේතමා ඉතාලියටත් වෙන්නෙ.(නදී)
රස්සාවට අපේ ඇමතිලා ලියුම් දෙන්නේ ඇයි.... ඇයි.... ඇමතිලාමයි ඒක දන්නේ අයි ඩෝන්ට් නෝ වයි.... (නි)
ආ..... ඔය තියෙන්නේ තවත් පත්වීමක්.... (නි)
දේශපාලන පත්වීම් වලට එන අය තමන්ගේ කට්ටිය මෙහෙ ගෙන්නාගෙන තියාගන්නයි හදන්නේ. කලාතුරකින් දේසපාලන පත්වීමක් ලැබෙන කෙනෙක් රස්සාව හරියට කරනවා. දෙපැත්ත බේරාගෙන. හැබැයි අපි වාසනාවන්ත වෙන්ට ඕනා. ඇයි පරිපාලනේ හදාරපු කෙනෙක් ලංකාවේ නැද්ද? (නදී)
පිට රටවල තියන ලංකාවේ තානාපති කාර්යාල දැන් හරියට මනි බදු කඩ වගේ. ඔක්කොමලා බලන්නේ කීයක් හරි හොයා ගන්න. (නි)
ඔය තියෙන්නේ නිකන් වෙඩි වගේ. (නි)
අන්න ඒකටත් එක්ක ලන්ඩන් වල තියෙන එක... (නි)
දැක්කනේ දේශපාලන පත් වීමක්. (ස)
අපි මුල සිටම වරද්දා නොගත යුතුයි. එවැනි දේවල් වලින් මහජනයා කරදර විදිනවා. (නි)
එතකොට විදේශ අමාත්‍යංශය මෙච්චර කාලයක් නිලධාරී හිගය දැනගෙන හිටියෙ නැද්ද? මෙයාව එව්වෙ ලන්ඩන් වල විදේශ අමාත්‍යංශයෙන් ද? කොහොම වුණත් නෝනා අපි ගැන හිතන එක නම් වටිනවා. ජය වේවා ! (නි)
හතරදෙනෙකු ගෙන් තුන්දෙනෙක්ම මේ පත්වීම දිහා බලන්නේ ඒ තරම් සුභදායකව නොවීමෙන්ම අපට බොහෝ දේ හිතා ගන්න පුළුවන්. (නි)