රන්වල දෙවියන්ගේ අඩවියේ කැලණි ගඟේ රන් කෑලි මතුවී දින අටකට පසුව ගඟට බැස රන් සෙවීම පූගොඩ පොලිසි අද තහනම් කෙළේය. ඉහළින් ලැබුණු නියෝගයක් මත රන් සොයමින් සිටි දෙතුන් සියයක පිරිසක් පොලිසිය විසින් අද පෙරවරු 11.30 පමණ හරවා යවනු ලැබූහ. එම පිරිස ඉන්පසු පූගොඩ නගරයේ පැය බාගයක් විරෝධ දැක්වමින් කියා සිටියේ රන්වල දෙවියන් දුන් වස්තුව අහිමි කළ බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් තිබුණ කියල ඒව මිනිස්සුන්ට ඕන විදියට ගන්න බෑ..
ගගට බැසීම තහනම් කලේ දණ්ඩ නීති සංග්‍රය යටතේ සොක්කා එය ඔබටත් එක්ක හරිද
මේ රත්තරන් අයිති පවතින රජයටයි
එතකොට කියුබ් ගනන් වැලි ගොඩ දාන අයට ගගට බහින්න පුළුවන්ද?
ගගත් වෙන්දේසි කරයිද?
කටුනායක අමිලත් එක්ක මමත් එකගයි අපේ මවු භූමිය අපිට රත්තරන් වලටත් වඩා වටිනවා
අපව් අහංසක මිනිස්සු. උඩ ඉන්න දෙවියොම මේවා බලන්න ඕන.
අප රට ගැන දුක හිතෙනවා , මේවා ගැන අහනකොට .
මැති ඇමැතිවරුත් දැන් රත්තරන් ගරයි
රන්වල දෙයියට කියල බැයිනම් කැළණි දෙයියට කියල බලන්න....
කැළණි ගගට යන්න ඕනේ නෑ.අපේ පොළව රත්තරං පොළවක්.
මෙදා පාර පොලිසියට නම් තවම මොකුත් කියල නෑ වගේ... මහජනතාවට තේරෙනවා පොලිසිය වරදක් කරල නැති බව....
බබීගේ ඕඩරයත්වත්ද?
කොටියම කාපිය.
බැස්සොත් ගඟට - ගලවනව අමුඩ ලේන්සුව.
මේක අයිති කැළණිය භාර ආචාර්ය තුමාට, බහිනව නෙමෙයි ගඟට ඕං
අපේ රටේ සමහරුන්ගේ ලැජ්ජා නහරේ කපලා තියෙන්නේ. ඒ නිසා ඒන දෙයක් කරනවා
සිල්ව මහත්තය ඉන්නෙත් ඔය පෑත්තෙද?
ෂුවර්.ලොක්කෙක් වැඩේට බැහැලම තමයි
හෙට ඉඳන් සුදු වෑන් වලින් ඇවිල්ල රත්තරන් ගරාවිද දන්නේ නෑ.අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
දැන් තමයි තේරැණේ කැළණියෙ ඉන්න කෙනා මෙච්චර රත්තරං පළදින්නෙ මෙකනේ?
අර ......................උපාසක මොකද මේ ගැන කියන්නේ
දුප්පත් මිනිහටමයි නෙ මේවා වෙන්නෙ....
ගගට හානි වේනම් මේවා නතර කලාට ඇති වරදක් දකින්න බැහැ. නමුත් අල්පයක් හෝ රත්තරං ලැබෙනවානම් රටට නේද හොද?
දැන් ඊළගට මෙතෙන්ට එන්නෙ කවුද?
මම හිතුව ඕක වෙයි කියලා.
හා හා හා ඔන්න ලොක්කෝ සෙට් එක වැඩේට බැහැල.....කැළණි ගඟත් වෙන්දේසිකරයි....
ඒකනෙ මම කිව්වෙ කලින්ම, ගිහිල්ලා තමන්ගෙ වැඩක් බලා ගන්න කියලා...
දැන් ඒ අය රත්තරං හාරයිද??
මම හිතුව හරි. දැන් ඉතින් ඔන්න කට්ටිය ඇවිත් පොලිස් ආරක්ෂාව ඇතිව මහාපරිමාණයෙන් යන්ත්‍ර සුත්‍ර බැකෝ ගෙනත් ගඟ විනාශ කරලා රත්තරන් කොල්ලයක් කරාවි.
මේ පැන්නෙ බළලා මල්ලෙන් එළියට...
රත්තරන් ඉතින් රට අරින්නේ නැත්නම් හොදයි...
රටට සෙතක් වෙන දෙයක් වෙනවනම් ඒ ඇති.
දැන් බලාගන්න පුලුවන් ඉලගට කවුද රත්තරන් හාරන්නේ කියලා
හෙට ඉදන් කවුද කියල දන්නවානෙ...
රටේ මොන නීතිය යටතේද ගඟට බැසීම තහනම් කලේ ?
ඊලගට අපි තමයි ගගට බහින්නේ
ලොකු කෙනෙක් ඇවිත් රත්තරං ටික අරන් යාවි
එතකොට මලපහ හෝදගන්නවත් ගගට යන්න බැයිද?දන්නැති නිසා අහන්නේ.