මිනුවන්ගොඩ මැඩෑමුල්ලේදී ටියුෂන් පන්තියක පෝස්ටර් අලවමින් සිටි තරුණයකුගේ රන් මාලයක් කොල්ල කෑ පිරිසක් හා පොලීසිය අතර වෙඩි හුවමාරුවකින් කොල්ලකුරුවකු මිය ගිය බව මිනුවන්ගොඩ පොලීසිය කියයි.
පෝස්ටර් අළවමින් සිටි තරුණයන් දෙදෙනකු ළඟට පැමිණි සිව්දෙනකු ගල්කටස් අවියක් හා ටී පනස් හය අවියක් පෙන්වා රන් මාලය කොල්ල කා ඇති බවත්, ඔවුන් අතර පොර බැදීමක් සිදුව ඇති බවත්, ඒ ගැන පෙලීසිය ලද තොරතුරක් අනුව එහි යන විට කොල්ලකරුවන් වෙඩි තැබූ බවත් පොලීසිය පවසයි.
වෙඩිතැබීමෙන් බේරීම සඳහා පොලීසිය එල්ලකල වෙඩි පහරින් සැකකරු මිය ගිය බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් අපරාධයක් ද මේ....අනාගතයේ බලධාරියෙක් වෙන්න ඉන්න කෙනෙක්ද දන්නේ නෑ මේ විදිහට මරල දාල තියෙන්නේ...(ස)
අයියෝ සල්ලි (දී)
හොරකම් කරන්න එපා (දී)
කාලයකට පසු හොඳ පුවතක් (ස)
මිනුවන්ගොඩ පොලීසියට මල් මිටක් (ස)
හොඳ පොලිසිය. මගේ ප්‍රණාමය (ස)
අයියෝ සල්ලි (දී)
අනේ අරුන් ,මැරුණ කෙනා අසාමාන්‍ය නායකයෙක් (ස)
එක් කෙනෙකුට නම් බඩු. අනෙක් කට්ටියට නඩුද? (නි)
බලන්නකෝ කිසිම බයක් සැකක් නැතුව පොලිසියෙත් එක්ක එකට එක කරන හැටි නේද ? (ස)
මෙයා කලුතර පැත්තේ කෙනෙක්ද? (නි)
අපරාදේ! පාර්ලිමේන්තුවට යන්න සුදුසු කෙනෙක්. (නි)
මිනුවන්ගොඩ පොලීසියේ පොලිස් නිලධාරීතුමාට මාගේ ප්‍රණාමය!
මිනුවන්ගොඩ පොලීසියට මගේ ප්‍රණාමය! (නි)
අනිත් හොරු තුන්දෙනාවත් ඉක්මණටම අල්ලන්න. (නි)
මාලයක් කඩන්න ටී56 ගෙනාවා නම් බැංකුවක් කඩන්න යුද්ධ ටැංකියක් ගෙනේවි. (නි)
මේ දඩුවමම තමයි ස්ත්‍රී දූෂකයන්ටත් දියයුත්තේ. (නි)
අනිත් අයත් ඉක්මණට හොයාගන්න බලන්න. මෙවැනි දඩුවමක් දීම ගැන මිනුවන්ගොඩ පොලීසියට මල් මිටක්. සීසීටීවී කැමරා ප්‍රාදේශිය සභා වලින් සමතැනක සවිකරනවා නම් ගොඩක් හොදයි. අලුත් වැඩපිළිවෙලක් දියත් කරන්න මහජනයාගෙ සුභසිද්ධිය සදහා. කවුරු වැරදි කළත් අහුවෙනවා. (නි)
මෙවැනි අපරාධකරුවන් රටින් තුරන් කළා නම් යහපත් සමාජයක් ගොඩනැගිය හැකියි. (නි)
කොල්ලකරුවන් මර්දනය කළ හැක්කේ මෙවැනි ක්‍රියාමාර්ග වලින් පමණි... (නි)
මිනුවන්ගොඩ පොලිසියට අපගේ ප්‍රණාමය! (නි)
වෙඩි තැබූ පොලිස් නිලධාරීතුමාට මාගේ ප්‍රණාමය! (නි)
වෙන වැඩකට ආවද දන්නෙ නැහැ. මොනවා වුණත් වැඩේ නම් හොදයි. (නි)
රත්තරන් මල්ලි කෙනෙක්. (නි)
අපරාදේ! එයාටත් ව්‍යාපෘති ඇමතිකමක් දෙන්න සළකලා බලන්න වුණත් තිබුණා. (නි)
මොවුන් වැන්නන් සමාජයට පිළිලයකි. (නි)
මේ අය සමාජයට පිලිලයක් (ස)
මුලු සමාජයටම පිළිලයක් වු අයව මෙලෙස හෝ නැතිවිය යුතුයි. (නි)
මෙහෙමවත් මර්දනය නොකළොත් මේ පිළිල දිගින් දිගටම වර්ධනය වෙනවා. (නි)
එල්ලුම් ගහ නැති නිසා මෙලෙසවත් විය යුතුයි. මිනුවන්ගොඩ පොලීසියට අපගේ උපහාරය (ස)
දඩුවම නියමයි. .තව තුන් දෙනෙක් ඉන්නවා නේද? ඒ අයටත් දඩුවම් දෙන්න (ස)
මංකොල්ල කරුවන්ට විය යුතු දෙයක් පොලීසිය විසින් ඉටු කරලා තියෙන්නේ (ස)
ඇත්තෙන්ම ඒ වගේ අයනම් සමාජයෙන් ඉවත් කල යුතුයි . පොලීසියට අපගේ ප්‍රණමය (ස)
වරදට දඩුවම නියමයි. මිනිවන්ගොඩ පොලීසියට මගේ ප්‍රණාමය (ස)
මැරුණ කෙනා සාමාන්‍ය මනුෂ්‍යයෙක්ද ? (ස)